චැනල් එකේ හැම තැනම කුවයිට් කටාර් ඩුබායි කියලා ගෘහ සේවිකා ඇඩ් ලොකු අකුරු වලින් දුවනවා දකින කොට මල පනිනවා මචංලා . මම tv එක ඕෆ් කරලා දාලා එලකිරියට ලොග් වුනා. අපේ රටේ ගෑනුන්ව සල්ලි වෙනුවෙන් රට පටවන්නේ අපේ අයම තමයි.![]()
එතකොට ඒ ගැනුන්ගේ දරු පවුල් රකින්නේ උබද ?
යකෝ ලංකාවේ ඉඳන් සම්බෝලෙයි බතුයි කන එක සැපයි මැද පෙරදිග වළං හෝදන එකට වඩා.
මාර කතාවක්නෙ බං උඹ දැන් කිව්වේ! උඹ මේක කියන්නේ කලිසම ඇඳගෙනද ? යකෝ සල්ලි වෙනුවෙන් අහිංසක ගෑනු ළමයි මැදපෙරදිග යවන්න තොපිලට ලජ්ජා නැද්ද යකෝ ? සෞදි වල බෙල්ල කපාගත්තු අහිංසක රිසනාගේ ජීවිතේ උඹට ආයි දෙන්න පුළුවන්ද ? තොපිලට සල්ලි එනවනම් ඕන එකක් ඔට්ටුයි! ලංකාවේ ගෑනුන්ට සැලරි දෙන්නේ නැතුව දුෂණය කරලා ඇන ගහලා එව්වත් කමක් නැහැ උඹලට සල්ලි එනවනම්. යකෝ ලංකාවේ ඉඳන් සම්බෝලෙයි බතුයි කන එක සැපයි මැද පෙරදිග වළං හෝදන එකට වඩා. ගෑනු රට පටවලා විදේශ විනිමය හොයන තත්වෙට අපි දැන් වැටිලයි ඉන්නේ. අපේ අසල්වැසි කිසිම රටක් මැදපෙරදිගට ගෑනු පටවන්නේ නැහැ. පකිස්තානය සහා බංගලාදේශය කන්නේ නැතුව හිටියත් වෙලත් මැද පෙරදිගට ගෑනු පටවන්නේ නැහැ. වැඩිය ඕනේ නැහැ! අපේ රටට ලඟින්ම තියෙන ඉන්දියාවත් මැද පෙරදිගට ගෑනු යවන්නේ නැහැ. ඇයි මේ අපි විතරක් මේ තත්වෙට වැටිලා ඉන්නේ. ගෑනු රට යවලා සල්ලි හොයන්න අපේ රටේ අයට ලජ්ජ නැද්ද ?
දරු පවුල් රකින්න ගෑනු පිට රට අරින්නම ඕන නැහැ. ඔහොම යන හුඟක් අය පට්ටම පට්ට නූගත් මිනිස්සු. ඒ වගේ අයට නොදන්න රටක ජීවත්වෙන්න අමාරුයි. අනික ඔය වගේ අවුරුදු ගනන් ගෙවල්වල මිනිස්සු පිටරට ඉන්නකොට පවුල් වල ලොකු ප්‍රශ්න ඇතිවෙනව. හුඟක් පවුල් විනාශ වෙනව. සමාජ ප්‍රශ්න ටොන් ගනන් එකතුවෙනව. ඒවා එක්ක බැලුවම ඔය නූගත් ගෑනු පිටරට පටවන එකනම් වැරදියි.එතකොට ඒ ගැනුන්ගේ දරු පවුල් රකින්නේ උබද ?


පිලිතුරනම් පට්ටයි නමුත් ක්‍රියාත්මක කලහැකිද කියලනම් සැකයි.
මචන් රැකියාවක් කිරීමට ගැහැණු ද පිරිමිද කියා වෙනසක් නොමැත. අවශ්‍ය වන්නේ මුදල් සහ එම මුදල් වියදම් කොට තමාගේ සහ තමන්ගේ දරුපවුල් වල අනාගතය සුරක්ෂිත කිරීමය.
හොදයි අපි ගමු කාන්ති. කාන්තිගේ මිනිහා බේබද්දෙක් සත පහක් ගෙදරට දෙන්නේ නැහැ. ළමයින්ගේ අනාගතයක් ගැන හොයන්නේ නැහැ . කොචර කිවත් ඒ මිනිහ හැදෙන්නේ නැහැ. ඉතින් කාන්තිගේ දරුවන්ගේ අනාගතය අදුරු වෙන්න ඉඩ දීල ඔහේ අගු පිලේ ලගල ඉන්න එකද හොද නැත්නම් කාන්ති වෙන රටකට ගොස් සොච්චම් මුදලක් හෝ උපයාගෙන තම දරුවන් ගේ අනාගතය යහපත් කරන එකද හොද. උබට අපිට පුළුවන් ද කාන්තිගේ මිහාව හදල යහමගට ගන්න ?
රිසානාගේ කතාව වෙනස් කතන්දරයක් . රිසාන බාල වයස්කාර දැරියක්. ඒජන්සි කාරයෝ වැඩි වයසක් දාලා passport හදල යවල තියෙන්නේ. අන්වර්යයෙන්ම මේවට එරහිව කටයුතු කරන්න ඕන.
ඕක කියන්න පුළුවන් පිටතින් බලන කෙනෙකුට විතරයි. උබ කවද හරි එක දිගට මාසයක් පොල් සම්බෝලයි බතුයි කාල ඉඳල තියනවද. උබ උප්පතියෙන්ම යම් වරප්‍රසාද ඇතුව උපන්න කෙනෙක්. අඩුම තරමේ උබ වෙල් තුන හරි කාල ඉන්නවා. එහෙමවත් නැහැ ඔය පවුල්වල මිනිස්සුන්ට. එක කෑම වේලක් කෑවොත් අනෙක් කෑම ගැන සැකයි. ළමයකුට හරි හමන් අධ්‍යාපනයක් දෙන්න මුදල් නැහැ.ඕක හරියට මචන් නන්දා මාලනිගේ " හිගා කකා කොලපතක් අරන් ලුනුයි බතුයි කමුකෝ රත්තරන් කිවා වගේ කතාවක්. තුවාලේ තියන මිහට තමයි එකේ අමාරුව දැනෙන්නේ.
ඉන්දියාව පකිස්ථානය ඇතුලු සැම දකුණු ආසියානු රටකම මිනිසුන් අරාබිකරයේ සේවය කරයි.

චැනල් එකේ හැම තැනම කුවයිට් කටාර් ඩුබායි කියලා ගෘහ සේවිකා ඇඩ් ලොකු අකුරු වලින් දුවනවා දකින කොට මල පනිනවා මචංලා . මම tv එක ඕෆ් කරලා දාලා එලකිරියට ලොග් වුනා. අපේ රටේ ගෑනුන්ව සල්ලි වෙනුවෙන් රට පටවන්නේ අපේ අයම තමයි.![]()