සුන්දර 'ඇල්ල'
'ඇල්ල' කිව්වාම ලංකාවෙ අපිටත් වඩා හොඳට දන්නෙ විදේශිකයො තමයි. ඒ තරම් සුන්දර නගරයක්නෙ ඇල්ල කියන්නෙ. කෝච්චියෙ ඇල්ලට ගිහිල්ලා ඇල්ලෙන් ටැක්සියක් අරගෙන යන එක තමය් ලාබම වැඩේ. කොහොම වුනත් නිවාඩුවක් ලැබුණ වෙලාවක ඇල්ල පැත්තෙ ගිහින් රවුමක් දාන අතරෙ මේ තැන් ටිකත් බලන්න අමතක කරන්න එපා. අපි ගියෙ මේ ගොල්ලොන්ගෙන් ටැක්සියක් අරගෙන මේ තැන් ටික බලන්න. AC වෑන් එකක යන්න එක්කෙනෙක්ට රූපියල් 400ය් ගියෙ. පට්ටම ලාබය්. මේ තියෙන්නේ අපි එක දවසේ බලන්න ගිය තැන් ටික.
1. ඇල්ල ගල (Ella Rock)
පූනාගල කඳු වැටියෙ අවසාන භාගයේ පිහිටලා තියෙන 'ඇල්ල ගල' කන්දෙ විශේෂත්වය තමයි ෆයිනස් කැලේ මැදින් කන්ද මුදුනටම නැගල අවට සිරි නැරඹුවට පස්සෙ කඳු බෑවුමේ, නැම්මක් එක්ක පිහිටලා තියෙන අයිනට බැස්සාම දිස්වෙන ත්රාසය මුසු පුළුල් දර්ශන පථය. අඩි 500කට ආසන්න උසක් තියෙන මේ කන්ද නගින්න ගත වෙන්නෙ පැයක් එක හමාරක් වුනාට මුළු ගමන නම් කිලෝමීටර 3කටත් වැඩියි.
2. පුංචි සිරීපාදය (Little Adam's Peak)
3. රාවණා ගුහාව (Ravana Cave)
4. පුලස්ති මුණි රුව (Face Art of 'Pulastya Muni')
5. රාවණා ඇල්ල (Ravana Falls)
6. දෙමෝදර ආරුක්කු නවයේ පාළම (Nine Arch Bridge, Demodara)
7. දෙමෝදර දුම්රිය පොළ (Demodara Railway Station)
8. රක්ඛිත්තාකන්ද රජමහා ලෙන් විහාරය (Rakkhiththakanda Len Viharaya Cave Temple)
9. දියලුම ඇල්ල (Diyaluma Ella Falls)
10. හපුතලේ (Haputhale)
මේ ගමන් යන්න වාහනේ ගත්තේ මෙන්න මෙගොල්ලන්ගෙන්.. මන් කියනවට නෙමේ.. අහල බලලා හොඳයි කියල හිතෙනවනන් යන්න.. විශ්වාසවන්තව වැඩේ කරෙයි... ඇල්ල කැබ්ස්
++