සප්ලිමන්ට් ගැහුව වේගෙන් කෙට්ටු වෙන සීන් එකක් තියෙනවා බං
Suppliments ගැහුව වේගෙන් කෙට්ටු වෙන එකක් නෙමේ. ඒ උඹ තේරුම් ගත්ත විදිහෙ අවුල. Suppliments උඹ අකමැති නම් නොගෙන ඉඳපන්. Whey isolated කියන්නේ cholesterol අරවා මෙවා කිසි දෙයක් නෑ pure protein. Suppliments කියල මන් අදහස් කරෙ steroid නෙමෙයි. Injection නෙමෙයි. Protein Suppliments.
මන් දැං කිව්ව facts ටික apply කරලා බලහං ඉතිං එහෙම වෙන්න හේතුව.
Suppliments වලින් ගන්න protein උබට කෑම වලින් ගන්න පුළුවන් නම් කෑමත් Suppliments වගේ තමයි.
ඉතින් කෑම නවත්තපු ගමන් කෙට්ටු වෙනවා තමයි මොකද උඹ මහතට SIZE කරන එකට වඩා උඹ ජීවත් වෙන එක තමයි ප්‍රධාන දේ. ඉතින් උබේ ජීවිතේ රකින්න muscle වලින් energy එක ගන්නවා.
Muscle එක හදන්නේ උබට ජීවිතේට threat එකක් නැතිනම් විතරයි, muscle එක කියන්නේ ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දෙයක් නෙමේ. ඉතින් survival first. Muscle second.
ඉතිං උඹ කපුවා නවත්තන්න උනොත් හදපු muscles ටික lose වෙනව. සරල දෙයක් සංකීර්ණ කරගන්න එපා.
Suppliments වලින් පුම්බා තියනවා හුලං බහිනවා වගේ නැති උනහම කෙට්ටු වෙනවා වගේ ගොං කතා කියන උන් ඒ වෙන දේ ගැන කිසි knowledge එකක් නැතුව කියන්නේ.
ඒක උන්ට ඇහැට දකින්න පුළුවන් වෙන්නේ අපි ලංකාවේ ඉඳන් ගන්න meals වල Suppliments වලින් අපේ ඇගට ලැබෙන තරං protein ලැබෙන්නේ නැති නිසා.
ඔය ගොං පාට් දාන උං සහ ඒවා අහන උඹට කරන්න ඕන දේ මම කෙලින් කියන්නම්.
සාමාන්‍යයෙන් එකතු කිරීම අඩු කිරීම සහ වැඩි කිරීම math පුළුවන් නං, මේ ටික Google කරලා හොයා ගන්න.
1. Whey scoop එකක protein කොච්චර තියෙනව?
2. බිත්තරයක protein gram කොච්චර තියෙනවද?
3. Whey වෙනුවට බිත්තර කන් නම් කොච්චර කන්න ඕනද?
4. Muscle build කරන්න තමුන් ගෙ ඇඟේ බරට අනුව protein grams කොච්චර ගන්න ඕනද?
4. තියෙන muscle රැක ගන්න කොච්චර protein ඕනද?
5. Isolated whey scoop වලින් ගන්නවා නම් උඹ දවසට කොච්චර ගන්න ඕනද.
ඒ ප්‍රමාණය බිත්තර වලින් ගන්නවා නම් කොහොමද ගන්න ඕන ප්‍රමාණය?
කියන ප්‍රශ්ණ වලට උත්තර හොයාගන්න.
එතකොට තේරෙයි ලංකවේ muscle හදන එක කොච්චර practical ද, සහ අැයි කෙට්ටු වෙන්නේ කියන එක.