රුවක් ඇදෙනවා... සමලිංගිකද...?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙමනේ අයියේ... මම ඇපල් ගෙඩියක් හිතේ තියාගෙන වර්ණනාවක යෙදෙනවා... ඒ වුණාට බහුතරයකට ඒක පැපොල් වෙනවා නම් මොකද වෙන්නේ.... ගීතයක පද භාවිතය අනුව ගීතයක් විචාරනවා වෙනුවට අපි රචකයාගේ අභ්‍යන්තරයට කිදා බහින්න බෑ... දවසක රචකයා කියනවා මම හිතුවේ මෙහෙමයි කියලා... හැබැයි හිතපු එක නෙවෙයි විද්‍යාමාන එක නෙවෙයිද වැදගත්... අනෙක් අතට කලාකෘතියක කුණු රසය තියෙන්න බැරිද...?
    පරිසමාප්ත කලා කෘතිය අෂ්ඨවංක මාණික්‍යයක් විය යුතු බවට මාගේ පොදු පිළිගැනීමක් පවතී. එනම් බලන කෝණය අනුව විවිධ වූ දිලියුම්-හැඩ රටා-වර්ණ පෙනිය යුතුය.(මේ ගැන ඉහේ කෙස් ගානට මා එළකිරි රේඩියෝවෙන් ගෙන ආ සසල හද විල් තෙර-හෙළ සුභාවිත ගීය උත්කර්ෂයට නැගි වැඩසටහනේ දී කියා ඇත) අනෙක අපි කලා කෘතියක් රසි විදිය යුත්තේ අප එකිනෙකා ලබන අත්දැකීම් අනුවය.

    ඒ නයින් බලන කල කපුගේ-දිවුල්ගනේ ගයන රුවක් ඇදෙනවා ගීතය මෙසේ අරුත් විග්‍රහ කරන පුගුලා මධු විත තොල ගාන්නට ගොස් වියපත් බමරෙකු අතින් දැඩි ලෙස පූක්ෂණයකට ලක්ව ඇති බව මට හැගේ.........

    කලා කෘතියකින් කුණු රසයක් මතු විය නොහැක. එසේ කුනු රසය මතු වෙන ඒවාට අපි වැල යයි කියමු. කලා කෘතියකින් එසේ වැල රහ මතු වේ නම් අර ප්‍රඥාව නවතින්නේ රස විදින්නා ගේ පුරුෂ හෝ ස්ත්‍රි නිමිත්ත තුලය. එනිසා කලා කෘතියකින් පතු විය යුත්තේ ඍංගාරය යයි සිතමි.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් කාලේ මනුස්සයෙක්ට මල්ලි කියල කතාකරන්නත් බයයි හිතන්නෙම නොපිටට නෙ :D

    ඉතින් මනුස්සයන්ට කතා කරපන් මිනිහෝ කියල.. අර රෙඩ් ෆ්‍රේම් වගේ,, එතකොට නොපිටට හිතන්නේ නෑ.... :dull:
     
    • Like
    Reactions: Mr Krrish

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් මනුස්සයන්ට කතා කරපන් මිනිහෝ කියල.. අර රෙඩ් ෆ්‍රේම් වගේ,, එතකොට නොපිටට හිතන්නේ නෑ.... :dull:
    එතකොට නිකන් ගෙදර ගෑනි මිනිහට කතා කරනව වගේනේ මිනිහෝ :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක නං එහෙම තමා.....
    නමුත් කලා කෘතියකින් විය යුත්තේ රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබීමයි.(මෙහෙම කියන්නේ මම නෙවෙයි ඉංගිරිසි ජාතික කාව්‍ය විචාරක රොබර්ට් ෆ්‍රොස්ට්)
    කලා කෘතියක අරුත් පසිදලීමේ දී ජාගර සහ කුණු රසයක් මැවීමෙන් රසිකයා ප්‍රඥාව කරා ඔසවන්නේ කෙසෙ දැයි මට ගැටළුවෙක් පවතී.
    කලා කෘතියක අර්ථාන්විත බව ගැබ්වී ඇත්තේ එහි වචනවලම නොවේ...
    උසස් ප්‍රබුද්ධ යැයි සම්මත වචන යෙදූ ඒවාම පමණක් උසස් කෘතීන් ලෙස හඳුන්වාගන්නේ විචාරකයාගේ වේදිකාවේ සිට සාපේක්ෂව බලන නිසාය...
    ආනන්දයෙන් ප්‍රඥාව කරා යාමට සුද්ධ සිංහලට වචන හරවපු මල් සිංදුවක තනුවෙනුත් කලහැකිය...
    රසවිඳින්නාගේ මනසිකාරය සියල්ලට ඉහළිනි :dull:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පරිසමාප්ත කලා කෘතිය අෂ්ඨවංක මාණික්‍යයක් විය යුතු බවට මාගේ පොදු පිළිගැනීමක් පවතී. එනම් බලන කෝණය අනුව විවිධ වූ දිලියුම්-හැඩ රටා-වර්ණ පෙනිය යුතුය.(මේ ගැන ඉහේ කෙස් ගානට මා එළකිරි රේඩියෝවෙන් ගෙන ආ සසල හද විල් තෙර-හෙළ සුභාවිත ගීය උත්කර්ෂයට නැගි වැඩසටහනේ දී කියා ඇත) අනෙක අපි කලා කෘතියක් රසි විදිය යුත්තේ අප එකිනෙකා ලබන අත්දැකීම් අනුවය.

    ඒ නයින් බලන කල කපුගේ-දිවුල්ගනේ ගයන රුවක් ඇදෙනවා ගීතය මෙසේ අරුත් විග්‍රහ කරන පුගුලා මධු විත තොල ගාන්නට ගොස් වියපත් බමරෙකු අතින් දැඩි ලෙස පූක්ෂණයකට ලක්ව ඇති බව මට හැගේ.........

    කලා කෘතියකින් කුණු රසයක් මතු විය නොහැක. එසේ කුනු රසය මතු වෙන ඒවාට අපි වැල යයි කියමු. කලා කෘතියකින් එසේ වැල රහ මතු වේ නම් අර ප්‍රඥාව නවතින්නේ රස විදින්නා ගේ පුරුෂ හෝ ස්ත්‍රි නිමිත්ත තුලය. එනිසා කලා කෘතියකින් පතු විය යුත්තේ ඍංගාරය යයි සිතමි.

    රචකයා තමන්ගේ සිතිවිලි නිවැරදිව ගොනුකර ගැනීමට අසමත් වෙලා ඇති බවක් පේන්නේ... ඔහු විසින් පළමුවරට රචනා කළා යැයි කියන ගීයේ නම් එවැනි අර්ථයක් තිබුණ ද මේ ගීතයෙන් නම් එවැනි අර්ථයක් කෙලෙසකවත් ගත නොහැක....

    අයියේ ගගක ගැඹුර බලන්න ගගක බහින්නම ඕන නෑ... මොකද ගගක ගැඹුර මනින්න පුලූවන් ක‍්‍රම ඕන තරම් තියෙනවා.... පුක්‍ෂණයේ තරම දැනගන්න පුක්ෂණය වෙන්නම ඕන නෑ, පුක්ෂණය වූ එකෙක් පාරෙ යන කොට පුක්ෂණයේ තරම දැනගන්න පුලූවන්... :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට නිකන් ගෙදර ගෑනි මිනිහට කතා කරනව වගේනේ මිනිහෝ :baffled:

    ඉතින් මිනිහො ගෙදර ගෑනි මිනිහට තියන අදරේකට කවදාවත් 'මිනිහෝ' කියල කතා කරනවද..., කිසිම හැගිමක් නැති නිසානේ මිනිහෝ කියන්නේ...
    ඉතින් මිනිහෙක් තව මිනිහෙක්ට 'මිනිහෝ' කිව්වමත් තේරෙන්නවා කිසිම සමනල හැගිමක් නෑ කියල...:baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කලා කෘතියක අර්ථාන්විත බව ගැබ්වී ඇත්තේ එහි වචනවලම නොවේ...
    උසස් ප්‍රබුද්ධ යැයි සම්මත වචන යෙදූ ඒවාම පමණක් උසස් කෘතීන් ලෙස හඳුන්වාගන්නේ විචාරකයාගේ වේදිකාවේ සිට සාපේක්ෂව බලන නිසාය...
    ආනන්දයෙන් ප්‍රඥාව කරා යාමට සුද්ධ සිංහලට වචන හරවපු මල් සිංදුවක තනුවෙනුත් කලහැකිය...
    රසවිඳින්නාගේ මනසිකාරය සියල්ලට ඉහළිනි :dull:

    කලාකෘතියක අවසන කූටප‍්‍රාප්තිය වනුයේ නිර්මාණකරුවාගේ මනඃකල්පිතය නොව පාඨකයා එය ග‍්‍රහණය කරගත්ත ආකාරයයි.... කලාව යනු එයමය....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් මිනිහො ගෙදර ගෑනි මිනිහට තියන අදරේකට කවදාවත් 'මිනිහෝ' කියල කතා කරනවද..., කිසිම හැගිමක් නැති නිසානේ මිනිහෝ කියන්නේ...
    ඉතින් මිනිහෙක් තව මිනිහෙක්ට 'මිනිහෝ' කිව්වමත් තේරෙන්නවා කිසිම සමනල හැගිමක් නෑ කියල...:baffled:
    හරි මිනිහෝ සමනල හැඟිමක් නැති වුනාට නිකන් ගහගන්න වගේනේ එතකොට, අහන මිනිහ අපි නිකන් ගමේ චන්ඩියෙක් වගේ කියල හිතයි :baffled:

    උඹට නිකන් හිතෙන්නේ නැද්ද මේ ප්‍රබුද්ධ බරසාර විචාරකයෝ අතරේ අපි දෙන්න නිකන් මැටි හරක් දෙන්නෙක් වගේ කියල, ටිකක් බර වචන ටිකක් දාල පෝස්ට් එක දැම්මේ නැත්තන් අපි බස් සින්දු අහන අය කියල රට්ටු හිතයිද දන්නේ නෑ :no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මගේ මිත්‍රයා.....
    ග්‍රීක පැරනි කියමනක් තිබෙනවා.....

    වල් හිතක් ඇති එකාට සියළු ම දේ වල්.....කියලා......
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හරි මිනිහෝ සමනල හැඟිමක් නැති වුනාට නිකන් ගහගන්න වගේනේ එතකොට, අහන මිනිහ අපි නිකන් ගමේ චන්ඩියෙක් වගේ කියල හිතයි :baffled:

    උඹට නිකන් හිතෙන්නේ නැද්ද මේ ප්‍රබුද්ධ බරසාර විචාරකයෝ අතරේ අපි දෙන්න නිකන් මැටි හරක් දෙන්නෙක් වගේ කියල, ටිකක් බර වචන ටිකක් දාල පෝස්ට් එක දැම්මේ නැත්තන් අපි බස් සින්දු අහන අය කියල රට්ටු හිතයිද දන්නේ නෑ :no:

    කලාවක් රස විඳින බහුතරය සාමාන්‍ය අයනේ... වැදගත් වන්නේ ඒ අය ඒක ග‍්‍රහණය කරගන්න ආකාරයයි.... ඉතිං ඒ වගේ අය නිර්මාණකරුවාට සුදු හුණු ගාලා යථාර්ථය වසන් කරන්නේ නෑ... අව්‍යාජයි.... උඹලා අපිල එහෙම අය....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රචකයා තමන්ගේ සිතිවිලි නිවැරදිව ගොනුකර ගැනීමට අසමත් වෙලා ඇති බවක් පේන්නේ... ඔහු විසින් පළමුවරට රචනා කළා යැයි කියන ගීයේ නම් එවැනි අර්ථයක් තිබුණ ද මේ ගීතයෙන් නම් එවැනි අර්ථයක් කෙලෙසකවත් ගත නොහැක....

    අයියේ ගගක ගැඹුර බලන්න ගගක බහින්නම ඕන නෑ... මොකද ගගක ගැඹුර මනින්න පුලූවන් ක‍්‍රම ඕන තරම් තියෙනවා.... පුක්‍ෂණයේ තරම දැනගන්න පුක්ෂණය වෙන්නම ඕන නෑ, පුක්ෂණය වූ එකෙක් පාරෙ යන කොට පුක්ෂණයේ තරම දැනගන්න පුලූවන්... :yes:
    පූක්ෂන කතාව මඩකි. එය පසෙක තබමු......:dull:

    නමුත් මේ ගීතය විදින්නා එය මෙසේ රස විදින්නේ නම්, එය ප්‍රඥාව නොවේ ද?

    ප්‍රේමයේ විරහවින් බැට කා, එයින් මිදීමට මධූ ඔඩම තෝරා ගන්නා එහි වැටී දියැවී දිවි වනස කරා ගෙන යයි...
    නමුත් ජීවිත යනු එසේ මධු ඔඩම තුල දිය කර හැරිමට තරම් අඩු වටිනාකමක් ඇත්තක් නොවේ....
    සිදු විය යුත්තේ දිරියෙන් ජීවිතයට මුහුණ දීමය......

    මා නම් සිතන්නේ ගීතයෙන් ඔය රසය සහ ආනන්දය උකහා ගන්නා එයින් ජීවිතය දකින බවය. ප්‍රඥාව ලබන බවය.

    සමලිංගික බඹරෙකුට මදුහලේ දී ගොදුරු වන තරුණයෙකු ගැන අවබෝධ කොට ගන්නා එවැනි කිසිවක් නොලබයි.

    නැවතත් සිද්ධාර්ථ ගෞතමයන් නිවැරදිය.
    ---අසාරෙ සාර මතිනො - චාරෙ සා චාර දසසිනො
    තෙ සාරං නාධි ගච්ඡංති - මිච්ඡා සංකප්ප ගෝචරා-----
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කලාවක් රස විඳින බහුතරය සාමාන්‍ය අයනේ... වැදගත් වන්නේ ඒ අය ඒක ග‍්‍රහණය කරගන්න ආකාරයයි.... ඉතිං ඒ වගේ අය නිර්මාණකරුවාට සුදු හුණු ගාලා යථාර්ථය වසන් කරන්නේ නෑ... අව්‍යාජයි.... උඹලා අපිල එහෙම අය....
    :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පූක්ෂන කතාව මඩකි. එය පසෙක තබමු......:dull:

    නමුත් මේ ගීතය විදින්නා එය මෙසේ රස විදින්නේ නම්, එය ප්‍රඥාව නොවේ ද?

    ප්‍රේමයේ විරහවින් බැට කා, එයින් මිදීමට මධූ ඔඩම තෝරා ගන්නා එහි වැටී දියැවී දිවි වනස කරා ගෙන යයි...
    නමුත් ජීවිත යනු එසේ මධු ඔඩම තුල දිය කර හැරිමට තරම් අඩු වටිනාකමක් ඇත්තක් නොවේ....
    සිදු විය යුත්තේ දිරියෙන් ජීවිතයට මුහුණ දීමය......

    මා නම් සිතන්නේ ගීතයෙන් ඔය රසය සහ ආනන්දය උකහා ගන්නා එයින් ජීවිතය දකින බවය. ප්‍රඥාව ලබන බවය.

    සමලිංගික බඹරෙකුට මදුහලේ දී ගොදුරු වන තරුණයෙකු ගැන අවබෝධ කොට ගන්නා එවැනි කිසිවක් නොලබයි.

    නැවතත් සිද්ධාර්ථ ගෞතමයන් නිවැරදිය.
    ---අසාරෙ සාර මතිනො - චාරෙ සා චාර දසසිනො
    තෙ සාරං නාධි ගච්ඡංති - මිච්ඡා සංකප්ප ගෝචරා-----

    කිඹුල් අයිය ගීතයේ අර්ථය සොයන්නේ නෑනේ.... රචකයා කිව්වා යැයි කියන කතාවක් අනුව සුදු හුණු ගානවා.... හු** කියල ලියල ඒකෙන් කියවෙන්නේ
    ධම්මචාරි කියල වැඩක් නෑනේ....
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි මිනිහෝ සමනල හැඟිමක් නැති වුනාට නිකන් ගහගන්න වගේනේ එතකොට, අහන මිනිහ අපි නිකන් ගමේ චන්ඩියෙක් වගේ කියල හිතයි :baffled:

    උඹට නිකන් හිතෙන්නේ නැද්ද මේ ප්‍රබුද්ධ බරසාර විචාරකයෝ අතරේ අපි දෙන්න නිකන් මැටි හරක් දෙන්නෙක් වගේ කියල, ටිකක් බර වචන ටිකක් දාල පෝස්ට් එක දැම්මේ නැත්තන් අපි බස් සින්දු අහන අය කියල රට්ටු හිතයිද දන්නේ නෑ :no:

    මා සිහෙල සංගීතයට සවන් දෙන්නේ (දීමට සිදුවන්නේ) බස් රථයේ පමණි :( සිර්ශපොනය කෙතරම් තීව්ර නාද කර පැලැදුවත් ඒ අමිහිරි නාදය මාගේ දෙසවත් තුලින් මනසට යාම වැලක්විය නොහැක...:dull: