කන්ද කඩා වැටී නිවාස සියයක් යටවේ..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කන්ද කඩා වැටී නිවාස සියයක් යටවේ..

    මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී නිවාස සියයක් යටවේ..

    කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නාය යාම හේතුවෙන් ඒ ආසන්නයේ පිහිටි නාවාස 100කට ආසන්න ප‍්‍රමානයක් යට වී හෝ හානි සිදුව තිබේ.

    තුවාල ලත් කිහිප දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

    කඩා වැටුනු කුණු කන්දට යටවී සිටින පුද්ගලයින් සොයා හමුදාව විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

    :no::no::(:(:(

    17861732_1670217386328732_4050629544579013629_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Screw SL

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ado mechchara loku kunu kanda?

    කොලඹ කුනු ඔක්කොම යන්නේ ඔතනට බන්, චන්දේ ගන්න විතරක් බලු දේසපාලුවො එනවා මෙහෙට. දින්නට පස්සෙ එක බල්ලෙක් නෑ. දෙපැත්තම එකම වල්ලේ පොල් පොන්ස්ලා.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,760
    12,693
    113
    127.0.0.1:8080/Kandy

    කොලඹ කුනු ඔක්කොම යන්නේ ඔතනට බන්, චන්දේ ගන්න විතරක් බලු දේසපාලුවො එනවා මෙහෙට. දින්නට පස්සෙ එක බල්ලෙක් නෑ. දෙපැත්තම එකම වල්ලේ පොල් පොන්ස්ලා.

    :(
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    කොලොන්නාවෙ මේ දුප්පත් මිනිස්සුන්ව හිරුණිකාගෙ ඉදල සිරසෙ මරික්කාර් දක්වා ජඩ දේශපාලුවො රැවැට්ටුව,,,කොච්චර කිව්වත් උද්ඝෝශන කලත් මුන් කල දෙයක් නෑ..මරික්කාර් කියන එක බොරුවම කර කර රගපෑව..ඒමිනිස්සුන්ට ලගදි කදුලු ගෑස් ජල ප්‍රහාර දෙනව පෙන්නුව කුනු අදින්න කියල කෑගහනකොට

    මොන තාරාතිරම උනත් මනුස්සයො මේ කිරි දරුවො,,පොඩි එවුන්,,වයසක මිනිස්සු පව්...
    කාලකන්නි ආන්ඩුවලටයි... දුප්පත්කම,කුනුගොඩ විකුනන් කාපු පර සක්කිලි දේශපාලුවන්ට මොනව කරන්න වටිනවද කියහල්ල
    :angry::angry:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    රෙද්ද අස්සෙ මෙගා පොලිස් බල්ලට දාපියව්
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඔය වැඩෙන් දැන් කෙලවෙන්නේ ඒකලට , කුණු එහෙට ගෙනියන්න හදල ඒකල මිනිස්සු බර ගේමක් දීල ඒක දැන් නැවතිලා තියෙන්නේ , මේ වැඩෙන් එක ආයිත් ඇවිස්සිලා එයි වගේ.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔවට සිල්ලර් විසෆ්හුම් දිලා බැ. ඔකට තියන එකම විසදුම මීට කලින් ත්‍රේඩ් එකකත් අපි සාකච්චා කලා. අර උට්ටවල් මේ උට්ටවල් හදන්න, පෙට්‍රල් හදන්න, පොර හදන්න. එව්වා බොරු කතන්දර. මම එදාම ඔය සිද්දිය කිව්වා කොයි වෙලේ හරි ලේයර් පිටින් ඔක නාය යනවා කියලා. ඔතන තනිකරම පොලිතින් උඩ ලේයර් හැටියට කුනු තියෙන්නේ. එකම විසදුම තමයි, යම්කිසි ප්‍රදේශයක් ඔය කුනු කන්දෙන් ගොඩ කරලා අවුරුදු 20ක් 30 ගිහින් එතන ඉඩමක් හැටියට හදන එක. නිව් යොක් වල ඔකකලා. ඒ හැර වෙන විසදුම් නැ පුතී.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    මේ හරියෙ ගොඩක් ඉන්නෙ මුස්ලිම් අය නේද බන්....කවුරු උනත් පව් ඉතින්
    හැබැයි ඉතින් ලොකු කේස් එකක් යයි ඕකට :yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔකේ තිය්න්නේ එහෙම කොම්පොස්ට් හදන කුනු නෙමෙයි බන්. ලගට ගිහින් බලහන්කො. ඔකේ උඩ තනිකරම තියෙන්නේ පොලිතීන්, ප්ලාස්ටික්. බයො ඩිග්‍රේඩබල් ඔක්කොම දැන් පස් වෙලා යට වෙලා ඉවරයි. ඒ පොලිතින් උඩට තව දාන්න දාන්න වෙන්නේ තට්ටු හැටියට එකතු වෙන එක. කොයි වෙලේකහරි ඔක කන්ද පිටින් නාය යනවා ස්ලයිඩ් පිටින්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1789129&page=2

    හරියටම මාසෙකට් කලින් මම නම් කිව්වා ඔක. මන්ජුල පීරීස් කැලේ ඉතින්.. :P
     
    • Like
    Reactions: hirashgeff

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,125
    986
    113
    කිට්ටුව තැනක
    මචන්.ඇත්තටම කියනවා නම් අද රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මොකක්ද කියලා ඇහුවොත් මොකක්ද උබලා දෙන උත්තරේ?.මට හිතෙන විදිහට අද රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි කුණු ප්‍රශ්නේ.අපේ රටේ කිසිම විදිහකට කසල කලමනාකරණයක් වෙන්නේ නෑ.එක්කො රටේ ඉන්න ලොක්කොන්ට මේක තේරෙන්නේ නෑ.දැනට සතියකට සැරයක් දෙකක් ප්‍රාදේශීය සභා, නගර සභා වලින් ඇවිල්ලා කුණු අරන් ගියාට ඒකත් ගොඩක් පැති වල හරියට වෙන්නෙ නෑ.මේකට මූලික හේතුව නිසි කසල කලමනාකරනයක් නැතිවීම.මේකට මූලිකවම රජයේ මැදිහත්වීමක් තියෙන්න ඕනේ.


    කෙටි කාලයක් පහුගිය ආන්ඩු ජනතාවගෙන් වෙන් කල කසල මිලදී ගැනීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කලත් ඒ වැඩේ යම් යම් ප්‍රශ්න නිසා ලත් තැනම ලොප් උනා.මේක මුල ඉදන්ම හැදෙන්න ඕනේ.මීතොටමුල්ලේ සිද්ධිය හැරවුම් ලක්ශයක් වෙන්න ඕනේ.මේ ආන්ඩුව වෙන මොනයම්ම දෙයක් නොකලත් කමක් නෑ මේ කුණු ප්‍රශ්නෙට හරි හමන් දිගු කාලීන විසදුමක් දෙන්න පුලුවන් නම් ඒකම ඇති.මේකට රටේ මිනිස්සුන්ගෙත් ලොකු ආකල්පමය වෙනසක් වෙන්න ඕනේ,පාසල් යන වයසේ ඉන්න කුඩා දරුවගේ පවා.මේ දේවල් හරියට කලමනාකරනය නොකලොත් ප්‍රශ්න ගොඩයි.


    පරිසරයට වෙන හානිය වගේම ලෙඩරෝග මූලිකවම ගත්තොත් ඩෙංගු රෝගය ඇතිවෙන්නත් මේක මූලිකවම හේතුවක්.හිතලා බලපන් වැඩකරන දවසක කොලබ විතරක් කොච්චර කුණු ප්‍රමානයක් එක්කහු වෙනවා ඇද්ද කියලා.දැනටත් ගොඩක් පරක්කුයි.නමුත් දැන්වත් මේ දේවල් හරියට කෙරෙන්න ඕනේ.වැරදි කරන මිනිස්සුන්ට නීතියෙන් දඩුවම් දෙන්න ඕනේ.රජයේ ආයතන මීට වඩා කාර්යක්ශම වෙන්න ඕනේ.නැත්නම් තව ටික කාලයක් ගියාම අපිට මේ රටේ ඉන්නත් බැරි වෙනවා
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දැන් මාසෙකට විතර කලින් ඉතියෝපියාවෙ ඔය විදියට කුණු කන්දක් නාය ගිහින් මිනිස්සු මැරුණා. ඒ වගේ news එකක් අහද්දී හිතෙන්නේ ඒ රට මොන තරම් දුප්පත් රටක්ද කියලා. දැන් මේ news එක ජාත්‍යන්තර ප්‍රවෘත්ති වල පෙන්නනකොට අනික් රටවලුත් ලංකාව ගැන ඔහොම හිතයි. රටට තමා අපහාසේ. විශේෂයෙන් පරිසර ඇමතිකම තියෙන්නෙත් ජනාධිපතිට ම හින්දා..
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    minissu siya ganak yata wela kiyala kiyanne aththada danne ne .aurudu dawas hinda godak minissu gewal wala idalalu.
    ගෙවල් 100ක් යටවෙලා කියල කියන්නේ. මිනිස්සු 6කට විතර තුවාල වෙලා ලු. කව්රුත් මැරිලා නම් නෑ දන්නා විදියට.
    http://www.dailymirror.lk/article/Section-of-Meethotamulla-garbage-dump-collapses-127241.html
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location