අඩුවෙන් කේන්ති යන අය !!!

miuruhansi

Active member
  • Apr 27, 2015
    215
    68
    28
    අඩුවෙන් කේන්ති යන අය !!!

    මේක මම හොදට බලලා තියෙන දෙයක් ..ගොඩක් ඉවසන , ගොඩක් කරුණාවන්ත ඒ වගේම ගොඩක් අඩුවෙන් කේන්ති යන කෙනෙක්ට යම් දෙයක් එපා වෙන්නේ ජිවිත කාලෙටමයි ...එයා ගොඩක් ඉවසලා ඉවසලා බැරිම තැන තිරනෙකට එනවා ..එතකොට අනිත් කෙනා ඔලුවෙන් හිටගෙන වෙචච වැරදි වලට සමාව ඉල්ලුවත් සමාව ලැබෙන්නේ නැහැ...එහෙම අඩුවෙන් කේන්ති යන අය හැම දෙයක්ම හිතේ තද කරගෙන එක වේලාවකදී හෙනයක් ගැහුවා වගේ ඒක පිට කරන්නේ ....ඔයාලත් එකගද මගෙත් එක්ක ....?
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    mamath oya wage thamai , eth ithin epa wenawa kiyala hithunata aimath ona wenawa tika dawasakin ,
    moko dan kollata samawa dennema nadda ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඉවසලා ඉවසලා ඉවසන්න බැරිම තැනත් ඉවසන අය අන්තිම තීරණය ගන්නෙත් හොඳට කිරලා මැනලා තමයි. ආයි සක්කරයා ඇවිල්ලා කිව්වත් තීරණය වෙන්ස් කරන්නේ නෑ. එහෙම අය ඉන්නවා. :yes::yes:
     

    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    true...

    මේක මම හොදට බලලා තියෙන දෙයක් ..ගොඩක් ඉවසන , ගොඩක් කරුණාවන්ත ඒ වගේම ගොඩක් අඩුවෙන් කේන්ති යන කෙනෙක්ට යම් දෙයක් එපා වෙන්නේ ජිවිත කාලෙටමයි ...එයා ගොඩක් ඉවසලා ඉවසලා බැරිම තැන තිරනෙකට එනවා ..එතකොට අනිත් කෙනා ඔලුවෙන් හිටගෙන වෙචච වැරදි වලට සමාව ඉල්ලුවත් සමාව ලැබෙන්නේ නැහැ...එහෙම අඩුවෙන් කේන්ති යන අය හැම දෙයක්ම හිතේ තද කරගෙන එක වේලාවකදී හෙනයක් ගැහුවා වගේ ඒක පිට කරන්නේ ....ඔයාලත් එකගද මගෙත් එක්ක ....?


    :yes::yes: ita passe jiwitha kaalema hodin hitiyath karapu dewal walata 0.0001% kwath samawak nam labenne ne.. ehema dennath honda ne..
    :confused: today i also on this situation...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැබැයි මගෙ අත්දැකීමෙන් නං මොකෙක් හරි එපාවුනොත් ඌ එක්ක වැඩිය ආස්සරේ නොකර ඉන්න එක තමා හොඳම වැඩේ. කෑ ගහල බැනල ගහ මරාගෙන තරහ උනොත් මහා කරදරයක් වෙනව. මම එහෙම තරහවෙන්න ගිහින් එකෙක් එක්ක හොඳ වෙලාවට කමක් නෑ කියල ඉවසල හිටිය, පස්සේ මටම ඌව ඕනේ උනා උදව්වක් ගන්න. එදා හිතාගත්ත කා එක්කවත් තරහ වෙන්නෙ නෑ කියල. :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැමෝටම එහෙම නෑ‍. මට අඩුවෙන් කේන්ති යන්නේ. කලාතුරකින් මලම පනිනවා. සමහරු කරන වැරදි වලට ආයි ජීවිත කාලෙටම ඒ අයව ඕනි නෑ කියලා හිතනවා. නමුත් ටික කාලෙකින් මට උන් එක්ක කතා කරන්න ඕනි වෙනවා :rofl: මගේ පරණ යාලුවෙක් ඉන්නවා ඌ මට පට්ටම හතුරු කම් කලා. මම කරගෙන ගිය බිස්නස් එකක් වට්ටන්න හැම දේම කලා. ඒ කාලේ මම ඌත් එක්ක කතා කරේ නෑ. හැබැයි මම එහෙම හිටියේ අව්රුද්දකටත් අඩු කාලයක් වගේ තමයි. උන්ගේ මලගේකට ගිහින් ඌත් එක්ක කතා කරා‍. එදයින් පස්සේ ඌත් එක්ක කතා කරනවා. ඔය වගේ මම ජීවිත කාලෙදි එපා කියලා අයින් කරපු හැමෝවම මාස කීපයකින් පස්සේ ආයිත් ආස්‍රය කරන්න ගත්තා :dull: එක අතකින් ඒක මගේ තියන ලොකුම දුර්වලතාවය වෙන්නත් පුලුවන්. නමුත් අපි මේ ජිවත් වෙන පොඩි කාලෙට මොකටද හතුරෝ හදාගන්නේ.