බැදුකරේ තෙරෙන සිංහලෙන්..සරලව

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    බැදුකරේ තෙරෙන සිංහලෙන්..සරලව

    බැදුම්කර වංචාව හා සමූපකාරයේ පොල් වෙළෙඳාම (බැදුම්කර වංචාව නොතේරෙන අයට එය සරළව)
    26166756_1948811612105440_4694978644203940985_n.jpg


    බැඳුම්කරයක් යනු කුමක්ද ?



    සරළව කිව්වොත් රජයට ණය ලබා ගන්නා උපකරණයක්. විදුලි බලාගාරයක් හදන්න සල්ලි නැත්නම් රජය මහ බැංකුව හරහා බැදුම්කර නිකුත් කරනවා. ඒ කියන්නේ ස්ථාවර තැන්පත් සහතිකයක් වගේ එකක් කියලා හිතන්නකෝ. ඒවා මිලදී ගන්න මිනිස්සුන්ට වගේම බැංකු වලටත් පුලුවන්. ඒවට පොලියක් ගෙවනවා. ඒ නිසා බැදුම්කර මිලදී ගන්න මිනිස්සුන්ට හෝ බැංකුවකට ඒක ආයෝජන මාර්ගයක්.



    බැංකු ඇයි මේ බැදුම්කර මිලදී ගන්නේ? සමහර විට ඔබ එහෙම හිතනවා ඇති. බැංකු ශාඛා වලට ලැබෙන තැන්පතු ණයට දීලනේ එයාලා ලාභ ලබන්නේ. ඉතිං එයාලා ණය දෙනවා ලාභ ලබන්න හිතාගෙන. ණය දීලා ඉවර උනාට පස්සේ තවත් සල්ලි ඉතිරි වෙලා තිබුනොත් ඒවා නිකන්ම සේප්පුවේ තියාගෙන ඉඳලා වැඩක් නැති නිසා ඒ මුදල් බැදුම්කර වල ආයෝජනය කරනවා. බැදුම්කර කියන්නේ අවුරැද්දට වැඩි කල් පිරීමක් සහිත ඒවා. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ අවුරැද්දකට වඩා අඩු කල් පිරීමක් තියන ඒවා.



    ඉතිං X කියන කෙනා රැ. ලක්ෂයක් දීලා බැදුම්කරයක් ගත්තා කියමුකෝ. එයාට මහ බැංකුවෙන් සහතිකයක් දෙනවා. කාලය අවුරැද්දක් නම් ඒ අවුරැද්ද අවසානයේ පොලියත් එක්ක ආපහු ගෙවන්න මහ බැංකුව එකඟ වෙනවා. රජයට සල්ලි දෙන නිසා රජය සල්ලි අච්චු ගහලා හරි ඒ මුදල දෙන බව මහජනයා දන්නවා. ඒ නිසා බැදුම්කර වල ආයෝජනය අවධානම අඩුම ආයෝජන මාර්ගයක්. ඒ නිසා ගොඩක් අය බැදුම්කර වල ආයෝජනය කරනවා.



    දැන් X නැමති පුද්ගලයා ළඟ බැදුම්කර සහතිකයක් තියනවා. ඒකේ මුහුණත වටිනාකම ලක්ෂයක් කියමුකෝ. මේ බැදුම්කර වලට තියන ඉල්ලුම හා සැපයුම අනුව ඒවා ද්විතීයික වෙළෙඳපොලේ විකුනන වෙලාවේ මුහුණත වටිනාකමට වඩා වැඩි හෝ අඩු මිලක් තීරණය වෙන්න පුලුවන්. ඒක අපි මෙහෙම තේරැම් ගමු. සාමාන්ය ප්රමාණයේ පොල් ගෙඩියක් රැ. 50 යි කියමුකෝ. අසාමාන්ය පොල් ඉල්ලුමක් තියන දවසට ඒ පොල් ගෙඩිය රැ. 60 ක් 70 ක් වෙන්නත් පුලුවන්. ඒ වගේම 30 ක් 40 ක් වෙන්නත් පුලුවන්. තේරැනාද ?


    මහ බැංකුව මේ බැදුම්කර වෙන්දේසියේ විකිණීම තමයි සාමාන්යයෙන් කරන්නේ. ඒ වෙන්දේසිය 100% ක් ස්වාධීනයි. ඒකට යන්න මහ බැංකු අධිපතිට අවසර නැහැ. මොකද කොයි කාලෙත් මහ බැංකු අධිපති කියන්නේ දේශපාලන පත්වීමක් නිසා. ඒවෙනුවට වෙන්දේසිය මෙහෙයවන්නේ නියෝජ්ය අධිපති කෙනෙක්. මේක රටක ආර්ථිකයට දැඩිව බලපාන දෙයක් නිසා හරි පරෙස්සමින් කරන වැඩක්. කාටවත් ඇගිලිගහන්න බැරි වැඩක්.


    දැන් තමයි නියම කතාව එන්නේ !!!



    අර්ජුන් මහේන්ද්රන් මහ බැංකුවට සභාපති වෙලා එනවා. මෑන් සිංගප්පූරැ පුරවැසියෙක්. රටේ මුදල් නෝට්ටු වල අත්සන් තියන්නෙත් මුදල් ඇමතියි මහ බැංකු අධිපතියි නේ. ඉතිං අපේ මුදල් නෝට්ටු වලට අත්සන් තිබ්බේ සිංගප්පූරැ පුරවැසියෙක්. අපේ ලංකාවේ ඒකට සුදුසු කෙනෙක් හිටියෙම නැද්ද ? ඒක ලොකු ගැටළුවක්.



    මහ බැංකුවේ අධිපති කෙනෙක්ගේ පවුලේ අයට බැදුම්කර ගණුදෙනු කරන අතරමැදි ආයතන පවත්වාගෙන යන්න අවසර නැහැ. ඒත් අර්ජුන් මහේන්ද්රන් සභාපතිගේ දුව බැන්ද කෙනා, ඒ කියන්නේ අර්ජුන් ඇලෝෂියස්ට ඒ වගේ අතරමැදි ආයතනයක් තියනවා. ඒකේ නම පර්ෆෙක්චුවල් ට්රෙෂරීස්. ප්රශ්න පටන් ගන්නේ ඔතනින්....


    එතකොට මොකක්ද සමූපකාර කතාවක් මාතෘකාවට දාන්න හේතුව ????



    ඒක මෙහෙමයි. බැදුම්කර වෙන්දේසියේ කතාව ටිකක් නෙවෙයි ගොඩක් සංකීර්ණයි. ඒ නිසා අපි ඒ සංකීර්ණ කතාව සමූපකාරයෙන් තේරැම් ගමු. දැන් ඒ වැඩේට බහිමු !!



    ඔන්න අර්ජුන් මහේන්ද්රන් මහ බැංකුව කියන සමූපකාරේ සභාපති. සමූපකාරේ බැදුම්කර නැමති පොල් විකුනනවා කියලා හිතන්න. අර්ජුන් මහේන්ද්රන්ගේ බෑනා පොල් බිස්නස් කරනවා. මම කලින් කීවා වගේ, සාමාන්ය ප්රමාණයේ පොල් ගෙඩියක මිල සමහර කාල වලදී වැඩි වෙනවා. සමහර කාල වලදී අඩු වෙනවා.දැන් මේ බැදුම්කර හෙවත් පොල් වල මිල රැ. 100 ක් උනාට ඒක 120 ක් දක්වා මිල වැඩි වෙච්ච වෙලාවක්. ඉතිං සමූපකාරෙට ආදරේ සභාපති කෙනෙක් නම් 120 ට පොල් ගෙඩිය විකුනලා ලාභ ලබනවනේ. අර්ජුන් මහේන්ද්රන් මේ රැ. 120 පොල් ගෙඩිය එයාගේ බෑනට රැ. 80 ට විකුණන්න අර බැදුම්කර වෙන්දේසිය නැමති පොල් වෙන්දේසියේ දී මහ බැංකුවේ නියෝජ්ය අධිපතිට බලපෑම් කරනවා. එයාට වෙන්දේසිය පවත්වන ස්ථානයට එන්න අවසර නැතත් එයා එතෙන්ට ගිහින් දැඩි ලෙස බලපෑම් කරලා රැ. 120 පොල් ගෙඩිය රැ. 80 ට බෑනට දෙනවා. පොල් ගෙඩි මිලියන ගානක් සමූපකාරෙන් දෙනවා මේ විදිහට. ඒ පොල් ගෙඩි මිලියන ගානම එකක් 120 ගානේ විකුනනවා බෑනා විසින්. එකකින් රැ 40 ක් දැන් මෑන්ට ලාබයි. ගෙඩි මිලියන ගානක් නිසා මෑන්ගේ ලාභය බිලියන ගානක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒලාභය සේවකයන් 4000 ක් හා ශාඛා 200 ක් තියන කොමර්ෂල් බැංකුවේ සමස්ථ ලාභයටත් වඩා වැඩියි. එච්චර ලාභයක් ලබපු බෑනාගේ කොම්පැනියේ සේවකයන් 20 ක් පමණක් සිටින අතර ශාඛාවන් 01 කි. ගොඩනැගිල්ල අඩි 20 x 20 කාමරයකි.

    හිතාගන්න පුලුවන්ද ලාභය කොච්චර ලේසියෙන් ගත්තද කියලා ??


    ඔබ සභාපතිත්වය දරන සමූපකාරේ රැ.120 ක පොල් ගෙඩිය ඔබේ හිතවතෙකුට රැ. 80 ට වික්කාම අනිවාර්යෙන්ම ඒ සමූපකාරේ පාඩු ලබනවනේ. දැන් ඔබට ලාභ ලබන්න අවශ්ය නම් මොකක්ද විකල්පය? ඔබේ සමූපකාරේ සැමන් ටින් එකක් රැ. 150 ට වික්කා නම් දැන් ඒක රැ. 200 ට විකුනන්න ඕන. ඇයි ? පොල් වල පාඩුව පියවන්න ඕන නේ. ඒ වගේම සමූපකාරෙට සැමන් සපයන කෙනාට කලින් එක ටින් එකකට රැ.130 ක් ගෙව්වා නම් ඒක රැ. 110 කරන්න ඕන. දැන් රැ. 110 ට අරගෙන රැ. 200 ට විකුනලා පොල් වල පාඩුව සැමන් වලින් පියවනවා. ඒකයි සිස්ටම් එක.



    ඉතිං සමූපකාරෙට සැමන් සපයන කෙනා වගේ තමයි බැදුම්කර වලට සල්ලි දාන අය. ඒ කියන්නේ මිනිස්සු හා බැංකු වැඩි සල්ලි මහ බැංකුවේ බැදුම්කර වලට සපයනවනේ. ඒවට ගෙවන ගාන අඩු කරනවා. හරියට රැ. 130 සැමන් ටින් එකට පස්සේ රැ. 110 ක් ගෙව්වා වගේ. ඒ වගේම මහ බැංකුවෙන් අනෙක් බැංකු වලට ණය දෙනකොට අය කරන පොළිය වැඩි කරන්න වෙනවා. හරියට රැ. 150 පොල් ගෙඩිය රැ. 200 ට වික්කා වගේ. මහ බැංකුවෙන් සල්ලි මදි බැංකු වලට දැන් වැඩි පොලියට ණය දෙනවා ඔන්න. එතකොට ඒ වැඩි පොළිය ගෙවලා බැංකු වලින් ගන්න සල්ලි වලින් මිනිස්සුන්ට ණය දෙනකොට අය කරන පොළිය වැඩි කරන්න වෙනවා.



    දැන් තේරෙනවද වැඩේ ? මහ බැංකුවේ මේ වංචාව නිසා සාමාන්ය මනුස්සයෙක් ණයක් ගන්න ගියාම අය කරන පොලිය වැඩි කරන්න වෙලා. හරියට රැ. 150 ක සැමන් ටින් එක රැ. 200 උනා වගේ. ඒ වගේම බැංකු වල මුදල් තැන්පත් කලාම ගෙවන පොලිය අඩු කරන්න වෙලා. හරියට සමූපකාරෙට සැමන් සපයපු කෙනාට ගෙවපු රැ. 130 ක මුදල රැ. 110 ක් දක්වා අඩු කලා වගේ.



    දැන් සමූපකාරෙට සැමන් සපයපු ආයතන පාඩු ලබනවා. ඇයි ?


    රැ. 130 ක් දෙන්නම් කියලා ගත්ත සැමන් ටින් එකකට ගෙවන්නේ රැ. 110 ක් විතරනේ. අන්න ඒ වගේ තමයි මහ බැංකුවේ බැදුම්කර වල ආයෝජනය කරපු සේවක අර්ථසාධක අරමුදලට වෙලා තියෙන්නේ. එයාලට ගෙවන්න හිටිය ගානට වඩා අඩුවෙන් තමයි දැන් ගෙවන්නේ. ඒ කියන්නේ මිලියන ගානක් වෙච්ච වැඩ කරන ජනතාවට ගෙවන අර්ථසාධක පොළිය මේ වැඩේ නිසා අඩු වෙනවා. සිංගප්පූරැ පුරවැසියාගේ බෑනාට බිලියන ගණනක් ලාභ ලබන්න, සාමාන්ය වැඩ කරන ජනතාවට ලැබෙන්න නියමිත පොළිය අඩු කරනවා. ඒ වගේම ඒ ලාභය ලබන්න මිලියන ගානක් බැංකු වලින් ණය ගන්න එන අයගෙන් අය කරන ණය පොළිය වැඩි කරනවා.


    සරළව කියනවා නම් අර්ජුන් මහේන්ද්රන්ගේ බෑනා ලබපු ලාභය හෙවත් මහ බැංකුව ලබපු අලාභය පියවන්න සාමාන්ය ජනතාව මත බර පටවනවා. මේ පාඩුව පියවන්න ඕන නම් තව අවුරැදු 7 ක් 8 ක් මේ විදිහට යන්න ඕන.



    වෙනදා අවුරැද්ද අවසාන වෙන්න කිට්ටු වෙද්දී ටාගට් එක ගහන්න විවිධ බැංකු පොළිය වැඩි කරලා විශේෂ පොළී අනුපාත දීලා මිනිස්සුන්ගේ තැන්පතු ගන්නවා මතක ඇතිනේ. දැන් මේ 2017 අවුරැද්දේ අවසාන කාලය නේ. දැකලා කියනවද කිසිම බැංකුවකින් මේ වතාවේ එහෙම විශේෂ පොළී අනුපාත දෙනවා ? නැහැ නේද ? රාජ්ය හා පෞද්ගලික හැම බැංකුවකම සල්ලි බැදුම්කර වල දාලා තියනවා. ඒ හැමෝටම දැන් පාඩුයි. ඉතිං පාඩු ලබන බැංකු කොහොමද වැඩි පොළී දෙන්නේ තැන්පත් කරැවන්ට ? ඒ වෙනුවට ණය පොළිය නම් වැඩි කරනවා නහුතෙට.



    යහ පාලනයක් ගේනවා කියලා ආව අය කරපු හරිය හොඳයි කියලා හිතෙනවද තවත් ? එහෙම හිතන අයත් තාම ඉන්නවා. ඒත් බුද්ධිමත් ජනතාව මේවට පාඩම් උගන්වන්න ඡන්දයක් එනකං බලාගෙන ඉන්නවා. සමහර මිනිස්සුන්ට බැදුම්කර සිද්ධිය ගැන කිසිම අවබෝධයක් නැතත් මොකක් හරි හොරකමක් වෙලා තියනවා කියන අවබෝධය තියනවා. ඒකත් ලොකු දෙයක්.



    ආරංචියේ හැටියට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මෙම වංචාව පිළිබඳව ආරංචි වූ මොහොතේ මහ බැංකුවේ හිටපු නියෝජ්ය අධිපති වරයෙක් ගෙන්වා කරැණු විමසා තිබෙනවා. නමුත් බැදුම්කර ක්රියාවලිය ඔහුට තේරැම් කිරීම අපහසු වූ බවත් පොල් ගෙඩියේ උදාහරණය වැනි ක්රමයකට එය තේරැම් කළ බවත් ඉන් පසුව ජනාධිපති එම වංචාව තේරැම් ගත් බවත් තතු දන්නෝ දනිති. ඉන් පසුව ඔහු අර්ජුන් මහේන්ද්රන් ඉවත් කර ජනාධිපති කොමිසමක් හරහා මෙම වංචාව සෙවීමට කටයුතු කර ප්රසිද්ධ ප්රකාශයක් මගින් එම වංචාව විවේචනය කරන ලදී.


    ඔන්න ඕකයි මහ බැංකු බැදුම්කර වංචාව කියන්නේ? තේරැම් ගත්තා නම් බම්ප් එකක් දාලා තව කෙනෙක් දැනුවත් කරමු......!
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    පට්ට මචං. මාත් හරියට දැනගත්තේ මේ thread එකෙන්.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ දවස්වල පොල් ගනන් මේ නිසා වෙන්න ඇති බලන කොට ඒක පිටිපස්සේත් ඇලෝසියස්ලා:baffled:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඔන්න ඔහොමයි පොනිල් ඇතුලු පො.... සෙට් එක තැටිය රත් වුන වෙලේ මහ බැංකුව කොල්ල කෑවේ.
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    මේක නම් bump කරන්නම ඕනෙ කරන thread එකක්. ඇත්තටම දැනුයි මේ වන්චාව කොයිතරම් බරපතල එකක්ද කියලා තේරුම් ගත්තෙ . ස්තුතියි සහෝදරයා .
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    26166756_1948811612105440_4694978644203940985_n.jpg


    27.gif

    හික්... හික්... හික්... හික්...
    ලොක්කගෙ වල්ල මිරිකනව නේද හොඬයෙන්