සුදු අම්මා වෙත
සුදු අම්මා වෙත,
නුඹත් එහෙනම් යන්නම ගියාද
මහගෙදර තනිකර මහප්පා ළඟට
නැවත නොඑන්නට
සොඳුරු ඉසව්වට
ලොකු අම්මා ඇවිත්ද
මතක් කළා කියන්න
ලොකු මහප්පා ඇවිත්ද
මතක් කළා කියන්න
මහප්පත් ඇවිත්ද
මතක් කළා කියන්න
නුඹත් එහෙනම්
මතකයක්ම වුණිද
ආච්චි හොඳින්ද
මිදුල දැන් හරි හැඩියි
සීයාට කොහොමද
මහගේත්...