අන්න ඒක තමයි මචන් මම කියන්නෙ. පිළිගත් තැනක උපාධියක් තියෙනවනම් මොන ස්කිල් එකක්වත් ඕන නෑ මුලින්. දැන් අපේ Mora CSE ගත්තොත් නමට තමා ඔය ගන්න අය ගන්නෙ. ඒ නම හැදිලා තියෙන්නෙ බහුතරයක් හොඳ අය එතනින් ඇවිත් තියෙන නිසානෙ. ඒ උනාට එතනින් එන හැමෝම එක වගේ සුපිරි කියල කියන්න බෑ. නමුත් ඒක අදාළ වෙන්නෙ නෑ මුලින් ඔය ජොබ් වලට යනකොට. නැද්ද? ප්‍රායෝගිකව මුලින් යන එකෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේ උන්ට කොහොමත් තියෙනව ඇති. Industrial training එකකටත් ගිහින්නෙ එන්නෙ.
අනිත් අතට මොන ස්කිල් එක තිබුනත් ඩිග්‍රිය නැතුව කොහෙවත් entry level ජොබ් එකකට ගනියි කියලා හිතන්නත් බෑ. Mora CSE එකෙන් යන ඇවරේජ් කෙනෙක්ට වඩා පොඩ්ඩක් වැඩි ස්කිල්ස් තියෙන වෙන එකෙක් හිටියොත් ඌව ගනියිද? උබ කියනව වගේ නෑ කියල තමයි මට හිතෙන්නෙත්. වැඩ පෙන්නන්නත් එහෙම අවස්තාවක් දීල ඉන්න එපෑ මුලින්. එළියෙ ඉන්න එකාගෙන් උබ MS Office වගේ opensource එකකට කන්ට්‍රිබියුට් කරල තියෙනවනම් අපි ගන්නව කියන එක ප්‍රායෝගික නෑනෙ. එහෙනම් ඒ ලෙවල් එකේම නොලේජ් එක ඩිග්‍රිය තියෙන කෙනාගෙනුත් බලන්න එපැයි.
ඉන්ඩස්ට්‍රි එකට මුලින් එන එකෙක්ගෙන් James Gosling වගේ නොලේජ් එකක් තිබුනොත් පුලුවන් කියන එකේ කිසිම ප්‍රායෝගිකත්වයක් නෑනෙ. කාටද එහෙම තියෙන්නෙ. අනික එහෙම දැනුමක් කරගන්න හැකියාව තියෙන කෙනෙක් උනත් ඒකට යන කාලෙත් එක්ක තනියම ප්‍රැක්ටිස් කර කර අවුරුදු 10ක් විතර බලන් ඉන්න පුලුවන් කමක් නෑනෙ. ගෙදරින් කන්න බොන්න දිදී ඉන්නවනම් කමක් නෑ.
ඔන්න ඔය බොරු බයිලෙ තමයි මම කියන්න උත්සාහ කරේ. කොච්චර උනත් paper qualification එකක් නැත්තන් වැඩේ හොඳටම අමාරු වෙනව කියන එක. කියන විදියට නෙවෙයි කෙරෙන්නෙ. අන්න ඒ බොරුව තමා මට අල්ලන්නෙ නැත්තෙ.
ඔකේ සරලම කතාව මේකයි, හිතපන් උඹ අනුන්ගේ ප්‍රශ්න විසදලා සල්ලි හොයන අනාථ IT company කාරයෙක් කියල. දැන් උඹ එකෙක්ව වැඩට ගන්නයි හදන්නේ.
මොකක්ද උඹේ පැත්තෙන් interview එක එවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? සරලවම බැලුවොත් උඹට ඕනේ මේ එන එකා හොඳට වැඩ කරයි කියල හිතන්න සාක්ෂි නේ? ඒක එක එක විදිහට එන්න පුලුවන්.
1) ඌ මීට කලින් හොඳ එවුන් ආව කියල සාක්ෂි තියන CSE වගේ එකක එකෙක්
2) ඌ industry එකේ හොඳට වැඩ කරලා තියනවා
3) ඌ පට්ටම open source project වලට contribute කරලා තියනවා
4) ඌ ඔය එක එක group වගේ ඒවගේ prominent member කෙනෙක්
දැන් මේවයින් අලුතෙන්ම එන එකෙක්ට තියෙන්න ඉඩ තියන දේවල් මොනවද? ඇත්ත කතා කරොත් degree එකනේ බං? නමුත් උඹ senior වෙද්දී අනික් දේවල් එකතු වෙන්න තියන ඉඩ වැඩි. ඕකයි කල් යද්දී senior position වලට යද්දී උඹේ degree එක කොහෙද කියන එකේ වටිනාකම අඩු වෙන්නේ.
ඔය මොකුත්ම නැති එකෙක්ට "වැඩ පෙන්නන්න" අවස්ථාවක් ලැබෙන්න පුළුවන් නැත්තේ නෑ. නමුත් ඒ අර CSE එකාට වඩා සැහෙන්න අඩු පඩියකට සහ පොඩි company වල මොකද ඇත්තටම ඌ තවම unproven. ඉතින් එහෙනම් ඌ පොඩි තැනින් පටන් අරන් ටික ටික ඉස්සරහට එන්න ඕනේ. එහෙම ඇවිත් ලොකු ලොකු degree තියන එවුන් පහු කරල උනත් යන්න පුළුවන් බැරි නෑ.
ඕක තමයි ඉතින් මම දන්න දේ. වැරදි තියනවා නම් අනික් එවුන් නිවැරදි කරයි