හැබැයි මගෙ අත්දැකීමෙන් නං මොකෙක් හරි එපාවුනොත් ඌ එක්ක වැඩිය ආස්සරේ නොකර ඉන්න එක තමා හොඳම වැඩේ. කෑ ගහල බැනල ගහ මරාගෙන තරහ උනොත් මහා කරදරයක් වෙනව. මම එහෙම තරහවෙන්න ගිහින් එකෙක් එක්ක හොඳ වෙලාවට කමක් නෑ කියල ඉවසල හිටිය, පස්සේ මටම ඌව ඕනේ උනා උදව්වක් ගන්න. එදා හිතාගත්ත කා එක්කවත් තරහ වෙන්නෙ නෑ කියල.

ඒක තමයි. වැදගත්ම දේ එක එක පුද්ගලයගේ තරාතිරම දැනගෙන සුදුසු විදිහට උන්ව ආස්රය කරන එක.

මගේ පරණ යාලුවෙක් ඉන්නවා ඌ මට පට්ටම හතුරු කම් කලා. මම කරගෙන ගිය බිස්නස් එකක් වට්ටන්න හැම දේම කලා. ඒ කාලේ මම ඌත් එක්ක කතා කරේ නෑ. හැබැයි මම එහෙම හිටියේ අව්රුද්දකටත් අඩු කාලයක් වගේ තමයි. උන්ගේ මලගේකට ගිහින් ඌත් එක්ක කතා කරා. එදයින් පස්සේ ඌත් එක්ක කතා කරනවා. ඔය වගේ මම ජීවිත කාලෙදි එපා කියලා අයින් කරපු හැමෝවම මාස කීපයකින් පස්සේ ආයිත් ආස්රය කරන්න ගත්තා 

