සුන්දර 'ඇල්ල'

Sahitha

Well-known member
  • Sep 1, 2006
    749
    610
    93
    Piliyandala
    සුන්දර 'ඇල්ල'



    'ඇල්ල' කිව්වාම ලංකාවෙ අපිටත් වඩා හොඳට දන්නෙ විදේශිකයො තමයි. ඒ තරම් සුන්දර නගරයක්නෙ ඇල්ල කියන්නෙ. කෝච්චියෙ ඇල්ලට ගිහිල්ලා ඇල්ලෙන් ටැක්සියක් අරගෙන යන එක තමය් ලාබම වැඩේ. කොහොම වුනත් නිවාඩුවක් ලැබුණ වෙලාවක ඇල්ල පැත්තෙ ගිහින් රවුමක් දාන අතරෙ මේ තැන් ටිකත් බලන්න අමතක කරන්න එපා. අපි ගියෙ මේ ගොල්ලොන්ගෙන් ටැක්සියක් අරගෙන මේ තැන් ටික බලන්න. AC වෑන් එකක යන්න එක්කෙනෙක්ට රූපියල් 400ය් ගියෙ. පට්ටම ලාබය්. මේ තියෙන්නේ අපි එක දවසේ බලන්න ගිය තැන් ටික.



    1. ඇල්ල ගල (Ella Rock)
    පූනාගල කඳු වැටියෙ අවසාන භාගයේ පිහිටලා තියෙන 'ඇල්ල ගල' කන්දෙ විශේෂත්වය තමයි ෆයිනස් කැලේ මැදින් කන්ද මුදුනටම නැගල අවට සිරි නැරඹුවට පස්සෙ කඳු බෑවුමේ, නැම්මක් එක්ක පිහිටලා තියෙන අයිනට බැස්සාම දිස්වෙන ත්‍රාසය මුසු පුළුල් දර්ශන පථය. අඩි 500කට ආසන්න උසක් තියෙන මේ කන්ද නගින්න ගත වෙන්නෙ පැයක් එක හමාරක් වුනාට මුළු ගමන නම් කිලෝමීටර 3කටත් වැඩියි.





    2. පුංචි සිරීපාදය (Little Adam's Peak)
    ඇල්ල ගල කන්දට ඉස්සරහින් පේන කන්ද තමයි පුංචි ශ්‍රීපාදය කියන්නෙ. පුංචි ශ්‍රීපාද කඳු මුදුනෙයි ශ්‍රීපාද කඳු මුදුනෙයි දෙකේම අංශක 360ක දර්ශන පථයක් තියෙන එක ලොකු විශේෂත්වයක්. හිමිදිරි ඉර සේවය දැක බලා ගන්නත් මෙතන කියාපු තැනක්. ඒ හැරුණාම ඈතින් කඩා හැලෙන රාවණා ඇල්ලත් හරි ලස්සනට මෙතනට පේනවා. උස අඩි 400ක් විතර වුනත් ඇල්ල ටවුමෙ ඉඳන් කඳු මුදුනට තියෙන කිලෝමීටර 3ක යන්න අඩුම තරමෙ පැයක්වත් ගත වේවි.





    3. රාවණා ගුහාව (Ravana Cave)
    'ඇල්ල ගල' කන්දෙ මැද හරියට වෙන්න පිහිටලා තියෙන රාවණා ගුහාවට ඇල්ල ටවුමෙ ඉඳන් කිලෝමීටර 3.5ක විතර දුරක් තමයි තියෙන්නෙ. පයින් යනව නම් පැයක් වත් යනව. ගුහාවට යන කඳු පාරෙ ඇරඹුම් පඩිපෙල තියෙන්නෙ රාවණා ගුහාව පන්සලෙන්. වර්ග අඩි 1500කටත් අධික මේ ලෙන් භූමියෙ දකුණු පස අවසානයේ ඉඳන් ආරම්භය වෙනකම් කොටසෙ සැඟවුනු උමං 4ක් තියෙනවා. ඒ උමං ටික දෑසින් බලා ගන්නනම් අඩුම තරමෙ විදුලි පන්දම් තුනකවත් එළිය ඕන. ඒ විතරක් මදි, අඩි එක හමාර, දෙකේ හිඩැස් වලින් බඩ ගාගෙන රිංගන්න පුළුවන් වෙන්නත් ඕන.





    4. පුලස්ති මුණි රුව (Face Art of 'Pulastya Muni')
    රාවණා රජුගේ මුත්තණුවන් වන 'පුලස්ති මුණි' සෘෂිවරයාගේ මුහුණේ රූපයක් කියන මේ රූපය තියෙන්නෙ ඇල්ල - වැල්ලවාය පාරෙ ඇල්ල ඉඳන් කිලෝමීටර 4ක විතර දුරින්. එතන තියෙන 'S' වංගුව පටන් ගන්න තැනම වගේ පාරෙන් දකුණු පැත්තෙ ගල් කුලේ පාර මට්ටමේ ඉඳන් බැලුවාම අඩි 20කට වැඩි උසක නිර්මාණය කරල තියෙන මේ රූපය හොඳින්ම බලා ගන්න නම් වංගුව මැද්දට ගිහින් බලන්න ඕන. මොකද ඒ රූපය ප්‍රමාණයෙන් අඩි දෙකක් විතර උස අඩියක් විතර පළල තරමක් පොඩි රූපයක් නිසා.





    5. රාවණා ඇල්ල (Ravana Falls)
    රාවණා ඇල්ල බලන්න යනව නම් හොඳම කාලය තමයි ජනවාරි සිට අප්‍රේල් අතර කාලය. හොඳ වතුර ටිකක් නාගන්නත් ලස්සන සමනල්ලු වර්ග, උරග වර්ග දැක බලා ගන්නත් රාවණා ඇල්ලට එන ඔයාලට පුළුවන්. උස අඩි 82කට ගණන් බලල තියෙන රාවණා ඇල්ලට, ඇල්ල ටවුමේ ඉඳන් පයින් යනවට වඩා ඒ කිලෝමීටර 6.5ක විතර දුර වැල්ලවාය පැත්තට යන බස් එකකට ගොඩ වෙලා විනාඩි 15න් 20න් යන එක තමයි හොඳ.





    6. දෙමෝදර ආරුක්කු නවයේ පාළම (Nine Arch Bridge, Demodara)
    දෙමෝදර ආරුක්කු නවයේ පාළමේ හැඩ බලන්න ඇල්ලෙ ඉඳන් කුඹල්වෙලට ගිහින් බදුල්ල බස් එකකට ගොඩ වෙලා දෙමෝදරින් බැහැල යන අයට මෙන්න තියෙනව අපූරු පා ගමනක්. දුර කිලෝමීටර 3කට ආසන්නයි. ඇල්ල දුම්රිය පොළෙන් රේල් පාරට බැහැල දකුණු පැත්තට ඇවිදන් යන්න. පැයක් යන්න කලින් ආරුක්කු නවයෙ පාළමට ලඟා පුළුවන්.





    7. දෙමෝදර දුම්රිය පොළ (Demodara Railway Station)
    'සුද්ද' කල්පනා කර කර ඉන්න කොට අපේ 'ගොයිය' ජටාව ගැහුවලු. සුද්ද ඒක දැකල තමයි දෙමෝදර දුම්රිය පොළ පිහිටල තියෙන කන්දෙ, බෑවුමට ජටාවෙ ගැටේ හැඩයට රේල් පීලි ටික හදන්න තීරණය කරල තියෙන්නෙ. ආරුක්කු නවයෙ පාළම ලඟ ඉඳන් දෙමෝදර රේල් ගැටය ලඟට තියෙන්නෙ කිලෝමීටර 3කටත් අඩු දුරක්. තේ වතු මැද්දෙන් යන ගමනෙ පොඩි කතාබහක් දැම්මට කමක් නෑ කෝච්චිය එනවද කියල අවධානයෙන් යන්න අමතක කරන්න එපා.





    8. රක්ඛිත්තාකන්ද රජමහා ලෙන් විහාරය (Rakkhiththakanda Len Viharaya Cave Temple)
    වලගම්බා රජ දවස ඉදිවූ මෙම අසිරිමත් කරදගොල්ල රක්ඛිත්තාකන්ද රජමහා විහාරය බන්ඩාරවෙල සිට ඈල්ල පසුකර වෑල්ලවාය ප්‍රදේශයට ගමන් කරන විට හමුවන කරදගොල්ල ප්‍රදේශයේ මදක් වනය තුලට වන්නට පිහිටා ඈත, ,මෙම විහාරය අතීතයේ විශාල භූමි බාගයක් පුරාවට විහිදී පෑතිරී ගොස් ඈති අතර ,ඉපෑරනි මනරම් මෑටි ස්තූප්ය, ,ආරාම සoකීර්ණ .කටාරම් කෙටූ ලෙන්,පෑරනි මනරම් චිත්‍ර.,මෙහි විරාජමාණ බව මොනවට කියා පායි, කරදගොල්ල රක්ඛිත්තාකන්ද රජමහා විහාරයේ සිට දෝව පන්සල වෙත උමන් මාර්ගයක් ඈති බව බොහෝ දෙනාගේ මතයකි.,මිනිසුන්ගේ නිතර කතා බහට ලක්වන ගුප්තබව දනවන නිල්දිය පොකුන,කුරුල්ලන්ගල වෑනි ස්තාන මෙම කරදගොල්ල රක්ඛිත්තාකන්ද රජමහා විහාරයට ආසන්නයේ පිහිටා ඈත.





    9. දියලුම ඇල්ල (Diyaluma Ella Falls)
    ලංකාවේ දිය ඇළි ගැන කියද්දී දියලුම දිය ඇල්ලට විශේෂ තැනක් ලැබෙනවා. ඒ උස අතින් ලංකාවේ තුනවන දිය ඇල්ල වෙන නිසා බව අපි කවුරුත් දන්නා දෙයක්.සුන්දර පුනාගල එයෙන් නිර්මාණය වෙන දියලුම ඇල්ල අතිශය සුන්දර දිය ඇල්ලක් බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ.





    10. හපුතලේ (Haputhale)
    හපුතලේ යනු ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. භූගෝලීය වශයෙන් හපුතලේ මුහුදු මට්ටමේ සිට මීටර 1431 වැනි ඉහල උන්නතාංශයක පිහිටා තිබීම හේතුවෙන් වර්ෂය මුළුල්ලේම පාහේ සෞම්‍ය කාළගුණයක් පවතියි. හපුතලේ නගරය සුන්දර කදු වළලු වලින් සහ තේ වතු යායවල් වලින් වටවි පිහිටා ඇත.






    මේ ගමන් යන්න වාහනේ ගත්තේ මෙන්න මෙගොල්ලන්ගෙන්.. මන් කියනවට නෙමේ.. අහල බලලා හොඳයි කියල හිතෙනවනන් යන්න.. විශ්වාසවන්තව වැඩේ කරෙයි... ඇල්ල කැබ්ස්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොහොම ස්තූතියි මචන්... අනිවා යනවා.. යන්න ඉන්නෙ ඔය පැත්තෙ.:yes:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    REP added. මමත් දෙපාරක් විතර ගිහිල්ල තියෙනව. පුංචි සිරිපාදෙ නං හයිකින් තමයි හරියන්නෙ. නවතිනව නං ටිකක් දුරින් වුනත් හපුතලේ ලස්සනයි හැබැයි හොඳ view එකක් තියෙන හෙටෙල් එකක් අල්ලගන්න ඕන. පළාතම පේනව මාරම ලස්සනයි. ඇඩිශන් බංගලාවත් හොඳයි හැබැයි බලන්න පුලුවන් රජයේ නිවාඩු දවස් වල විතරයි...