ආය කැරකිල මුලටම එනව, ආකිමිඩීස් හිටියෙ ක්‍රිස්තු පූර්ව කාලෙ ඒ මිනිහා ඉද්දි මම හිටියෙ නැහැ. හැබැයි මිනිහගේ නියමය මගින් උත්ප්ලාවකතාවයි තරල විස්ථාපනය ගැනයි තියරිය ප්‍රායෝගිකව ලෝකෙට දාලා බැලුවම මට හැඟෙනවා නම් කතාව හරි, උත්තරය හරි මේ මූලධර්මය හරි කියල, මම නිගමනයකට එනව ක්‍රිස්තු පූර්ව කාලෙ මේ මිනිහා හොයගත්තු මූලධර්මය හරි. මිනිහා ඒක හොයන් තියෙනවයි කියල.
ඒ වගේ ගෞතම බුදුන් හොයාගත්තෙ ස්පිරිචුවල් එන්ලයිට්මන්ට් එකේ උපරිමය, ඒ කියන්නේ 0, ශූණ්‍යතාවය. ඒවයෙ තියරි තියෙනවා පිටකවල, ඒවා ගණන් හදනවා වගේ කොලේ නෙවෙයි හදන්නෙ, ඒව හදනකොට අපිට ප්‍රතිඵල ලැබෙනකොට අර ඔහෙ කියනව වගෙ පොඩිකාලෙ ඉඳං එක එකාල කියල දැනුම් පදනමින් තිබ්බ විශ්වාසය අත්දැකීමෙන් සනාථ වෙලා සාක්ශාත් උණු විශ්වාසයක් බවට පත් වෙනව.
තේරුනාද ඔහෙට ? මම දැන් හැම වෙලෙම යෝනිසො මනසිකාරය කරමින් ඉන්නෙ, අනාගතේ පලමු අඩිය පැනගත්තොත් ඔහෙට කියන්නම්, පූල් එකට බහින්නෙ නැතිව කෝල්ඩ් ද වෝම් ද කියන්ඩ බැහැ වගෙ, මම බැහැල ඉන්නෙ, ඔහෙට මම කිව්වට මේක වෝම් කියල ඔහෙ පිළිගන්නෙ නැහැ, එනව මෙහෙට බහින්න මාත් එක්ක, ධ්‍යාන මගටවත්