මං කැමතිම සර් උපුල් ශාන්ත සන්නස්ගල සර් තමයි
ක්ලාස් එකට නොගිය අය සර්ට බැන්නට සමහර අය
මෙතෙක් ඉගෙන ගත්ත හොදම සර්
සිලබස් සම්පූර්ණයෙන් කලා
කෙලින්ම ඇත්ත කියනවා
විහිලු කළත් ඒවා විෂයට ගැලපෙන්න කියන විහිලු
අනික කොන්ද කෙලින් තියාගෙන ඉන්න ජීවිතයත් ඉගැන්නුවා
එක පාරක් රොටරි එකේදි පන්තියේ ඉස්සරහ ලමයෙක්ට සෙන් ජෝන් එකේ එකෙක් ඇවිත් ගහලා ගිහින්
සර් පන්තියට ආවා අර ළමයාට ගහනකන් බලන් හිටියේ මේ පන්තියේ පිරිමි නැති හින්දා
උඔලාගේ උප්පැන්න සහතිකේ විතරයි පුරුෂ තියෙන්නේ කියලා ඔක්කොම එලෝලා ගර්ල්ස්ලාට විතරක් ඉගැන්නුවා
සුපිරියට කියා දුන්නා කොච්චර කිව්වාද කිව්වොත් දැනුත් මං එකෙන් ළමයින්ට උගැන්නලා කීයක් හරි හොයාගන්නේ සර්ට පින් සිද්ධ වෙන්න
ප.ලි
උඔ ගුරුවරයෙක් වෙනවානම් ඒ නම්බුව තියාගනින්
අතින් වියදම් කරගෙන හරි ළමයින්ට උපරිමට උගන්නපන් ( එ ළමයින්ගෙන් එ අම්මලාගෙන් ලැබෙන ආශිර්වාදය ඇති උඔට දියුණු වෙන්න)
විෂය විතරක් නෙමෙයි ජීවිතයත් උගන්නපන්