~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එකක් දාපං මිනිහෝ..

    ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
    සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවනවා

    හිත් දැහැනේ වේලි තිබුණු
    නෙත් දැහැනේ ගලා හැලුණු
    මියැදෙන්නට බලා හිඳපු
    ආදරයද මේ................
    හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ....................

    නිල් කටරොළු නිල නැහැවුනු
    මල් බර මුදු සුව රජයන
    තොල් පෙති කල් පලදාලන
    ආදරයද මේ......................
    නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ..................

    අමරදේව මාස්ටර්ගේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
    සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවනවා

    හිත් දැහැනේ වේලි තිබුණු
    නෙත් දැහැනේ ගලා හැලුණු
    මියැදෙන්නට බලා හිඳපු
    ආදරයද මේ................
    හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ....................

    නිල් කටරොළු නිල නැහැවුනු
    මල් බර මුදු සුව රජයන
    තොල් පෙති කල් පලදාලන
    ආදරයද මේ......................
    නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ..................

    අමරදේව මාස්ටර්ගේ

    මේක බාචියත් ගතියටම කියන එකක් තියෙනවා මිනිහෝ..
    ඒකත් පට්ට..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේක බාචියත් ගතියටම කියන එකක් තියෙනවා මිනිහෝ..
    ඒකත් පට්ට..

    අඩේ ඇත්තද. එක දැකල නෑ මිනිහෝ
    හොයල බලන්ඩ ඕනේ.
    ස්තුති කිවුවට මිනිහෝ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අඩේ ඇත්තද. එක දැකල නෑ මිනිහෝ
    හොයල බලන්ඩ ඕනේ.
    ස්තුති කිවුවට මිනිහෝ

    යූටියුබ් එකේ බලපං පට්‍ටටම කියනවා..
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ජයමංගල ගී තාලෙට..
    පිඹ පිඹ බටදඬු නලා..
    ජයපැන් බොන සෙබල රැලක්..
    විලසට හඩ තල තලා..

    රසකර මම පවසන්නෙමි..
    මිණි කිංකිණි සොලවලා..
    අසනු මැනවි අසනු මැනවි..
    අසනු මැනවි තුටුවෙලා...

    පරයන ඉඳුනිල් කැට..
    දෙනෙතෙහි ඇති කැල්මට..
    වසඟ නොවන් මෙහි කවුරුද..
    නෑනගෙ එක බැල්මට..

    මම කැමතියි නෑනට...//

    මැල්ලුමකට වෙල් පළා..
    නෙලන්න සිහිනිඟ සලා..
    යන විට රණ මොණරි වගේ..
    මගෙ හද කුල්මත් කළා..

    මම කැමතියි නෑනට...//

    පොත්ටික තුරුලට අරන්..
    මුව මදහස රැලි පෙරන්..
    පාසල් යන දෙවැට දිගේ..
    නෑනා මගෙ රත්තරන්..

    මම කැමතියි නෑනට...//

    අඩසඳ වන් නළලතේ..
    චන්දන තිළකය ඇතේ..
    සිකිපිල වැනි වැනි කෙස් කළඹද..
    කිතුල් රෑන පැරදෙතේ..

    මම කැමතියි නෑනට..//

    මුහුදෙහි රළ පෙල ගැසී..
    ගමන සදිසි යන ලැසී...
    ඇගෙයි මගෙයි ආදරයට..
    ආසිරි මල් වැසි වසියි...

    මම කැමතියි නෑනට...//

    නහැඹුල් හද කිතිකැවී..
    නව රසදුන් සරසවී..
    මගෙ දුප්පත් පැලේ ඉන්න..
    එනවද මධු මාධවී...

    මම කැමතියි නෑනට...//

    ඔබෙන් ලැබෙන තොත්තුවේ..
    රසයට හද පත්තුවේ..
    කිරි පැණියි වගේ ඉන්න..
    එන්වද මගෙ වස්තුවේ..

    මම කැමතියි නෑනට...//

    කරදර බාධක මැද්දේ..
    දිවි ගඟ පහලට ඇද්දේ..
    ගල් පර දැක පෙරමුණේ..
    මොන නදිය ද නැවතුනේ..

    මම කැමතියි නෑනට...//

    හසරැලි නැත්තම් මුහුණේ..
    සිතුවිලි ලස්සන ද නැතේ..
    වේදනාව නැති ලොවේ..
    ජීවිත රසවත් නොවේ..

    මම කැමතියි නෑනට...//

    ගන්නට ඔබ වාඩුවක්..
    නැහැ මට ඉන් පාඩුවක්..
    හදමුද අපි කූඩුවක්..
    වෙමුද පරවි ජෝඩුවක්..

    මම කැමතියි නෑනට...///
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවදා පායත්ද අප දිනිසුරාණෝ...
    රණ බිමකට සරිලන සෙනෙවියාණෝ...
    මුඩු බිමකට සරිලන ජල කඳාණෝ...
    සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ...

    කවදා පායත්ද අප පුන් සඳාණෝ...
    පරහිත පිණිස දළ දන් දෙන ඇතාණෝ...
    නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ...
    මුසා බසින් අප නොපෙළන රජාණෝ...

    කවදා එත්ද අපගේ එක් නෙතාණෝ...
    ගිමනට හෙවණ දෙන තුඟුනුග තුරාණෝ...
    අප සම බිමක රඳවන සොහොයුරාණෝ...
    රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආ දන්නේ නෑ මිනිහෝ..

    මල් ඔසරිය දැක්ක දාට සුදු මැණිකේගේ සොදුරු මුණ
    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ

    මේ සින්දු උගේ මිනිහො