එරබදුත් පිපී තුරුමත
ලස්සනයි බැලූ බැලු අත
අම්මලා උදේ ඉඳලම පාර බලනවා
අයියගේ හිනා හඬ ලඟ ලඟම ඇහෙනවා
බක්මහේ කොහා සුමියුරු ගීත ගයනවා
ගමපුරා අලුත් අවුරුදු අසිරි මැවෙනවා
ගෙන්දගම් පොළව මගහැර
මං ඉතින් කොහොම එන්නද
ගම්දොරේ තියෙන අවුරුදු කොහෙද සෙයිලමේ
කෙලිදෙලෙන් ගෙවූ කාලය පුංචි සන්දියේ
හීනයක් වගේ හිත පිරිමදියි නංගියේ
ගමේ ගොඩේ කිරි හිනා නංවයි
පුංචි පැංචියෝ වට වෙවී
නංගියේ හීනෙන් වගේ මට
ඇහෙනවා ඕන්චිලි කවි
එරබදුත් පිපී තුරු මත .....
ඔබ නැතොත් අවුරුද්ද දවසට
මොටද අපි කිරිබත් උයා
එවනු මැන කිරිබත් සුවඳ මට
සුළං රැල්ලක දවටලා
එරබදුත් පිපී තුරු මත .....
~ රන්වල පදනම ~
ලස්සනයි බැලූ බැලු අත
අම්මලා උදේ ඉඳලම පාර බලනවා
අයියගේ හිනා හඬ ලඟ ලඟම ඇහෙනවා
බක්මහේ කොහා සුමියුරු ගීත ගයනවා
ගමපුරා අලුත් අවුරුදු අසිරි මැවෙනවා
ගෙන්දගම් පොළව මගහැර
මං ඉතින් කොහොම එන්නද
ගම්දොරේ තියෙන අවුරුදු කොහෙද සෙයිලමේ
කෙලිදෙලෙන් ගෙවූ කාලය පුංචි සන්දියේ
හීනයක් වගේ හිත පිරිමදියි නංගියේ
ගමේ ගොඩේ කිරි හිනා නංවයි
පුංචි පැංචියෝ වට වෙවී
නංගියේ හීනෙන් වගේ මට
ඇහෙනවා ඕන්චිලි කවි
එරබදුත් පිපී තුරු මත .....
ඔබ නැතොත් අවුරුද්ද දවසට
මොටද අපි කිරිබත් උයා
එවනු මැන කිරිබත් සුවඳ මට
සුළං රැල්ලක දවටලා
එරබදුත් පිපී තුරු මත .....
~ රන්වල පදනම ~
Last edited:



