<<<<<<<<<<මිනුවන්ගොඩ ඩිෆෙන්ඩර් අනතුර - අධිකරණයට අපහාස කර අමාරුවේ වැටෙන්න එපා>>>>>>>>>>>>>>>
රියදුරු බලපත‍්‍රය අවලංගු කළා කියන එකයි අධිකරණය භාරයට ගත්තයි කියන එකයි දෙකක්. මිනුවන්ගොඩ සිද්ධියෙදි ඒක අවලංගු කිරීමක් විදියට කවුරුහරි හදුන්වල තියෙනවනම් ඒක වැරදියි. මොකද නඩුවක බී වාර්තා මට්ටමේදි රියදුරු බලපත‍්‍රය අවලංගු කරන්න බැහැ අධිකරණයට වුණත්. අධිකරණය භාරයට අරන් තාවකාලිකව අත්හිටුවීම පමණයි කරන්න පුලුවන්. මෙතන කරල තියෙන්නෙ අධිකරණය භාරයට ගැනීම. ඒක නඩුව ඉවර වෙනකල් තාවකාලිකව කරන දෙයක්. නඩුව විභාග වෙලා වරදකරු වුණොත් සමහරවිට දඩුවමක් විදියට බලපත‍්‍රය අවලංගු වෙයි. ඒක වෙනවානම් තව අඩුම ගානෙ අවුරුදු එකහමාරක් වත් යයි එහෙම වෙන්න. දැන් වෙලා තියෙන්නෙ අදාළ රියදුරන් පොලිස් අත්අඩංගුවට ගෙන බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමයි. එතකොට සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරලා තියෙනවා. රථවාහන නඩුවල සාමාන්‍යයෙන් කෙරෙන විදියට රිය බලපත‍්‍ර අධිකරණය භාරයට ගෙන තියෙනවා. ඒවා නඩුව අවසාන වනතුරු මුදා හරින්නෙ නෑ. ඊට කලින් බලපත‍්‍ර අවශ්‍ය නම් ඒ අවශ්‍ය ඇයි කියලා විශේෂයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වලා ඉල්ලීමක් කල හැකියි. එතකොට අධිකරණය ඒ ඉල්ලීම සළකා බලලා තාවකාලික රියදුරු බලපත‍්‍රයක් නිකුත් කරනවා. ඒක නඩු දිනෙන් දිනේට අලුත් කරගන්න ඔන. ඩිෆෙන්ඩරයක් නෙවෙයි ගොං කරත්තයක් හැප්පුණත් රථවාහන නඩු ක‍්‍රියාත්මක වෙන විදිය, ක‍්‍රියා පටිපාටියතමයි ඒ. මෙතන කිසිම විශේෂයක් වත් අසාධාරණයක්වත් වෙලා නෑ. සාමාන්‍ය රථවාහන නඩු වලදී අනුගමනය කරන ක‍්‍රියා පටිපාටිය තමයි පොලීසිය සහ අධිකරණය අනුගමනය කරලා තියෙන්නෙ. නඩුවෙ සාක්කි කැදවන්නෙ විභාග අධියරේදි. තවම මේ නඩුව විභාග අධියරට ගිහින් නෑ. බස් රියදුරු වරු වැරදියි හෝ නිවැරදියි කියල තියෙන සාක්ෂි ඉදිරිපත් කෙරෙන්නෙ විභාග අධියරේදි. ඒත් අපේ බුකියෙ මහදැනමුත්තලා ඩිෆෙන්ඩරය එන හැටි විතරක් වීඩියෝ එකෙන් දැකලා වැරදිකරු නිවැරදිකරුත් තමුන්ම තීරණය කරලා මෙතන හෙන ලොකු නීතිමය අසාධාරණයක් වුණාය කියලා බෙරිහන් දෙනවා. නඩුවක් එහෙම තීන්දු කරන්න බෑ. විභාග මට්ටමට යන්න කලින් පියවර ගණනාවක් තියෙනවා. ඒ පියවර ඔස්සේ යන්න අවශ්‍යයි. මෙතනදි ඒ පියවර ඔස්සේයි මේ සිදුවීම ගැන පරීක්ෂණ හා අධිකරණ ක‍්‍රියාමාර්ග ඉදිරියට යන්නේ. ඒත් ඒ ක‍්‍රියාපටිපාටි ගැන අවබෝධයක් නැති අය ''නීතිය බල්ලට ගිහින්'' ''අද රටේ නීතියක් නෑ'' වැනි ගොන් ප‍්‍රකාශ කරනවා. නීතියක් තියෙනවා. ඒ නීතිය අනුව තමයි දැනට වැඩ කෙරෙන්නේ. නීතියට අනුව නිවැරදි ක‍්‍රියා පටිපාටිය මොකක්ද කියලා හරියට නොදැන ''මෙන්න මෙහෙම වෙන්න ඇති'' කියල හිතාගෙන අධිකරණයට අපහාස වන ප‍්‍රකාශ නිකුත් කරලා නිකම් බොරුවට අමාරුවෙ වැටෙන්න එපා කවුරුවත්.
- නීතිඥ අථීල අතාවුද