මට TV චැනල් බලන්න හිතෙන්නේ නැහැ

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
මට TV චැනල් බලන්න හිතෙන්නේ නැහැ

චැනල් එකේ හැම තැනම කුවයිට් කටාර් ඩුබායි කියලා ගෘහ සේවිකා ඇඩ් ලොකු අකුරු වලින් දුවනවා දකින කොට මල පනිනවා මචංලා . මම tv එක ඕෆ් කරලා දාලා එලකිරියට ලොග් වුනා. අපේ රටේ ගෑනුන්ව සල්ලි වෙනුවෙන් රට පටවන්නේ අපේ අයම තමයි. :yes:
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
එතකොට ඒ ගැනුන්ගේ දරු පවුල් රකින්නේ උබද ?

මාර කතාවක්නෙ බං උඹ දැන් කිව්වේ! උඹ මේක කියන්නේ කලිසම ඇඳගෙනද ? යකෝ සල්ලි වෙනුවෙන් අහිංසක ගෑනු ළමයි මැදපෙරදිග යවන්න තොපිලට ලැජ්ජ නැද්ද යකෝ ? සෞදි වල බෙල්ල කපාගත්තු අහිංසක රිසනාගේ ජීවිතේ උඹට ආයි දෙන්න පුළුවන්ද ? තොපිලට සල්ලි එනවනම් ඕන එකක් ඔට්ටුයි! ලංකාවේ ගෑනුන්ට සැලරි දෙන්නේ නැතුව දුෂණය කරලා ඇන ගහලා එව්වත් කමක් නැහැ උඹලට සල්ලි එනවනම්. යකෝ ලංකාවේ ඉඳන් සම්බෝලෙයි බතුයි කන එක සැපයි මැද පෙරදිග වළං හෝදන එකට වඩා. ගෑනු රට පටවලා විදේශ විනිමය හොයන තත්වෙට අපි දැන් වැටිලයි ඉන්නේ. අපේ අසල්වැසි කිසිම රටක් මැදපෙරදිගට ගෑනු පටවන්නේ නැහැ. පකිස්තානය සහා බංගලාදේශය කන්නේ නැතුව හිටියත් මැද පෙරදිගට ගෑනු පටවන්නේ නැහැ. වැඩිය ඕනේ නැහැ! අපේ රටට ලඟින්ම තියෙන ඉන්දියාවත් මැද පෙරදිගට ගෑනු යවන්නේ නැහැ. ඇයි මේ අපි විතරක් මේ තත්වෙට වැටිලා ඉන්නේ. ගෑනු රට යවලා සල්ලි හොයන්න අපේ රටේ අයට ලැජ්ජ නැද්ද ?
 
Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0
පිලිතුරනම් පට්ටයි නමුත් ක්‍රියාත්මක කලහැකිද කියලනම් සැකයි.

මචන් රැකියාවක් කිරීමට ගැහැණු ද පිරිමිද කියා වෙනසක් නොමැත. අවශ්‍ය වන්නේ මුදල් සහ එම මුදල් වියදම් කොට තමාගේ සහ තමන්ගේ දරුපවුල් වල අනාගතය සුරක්ෂිත කිරීමය.

හොදයි අපි ගමු කාන්ති. කාන්තිගේ මිනිහා බේබද්දෙක් සත පහක් ගෙදරට දෙන්නේ නැහැ. ළමයින්ගේ අනාගතයක් ගැන හොයන්නේ නැහැ . කොචර කිවත් ඒ මිනිහ හැදෙන්නේ නැහැ. ඉතින් කාන්තිගේ දරුවන්ගේ අනාගතය අදුරු වෙන්න ඉඩ දීල ඔහේ අගු පිලේ ලගල ඉන්න එකද හොද නැත්නම් කාන්ති වෙන රටකට ගොස් සොච්චම් මුදලක් හෝ උපයාගෙන තම දරුවන් ගේ අනාගතය යහපත් කරන එකද හොද. උබට අපිට පුළුවන් ද කාන්තිගේ මිහාව හදල යහමගට ගන්න ?

රිසානාගේ කතාව වෙනස් කතන්දරයක් . රිසාන බාල වයස්කාර දැරියක්. ඒජන්සි කාරයෝ වැඩි වයසක් දාලා passport හදල යවල තියෙන්නේ. අන්වර්යයෙන්ම මේවට එරහිව කටයුතු කරන්න ඕන.

යකෝ ලංකාවේ ඉඳන් සම්බෝලෙයි බතුයි කන එක සැපයි මැද පෙරදිග වළං හෝදන එකට වඩා.

ඕක කියන්න පුළුවන් පිටතින් බලන කෙනෙකුට විතරයි. උබ කවද හරි එක දිගට මාසයක් පොල් සම්බෝලයි බතුයි කාල ඉඳල තියනවද. උබ උප්පතියෙන්ම යම් වරප්‍රසාද ඇතුව උපන්න කෙනෙක්. අඩුම තරමේ උබ වෙල් තුන හරි කාල ඉන්නවා. එහෙමවත් නැහැ ඔය පවුල්වල මිනිස්සුන්ට. එක කෑම වේලක් කෑවොත් අනෙක් කෑම ගැන සැකයි. ළමයකුට හරි හමන් අධ්‍යාපනයක් දෙන්න මුදල් නැහැ.ඕක හරියට මචන් නන්දා මාලනිගේ " හිගා කකා කොලපතක් අරන් ලුනුයි බතුයි කමුකෝ රත්තරන් කිවා වගේ කතාවක්. තුවාලේ තියන මිහට තමයි එකේ අමාරුව දැනෙන්නේ.

ඉන්දියාව පකිස්ථානය ඇතුලු සැම දකුණු ආසියානු රටකම මිනිසුන් අරාබිකරයේ සේවය කරයි.

මාර කතාවක්නෙ බං උඹ දැන් කිව්වේ! උඹ මේක කියන්නේ කලිසම ඇඳගෙනද ? යකෝ සල්ලි වෙනුවෙන් අහිංසක ගෑනු ළමයි මැදපෙරදිග යවන්න තොපිලට ලජ්ජා නැද්ද යකෝ ? සෞදි වල බෙල්ල කපාගත්තු අහිංසක රිසනාගේ ජීවිතේ උඹට ආයි දෙන්න පුළුවන්ද ? තොපිලට සල්ලි එනවනම් ඕන එකක් ඔට්ටුයි! ලංකාවේ ගෑනුන්ට සැලරි දෙන්නේ නැතුව දුෂණය කරලා ඇන ගහලා එව්වත් කමක් නැහැ උඹලට සල්ලි එනවනම්. යකෝ ලංකාවේ ඉඳන් සම්බෝලෙයි බතුයි කන එක සැපයි මැද පෙරදිග වළං හෝදන එකට වඩා. ගෑනු රට පටවලා විදේශ විනිමය හොයන තත්වෙට අපි දැන් වැටිලයි ඉන්නේ. අපේ අසල්වැසි කිසිම රටක් මැදපෙරදිගට ගෑනු පටවන්නේ නැහැ. පකිස්තානය සහා බංගලාදේශය කන්නේ නැතුව හිටියත් වෙලත් මැද පෙරදිගට ගෑනු පටවන්නේ නැහැ. වැඩිය ඕනේ නැහැ! අපේ රටට ලඟින්ම තියෙන ඉන්දියාවත් මැද පෙරදිගට ගෑනු යවන්නේ නැහැ. ඇයි මේ අපි විතරක් මේ තත්වෙට වැටිලා ඉන්නේ. ගෑනු රට යවලා සල්ලි හොයන්න අපේ රටේ අයට ලජ්ජ නැද්ද ?
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
එතකොට ඒ ගැනුන්ගේ දරු පවුල් රකින්නේ උබද ?
දරු පවුල් රකින්න ගෑනු පිට රට අරින්නම ඕන නැහැ. ඔහොම යන හුඟක් අය පට්ටම පට්ට නූගත් මිනිස්සු. ඒ වගේ අයට නොදන්න රටක ජීවත්වෙන්න අමාරුයි. අනික ඔය වගේ අවුරුදු ගනන් ගෙවල්වල මිනිස්සු පිටරට ඉන්නකොට පවුල් වල ලොකු ප්‍රශ්න ඇතිවෙනව. හුඟක් පවුල් විනාශ වෙනව. සමාජ ප්‍රශ්න ටොන් ගනන් එකතුවෙනව. ඒවා එක්ක බැලුවම ඔය නූගත් ගෑනු පිටරට පටවන එකනම් වැරදියි.:frown::frown:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
පිලිතුරනම් පට්ටයි නමුත් ක්‍රියාත්මක කලහැකිද කියලනම් සැකයි.

මචන් රැකියාවක් කිරීමට ගැහැණු ද පිරිමිද කියා වෙනසක් නොමැත. අවශ්‍ය වන්නේ මුදල් සහ එම මුදල් වියදම් කොට තමාගේ සහ තමන්ගේ දරුපවුල් වල අනාගතය සුරක්ෂිත කිරීමය.

හොදයි අපි ගමු කාන්ති. කාන්තිගේ මිනිහා බේබද්දෙක් සත පහක් ගෙදරට දෙන්නේ නැහැ. ළමයින්ගේ අනාගතයක් ගැන හොයන්නේ නැහැ . කොචර කිවත් ඒ මිනිහ හැදෙන්නේ නැහැ. ඉතින් කාන්තිගේ දරුවන්ගේ අනාගතය අදුරු වෙන්න ඉඩ දීල ඔහේ අගු පිලේ ලගල ඉන්න එකද හොද නැත්නම් කාන්ති වෙන රටකට ගොස් සොච්චම් මුදලක් හෝ උපයාගෙන තම දරුවන් ගේ අනාගතය යහපත් කරන එකද හොද. උබට අපිට පුළුවන් ද කාන්තිගේ මිහාව හදල යහමගට ගන්න ?

රිසානාගේ කතාව වෙනස් කතන්දරයක් . රිසාන බාල වයස්කාර දැරියක්. ඒජන්සි කාරයෝ වැඩි වයසක් දාලා passport හදල යවල තියෙන්නේ. අන්වර්යයෙන්ම මේවට එරහිව කටයුතු කරන්න ඕන.

ඕක කියන්න පුළුවන් පිටතින් බලන කෙනෙකුට විතරයි. උබ කවද හරි එක දිගට මාසයක් පොල් සම්බෝලයි බතුයි කාල ඉඳල තියනවද. උබ උප්පතියෙන්ම යම් වරප්‍රසාද ඇතුව උපන්න කෙනෙක්. අඩුම තරමේ උබ වෙල් තුන හරි කාල ඉන්නවා. එහෙමවත් නැහැ ඔය පවුල්වල මිනිස්සුන්ට. එක කෑම වේලක් කෑවොත් අනෙක් කෑම ගැන සැකයි. ළමයකුට හරි හමන් අධ්‍යාපනයක් දෙන්න මුදල් නැහැ.ඕක හරියට මචන් නන්දා මාලනිගේ " හිගා කකා කොලපතක් අරන් ලුනුයි බතුයි කමුකෝ රත්තරන් කිවා වගේ කතාවක්. තුවාලේ තියන මිහට තමයි එකේ අමාරුව දැනෙන්නේ.

ඉන්දියාව පකිස්ථානය ඇතුලු සැම දකුණු ආසියානු රටකම මිනිසුන් අරාබිකරයේ සේවය කරයි.

මම හිතුවෙ උඹට හොඳ ඔලුවක් තියෙනව කියල. හෙහ්. බැලුවම උඹ අනිත් උන්ට එහා. කොහොමවුනත් මෙතන තියෙන්නෙ ගෑනුන්ට ජොබ් කරන්න එපා කියන එකවත් ලැජ්ජාව පිලිබඳවත් ප්‍රශ්නයක් නෙමෙයි. මටනම් පේන හැටියට ඔය ලැබෙන ආදයමට වඩා පවුල්වලට සමාජෙට වෙන හානිය වැඩියි. කාන්තිගෙ මිනිහා බේබද්දෙක් නම් මොකටද කාන්තිට අච්චර ලොකු රිස්ක් එකක් දෙන්නෙ? ඇරත් මහන්සියෙන් හම්බුකරන සල්ලි බේබද්දෙක්ට දෙනකොට අගේට තියෙයි. කාන්තිගෙ මිනිහා බේබද්දානම් ඌ තමයි හරිනම් රට යවන්න ඕන. බේබද්දෙක් නිසා අනිත් ජීවිත අවුල් කරන්නෙ මොකටද?. තුවාල තිබ්බ පලියට ඒවට ලුණු දාලා හරියන්නෙ නැහැ. කරන දේ හරියට කරන්න ඕන. ගෑනු පිරිමි බේදයක් නැතුව හැමෝටම වෘත්තීය සුදුසුකම් එක්ක, ඒ රටවල් වල භාෂා දැනුම සාමාන්‍ය දැනුම එක්ක යවන්න ඕන. ඒවගේම මැදපෙරදිග නැතුව පුලුවන් තරම් හොඳ රටවල් වලට යවන්නත් ඕන. ගෑනු/පිරිමි ඕන කෙනෙක් ලන්කාවෙ ඇතුලෙ ඕන තැනක ඕන ජොබ් එකක් කලාට කමක් නැහැ. ඒත් පිටරට යවද්දි පිලිවෙලට යවන්න ඕන. නැත්නම් ඒක මුලු රටටම කැළලක්.:dull:
 
keethsam

Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    චැනල් එකේ හැම තැනම කුවයිට් කටාර් ඩුබායි කියලා ගෘහ සේවිකා ඇඩ් ලොකු අකුරු වලින් දුවනවා දකින කොට මල පනිනවා මචංලා . මම tv එක ඕෆ් කරලා දාලා එලකිරියට ලොග් වුනා. අපේ රටේ ගෑනුන්ව සල්ලි වෙනුවෙන් රට පටවන්නේ අපේ අයම තමයි. :yes:

    අම්මප මේ p...යො විනාඩි 15න් time බ්‍රේක් ඇඩ් දාල TV බලන්න එපා කරල තියෙන්නෙ. මාත් දැන් TV බලන්නෙනෑ බං