මම නම් අසලංකය ට මොනවත් කියන්නේ නෑ. ඔහොම කාල හැම ක්‍රීඩකයාට ම තියෙනවා. ඌව ටිකක් අයින් කරලා තිබ්බනං කියල මටත් හිතෙනවා. කොහොම උනත් කුසල් ටත් ඉස්සර අපි බිදුසාර අරව මේව කිය කියා හෙනට අපහාස කළා ඒත් අද ඌ හොඳ තැනක ඉන්නවා. දැන් බනපු උන් හොයන්නත් නෑ.

මට මතකයි ඉස්සර කුසල් හැම match එකකම බින්දුවට යන කාලෙ පොඩි interview එකක් දැක්කා ධර්මසේන ගෙන් තමයි ප්‍රශ්න කලේ. එක ප්‍රශ්නයක් ඇහුවා ඔබ හිතන්නේ ලංකා team එකේ ගොඩක් වටින ඉස්සරහට ලොකු දෙයක් ටීම් එකට කරන්න පුළුවන් වටිනාම ක්‍රීඩකයා විදිහට ඔබ දකින්නේ කවුද වගේ ප්‍රශ්නයක්. ධර්මයා එක පාරට ම කියපි කුසල් කියල. මමත් dim උනා ඒ ප්‍රශ්නෙ අහපු එකා ටිකක් වෙලා stuck වෙලා වගෙත් හිටියද කොහෙද.

හැබැයි ධර්මයා කිව්ව මම කුසල්ගේ ලොකු හැකියාවක් දකිනවා, හරි පුහුණුවක් සහ අද්දකීම් තමයි තව ටිකක් අවශ්‍ය කියලා. මම ඒ කාලේ හිතුවා ධර්මසේන ට පිස්සු හැදිලා කියල..

උන්ට අපිට වඩා හොඳට තේරෙනවා බං. අපි මෙහෙ උඩින් බලලා ක්‍රිටිසයිස් කළාට .