අත දැමිල්ල
බස් රථයක් තුලදී කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරකම් කිරීම සම්බන්දව පැමිණිල්ලක් පොලිසියේදී විභාගයට ගැනිනි.
පොලිස් නිළධාරියා: ඉතින් තමුන්ට තේරුනෙ නැද්ද හොරා හැට්ටෙ අස්සට අත දාලා පර්ස් එක ගන්නවා?
කාන්තාව:හැට්ටෙ අස්සට අතදානවනම් තේරුනා රාළහාමි...ඒත් කවුද හිතුවෙ පර්ස් එකම ගනී කියලා






සූදානම් වීම.
මිනි මස් කන වනචාරී ගෝත්රයක නායකයකු මරණාසන්න විය.ඔහුගේ බිරිද ගමේ වෙද මහතා හමු වීමට ගියාය.
බිරිද: අනේ වෙද මහත්තයෝ, මගෙ මනුස්සය මැරෙන්නයි යන්නෙ.
වෙද මහතා: හා හා උඹ එහෙනම් අඩන්නෙ නැතුව ඉක්මනට ගිහිල්ලා ලූනු ටිකක් කපලා,තුනපහ ටිකක් එහෙම හොයාගෙන හොද හොද්දක් හදන්න ලෑස්ති වෙයන්කො.
