රත බෙහෙත් කියල දෙයක් බබාට දුන්නද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    රත බෙහෙත් (රත කල්කය) කියල දෙයක් බබාට දුන්නද?

    මචන්ස් බබාට දැන් මාස 2යි . බබාලට රත බෙහෙත් (රත කල්කය) කියල දෙයක් දෙනවද? රතු වෙන එක නවත්වන්න කියල. wifege අම්ම පොවන්න හදනවා. බබාගේ channeling doctorgen ඇහුවම ඒවා දෙන්න එපා කියනවා, පොඩ්ඩක් කියන්න මේවා දීල තියෙන කස්ටිය මොකද්ද මේ මගුල කියල . මේවා බබාට දෙන එක හොදද?

    කොහොමත් බටහිර medicine වලදී අවුර්වේදය ගණන් ගන්නේ නෑ . අපි මේ බෙහෙත් දෙන එක හොදද? පස්සේ කතා කිවුවොත් එදා ඕක දුන්න නම් අද මෙහෙම වෙන්නේ නෑනේ කියල අහගන්න ඕනි නෑනේ
     
    Last edited:
    • Like
    Reactions: silent one

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Pissuda ban masa 2ke podi ekata oya eka aka eva denna epa mavu kiri vitharak diyan.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රත කල්කය කියන්නේ හෙළ වෙදකමෙහි ඖෂධයකි. දරුවකු මවුකුසින් මෙලොවට බිහි වී දින හතක්‌ ගතවූ පසු දරුවාට වයස අවුරුදු හත පමණ දක්‌වා කාලය තුළ රත කල්කය ලබාදිය හැකියි. එසේ ලබාදීමෙන් සෙම් රෝග, පණු රෝග, සමේ රෝග, බඩේ රුදාව, මවුකිරි උරා බීමට දක්‌වන මැලිකම, ඇඟපත මලානික බව ආදී සියලු රෝග දුරුකර ගත හැකියි.

    කුඩා දරුවකු අත පය අඹරවමින් ඇඟ පත රත්පැහැ ගන්වගෙන දඟලන විට හඬන විට වැඩිහිටියෝ දරුවාට රතගාය මතුව ඇති බව වටහා ගත්හ. එසේ හඬන දරුවාගේ වයස සති කිහිපයක්‌ නම් රත කල්කය මවගේ තන පුඩුවේ තවරා මවුකිරි උරා බීමට දීමෙන් එම දරුවාට රත කල්කය ශරීරගත කළ හැකිය.

    හැන්දකින් රත කල්කය පෙවිය හැකි දරුවකු නම් තැම්බූ කොත්තමල්ලි වතුරින් රත කල්කය දියකර ලබාදෙයි.

    මෙය රත කල්කය, රත පැණිය, රත තෙල, රත ඔසු දුම ආදී ලෙසින් ද සකස්‌ කර ගනී.

    රත කල්කය සාදා ගන්නේ කෙසේද?

    බිලිඳුන් වද කර පැණි රස ඇතිලිය

    ලේවන් නිම කර එක බර වන්නේ

    සිඳුහට නගිමින් හරිබර වූ තැන

    ලී තුච යුෂින් අඹරා ගන්නේ

    රත කල්කය සාදාගන්නා අයුරු හෙළ වෙදකමෙහි එසේ සඳහන් කරමින් විස්‌තර කරන්නේ කොල්ලු, වද කහ, වැල් මී, සුදු හඳුන්, රත්හඳුන් සමව ගෙන එම බරට සරිලන අයුරින් සහිඳ ලුණු එක්‌කර දෙහි හෝ ඇඹුල් දොඩම් යුෂයෙන් අඹරා ගන්නා ලෙසය.

    මෙය ඉතා පිරිසිදුව බෙහෙත් ගලක අඹරා සකස්‌ කරගත යුතු ඖෂධයකි.

    රත කල්කය තුළ දරුවකුගේ ශරීරයේ ප්‍රතිශක්‌තිය වඩවන ගුණ පවතිනවා. එනිසා දරුවාට කුඩා කල ඇති වන වෛරස්‌ රෝග, බැක්‌ටීරියා රෝගවලින් ආරක්‍ෂා කරගත හැකියි. කුෂ්ඨ රෝග, බෝවන කුෂ්ඨ රෝග, දද, හොරි වැනි සමේ රෝග හටගැනීම වළක්‌වා ගත හැකි වෙනවා.

    බිලිඳු දරුවන් මවගේ තන පුඩුවෙන් මවුකිරි උරා බොන්නේ නැතිව හඬන විට ඇඟපතේ බිබිලි දමා ඇති විට "ඔය දරුවට රත කල්කය ටිකක්‌ දුන්න නම් හරි" යෑයි වැඩිහිsටියෝ පවසති. නමුත් වර්තමානයේ බොහෝ දෙමවුපියන් රත කල්කය යනු කුමක්‌දැයි කියා හරි හැටි දන්නේ නැත. එනිසා රත කල්කය පිළිබඳව අපි නිවැරැදි වැටහීමක්‌ ලබාගනිමු.

    රත කල්කයෙහි ඇති ගුණය කුමක්‌ද?

    රත කල්කය තුළ දරුවකුගේ ශරීරයේ ප්‍රතිශක්‌තිය වඩවන ගුණ පවතිනවා. එනිසා දරුවාට කුඩා කල ඇති වන වෛරස්‌ රෝග, බැක්‌ටීරියා රෝගවලින් ආරක්‍ෂා කරගත හැකියි. කුෂ්ඨ රෝග, බෝවන කුෂ්ඨ රෝග, දද, හොරි වැනි සමේ රෝග හටගැනීම වළක්‌වා ගත හැකි වෙනවා.

    වර්තමානයේ වැඩිහිටියෝ බවට පත්ව සිටින බොහෝ දෙනාට කුඩා කල ඔවුනගේ දෙමාපියන් රත කල්කය ලබා දුන්නා. එදා ඔවුන් පුංචි කාලයේ නිතර සෙම් රෝගවලට, ළමා රෝගවලට, බඩේ අජීර්ණවලට, සමේ තුවාල, බිබිලි හට ගැනීමට ලක්‌වූයේ නැහැ. දැන් ළමයින්ට තියෙන ලෙඩ පුංචි කාලෙ අපට හැදුණේ නැතැයි කියා ඔවුන් ආඩම්බරයෙන් කතා කරන්නේ එදා ඔවුන්ගේ ආච්චි අම්මා, කිරි අම්මා, ලොකු අම්මා වැනි වැඩිහිටියන් ඔවුනට රත කල්කය ලබාදුන්න නිසයි.

    රත කල්කය දරුවන්ට ලබාදිය යුතු වේලාවක්‌ තිබෙනවාද?

    දරුවකුගේ අසනීපයකදී නම් රත කල්කය ලබාදිය යුත්තේ වෛද්‍ය උපදෙස්‌ මතයි. නීරෝගී දරුවකුට දරුවාගේ නීරෝගී බව වැඩි දියුණු කරගන්න රත කල්කය දෙන විට එය ලබාදිය යුත්තේ උදේ වරුවේදීය. එය දෙන විට දරුවා නහවා හෝ ඇඟපත පිරිසිදු කිරීමෙන් පසුව ලබාදිය යුතුයි. දරුවා නැහැවීමට පෙර හෝ ඇඟපත සේදීමට පෙර රත කල්කය ලබාදෙන්න හොඳ නැහැ. රත කල්කය කුසේ තිබියදී දරුවා නහවන විට ඇඟපත සෝදන විට දරවාට එය දිරවීමේ අපහසුතා මතුවෙනවා.

    රත කල්කය මෙතරම් ගුණදායක නම් වර්තමානයේ මෙම ඖෂධය ලබාදීමට දෙමාපියන් උනන්දු නොවන්නේ ඇයි?

    රත කල්කය හදන්න ඕනේ ඉතා පිරිසිදුව. මෙය ගබඩා කර තබාගන්න ඕනෙ වීදුරු බෝතලයක. එහි මූඩියත්a වීදුරු විය යුතුයි. එසේ නැතිනම් පොලිතින් කැබැල්කින් වීදුරු බෝතලයේ කට වසා ප්ලාස්‌ටික්‌ මූඩියකින් වැසිය යුතුයි. බෙලෙක්‌ මූඩි පාවිච්චි කරන්න හොඳ නැහැ. රත කල්කයේ ඇති ලුණු සහ ඇඹුල් ගුණය නිසා බෙලෙක්‌ මූඩි මළකඩ කනවා. ඉතිං මෙහෙම පිරිසිදු ආරක්‍ෂාකාරීව රත කල්කය සාදා ගන්නවා නම් දෙමාපියෝ දරුවන්ට රත කල්කය දෙන්න කැමතියි.

    අනෙක දරුවන්ට වයස අවුරුද්දක්‌ යනතුරු මවුකිරි හැර වෙනත් කිසිවක්‌ දෙන්න එපා කියල ලැබෙන උපදෙස්‌ නිසාත් වර්තමානයේ ඇතැම් දෙමාපියන් බිලිඳු දරුවන්ට රත කල්කය දෙන්නේ නැහැ.

    ඒ වගේම තමයි අද බොහෝ දෙනා රත කල්කය හදාගන්න දන්නෙත් නැහැ. පිරිසිදුව හදන රත කල්කය හොයා ගන්නත් ටිකක්‌ අපහසුයි. එනිසා රත කල්කය ලබාදීම වර්තමානයේ දෙමාපියන් තුළින් ටිකක්‌ ඈත්වෙලා තියෙනවා.

    නියම රත කල්කයෙ ලුණු රස, ඇඹුල් රස, මධුර රස සමඟ රත් හඳුන්, සුදු හඳුන් සුවඳ දැනෙනවා. එම රසයට සුවඳට දරුවා හුරු වූ විට රත කල්කය බොන්න ප්‍රිය කරනවා.

    පුංචි දරුවන්ගේ දිවේ බැඳෙන මැලියම් ඉවත් කරන්නත් රත කල්කය යොදා ගන්නවා.

    මීපැණි සමඟ රත කල්කය මිශ්‍ර කර කුඩා දරුවන්ගේ දිව මැදීමෙන් හොඳින් දිව පිරිසිදු වෙනවා. ඉන් දරුවාගේ කටේ ඇතිවිය හැකි විෂබීජ විනාශ වෙනවා. කටින් දුගඳ වහනය වීමත් වැළකෙනවා.

    රත කල්කය ලබාදීම ගැන වැඩිදුර වෛද්‍ය උපදෙස්‌ නොමිලේ ලබාගැනීමට දුරකථන අංක 011-2431530 වෙත ඇමතීමෙන් පිළිවන.

    හරියටම දන්නෑ බං පුතී ආයුරේදයට අනුව හොදයිලු බටහිර ක්‍රමයට අනුව මාස 2ක පොඩි උන්ට දෙන්න එපා කියනවාලු:baffled:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පිස්සුද යකෝ මාස දෙකක බබාට ඕව දෙන්න. කියන්නෙ වතුර උගුරක්වත් පොවන්න එපා කිරි විතරක් දෙන්න කියලනේ
    ඔය මගුල් වල මොනව තියනවද දන්නෙ නැහැනේ. ඔය මගුල් දෙන්න ගිහින් මොකක් හිර විසබීජයක් ගියොත් මොනවද කරන්නද. තාම ඉමියුන් සිස්ටම් එහෙම ෆුලි ඩිවලොප් වෙලා නැහැනේ

    ඔය වයසට දෙන්න ඕන වැක්සීන් සේරම දෙනවනේ ඊට අමතරව මොනවත් දෙන්න එපා.

    අර උඩින් තියන ආටිකල් එකේ විදියට දරුවන්ගෙ දිව මීපැණි වලින් සුද්ධ කරන එක පට්ටම රිස්කි, මොකද සමහර බැක්ටීරියා බීජාණු තියෙන්න පුලුවන් මී පැණි වල. ඉමියුන් සිස්ටම් එක තාම ෆුලි ඩිවලොප් වෙලා නැති නිසා මැරෙන්න උනත් පුලුවන් අවුරුදු දෙකට වඩා අඩු බබෙකට ඒව ඉන්ෆෙක්ට් උනොත්
     
    • Like
    Reactions: imhotep

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Ehema ekak thiyenawa. Api nam dunne na bun. Ape ammalai Wifege ammalath oka kiwwa. Habai ithin api nam dunne na. Agunayak nam nathuwa athi ithin. Podi kale apitath deela thiyenawalu.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    පිස්සුද යකෝ මාස දෙකක බබාට ඕව දෙන්න. කියන්නෙ වතුර උගුරක්වත් පොවන්න එපා කිරි විතරක් දෙන්න කියලනේ
    ඔය මගුල් වල මොනව තියනවද දන්නෙ නැහැනේ. ඔය මගුල් දෙන්න ගිහින් මොකක් හිර විසබීජයක් ගියොත් මොනවද කරන්නද. තාම ඉමියුන් සිස්ටම් එහෙම ෆුලි ඩිවලොප් වෙලා නැහැනේ

    ඔය වයසට දෙන්න ඕන වැක්සීන් සේරම දෙනවනේ ඊට අමතරව මොනවත් දෙන්න එපා.

    අර උඩින් තියන ආටිකල් එකේ විදියට දරුවන්ගෙ දිව මීපැණි වලින් සුද්ධ කරන එක පට්ටම රිස්කි, මොකද සමහර බැක්ටීරියා බීජාණු තියෙන්න පුලුවන් මී පැණි වල. ඉමියුන් සිස්ටම් එක තාම ෆුලි ඩිවලොප් වෙලා නැති නිසා මැරෙන්න උනත් පුලුවන් අවුරුදු දෙකට වඩා අඩු බබෙකට ඒව ඉන්ෆෙක්ට් උනොත්

    You are correct... Bee honey has a risk of Botulism. Nothing should be given at 2 months.
     
    • Like
    Reactions: NEMISIS

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පිස්සුද යකෝ මාස දෙකක බබාට ඕව දෙන්න. කියන්නෙ වතුර උගුරක්වත් පොවන්න එපා කිරි විතරක් දෙන්න කියලනේ
    ඔය මගුල් වල මොනව තියනවද දන්නෙ නැහැනේ. ඔය මගුල් දෙන්න ගිහින් මොකක් හිර විසබීජයක් ගියොත් මොනවද කරන්නද. තාම ඉමියුන් සිස්ටම් එහෙම ෆුලි ඩිවලොප් වෙලා නැහැනේ

    ඔය වයසට දෙන්න ඕන වැක්සීන් සේරම දෙනවනේ ඊට අමතරව මොනවත් දෙන්න එපා.

    අර උඩින් තියන ආටිකල් එකේ විදියට දරුවන්ගෙ දිව මීපැණි වලින් සුද්ධ කරන එක පට්ටම රිස්කි, මොකද සමහර බැක්ටීරියා බීජාණු තියෙන්න පුලුවන් මී පැණි වල. ඉමියුන් සිස්ටම් එක තාම ෆුලි ඩිවලොප් වෙලා නැති නිසා මැරෙන්න උනත් පුලුවන් අවුරුදු දෙකට වඩා අඩු බබෙකට ඒව ඉන්ෆෙක්ට් උනොත්

    ඔව් ඉතින් දැන් වැක්සීන් තියනවානේ!ඉස්සර මිනිස්සු ගම්මිරිස් පිම්බා රථ කල්කේ දුන්නා සමහර විට ඒදවස්වල ඒකෙන් යම් ප්‍රථිපලයක් තියෙන්න ඇති එහෙම නොකෙරැවට වඩා:yes::yes:
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    mage kollata masa dekedi wage, wadakaha isma dila thiyenawa wifege amma, thawa gammiris pibalath thiyenawa.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අනිවාර්‍යෙන් දෙන්න, මටත් දෙන්න බැරි උනා..., හොද වෙදෙක්ගෙන් අහලා දෙන්න..
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    පිස්සුද යකෝ මාස දෙකක බබාට ඕව දෙන්න. කියන්නෙ වතුර උගුරක්වත් පොවන්න එපා කිරි විතරක් දෙන්න කියලනේ
    ඔය මගුල් වල මොනව තියනවද දන්නෙ නැහැනේ. ඔය මගුල් දෙන්න ගිහින් මොකක් හිර විසබීජයක් ගියොත් මොනවද කරන්නද. තාම ඉමියුන් සිස්ටම් එහෙම ෆුලි ඩිවලොප් වෙලා නැහැනේ

    ඔය වයසට දෙන්න ඕන වැක්සීන් සේරම දෙනවනේ ඊට අමතරව මොනවත් දෙන්න එපා.

    අර උඩින් තියන ආටිකල් එකේ විදියට දරුවන්ගෙ දිව මීපැණි වලින් සුද්ධ කරන එක පට්ටම රිස්කි, මොකද සමහර බැක්ටීරියා බීජාණු තියෙන්න පුලුවන් මී පැණි වල. ඉමියුන් සිස්ටම් එක තාම ෆුලි ඩිවලොප් වෙලා නැති නිසා මැරෙන්න උනත් පුලුවන් අවුරුදු දෙකට වඩා අඩු බබෙකට ඒව ඉන්ෆෙක්ට් උනොත්

    :yes::yes::yes:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif