චන්දිකා forces වලට සෑහෙන්න දේවල් කරා මචන්. Including salary increase. Weapons, forces වලට ඕන vehicles + including fighter aircrafts ගෙනල්ල දුන්න
ඔව්. සාම සාකච්ජා බිඳ වැටුනම යුද්දේ කරන්න දේශපාලන සහය චන්ද්‍රිකා මැතිනිය දුන්නා, හැබැයි ඒ වෙලේ හමුදාව හිටියේ යුද්ධ කරලා එල්ටීටීඊ එක පරදවන්න බැහැ කියන මතයේ. මේ ගැන හොද පැහැදිලි කිරීමක් ජෙනරාල් ෆොන්සේකා කරනවා. වීඩියෝ වල ඇති, හොයන් බලන්න කැමැත්තක් තියෙනවා නං.
චන්ද්‍රිකා මැතිනිය එවකට ජනාධිපතිනිය, සේනාධිපතිනිය විදියට හමුදාවේ ජෙනරාල් වරු 4 දෙනෙක් ගෙන්නලා අහවා එල්ටීටීඊ එක යුද්ධ කරලා මර්ධනය කරන්න පුලුවන්ද, ඒකට අවශ්‍ය සම්පුර්ණ සහය එතුමිය දුන්නොත් කියලා. එතන හිටපු ජෙනරාල් ෆොන්සේකා ඇරෙන්න, අනික් ඉහල තුන් දෙනාම බැරි බවක් තමයි කියන්නේ.
කොහොම උනත් චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලයේ යුධ හමුදාවට මේ අවශ්‍ය සහය, සම්පත් ලැබෙන්න ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාත් විශාල මෙහෙයක් කරා. ඒ කාලේ එතුමාගේ උනන්දුව වැඩි කමට යුධ පිටියට ගිහිං බංකර් වලටත් වෙලා ඉන්නවලු පෙළක් වෙලාවකට. ජෙනරාල් ෆොන්සේකා දවසක් කිව්වා මිනිහා වාතයක් වෙනවත්ලු වෙලාවකට, මිනිහගේ උනන්දුව වැඩි කම. ඇයි ඒ මනුස්සයා ආරක්ෂක ඇමතිවෙලා, යුධ පිටියේ හමුදා ඇඳුමෙන් ඉන්නේ. එල්ටීටීඊ ප්‍රහාරයකට මිනිහා ලක්උනොත් කියලා ජෙනරාල් ෆොන්සේකාලා හෙන ටෙන්ෂන් එකේ ඉන්නවලු.