බල්ලෙක්ට බෙහෙත්

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
:rolleyes:මචන්ල අපේ ගෙවල් ගාව පාරෙ මේ බල්ල හැමොගෙන්ම ගුටි කකා ඉන්නව. :( මුගේ ලොම් හැලිල ඇගේ මැක්කොත් ඉන්නව වෙන නම් තුවාලයක් පේන්න නෑ. මම බැලුවෙ මූට බෙහෙත් කරල සනීප කරන්න පුලුවන්ද කියල.

මූට ලොම් එන්න, මැක්කො හැලෙන්න බෙහෙත් තියෙනවද? බෙහෙත් වල නම් මොනවද?


ztewzn.jpg

SHUWER EKATA OKA ARUNA 47 KIYANA EKA.ME DAWAS WALA YANA ENA MAN NETIWA INNE.BEHET DANNA EPA PUKATA PAIN GAHALA ELAWAPAN.
 

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මචන් ‍Frontline කියල එකක් තියෙනව බොල්ෆෝ වගේ නෙමෙයි මාස 3ක් විතර යන තුරු කරදරයක් නෑ.... අනික බල්ලට Dontral Plus පෙති දෙකක් දීපන්.... දීල ඉල්ජෙක්ෂන් කෝස් එකක් තියෙනව ...නැත්නම් ගෙන්දගම්+රතුළුැණු+පොල්තෙලින් කකාරවල ඇගේ ගාපන් හුගක් විට හරියාවි....

    ඔය ලෙඩේ එන්නෙ බස්නාහිර පලාත වගේ පැතිවල ඉන්න උන්ටමයි වැඩිපුර ...බරවා මදුරුවන් හින්ද ......https://mbasic.facebook.com/ahinsas...25652775397/1377005772547385/?type=1&refid=17

    www.frontline.com
    www.drsfostersmith.com ›

    සුනඛයන්ගේ ‘කටුවා කෑම’ සුවකර ගැනීමට උපදෙස්
    Nov 22, 2013 · Publicසුනඛ සුරතලුන්ගේ සොඳුරු බව මුළුමනින්ම නසාලමින් ලොම් හැලී, සම ගැළවී විරූපී බවක් ඉස්මතු කරවන මෙම රෝගී තත්ත්වය සුනඛයින් අතර ඉතා සුලබය. සාමාන්යත ව්ය්වහාරයේ ‘කටුවා කෑම’නමින් හැඳින්වෙන මෙම රෝගී තත්ත්වය සුනඛයා ගේ සම මත වැඩෙන එක් පර‍පෝෂිතයෙකු හේතුවෙන් ඇති බවක් බොහෝ දෙනෙක් සිතා සිටිති.
    මෙම රෝගයට ‘කටුවා කෑම’ යන නම පටබැඳීම තුළම යම් පර‍පෝෂිතයෙකු සපා කෑම හේතුවෙන් රෝගය වැළදේ යන අදහසක් පළ වේ.

    පර‍පෝෂිතයින් නිසා ද කටුවා කෑමේ රෝග ලක්ෂණ මතුවීමට ඉඩ තිබේ. නමුත් තවත් බොහෝ හේතුසාධක ද මෙම රෝගයට ඉවහල් විය හැකිය.
    බැක්ටීරියා හෝ දිලීර ආසාදනයන් හේතුවෙන් ද, සුනඛයාගේ ප්ර්තිශක්තිකරණ පද්ධතියේ ක්රි යාකාරීත්වය වැඩිවීම නිසා ද කටුවාකෑම නමින් හැඳින්වෙන ආකාරයේ රෝග ලක්ෂණ මතුවේ. ඒ අතර සමේ සෛල එකිනෙකට බැඳී පවතින ‍ප්රෝ.ටීනවලට ප්ර තිවිරුද්ධව සිරුර තුළින්ම නිපදවන ප්ර.තිදේහ හේතුවෙන් පෙර කී ‍ප්රෝ‍ටීන කොටස් ටිකෙන් ටික ඉවත් වී යාම ද සිදුවිය හැකිය. මෙම හේතුවෙන් මතුපිට සම අධික ලෙස වියළි බවට පත් වේ. මෙම තත්ත්වය පර‍පෝෂිතයන්ගේ වර්ධනයට ඉතා යහපත් පරිසරයක් නිර්මාණය කර දෙන්නකි.

    තවත් අවස්ථාවල දී තයිරොයිඩ් වැනි හෝමෝන අඩුවීම වැනි හෝමෝන වෙනස්කම් හේතුවෙන් ද සුනඛයාගේ සම මතුපිට පෙරකී ආකාරයේ ලක්ෂණ හට ගනී.
    සුනඛයා දිනපතා නැහැවීම, මිනිසුන් පාවිච්චි කරන ආකාරයේ සබන් වර්ග, ෂැම්පු ආදියෙන් සුනඛයා සේදීම ආදී හේතුන් නිසා ද සම්මත කටුවා කනවා යයි පවසන ආකාරයේ ලක්ෂණ මතුවේ.
    සුනඛයා නැහැවීම සතියකට වරක් පමණක් ප්රදමාණවත් වුවද බොහෝ අය වැඩි පිරිසිදු බව තකා දිනපතාම පාහේ සුනඛයා නහවන අවස්ථා වේ. සම මතුපිට පෙරකී ආකාරයේ ලක්ෂණ මතු වූ විටදී තව තවත් වැඩිපුර සුනඛයා පිරිසිදු කිරීමට පෙළඹීම හේතුවෙන් සම මතුපිට ඇති මේද ස්තරය වේගයෙන් ඉවත් වී යාමට මග පෑදීම රෝග තත්ත්වය තවත් උත්සන්න වීමට හේතුවේ.
    මිනිස් සිරුරට මෙන්ම සුනඛ සිරුරටද අත්යීවශ්යව ‍පෝෂක කොටස් ලබාදීම අවශ්යටතාවයකි. අත්යයවශ්ය මේද අම්ල වැනි ‍පෝෂක කොටස් ප්රශමාණවත් පරිදි නොලැබිම ද මෙවැනි රෝග තත්ත්වයන්ට ඉක්මනින් ගොදුරු වීමට හේතුවක් විය හැකිය. සුනඛයාට ලබා දෙන ආහාරවලින් මෙම අත්යුවශ්යය මේද අම්ල නොලැබෙන්නේ නම් විටමින් වර්ග සිරප් වර්ග මගින් හෝ එම අවශ්යෙතාවය සපුරාලීම සිදුකළ යුතුවේ. ඒ අනුව ඔමේගා 3, ඔමේගා 6 අඩංගු විටමින් වර්ග ලබාදීමෙන් එම අවශ්ය තාවය සපුරාදිය හැකිය. මුහුදුමාළු, සූරියකාන්ත තෙල් අඩංගු ආහාර මගින් ඔමේගා 3, ඔමේගා 6 වැනි ‍පෝෂක කොටස් ලබාගත හැකිය. එම ‍පෝෂක කොටස් ලබාදීමෙන් කටුවාකෑම වැනි රෝග ලක්ෂණ පිළිබිඹු කරවන සම වියළීම මර්දනය කර මේද ස්ථරය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ.

    සම මතුපිට ඒ ආකාරයේ ලක්ෂණ හටගත් විට බොහෝ අය අත්බෙහෙත් ලෙස ආසාදිත සම මතුපිට ගෙන්දගම් ගැල්වීම ද සුලබව සිදුකරන්නකි. දිලීර වැනි ආසාදිත තත්ත්වයක් හේතුවෙන් හටගත් රෝගී තත්ත්වයක් නම් ඒ ආකාරයට ගෙන්දගම් ආ‍ලේප කිරීම ප්රීතිඵල දායක විය හැකිය.

    එහෙත් තවත් බොහෝ හේතුසාධක කටුවා කෑමේ රෝග ලක්ෂණ මගින් පිළිබිඹු
    විය හැකි නිසා අවශ්යු පරීක්ෂාවන් සිදු කිරීම මගින් රෝගී තත්ත්වයට හේතුව මුලින්ම හඳුනා ගැනීම අවශ්යව වේ. ඒ, බොහෝ විට රෝග ලක්ෂණ එකම ආකාරයක් ගත්තද, රෝගී තත්ත්වය හා බලපාන හේතුසාධක එකිනෙකට බොහෝ වෙනස් වීමට ද ඉඩ ඇති නිසාය.

    යම් යම් අවස්ථාවලදී කටුවාකෑමේ රෝග ලක්ෂණ දිලීර ආසාදනයක් හේතුවෙන් හෝ බැක්ටීරියා ආසාදනයක් නිසා හට ගන්නේ නම් බැලූ බැල්මට හඳුනා ගැනීමට යම් පමණක හැකියාවක්ද තිබේ. ඒ අනුව දිලීර ආසාදනයක් ඇති වූ විටදී සම මතුපිට කාසියක හැඩය ගත් රවුම් ආකාරයේ ලප දැකිය හැකිය. එහෙත් බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් හටගත් කටුවා කෑමේ රෝගී තත්ත්වයක දී දුගඳ හැමීම හා සැරව ඇතිවීම සුලබව දැකිය හැකිය.

    මෙවැනි රෝගී තත්ත්වයන් සඳහා නියමිත කාල පරාසයක් පුරා ප්රැතිකාර කිරීම බොහෝ විට අවශ්යල වේ. ප්රකතිකාර ලෙස එන්නත් ලබා දෙන අවස්ථාවලදී පළමු එන්නත ලබාදී නියමිත දින ගණනකට පසුව තවත් එන්නත් ලබාදීම නියමිත ආකාරයට සිදු කිරීම අවශ්යප වේ. එහෙත් සමහර අවස්ථා වලදී සුනඛයාගේ හිමිකරුවා පළමු එන්නත ලබා දුන්පසු රෝගී තත්ත්වය මඳක් සුව අතට හැරුණු විටදී අනෙකුත් එන්නත් ලබාදීම මගහරින අවස්ථා ද වේ. එවිට සිදුවන්නේ නැවත වතාවක් රෝගී තත්ත්වය වඩා උත්සන්න වෙමින් හට ගැනීමය. නියමිත උපදෙස්වලට අනුව ප්රතතිකාර කිරීම තුළින් කටුවාකෑමේ රෝග ලක්ෂණ සාර්ථක අන්දමින් සුවපත් කර ගැනීම අසීරු නොවේ.

    සාකච්ඡා කළා
    උත්පලා සුභාෂිණී ජයසේකර

    උපදෙස්
    ගණේමුල්ල, කඩවත පාරේ ශ්රනමදාන මාවතේ සත්ව සායනයේ
    පශු වෛද්යභ ඉසුරු අංජුල පෙරේරා
    BVSC (Hon’s) Srilanka
     
    Last edited:

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    Lom enna nam kalu thel gaanna ona ( Ayin karapu engine oil) sathiyak eka digata gaala balanna. maasen mulu agema lom walin pirenawa
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    බල්ලගේ ඇගට කළුතෙල් නම් දාන්න එපා මචං හොද නැ :no::no::no::no:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔය මුකුත් ඕනෙ නෑ බන්.. බල්ලව අල්ලල ගැට ගහල හොදට කලුතෙල් ගාපන් ඇගේ ගාල දවස් දෙකක් වගේ ගැටගහල තියල හොදට නාවපන්.. ඊට පස්සෙ කොහොම තෙල් වලට ගෙන්දගම් කවලම් කරල හොදට රත් කරල ටිකක් නිවෙන්න තියන ඇගේ ගපන් දවසකට පස්සෙ නාවපන්.. ඊටත් පස්සෙ පුලුවන්නම් අර තුවාල වලට දාන දම්පාට බෙහෙත දාපන් දාල ටික දවකින් ආයෙ දාල නාවල දාපන් වැඩේ එකෙන්ම ගොඩ
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    https://www.facebook.com/adoptadogi...57314.172954912760110/737367049652224/?type=1

    මේ විදියට කරලා බලන්න නැත්නම් Vet කෙනක් ගාවට අරන් යන්න injection වගයක් ගහන්න තියෙනවලු සති 2 න් දෙකට
    එහෙම කරොත් නම් ඉක්මනට සනීප කරගන්න පුළුවන් වෙයි.
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචන් මාත් අපේ බල්ලට හැදිලා එලකිරියේ ලොකු අයිය කෙනෙක්ගෙන් අහගත්තෙ.;)
    ගෙන්දගම්,නෙල්ලික්කා,කොහොඹ තෙල් එක්ක කවලම් කරලා ගලා තියලා දවසකින් නාවපන් පුලුවන්නම්.සිංහල බෙහෙත් බඩු කඩේ ඉන්න අය දන්නවා ඒ බෙහෙත.
    දවස් 3 ගෑවේ.මෙන්න දැන් ඉන්නවා බබා වගේ.:lol:
    නවනකොට පරිස්සමින් :growl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    machan puluwan nam goda daapan.math ubata salli natimanam mama help ekak dennam.
    ada kale minissunta udaw karana eke kisima therumak ne.
    tirisannunta tiyenawa ape minisunta wada kelegunayak.
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    kaluthel daapan machan. ballata hebei inna amaru wei tikak. eth awlk ne. oya powder dala okava goda danna beri wei bn.