ලංකාවේ luxury බඩු කියලා 90%ක්ම තියෙනේ කලුකඩේ ගණන්නේ. iphone එකක් ගන්න ගියත් ලක්ෂ එක හමාරක් විතර වැඩියි (ඉම්පෝට් ටැක්ස්, ලාබේ අයින්කල්ත් පට්ට වැඩියි). මෙහේ අපි site එකේ ගාන 10% tax විතරයි ගෙවන්නේ. වෙන කඩේක අඩුවට තිබිලා ඒ ඇඩ් එක පෙන්නුවා price match කරලා ඒ ගානට දෙනවා . මට මතකයි Happy Cow cheese slice එහෙම විකුන්න තිබ්බා රැ 10,000 කට වගේ ගන්න පුළුවන් වුනත් එච්චර ගානක් දෙන එක තේරුමක් නැ. මෙහේ $5-6 ක් වෙන්නේ Kraft එක. හැමදේම එහෙමයි. එකට එකක් ලාබ තියාගෙන විකුනන්නේ. අපි ලංකාවේ පඩි අරගෙන ඇමරිකාවේ උන්ට වඩා ඩබල් ගෙවලා බඩු ගන්නවා. ගොඩක් උබ කියන ලෙවල් එකේ කට්ටිය කරන්නේ ඕවා තමයි. අනික වාහන. primio වගේ බෙසික් කාර් එකට කෝටි එකහාමාරක් දෙන්න හිත්න්නෙම නැ. මෙහේ මම කාර් එකට ගෙව්වේ 10% ආණ්ඩුවේ ටැක්ස් එක විතරයි![]()
ලංකාව් ජීවත් වෙන එකේ වටිකම තියන්නේ ඇත්තටම සල්ලි තියන මිනිස්සුන්ට, නැතුව මේ happy cow එක ලංකාවට වඩා US වල ලාබය් කියල ජීවත් වෙන්න රටවල් decide කරන තාම survival stage එකේ ඉන්න අයට නෙමෙය්..මම ලංකාවේ හිටියේ software architect වගේ. dollar 360 වගේ තියෙනකොට, අලුත් ටැක්ස් එන්න කලින් ලක්ෂ 12.5 වගේ අතට ආවා. තව වයිෆ්ත් ජොබක් කෙරුවා. ළමයි තාම හදලා නැ. ඉන්න ගෙවල් තිබ්බා. වාහනවල ලිසිං ගෙවලා ඉවරයි. ලෝන් මුකුත් තිබ්බෙත් නැ. අම්මලා තාත්තලා බලා ගන්න ඕනේ නැ. එත් ලංකාවට උපරිම කෙලවෙලා තියෙනකොට ගැස් එකක් නැතුව මාස 2ක් හෙන කට්ටක් කැවා. එලෙක්ට්‍රික් ලිපක් හෙව්වා බඩු නැ , ගෙදර දර ලිපක් ගහගන්න තැනක් නැ. Uber Eats උන් වැඩකරන්නේ නැ පෙට්රෝල් නැති හන්දා. මාස 2ක් rice cooker එකෙන් ගේම ගැහුවේ වයිෆ්. බතුයි, පරිප්පු rice cooker එකේ හදන විදියක් හොයාගෙන තිබ්බා. එක්කෝ එලවලු තම්බලා. නැතිතම් පානුයි සම්බෝලයි, බටර් වගේ දෙයක්. සමහර දවස්වලට වයිෆ් ගෙදර එනකොට කරන්ට් නැ, ඉතින් රැ 9, 10 වෙනවා උයනකොට. කඩවලත් කෑම නැ ගැස් නැති වෙනකොට. ගැස් ආවා කියලා ආවම ඔක්කොම වැඩ දාලා ගැස් එකක් උස්සන් යන්න ඕනේ පෝලිම් වලට, ඒවත් අදුරන උන්ට දීලා, ඉතුරු උනොත් තමයි හම්බවෙන්නේ. අන්තිමට ගෙදරට ගෙනාපු ගැස් එකේ ලික්, ගැස් පුපුරන කාලේ. අනිත්මට එක රිටන් කරලා තවත් සතියකට පස්සේ ගැස් එක ගත්තේ. එදිනෙදා මුලික වැඩ කරගන්න පුදුම දුකක් විදින්න ඕනේ. ළමයි ඉන්න උන් එහෙම පුදුම දුකක් විදින්න ඇති ඒ කාලේ. ඊට පස්සේ තමයි අපිට හිතුනේ කොච්චර සල්ලි තිබ්බත් අපේ එදිනෙදා වැඩ කරගන්න බැරිනම් තේරුමක් නැ කියලා. දැන්නම් ඒකාලේ තරම් අවුල් නැ කියලා දන්නවා.
ලංකාවේ Doller earning වලට tax නැහැ, එතනම මාසෙට ලක්ෂ බර ගානක් ඉතුරු වෙනවා.. EDB, BOI approve හරි proposal එකකින් පටන් ගත්ත business එකකට ලංකාවට US වලටත් වඩා අඩුවට almost tax නැතුව ඉතා වටිනා බොහෝ දේවල් import කරන්න පුළුවන්.. වෙන රටවලට වඩා ගොඩක් insurance cost එක අඩුය්, labour cost එක ගොඩක් අඩුය්..
වෙන රටවල වගේ වාහන අවරුදු කීපෙන් ලොකුවට depreciate වෙන්නේ නැහැ, resale value ඉතා හොඳ නිසා සාපේක්ෂව පාඩුව ඉතා අවමය්.. ගොඩක් අඩුවට වාහන repair කර ගන්න පුළුවන්..
ඉතින් බන් අව්රුද්දට මිලියන ගානක් ලාබ තියෙද්දී මොන imported happy cow price ද, අඩුවට ඕන නම් local highland කාපන්, බැරි නම් සල්ලි තියන හැම එකාම වගේ අව්රුද්දට කීප පාරක් වත් පිටරට යනවා, එතකොට ඔය ඕන කෑමක්, iphone බැරිනම් ඕනෑම දෙයක් අඩුවට ගන්න පුළුවන්..
උඹ පඩි ගන්න සේවකයෙක් නිසා ඔහොම පොඩි දේටත් සල්ලි ප්‍රශ්න තිබ්බට business owners ලගේ තත්වේ ඉතාම වෙනස්..
අනික සරල දේ තෙරුන් ගනින් ලංකාවේ import කරලා double විකුණන shop වලටත් කිසි අව්ලක් නැතුව සෙනග ඉන්නේ එච්චර සල්ලි තියන මිනිස්සු ඉන්න නිසා..
ලංකාවේ ගැස් නැති උන පොඩි මාස ගානට ඔච්චර බය වෙලා උඹ රට ගිය නම්, දැන් russian යුද්දේ නිසා සුපිරියට තිබ්බ Europe වලට වෙන දේ, බැරි වෙලා හරි nuke එකක් ගැහුවොත් උන්ට වෙන දේ ගැන මොකද කියන්නේ.. ලෝකේ කොහෙත් වෙනස් වෙන්න සුළු කාලයය් යන්නේ..
මම කාටවත් ලංකාවේ ඉන්න කියන්නේ නැහැ, මොකද තමන් ජීවත් වෙන තැන තීරණය වෙන්නේ තමන්ගේ capacity එක සහ හැකියාව මත..
Last edited:

