කම්මැලි බං

thanujaka

Well-known member
  • නඩුවක් දාන්න වෙනවාද​? නැත්නම් නිකන් කරන්න පුලුවනිද​? නඩුවක් දැම්මොත් අනිත් ඉඩම් නඩු වගේ දිගට ඇදිලා යනවද අයියෙ? අනිත් අය සම්බන්ද කරගන්නැතුව (අත්සන් නැතුව​) කරන්න පුලුවනිද​? ගොඩක් ස්තුතියි අයියෙ උත්තර දුන්නට​. ජය වේවා!!!

    නෑ නෑ ඕව නිකං සුළු නඩු.
    අම්මයි උඹයි දෙන්නම නඩුවට ගිහිල්ලා සමාදානයෙන් ඔප්පුව ඉල්ලා අස්කරගන්නවා කියපං එච්චරයි.
    අවුරුදු ගණන් ඇදි ඇදි යන්නේ නෑ ඕවා.
     

    thanujaka

    Well-known member
  • නෑ කොහොමත්ම පාරක් ලකුණු වෙලා නෑ. පාරක් ඇත්තෙත් නෑ. එතකොට A එක්ක නඩුවකට ගිහින් පාරක් ඉල්ලන්නද වෙන්නේ ? අඩි 3ද ගන්න පුළුවන් උපරිම??. (A කුණු කොල්ලෙට ඉඩම ගන්න අපේක්ෂාවෙන් ඉන්නවා)

    ඉතිං ඒක හෙන අසාධාරණයි නෙ අනේ අහක ඉන්න උන්ට පාරවල් දෙන්න ගියාම අපේ ඉඩමෙන් නෙ අඩුවෙන්නෙ. පාරක් නැත්තන් ගෙවල් නොහද ඉන්න උන් දැනගන්න එපැයි.

    මෙන්න බලපං ඉස්සරහ ගෙදර එකා උඹට බනිනවා.
    මන්නයක් අරං ගිහිං කොටපන් මුගේ ඔලුවටම.:rofl:
     

    thanujaka

    Well-known member
  • නෑ කොහොමත්ම පාරක් ලකුණු වෙලා නෑ. පාරක් ඇත්තෙත් නෑ. එතකොට A එක්ක නඩුවකට ගිහින් පාරක් ඉල්ලන්නද වෙන්නේ ? අඩි 3ද ගන්න පුළුවන් උපරිම??. (A කුණු කොල්ලෙට ඉඩම ගන්න අපේක්ෂාවෙන් ඉන්නවා)

    ඔව් උපරිම අඩි 3යි ඊට වඩා හම්බෙන්නේ නෑ.
    ඔය වගේ ඉඩම් ගත්තම කොහොමත් කේස් බං ඉස්සරහ එකා ඉඩම අඩුවට ගන්න දගලනවා ඒක හැමතැනම වෙන දෙයක්.
     

    thanujaka

    Well-known member
  • ඉතිං ඒක හෙන අසාධාරණයි නෙ අනේ අහක ඉන්න උන්ට පාරවල් දෙන්න ගියාම අපේ ඉඩමෙන් නෙ අඩුවෙන්නෙ. පාරක් නැත්තන් ගෙවල් නොහද ඉන්න උන් දැනගන්න එපැයි.

    එහෙම තමයි බං ඉතිං.
    ඕව ඔය එකටම තිබ්බ ඉඩම් නේ කාලෙකට කලින්.
    බෙදාගනිද්දි වෙච්ච ප්‍රශ්න තමයි ඕව.
    සහමුලින්ම පිට ඉඩම් නෙමෙයි ඕවා කිසිම එකක්.
    උඹලගේ සීයලගේ මුත්තලගේ කාලේ බැලුවම ඕව තනි ඉඩම් හැම එකක්ම.
    මුලින්ම කරන්න තිබ්බ දෙයක් පස්සේ කරනවා වගේ වැඩක් ඉතිං ඕක.
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    නෑ නෑ ඕව නිකං සුළු නඩු.
    අම්මයි උඹයි දෙන්නම නඩුවට ගිහිල්ලා සමාදානයෙන් ඔප්පුව ඉල්ලා අස්කරගන්නවා කියපං එච්චරයි.
    අවුරුදු ගණන් ඇදි ඇදි යන්නේ නෑ ඕවා.

    මේකට අයියෙ, අම්මා විතරක් නෙමෙයි. අම්මයි අනිත් සහෝදර සහෝදරියො 7 දෙනෙකුයි අත්සන් කරල තියනවා. එතකොට ඔක්කොම එක්කගෙන යන්න ඕනෙද උසාවියට​. පමනක් උන් ලංකාවෙත් නැහැ.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    පරණ නොබෙදූ ඉඩමක් තියනවා. ඒක ඒ ඉඩම හිමි එක් එක් කෙනා තමන්ට අයිති මේ මේ කොටස ලෙස තියාගෙන බුක්ති විදිනවා. මැරිච්ච අයටත් පොඩි පොඩි කෑලි තිබිල ඒවත් අර ලොකු ලොකු කෑලි තියන අයම බුක්ති විදිනවා. දැනට ගැටුම් නෑ.
    1.මේ ඉඩමේ අපි භුක්ති විදින කොටසට ඔප්පුවක් හදා ගන්නේ කොහොමද ?
    2.මේ ඉඩමට අපිට පැහැදිලි අයිතියක් තියන නිසා අර භුක්තියට සරි වීම කියන එක යටතේ ඔප්පුව හදාගන්න බෑ නේද ?
    3. අපේ කොටස මිනුම්දෝරුවකු ලවා මැන ගෙන ඊට ඔප්පුවක් සාදාගෙන එය අවුරුදු 10කට පසු බලවත් වෙනවා කියල එකක් තියනවද ?
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මේ වෙන ප්‍රශ්නයක්...
    කිසියම් ඉඩමකට අපට ඔප්පුවක් තියනවා යයි සිතමු. එම ඉඩමේම කොටසක් ඇතුලත්ව තවත් ඉඩමක් හා සම්බන්ධ ඔප්පුවක් වෙනත් අයෙකුට තිබෙනවා නම් එම පුද්ගලයන් දෙදෙනාට සැබෑ ලෙස අයිති ප්‍රමාණ තීරණය කරගන්නේ කෙසේද ?
     
    • Like
    Reactions: Pilot in the Toilet

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ආ ලොක්කා ඇවිල්ලා නේ... ලංකවෙන් පිට වෙලා ට්‍රිප් එකක් ගිහිල්ලත් මොකෝ ස්ට්‍රෙස් එක ?



    මේ සිරාවටම දෙයක් අහන්න හිටියෙ.. මේක හැබැයි කවදාවත් වෙන්න එපා කියලා තමයි දෙයියන්ට පවා කියන්නෙ.. මොකක් හරි නඩුවකදි අපි කවුරුහරි විත්තිකාරයෙක් වෙලා ඇවිල්ලා ස්වාමිනී මම තමයි එලකිරියෙ අහවලා කිව්වොත් මොකෝ කරන්නෙ ? නිකමට හිතමු මම ඇවිල්ලා කියනවා මම තමයි ස්වාමීනි කිරියෙ මල්කවියා කියලා.. එතකොට ආ කොහොමද කියලා අහනවද:D:D නැත්නම් කෝට් සාජන්ට කියලා කූඩුවට දානවද ? :baffled::baffled:
    අඩේ මල්කවී අයිය ... කොහොමද කොහොමද දැක්ක කල්..
    අම්මපා එක පාරක් සත්තකටම ඔය ලගින් යන දෙයක් උනා.
    මේකේ එකෙක් උසාවියේදි මාව අදුරගෙන තිබුනා.
    ඌ ගෙදර ඇවිල්ලා මට pm එකක් දාල තිබුනා අද ඔබතුමාව මම දැක්ක. ඒ උනාට කතා කරන්න පොඩ්ඩක් බය හිතුනා කියල.
    මම ඌට 15000ක් දඩත් ගහලා.:oo:
    ප්‍රසිද්ධිම එකෙක් එලකිරියේ නාකි කුකුලෙක්.:rofl:
    දැක්කොත් මේක මරු විකල්ලෙන් දුවන් එයි.
    අ මත් දැකල තියනව මුණ avatar එකට ලගින් යන මුණක් තියෙන්නේ..:rolleyes::rolleyes::rolleyes:
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    ඉඩමක අපෙ ඔප්පුවේ අයිති නැති කොටසක් අපි බුක්ති විදිනවා නම් අදාළ ඉඩම් කොටස අපේ ඔප්පුවට ඇතුලත් කරගන්නේ කොහොමද .

    අපි නම් දැනට අවරුදු 60 වගේ ඉදන් බුක්ති විදිනවා ලොකු කොටසක් නෙමේ 80sqft වගේ කොටසක් පෞද්ගලික අයිතිකාරයෝ නැහැ රජයේට අයිති කෑල්ලක් වෙන්න ඇති . මෙන් රෝඩ් එකක් තියෙන්නේ
    මේක නිත්‍යානුකුලව අපේ ඔප්පුවට ඇතුලත් කරගන්න පුලුවන්ද රජයට ගානක් ගෙවලා ?
    තක්සේරු මුදල් අමතරව දඩ්යක් කන්න වෙයිද ?

    දැනටනම් කිසිම ප්‍රශ්නයක් නැහැ ගෙදර විකුනන්න යනකොට නැතනම් ප්ලැන් පාස් කරන්න යනකොට ප්‍රශ්නයක් ඇති නොවෙන්න දැනම හදාගන්න බලන්නේ

    අඩෝ i'm extremely sorry.
    දෙකක්ම මිස් වෙලානේ මම දැක්කේ නෑ.

    1.අවුරුදු කීයක් භුක්ති වින්දත් රජයේ ඉඩම් වලින් එක බිම් අගලක් වත් අපේ ඔප්පුවලට දාගන්න බැ.
    කලාවාරෝධයෙන් රජයේ ඉඩම් කවර් වෙන්නේ නෑ.

    ආණ්ඩුවට සල්ලි ගේවලාවත් බිම් කෑල්ල ඔප්පුවට ඇතුලත් කරගන්න ක්‍රමවේදයක් නැත්ද?
    පොඩි කැල්ලක් නිසා
    කාටත් වැඩක් නැහැ වෙන කෙනෙක්ටකාටත් කරදරයක් හානියක් නැහැ, නිකම් හරි කවරුහරි දැනගෙන පෙත්සමක් ගැහුවොත් ඒ කැල්ල කඩලා දායිද




    2.trcsl කට පැමිණිල්ලක් කරන්න පුළුවන් නමුත් ඉතිං ප්‍රායෝගිකව ඔය හැම එකක්ම අයින් කරන්න අමාරුයි.
    අන්තර්ජාලයට ගියා කියන්නේ ගියා තමයි ඉතිං.
    කරපු කෙනා දන්නවනං නඩු කියලා වන්දිගන්න පුළුවන් ඒ උනාට උඹේ අසභ්‍ය දේවල් වලට වන්දි ඉල්ලලා නඩු කියන්න ගියාම සෑහෙන්න ලැජ්ජාවකට මූණ දෙන්න වෙනවා ඒක අනිවාර්යයෙන්ම වෙනවා.
    අරූගේ ලෝයර් උඹව නෝන්ඩිම කරලා දානව මිනිස්සු ඉස්සරහා.
    ඒකට ලෑස්ති වෙලා හිත හයිය කරන් පලයං ප්‍රශ්නයක් නැ.
    එහෙම ලොකු දෙයක් නැහැ මේ වගේ දෙයක් වුනොත් ඉතින් ඉවරෙටම ඉවරයි වගේ

    Thank you
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    මෙහෙමයි උන්ට ප්‍රධාන පාරෙන් වත්තට ඇක්සස් දෙන්න අනුමත කරන්නේ නෑ කොහොමත්.
    මේ A සහ B ට ඒ ඒ අයගේ වතු වලට ඇතුළු වෙන්න වෙනමම පාරවල් දෙකක් ප්ලෑන් එකේ දීල තියෙනවද?
    උන් කෙලින්ම ප්‍රධාන පාරෙන් එනවද දැනට නැත්තං වෙන වෙනමම පාරවල් උන්ට දීල තියෙනවද ප්ලෑන් එකෙන්?

    ප්‍රධාන පාරක් කිව්වට හයිලෙවල් පාරක් වගේ එකක් නෙවෙයි අයියේ...
    නිකන් ගමේ පාරක් ..බස් යන පාරෙන් ඇතුලට එන්න තියෙන පාරක්..නිකන් පටුමග, මාවත කියන ටයිප් පාරක්..

    අර බිම්සවි ප්‍රශ්නයට පිළිතුරක් ඕනි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙන්න බලපං ඉස්සරහ ගෙදර එකා උඹට බනිනවා.
    මන්නයක් අරං ගිහිං කොටපන් මුගේ ඔලුවටම.:rofl:
    :rofl: ඒකනේ ඔයා වැඩේ කනවනේ අප්පා, දැන් පාරක් දෙන්න වෙනවනේ මේ මනුස්සයට :sorry:
    එහෙම තමයි බං ඉතිං.
    ඕව ඔය එකටම තිබ්බ ඉඩම් නේ කාලෙකට කලින්.
    බෙදාගනිද්දි වෙච්ච ප්‍රශ්න තමයි ඕව.
    සහමුලින්ම පිට ඉඩම් නෙමෙයි ඕවා කිසිම එකක්.
    උඹලගේ සීයලගේ මුත්තලගේ කාලේ බැලුවම ඕව තනි ඉඩම් හැම එකක්ම.
    මුලින්ම කරන්න තිබ්බ දෙයක් පස්සේ කරනවා වගේ වැඩක් ඉතිං ඕක.
    ඒකත් එහෙමද, අපිත් පාරක් අයිනේ ඉන්නේ ඒකයි දැනුවත් වෙන්න ඇහුවෙ, බොහොම ස්තුති :yes:
     

    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    මහේස්ත්‍රාත්තුමා අපේ ගෙදරට අවුරුද්දකට රුපියල් 7000 ක් විතර වරිපනම් ගෙවන්න ඕනෑ. ඒත් අපිට දැන් කිසිම ආදායම් මාර්ගයක් නැහැ. ඒ නිසා අපිට ආදායම් මාර්ගයක් නැති නිසා වරිපනම් බද්දෙන් නිදහස් වෙන්න කිසියම් ක්‍රමයක් තියෙනවද?
     

    NASDAQ

    Member
    Jul 22, 2018
    8
    1
    0
    මටත් නීතිමය ගැටලුවක් තියෙනවා හැකිනම් පිළිතුරක් ලබාදෙන්න ස්තුතියි. මගෙ ගැටලුව මේකයි.

    අපේ නිවසක් අවුරුදු පහකට වෙනත් පාර්ශවයකට බද්දට දීලා තියෙනවා. ඒත් ඒ අය අසල්වාසීන්ට කරදර වන විදියට හැසිරීම නිසා අපිට ඒ අයව බදු කාලසීමාව අවසන් වීමට පෙර ගෙදරින් යවන්න ඕනෑ. එහෙම බද්දට ඉන්න අයව නියමිත කාලසීමාව අවසන් වීමට පෙර නිවසින් යවන්න පුලුවන් අවස්ථා මොනවාද? එහෙම යවන්න අපි ගත යුතු පියවර මොනවාද?
     
    • Like
    Reactions: ^Buddhika^

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    මටත් නීතිමය ගැටලුවක් තියෙනවා හැකිනම් පිළිතුරක් ලබාදෙන්න ස්තුතියි. මගෙ ගැටලුව මේකයි.

    අපේ නිවසක් අවුරුදු පහකට වෙනත් පාර්ශවයකට බද්දට දීලා තියෙනවා. ඒත් ඒ අය අසල්වාසීන්ට කරදර වන විදියට හැසිරීම නිසා අපිට ඒ අයව බදු කාලසීමාව අවසන් වීමට පෙර ගෙදරින් යවන්න ඕනෑ. එහෙම බද්දට ඉන්න අයව නියමිත කාලසීමාව අවසන් වීමට පෙර නිවසින් යවන්න පුලුවන් අවස්ථා මොනවාද? එහෙම යවන්න අපි ගත යුතු පියවර මොනවාද?


    BUMP
     

    thanujaka

    Well-known member
  • පරණ නොබෙදූ ඉඩමක් තියනවා. ඒක ඒ ඉඩම හිමි එක් එක් කෙනා තමන්ට අයිති මේ මේ කොටස ලෙස තියාගෙන බුක්ති විදිනවා. මැරිච්ච අයටත් පොඩි පොඩි කෑලි තිබිල ඒවත් අර ලොකු ලොකු කෑලි තියන අයම බුක්ති විදිනවා. දැනට ගැටුම් නෑ.
    1.මේ ඉඩමේ අපි භුක්ති විදින කොටසට ඔප්පුවක් හදා ගන්නේ කොහොමද ?
    2.මේ ඉඩමට අපිට පැහැදිලි අයිතියක් තියන නිසා අර භුක්තියට සරි වීම කියන එක යටතේ ඔප්පුව හදාගන්න බෑ නේද ?
    3. අපේ කොටස මිනුම්දෝරුවකු ලවා මැන ගෙන ඊට ඔප්පුවක් සාදාගෙන එය අවුරුදු 10කට පසු බලවත් වෙනවා කියල එකක් තියනවද ?

    කට්ටිය සමාදානයෙන් ඉඩම් බෙදාගන්න කැමති නං ප්‍රශ්නයක් නා බෙදුම් නඩුවක් කියන්න.
    හබ කරන්න ගියාමයි ඕව කල් ඇදෙන්නේ..