ආච්චිලගේ ගෙදර බල්ලො දෙන්නම ලෙෆ්ට් කොටි හපුවා ගෙනිහින්....එරත්නේ....
මගේ බල්ලට උණා නම් මමත් මැරිල හරි ඌව මරාගන්නවා
අමාරුයි බන්...අල්ලන්නේම මැරෙන්න.බෙලෙන් අල්ලන්නේ..අයියා ගියා සද්දෙ ආවම බලන්න.වැඩක් නෑ.
මෙහෙ පූසන්ට වැඩේ දෙන එකෙක් ඉන්නවා, මම හිතන්නෙ කොල දිවියා. හැබැයි බන් මේ ලඟදි එලියෙ පැසේජ් එකේ ටයිල් වල අඩි පාරවල් වගයක් තිබ්බා ටිකක් ලොකු කකුල්... බල්ලො එන්න විදිහක් නෑ ගේට්ටු දාලා තියෙන්නෙ. අපේ ගෙට එහා පැත්තට වෙන්න කැලේ..
නියමයි, තෑන්ක්ස් බ්රො... අඩෝ උබට යන්න චාන්ස් එකක් සෙට් උනොත් මටත් කියපන් හොඳද
------ Post added on Sep 21, 2022 at 3:08 PM
කොල දිවියා බන්..අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා..
රත්නපුරට මෙහා, කුරුවිට කියන්නෙ. කුරුවිටින් හැරිලා යන්න ඕනි මෙහෙ ඉඳලා රත්නපුරට පැත්තට යද්දි වම් අතට තියෙන්නෙ ටව්න් එකේ. ශ්රීපාදයට යන පාර
එරත්නට කලින් බන් ඒකනේ වැඩේ කියන්නේ..සූදගල හරියේ.මහ කැලේ පහු කරලා පහලට ඇවිල්ලා ගොඩාක් දුර
මචන් අපේ @Solo Rider වත් ඔහේ සති දෙකකට විතර ගිහින් දාන්න බැයිද... යන සේරම වියහියදම් මම දරන්නම්....
රා බිබී ඉන්න තියෙන්නේ
ටසිරි
එතකොට අර වාහන නවත්තල කට්ටිය නාල යන ඇළවල් වල කිඹුලො එහෙම නැද්ද?
කිබුලා බන් මෙච්චර කල් නන් උඩ වලව හරියෙන් උඩට ඇවිල්ලා නෑ..ස්භාවික වාසස්ථාන වලින් නන් කිබුලා ඉන්නේ කරදිය ආශ්රිත ප්රදේශ වල,හැබැයි දැන් ඇල්වල් වලට කුනු දාන නිසා ආහාර සුලබ වෙලා ඇලවල් දිගේ උඩට එන්න පුරුදු වෙලා.දැන් රත්නපුර කිට්ටුවටම ඇවිල්ලා ඉන්නේ..සිරිපාදේ කැලේ නන් නෑ...හැබැයි අලියා,කොටියා ගෝණා,මුවා ඔක්කොම ඉන්නවා..කුරු අලියා කියන්නේ බන් වෙනම විශේශයක් නෙමෙයි.නෝමල් අලින්ගෙම ජාන විකෘති විච්ච සෙට් එකක්...හැබැයි ඉස්සර හිටියා කියනවා...ඉස්සර හිටියා කියන ගවරා ත් ඉතිං සබරගමුවේ සතෙක් ඇමරිකාවේ බයිසන් ගවයට සමානයි පෙනුම..පොසිල හම්බෙලා තියෙන්වා...ජනප්රවාදෙට කියන්නේ ගවරා ලෙව කෑවම ඇට සැකිල්ලට එනක්ලම මස් ගැලවෙනවාකියලා.දිව ගොරෝසුයි කියලා,තව ඉතිං ගවරගිරිය කියලා ගමකුත් තියෙනවා...පොසිල හම්බුනේ නැතිනං ගවරත් මන්ංකල්පිත සතෙක් විතරයි තවම