රත්තරන්ගේ හිනා කතා

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අත දැමිල්ල

    බස් රථයක් තුලදී කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරකම් කිරීම සම්බන්දව පැමිණිල්ලක් පොලිසියේදී විභාගයට ගැනිනි.

    පොලිස් නිළධාරියා: ඉතින් තමුන්ට තේරුනෙ නැද්ද හොරා හැට්ටෙ අස්සට අත දාලා පර්ස් එක ගන්නවා?
    කාන්තාව:හැට්ටෙ අස්සට අතදානවනම් තේරුනා රාළහාමි...ඒත් කවුද හිතුවෙ පර්ස් එකම ගනී කියලා

    :P:P:lol::lol::lol::lol:
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    දත් ගැලවිල්ල

    සිරිපාල දුටු ගුනපාල මෙසේ ඇසීය.

    ගුනපාල: උඹේ එක දතයි නේද පනුවො කාලා තිබ්බෙ.ඇයි මේ දත් දෙකක්ම ගලවලා?
    සිරිපාල: දත ගලවන්න කියලා ගෑනි දීපු සල්ලි වලින් මම අඩියක් ගහලා ගෙදර ගියා බං
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    දුකට හේතුව

    සයිමන් දුකින් සිටිනු දැක වයිමන් මෙසේ ඇසීය.

    වයිමන්: මොකද බං මේ දුකෙන්?
    සයිමන්: බලපන් බං,මගේ ගෑනි කරන්ට් එක වැදිල මළානෙ.
    වයිමන්:අපේ ගෙදරත් කරන්ට් එක තියෙනවා.ඒත් අපිට කොහෙන්ද එහෙම චාන්ස් එකක්.
     
    • Like
    Reactions: damm2009

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සූදානම් වීම.

    මිනි මස් කන වනචාරී ගෝත්‍රයක නායකයකු මරණාසන්න විය.ඔහුගේ බිරිද ගමේ වෙද මහතා හමු වීමට ගියාය.

    බිරිද: අනේ වෙද මහත්තයෝ, මගෙ මනුස්සය මැරෙන්නයි යන්නෙ.
    වෙද මහතා: හා හා උඹ එහෙනම් අඩන්නෙ නැතුව ඉක්මනට ගිහිල්ලා ලූනු ටිකක් කපලා,තුනපහ ටිකක් එහෙම හොයාගෙන හොද හොද්දක් හදන්න ලෑස්ති වෙයන්කො.
    :P
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    ගෑනිගෙ වටිනාකම.

    බේබද්දෙකු වූ බොනපාට්ගේ නිවස දෙසින් අදෝනාවක් ඇසී ඔහුගේ මාමා හනික දිව ආවේය.

    මාමා: මොකද යකෝ මේ බෙරිහන් දෙන්නෙ?
    බොනපාට්: අනේ මාමේ..මම ඊයෙ හවස මගේ ගෑනිව කසිප්පු බෝතලේකට මාරු කළා. දැන් මට එයා නැතුව ඉන්න බෑ බුදු මාමේ...
    මාමා: බූරුවා...දැන් තොට තේරෙනවානේ ගෑනියෙක්ගෙ වටිනාකම
    බොනපාට්: බම්බුව....මට ආපහු බොන්න ඕනෙ..
     
    • Like
    Reactions: EΜΙFΞXΛ