ඕවට ඇබ්බැහි වෙලා ණයක් ගෙවනවා වගේ ජිවිත කාලෙම ගෙවපන්. දැන් බලපන් කුලීවැඩ කරන උන්. රජයෙන් උන්ට නීතියක් දැම්මොත් "සෑම කුලීවැඩ කරන කෙනෙක්ම දවසට රුපියල් 500ක් රජයට ගෙවිය යුතුයි" කියල, උන් ඔක්කොම උද්ගෝෂණය කරලා උපවාස කරලා ඒක නවත්වනවා. එත් අරක්කු/සිගරැට් නිසා දවසෙම මැරීගෙන වැටීගෙන වැඩකරලා බඩගාගෙන හරි ගිහින් කවුන්ටරේ උඩින් රුපියල් 700ක් 1000ක් තියනවම තමයි. උන්ට දෙන්න බැරිනම් වෙන කාගෙන් හරි ඉල්ලලා දෙනවා(වෙන කගේ හරි ගානේ බොනවා.) ඕකුන් වගේ විසි ගානක් එකතු වෙලා රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්ගේ පඩිය හදනවා. අරූ බිල ගෙදර ගිහින් පොඩි එවුන්ට/ගැනිට/ගමේ අයට ගහනවා, බඩු මුට්ටු විනාස කරනවා, ගුටි කනවා, සමාජේ පහත් චරිතයක් පත් වෙනවා. විධායක නිලධාරින් ගෙවල් දොරවල්, වාහන අරගෙන සැපේ ජිවිතේ ගෙවනවා (ඒ මිනිස්සුන්ට වැරද්දක් කියනවා නෙමෙයි. එයාල මහන්සිවෙලා ඉගෙනගෙන කට්ට කාගෙන ඒ තැනට ඇවිත් තියෙන්නේ. System එක පැහැදිලි කරන්න කිවුවේ.)