බයෝ කරපු අය එන්න

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බයෝ කරපු අය එන්න

උදව්වක් ඕනෙ :yes: :yes:
දැන් ගෙනෝමය තියෙනවනෙ ඕකෙන්නෙ අපිට අම්මගෙනුයි තාත්තගෙනුයි එන ලක්ශණ හිමිවෙන්නෙ :dull: :dull:
දැන් කියන විදිහට රතු රුධිර සෛල වල හැර අනික් ඔක්කොගෙම (ශ්‍රක්‍රාණු ඩිම්බ සෛල හැර) ගෙනෝමයේ කොපි 2ක් තියෙනවනෙ එකක් අම්මගෙන් එකක් තාත්තගෙන් ඇවිල්ල :dull: :dull:
දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය ගෙනෝම දෙක අපේ ඇඟේ හැම සෛලෙකම සමානද ? :eek: :eek:
ඒ කියන්නෙ දැන් ඇඟිල්ලකිං සෛලෙකුයි අක්මාවෙන් සෛලෙකුයි මොලෙන් සෛලෙකුයි අරං ඔය තුනේ ගෙනෝම චෙක් කලාම ඔය ඕනෙ සෛලෙක තියෙන්නෙ එකම ගෙනෝම 2 කොපි තුනක්ද ? :confused: :confused:

අනික් ප්‍රශ්නෙ දැන් ඉපදෙද්දි අම්මගෙන් එකයි තාත්තගෙන් එකයි ගෙනෝම දෙකක් අපිට හම්බෙනවනෙ. එතකොට අම්මටයි තාත්තටයිත් ඒගොල්න්ගෙ අම්මගෙනුයි තාත්තගෙනුයි හම්බුන ගෙනෝම 2 ගානෙ තියෙනවනෙ ? එතකොට අපිට අම්මගෙන් එන්නෙ මොන ගෙනෝමයද තාත්තගෙන් එන්නෙ මොන ගෙනෝමයද ? ඒ එන එක අහඹු සිදුවීමක් විදිහටද වෙන්නෙ ? නැත්තං අපිට අම්මගෙන් එන ගෙනෝමය එන්නෙ අම්මගෙ දැනට තියෙන ගෙනෝම දෙකම කලවං වෙලා සහ තාත්තගෙන් එන ගෙනෝමය එන්නෙ තාත්තගෙ තියෙන ගෙනෝම දෙකම කලවං වෙලාද ? වෙනත් විදිහකිං කියනවනං ශුක්‍රානු සෛල වලයි ඩිම්බ සෛල වලයි එක ගෙනෝමයයිනෙ තියෙන්නෙ. ඒ ගෙනෝමය හැදෙන්නෙ අනික් සෛල වල තියෙන ගෙනෝම දෙකෙන් මොකක් හරි 1ක් අහම්බෙන් තේරිලාද නැත්තං අනික් සෛල වල තියෙන ගෙනෝම දෙකම කලවං වෙලා ඒ දෙකේම ලක්ශණ තියෙන කලවං ගෙනෝමයක්ද ? :confused: :confused:

අනික් ප්‍රශ්නෙ ඇයි ගෙනෝමය ඇතුලෙ ක්‍රොමෝසම් දෙක දෙක තියෙන එක ගැන. ගෙනෝමය හැදිල තියෙන්නෙ ක්‍රොමෝසම් යුගල් 23කින්නෙ ? මේ යුගල් වලිං එක යුගලක් ගත්තොත් එක ක්‍රොමෝසම් එකක් අම්මගෙන් ගොනෝමයෙ ඊට අදාල යුගලෙන් ක්‍රොමෝසම් එකක්, අනික් ක්‍රොමෝසම් එක තාත්තගෙ ගෙනෝමයෙ ඒ ක්‍රොමෝසම් යුගලෙන් එක ක්‍රොමෝසම් එකක් එහෙමද ජීවියට ලැබෙන්නෙ ? එහෙමද ජාන කලවං වෙලා එනව කියන්නෙ ? :confused: :confused:

එහෙම නැත්තං ක්‍රොමෝසම් යුගල් 23නුත් එක යුගලක එක ක්‍රොමෝසම් එකක් සැලකුවොත් ඒකත් හැදිල තියෙන gene දහස් ගානම අම්මගෙනුයි තාත්තගෙනුයි කලවම් වෙලාද එන්නෙ ? :confused: :confused:

පුලුවන් තරං සරලව පැහැදිලි කරන්න :sorry: :sorry:
 
Last edited:
  • Like
Reactions: D.shan and ryandok

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    Got1.gif
     
    • Like
    Reactions: WhiteWalker

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    1. ඔව්

    2. අම්මගෙන් එන ගෙනෝමය එන්නෙ අම්මගෙ දැනට තියෙන ගෙනෝම දෙකම කලවං වෙලා සහ තාත්තගෙන් එන ගෙනෝමය එන්නෙ තාත්තගෙ තියෙන ගෙනෝම දෙකම කලවං වෙලා

    3. අම්මගේ ඩිම්බ කෝෂවලයි තාත්තගේ වෘෂණ කෝෂවලයි ඇතුළේදී ආච්චිගේ ක්‍රෝමසෝමයි සීයගේ ක්‍රෝමසෝමයි කවලම් වෙනවා, අපේ වෘෂණ කෝෂ ඇතුළේ අපේ අම්මගෙයි තාත්තගෙයි ක්‍රෝමසෝම කවලම් වෙනව. එහෙම තමා ජාන කවලම් වෙන්නෙ
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    1. ඔව්

    2. අම්මගෙන් එන ගෙනෝමය එන්නෙ අම්මගෙ දැනට තියෙන ගෙනෝම දෙකම කලවං වෙලා සහ තාත්තගෙන් එන ගෙනෝමය එන්නෙ තාත්තගෙ තියෙන ගෙනෝම දෙකම කලවං වෙලා

    3. අම්මගේ ඩිම්බ කෝෂවලයි තාත්තගේ වෘෂණ කෝෂවලයි ඇතුළේදී ආච්චිගේ ක්‍රෝමසෝමයි සීයගේ ක්‍රෝමසෝමයි කවලම් වෙනවා, අපේ වෘෂණ කෝෂ ඇතුළේ අපේ අම්මගෙයි තාත්තගෙයි ක්‍රෝමසෝම කවලම් වෙනව. එහෙම තමා ජාන කවලම් වෙන්නෙ

    ශුවර්ද ක්‍රොමෝසෝම කලවං වෙන්නෙ කියල ? නැතුව genes නෙමේද ?

    Meh monawada kukulo. Thread ekak dapan danagana apitath danaganna :oo::eek:

    මටත් හරියට තේරෙන්නෑ ඒකයි මෙතන දැම්මෙ තේරෙන විදිහට කියන්නං :yes: :yes:
    අපේ ඇඟේ (රතු රුධිර සෛල, ශුක්‍රාණු, ඩිම්බ) වරහං ඇතුලෙ තියෙන සෛල තුන් වර්ගෙ හැරෙන්න අනික් හැම සෛලෙකම න්‍යශ්ඨිය කියල කියන කොටසේ ගෙනෝම 2ක් තියෙනව :yes: :yes:
    ඔය ගෙනෝම දෙකෙන් එකක් අපිට එන්නෙ අම්මගෙන් අනික තාත්තගෙන් :yes: :yes:
    එහෙම තමා අම්මගෙයි තාත්තගෙයි ලක්ශණ හිමි වෙන්නෙ :yes: :yes:
    ගෙනෝමයක් හැදිල තියෙන්නෙ ක්‍රොමෝසම් දෙකේ දෙකේ ගොඩවල් 23කින් :yes: :yes:
    chromosome_1.gif

    ඒවගෙන් 1 ඉඳන් 22 යනකං සයිස් එක අඩුවීගෙන යන පිලිවෙලට යුගල නම් කල්ල තියෙන්නෙ 23 වෙනි එක වෙනම එකක් ඒකෙන් තමා අපි ගෑණු කෙනෙක් වෙනවද පිරිමි කෙනෙක් වෙනවද කියල තීරණය කරන්නෙ :yes: :yes:
    ක්‍රොමෝසම් 2 ගොඩකින් එක ක්‍රොමෝසෝමයක් සලකපුවාම ඒ එකක genes කියල දහස් ගානක් ජාන තියෙනව :yes: :yes:
    ඒවගෙ රටාවල තියෙන පොඩි වෙනස්කම් වලිං තමා අපේ හැඩරුව අනං මනං තීරණය වෙන්නෙ. ඇහේ පාට හමේ පාට සමහර වෙලාවට ගතිගුණ පවා :yes: :yes:
    රතු රුධිර සෛල ගත්තාම ඒවගෙ ගෙනෝමයක් නෑ :no: :no:
    ශුක්‍රානු සෛලයි ඩිම්බ සෛලයි ගත්තාම ඒවගෙ තියෙන්නෙ එක ගෙනෝමයයි :yes: :yes:
    එතකොට ගර්භාශෙ මුල්ම සෛලෙ හැදෙනව ඇත්තෙ ශුක්‍රාණුවෙන් අරං එන ගෙනෝමයයි ඩිම්බයෙ තියෙන ගෙනෝමයයි දෙකම එකතු කල්ල ගෙනෝම 2ක් හදාගෙන :yes: :yes:
     
    • Like
    Reactions: shaminda peiris

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ශුවර්ද ක්‍රොමෝසෝම කලවං වෙන්නෙ කියල ? නැතුව genes නෙමේද ?


    ඩිම්බ/වෘෂණ කෝෂ වලදී ඒකගුණ ජන්මාණු හදනවනේ ඌනන විභාජනයෙන් (ක්‍රෝමසෝම 46 සෛලවලින් ක්‍රෝමසෝම 23 සෛල (ජන්මාණු) හදන එක). එතැනදී තමයි ඔය කලවං වීම සිද්ධ වෙන්නේ.

    ඉස්සෙල්ලම ක්‍රෝමසෝම කොපියක් හැදෙනවා - හැදිලා එකට ඇලිල තියෙනවා. අර උඹ උඩින් දාල තියෙන්නේ ක්‍රෝමසෝම 46 ක්, ඒක තාත්තා 1, ඒකට එහාපැත්තෙ තියෙන්නේ අම්මා 1 නම්, ඌනන විභාජනයේදී ඔය දෙක දෙගුණ වෙලා හතරක් වෙනව. තාත්තා 1 කියන එකේ කොපියක් හැදිලා මැදින් බැඳිලා තියෙනව. අම්මා 1 දෙගුණ වෙලා මැදින් බැඳිලා තියෙනව. ඔහොම 46 ම තම තමන්ගෙ කොපියක් හැදිලා මැදින් බැඳිලා ඉන්නව. ඊට පස්සේ අහඹු විදිහට ඔය බැඳිලා ඉන්න ඒවා සමාන්තරව බැඳෙනවා. (තාත්තා 1 කොපියට අම්මා 22 එකේ කොපිය බැඳෙන්න පුළුවන්) ඒ විදිහට එතන කවලං වෙනවා. ඊටපස්සේ ඒ බැඳිච්ච තැන්වලින් ක්‍රෝමසෝම කෑලි කැඩිලා කෑලි හුවමාරු වෙනවා. (තාත්තා 1 ක්‍රෝමසෝම කොපියට අම්මා 22 ක්‍රෝමසෝමයේ කෑලි යනවා) එතකොට තාත්තගේ නහය ගැන තොරතුරු තිබ්බ ජාන කොටස අයින් වෙලා අම්මගේ ඇස් ගැන තියෙන ජාන කොටස යනව වෙන්න පුළුවන්, ඒ විදිහට එතනත් එහෙම කවලං වෙනවා .

    ඔය මතක හැටියට කිව්වෙ ජන්මාණු හැදෙද්දී කවලම් වෙන හැටි, යූ බටේ වීඩියෝ එකක් බැලුවනම් හරියටම තේරෙයි
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඩිම්බ/වෘෂණ කෝෂ වලදී ඒකගුණ ජන්මාණු හදනවනේ ඌනන විභාජනයෙන් (ක්‍රෝමසෝම 46 සෛලවලින් ක්‍රෝමසෝම 23 සෛල (ජන්මාණු) හදන එක). එතැනදී තමයි ඔය කලවං වීම සිද්ධ වෙන්නේ.

    ඉස්සෙල්ලම ක්‍රෝමසෝම කොපියක් හැදෙනවා - හැදිලා එකට ඇලිල තියෙනවා. අර උඹ උඩින් දාල තියෙන්නේ ක්‍රෝමසෝම 46 ක්, ඒක තාත්තා 1, ඒකට එහාපැත්තෙ තියෙන්නේ අම්මා 1 නම්, ඌනන විභාජනයේදී ඔය දෙක දෙගුණ වෙලා හතරක් වෙනව. තාත්තා 1 කියන එකේ කොපියක් හැදිලා මැදින් බැඳිලා තියෙනව. අම්මා 1 දෙගුණ වෙලා මැදින් බැඳිලා තියෙනව. ඔහොම 46 ම තම තමන්ගෙ කොපියක් හැදිලා මැදින් බැඳිලා ඉන්නව. ඊට පස්සේ අහඹු විදිහට ඔය බැඳිලා ඉන්න ඒවා සමාන්තරව බැඳෙනවා. (තාත්තා 1 කොපියට අම්මා 22 එකේ කොපිය බැඳෙන්න පුළුවන්) ඒ විදිහට එතන කවලං වෙනවා. ඊටපස්සේ ඒ බැඳිච්ච තැන්වලින් ක්‍රෝමසෝම කෑලි කැඩිලා කෑලි හුවමාරු වෙනවා. (තාත්තා 1 ක්‍රෝමසෝම කොපියට අම්මා 1 ක්‍රෝමසෝමයේ කෑලි යනවා) එතනත් එහෙම කවලං වෙනවා .

    thanks :D :D