සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි

Kawda.Boy

Active member
  • Oct 1, 2015
    110
    47
    43
    "ඇවැත්නි, මන්තානිපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ නම් තෙරණුවෝ නවක වූ ම අපට බොහෝ උපකාර ඇත්තෝ වෙති. උන් වහන්සේ මේ අවවාදයෙන් අපට අවවාද දෙති. මන්තානිපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ තෙරණුවන්ගේ මේ දහම් දෙසුම අසා මාවිසින් දහම් අවබෝධ කරණ ලද්දේ යි. (සෝතාපන්න වීමි යන අදහසි)"

    (සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, ආනන්‌ද සූත්‍රය)
    https://thripitakaya.org/tipitakaya/Index/114?s=1138
    මෙච්චර කාලෙකට මේකනම් දැනගත්තේ දැන් , පුදුමයි . එත් තව හොයන්නේ නැතුව (තව සුත්‍ර ) කිසි දෙයක් පිළිගන්න කැමතිනම් නැහැ මම , මේ විදියටම භාවනාවෙන් සෝවාන් වෙන්න බැහැ කියලත් දේශණා කරල තියෙන තැනක් තියෙනවද , මම මේ දැනගන්න අහන්නේ හොදේ හොයලා බලන්න
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,348
    2,213
    113
    මෙච්චර කාලෙකට මේකනම් දැනගත්තේ දැන් , පුදුමයි . එත් තව හොයන්නේ නැතුව (තව සුත්‍ර ) කිසි දෙයක් පිළිගන්න කැමතිනම් නැහැ මම , මේ විදියටම භාවනාවෙන් සෝවාන් වෙන්න බැහැ කියලත් දේශණා කරල තියෙන තැනක් තියෙනවද , මම මේ දැනගන්න අහන්නේ හොදේ හොයලා බලන්න

    Meka kalpana karala balanna::.... oba dan bawana karanawa kiyala karanna yanne mokakda?.. hariyatama bhawana karana (satipattanaya) danne sowan una uttamayek witharai...anit aya danne...anicca..dukka..anatta kiya kiya inna witharai...

    Sowan una kena theory eka therum aragena iwarai..bana ahala... eyata tiyenne dan margaya wadagena yana eka.... theory eka danne nathi ekek (sowan une nathi) kohomada maga wadagena yanne kiyala kalpana karala balanna...
     
    • Like
    Reactions: mr90486

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මෙච්චර කාලෙකට මේකනම් දැනගත්තේ දැන් , පුදුමයි . එත් තව හොයන්නේ නැතුව (තව සුත්‍ර ) කිසි දෙයක් පිළිගන්න කැමතිනම් නැහැ මම , මේ විදියටම භාවනාවෙන් සෝවාන් වෙන්න බැහැ කියලත් දේශණා කරල තියෙන තැනක් තියෙනවද , මම මේ දැනගන්න අහන්නේ හොදේ හොයලා බලන්න

    01)
    අරුප ලෝකයේ "අඤ්ඤින්ද්‍රිය"යි, "අඤ්ඤතාවින්ද්‍රිය" යි 2ම තියනවා
    ඒ කියන්නේ අරුප ලෝකයේ සකදාගාමී, අනාගාමී, රහත් 3ම වෙන්න පුළුවන්.

    "අඤ්ඤින්ද්‍රිය" කියන්නේ සෝවාන් වුනාට පස්සේ තියන ප්‍රඥාවට කියන නම

    "අඤ්ඤතාවින්ද්‍රිය" කියන්නේ රහත් වුනාට පස්සේ තියන ප්‍රඥාවට කියන නම

    නමුත් අරූප ලෝකයේ "අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය ය" නම් නෑ....

    "අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය" කියන්නේ
    සෝවාන් වෙන මොහොතේ (සෝවාන් මාර්ග හිතේ) පිහිටන ඉන්ද්‍රියක්.

    භාවනා කරලා සෝවාන් වෙන්න පුළුවන් නම් මනායතනයයි, ධම්මායතනයයි තියන අරූප ලෝකයේ අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය ය තියෙන්න ඕනේ.. ඒ ඉන්ද්‍රිය නැති වෙන්න හේතුව තමයි අරූප ලෝකයේ තියන ආයතන දෙකේ ශ්‍රොත්‍රායතන ය, ශබ්දායතන ය නෑ
    ඒ කියන්නේ බණ අහන්න "කන" නෑ

    අන්න ඒ නිසා තමයි සෝවාන් වෙන මොහොතේ පිහිටන අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය ය නැත්තේ

    "අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය නෑ කියන්නේ "භාවනා කරලා සෝවාන් වෙන්න බෑ, බන අහන්නම ඕනේ සෝවාන් වෙන්න" කියන එකට සාක්ෂියක් මේක

    අරූප ලෝකයේ ස්කන්ධ 4යි, ආයතන 2යි, ධාතු 2යි, සත්‍ය 3යි, ඉන්ද්‍රිය 11යි
    ඔය ඉන්ද්‍රිය 11 ඇතුලේ ඔය කලින් කිව්ව කිව්ව "අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය තමයි නැත්තේ...

    (කන තියන කාම ලෝකයේ හා රූපාවචර බ්‍රහ්ම ලෝකයේ අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය තියෙන්නේ කනක් තියන නිසා බන අහලා සෝවාන් වෙන්න පුළුවන් නිසයි)
    ඒ ඒ ලෝකයේ ආයතන ස්කන්ධ, ආයතන, ධාතූ ගැන (අභිධර්ම පිටකය, විභඞ්ගප්‍රකරණය 2, ධම්‌මහදය විභඞ්ගයේ) තියෙන්නේ

    https://thripitakaya.org/tipitakaya/Index/742?s=24022
     
    Last edited:
    • Love
    Reactions: indika_sam

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    ඒක වෙන්නේ මෙහෙමයි

    දස්‌සනා පහාතබ්‌බා" හෙවත් සම්මාදිට්ඨියට පත්වෙද්දී ශෘතමය ප්‍රඥාව, චින්තාමය ප්‍රඥාව කියලා ප්‍රඥා 2ක් ලැබෙනවා.

    "ශෘතමය ප්‍රඥාව" ලැබෙන්නේ කල්‍යානමිත්‍රයා හම්බවෙලා බණ අහද්දී ඒ ඇහන වෙලේ (බණ අහන මොහොතේ) "යෝනිසෝමනසිකාරය" නිසයි.....

    "චින්තාමය ප්‍රඥාව" ලැබෙන්නේ සතරසෝතාපත්ති අංග වල "ධම්මානුධම්මපටිපදාව" නිසයි. (පටිපදා විශුද්ධිය කියන්නෙත් ඒකටයි).
    (ඛුද්‌දක නිකාය, පෙටකොපදෙශ, ප්‍රථම භූමි)
    https://www.thripitakaya.org/tipitakaya/Index/1028?s=23638

    "ධම්මානුධම්මපටිපදාව" කියන්නේ පංච උපාධානස්කන්ධය අනිච්ච, දුක්ඛ, අනත්ත විදිහට මෙනෙහි කිරීම
    (සංයුත්‌ත නිකාය, දුතීය අනුධම්ම සූත්‍රය)
    https://www.thripitakaya.org/sutta/index/1095

    ශෘතමය ඥාණ කියන්නේ අහලා ලැබෙන ඥාණ වලටයි
    අනිච්ච කියන්නේ උදයවැය ඥානය. ඒක "ශෘතමය ඥානයක්" (භාවනාවෙන් ලැබෙන එකක් නෙවෙයි). ඒ නිසා බන ඇහුවට පස්සේ ඔහුට අනිච්ච අවබෝධ වෙන නිසා ධම්මානුධම්මපටිපදාව කරගන්න පුළුවන්..

    (ශෘතමය ප්‍රඥාව, චින්තාමය ප්‍රඥාව ගැන මේ යට තියන ෆොටෝ එක ඛුද්‌දක නිකාය, නෙත්තිප්පකරණ, පටිනිද්දේසවාරය, දේසනාහාරවිභඞ්ගය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/1098?s=24034

    View attachment 94715

    (මේ යට තියන ෆොටෝ එක ඛුද්‌දක නිකාය, පෙටකොපදෙශ, ප්‍රථම භූමි)
    https://www.thripitakaya.org/tipitakaya/Index/1028?s=23638

    View attachment 94721
    Hari mcn. Ehenam ai bn hamuduruwaru kalaawalata wadala bhawana kara kara inne. Mokak balaporoththuwenda?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Hari mcn. Ehenam ai bn hamuduruwaru kalaawalata wadala bhawana kara kara inne. Mokak balaporoththuwenda?

    ඕකට උත්තරේ මෙතන තියනවා

    "අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා" කියන්නේ කැලේ රිංගලා ගස් යට ඉන්න කියන එකක් නෙවෙයි. කෙලෙස් නැති හිතේ ස්වභාවයන් 3ක් ගැන ඔය කියන්නේ. ඒක වරද්දගන කැලේ රිංගනවා.

    1) ආරාණ්‍යගතොවා කියන එක "අරණ" කියන්නේ මොකක්ද බලන්න අරණ සූත්‍රයේ
    "කෙලෙස් නැති" කියන එකයි අරණ කියන්නේ
    (අරණ සූත්‍රය)
    https://www.thripitakaya.org/bjt/index/581

    2) මහණෙනි, මහණෙක් තෙමේ “සබ්‍රම්සරුන්ට ප්‍රිය වූවෙක්, මන වඩන්නෙක්, ගරු කළ යුත්තෙක්, සම්භාවනීයයෙක් වන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ස්වකීය චිත්තසමථයෙහි එක්වන් යෙදුනේ බැහැර නො කළ හෝ නො නැසූ ධ්‍යාන ඇත්තේ විදර්‍ශනාවෙන් යුක්ත වූයේ ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
    (ආකඞ්‌ඛෙය්‍ය සූත්‍රය)

    https://www.thripitakaya.org/tipitakaya/Index/37?s=105

    ඔය කියන්නේ මොකක්ද? ශුන්‍යාගාර වඩනවා කියන්නේ හිතේ වඩන එකක්
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    එතකොට විදර්ශනා භාවනාව වැඩීමෙන් සෝවාන් වෙන්න බැරිද? ධර්මය ඇසීමෙන් පමණම ද සෝවාන් වෙන්න පුළුවන්? ඔය හමුදුරුවෝ දේශනා කරන විදිහට "සක්කාය දිට්ඨි" කියන්නේ මොකද්ද?
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    එතකොට විදර්ශනා භාවනාව වැඩීමෙන් සෝවාන් වෙන්න බැරිද? ධර්මය ඇසීමෙන් පමණම ද සෝවාන් වෙන්න පුළුවන්? ඔය හමුදුරුවෝ දේශනා කරන විදිහට "සක්කාය දිට්ඨි" කියන්නේ මොකද්ද?
    මචන් ඉස්සෙල්ලම බන ටික අහල හිටියනං නේද හොඳ? ඊට පස්සෙ ප්‍රශ්න සාකච්චා කරන්න පුලුවන්නෙ
     
    • Love
    Reactions: indika_sam

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මචන් ඉස්සෙල්ලම බන ටික අහල හිටියනං නේද හොඳ? ඊට පස්සෙ ප්‍රශ්න සාකච්චා කරන්න පුලුවන්නෙ
    මම ඇහුවා බන්.. සක්කාය දිට්ඨි කියන එක හරියට පැහැදිලි නෑ. පැහැදිලි කරන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: mr90486

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    මම ඇහුවා බන්.. සක්කාය දිට්ඨි කියන එක හරියට පැහැදිලි නෑ. පැහැදිලි කරන්න පුළුවන්ද?
    මමත්වයේ දැඩි භාවය
    මෙක මගේ, අරක මගේ කියල හිතන එක..
    අත්තටම මම කියල දෙයක් නෑ
     
    • Love
    Reactions: indika_sam

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    "අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා" කියන්නේ කැලේ රිංගලා ගස් යට ඉන්න කියන එකක් නෙවෙයි. කෙලෙස් නැති හිතේ ස්වභාවයන් 3ක් ගැන ඔය කියන්නේ. ඒක වරද්දගන කැලේ රිංගනවා.

    1) ආරාණ්‍යගතොවා කියන එක "අරණ" කියන්නේ මොකක්ද බලන්න අරණ සූත්‍රයේ
    "කෙලෙස් නැති" කියන එකයි අරණ කියන්නේ
    (අරණ සූත්‍රය)
    https://www.thripitakaya.org/bjt/index/581

    2) මහණෙනි, මහණෙක් තෙමේ “සබ්‍රම්සරුන්ට ප්‍රිය වූවෙක්, මන වඩන්නෙක්, ගරු කළ යුත්තෙක්, සම්භාවනීයයෙක් වන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ස්වකීය චිත්තසමථයෙහි එක්වන් යෙදුනේ බැහැර නො කළ හෝ නො නැසූ ධ්‍යාන ඇත්තේ විදර්‍ශනාවෙන් යුක්ත වූයේ ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
    (ආකඞ්‌ඛෙය්‍ය සූත්‍රය)

    https://www.thripitakaya.org/tipitakaya/Index/37?s=105

    ඔය කියන්නේ මොකක්ද? ශුන්‍යාගාර වඩනවා කියන්නේ හිතේ වඩන එකක්
    අම්මෝ...සුපිරි බේගල් ටික...😄😄
    සිංහලත් බෑ පාලිත් බෑ.. කාගේ හරි ඔළුවට ආපු මනෝ විකාර ටිකක් බුදු බන කියල ඔප්පු කරන්න හදන උබල තමා කොටුවේ හාමුදුරුවන්ටත් සා දු කියලා විසිල් ගැහුවේ...😆😆😆
    තත්වේ තවත් අවුල් වෙන්න කලින් හොඳ මනෝ වෛද්‍යවරයකු හම්බ වෙයන්.,👌👌👌

    වලස්මුල්ල අභය ගෙ ක්‍රිස්ථියානි රිමික්ස් බණ අහලා භාවනාවෙන් තොරව නිවන් දකින්න ඉන්න සයිකෝ ඩයල්...
    වලස්මුල්ල අභය මාර්කට් නැති තැන තව ධර්ම විකෘතිකයෙක් කරේ තියාගෙන යනවා....😆😆😆😆

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මම ඇහුවා බන්.. සක්කාය දිට්ඨි කියන එක හරියට පැහැදිලි නෑ. පැහැදිලි කරන්න පුළුවන්ද?
    බාහිර අරමුනු සැපයි සාරයි වටිනව කියල හිතාගෙන ඉන්න මුලා සහගත දෘශ්ටිය. මේ රෑපෙ ශෝක්, මේ සිංදුව පට්ට, අර බීම නං සුපිරි, නියම ෆිල්ම් එක බ්ලා බ්ලා ..... ඔය විදිහට අපි දාගෙන ඉන්න අදහස් තියෙන්නෙ. අන්න එවැනි අදහස් එන්නෙ සක්කාය දිට්ටිය නිසා. ඒ මුලා සහගත දෘශ්ටියෙන් මිදෙන්න නන් තමුන් හොදයි සාරයි කියල අල්ලාගෙන ඉන්න දේවල යතා ස්වබාවය දකින්න ඕන. ඒ කිව්වෙ හේතු පල වශයෙන් දකින්න ඔන. රෑපයක් නන් ඒක මොන හේතුවක පලයක්ද, ශබ්දයක් නන් ඒක මොන හේතුවෙන් හට ගත්තද ආදී වශයෙන්. එහෙම දකින්න පටන් ගත්තම වැටහෙනව මේ ලෝකෙ ස්තිරව පවතින දෙයක් නෑ ඔක්කොම දේවල් යම් හේතුවක පලයක්ම තමයි කියල. ඊට පස්සෙ වටහ ගන්න ඕන යම් අරමුණක් නිසා දැනුන ප්‍රිිිිය මදුර ස්වබාවය ඒ බාහිර අරමුන තුල තිබුණු දෙයක් නොවන බවත් එම ප්‍රිිිිය මදුර හෝ අප්‍රිය අමනාප ස්වබාවය හුදෙක් ඒ ඒ ජාතියට උරැම දර්මතාවය තුළින් දැනුන දෙයක් බව. බාහිර අරමුන තුලින් තමන් යම් ආශ්වාදයක් වින්දද එසේ වුනේ තමන් තමන්ට දැනුන ප්‍රිය මදුර ස්වබාවයට වටිනාකමක් දීම තුලින් බව. තමන් බාහිර අරමුණ තුලින් දුකක් දොම්නසක් වින්දද, එසේ වුනේ තමන් එම අරමුන සමග ගැටුන නිසා බව. සරලවම කිව්වොත් අපි දේවල් කැටගරි කරන්නෙ මේක හොඳයි මේක හොඳ නෑ ආදී වශයෙන්. ඔන්න ඔය ටික වැටහුනාම සක්කාය දිට්ටිය කැඩිල යනව. එතැන ඉදල ලෝකෙ බාහිර අරමුණු සැපයි සාරයි වටිනව කියන මුලා දෘශ්ටියෙන් ඒ පසුපස හබා යාම නවතිනව. ඇත්තටම ලෝකෙ සියල්ල හේතු පල, ඒවගෙ සැපයි දුකයි කියල ගන්න දෙයක් නෑ ඒ සියල්ල උපේක්ෂා සහගතයි නේද, සැප දුක කියන දේවල් තමන් තමන්ගෙ දෘශ්ටියට අනුව ගොඩගොඩනගාගත් දෙයක් නේද කියන අවබෝධය එනව.

    ප්‍රමානවත් ඇති කියල හිතනව.
     
    එතකොට "මේක මගේ ය" "මේ මගේ කෙනෙක්‍ ය" කියලා අල්ල ගන්න එක නවතිනවා. එහෙමද? ලෝකය අනිත්‍යයයි දුක්කයි අනාත්මයි කියලා දකිනවා එහෙමද ?
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    එතකොට "මේක මගේ ය" "මේ මගේ කෙනෙක්‍ ය" කියලා අල්ල ගන්න එක නවතිනවා. එහෙමද? ලෝකය අනිත්‍යයයි දුක්කයි අනාත්මයි කියලා දකිනවා එහෙමද ?
    අනිවාර්යෙන්ම. මොකද ඔය ටික අවබෝද උනාම බාහිර ලෝකෙ මම මගේ කියල අල්ලගන්න දෙයක් නෑනේ කියන එක දකිනවනේ. තමන්ගේ ශරීරය උනත් එහෙමයි. අනිච්ච, දුක්ක, අනත්ත, අනිත්‍ය, දුක්ක, අනාත්ම වචන පැටලිලි වලට යන්න ඕන නෑ. ගන්න තියෙන අර්ථය පැහැදිලිව තේරුම් ගන්න එකයි කරන්න ඕන.
     
    • Love
    Reactions: indika_sam

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අනිවාර්යෙන්ම. මොකද ඔය ටික අවබෝද උනාම බාහිර ලෝකෙ මම මගේ කියල අල්ලගන්න දෙයක් නෑනේ කියන එක දකිනවනේ. තමන්ගේ ශරීරය උනත් එහෙමයි. අනිච්ච, දුක්ක, අනත්ත, අනිත්‍ය, දුක්ක, අනාත්ම වචන පැටලිලි වලට යන්න ඕන නෑ. ගන්න තියෙන අර්ථය පැහැදිලිව තේරුම් ගන්න එකයි කරන්න ඕන.
    එතකොට සක්කාය දිට්ඨිය බිද දමපු කෙනෙක්ට ශෝක නූපදි, වියෝ දුක නූපදි.ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක නූපදි. එහෙමද?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මචන් ඉස්සෙල්ලම බන ටික අහල හිටියනං නේද හොඳ? ඊට පස්සෙ ප්‍රශ්න සාකච්චා කරන්න පුලුවන්නෙ
    විකෘති බණ අහලා පිස්සු අයිඩියා ටිකක් ඔලුවට දාගත්තම කාවහරි NGO නිකායේ බෞතිස්ම කරන්න හරි ලේසි නේද බං...😄😄😄

    ek_rosh කියන ඩයල් ඒකත් උබලගේම fake එකක් නේද ??
    ඔරිජිනල් එකක් නම් පව් ඒ ඩයල් එක.

    එදා සීනි බොල ප්‍රශ්න අහ අහා thead දැම්මා.. දැන් NGO ශ්‍රාවකයේ ක් වෙලා..පෝස්ට් අනුමත කරනවා..😆😆😆
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    එතකොට සක්කාය දිට්ඨිය බිද දමපු කෙනෙක්ට ශෝක නූපදි, වියෝ දුක නූපදි.ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක නූපදි. එහෙමද?
    ඒවා තියෙනව මචන්. සක්කාය දිට්ටිය බිඳිලා ගියාට අවිද්‍යාව සම්පුර්ණයෙන් ප්‍රහීන නැහැ. අපි කලින් අවිද්‍යා මුලිකව හදාගෙන තිබුන විඥාන වල බලවත් කම නිසා තවම කාම අරමුණු වල ඉන්න කැමැත්ත තියෙනවා. නමුත් කලින් තිබුන අවිද්‍යා මට්ටමෙන් නෙමෙයි. අවබෝදය ආවට පස්සෙ තමන්ටම ඔය දේ experience වෙනවා. ත්‍රිපිටකයේ ඔය කාරණාවට reference එකක් තියෙනවා මම හිතන්නෙ විසාකා මහ උපාසිකාව සම්බන්දව. ඒ අවබෝදයත් එක්ක සතර සතිපට්ටානය වඩල තමයි ශෝක, වියෝ දුක, කාම තෘෂ්ණාව, ද්වේශය වගේ දේවල් පහ කරන්නෙ.
     
    • Love
    Reactions: indika_sam

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඒවා තියෙනව මචන්. සක්කාය දිට්ටිය බිඳිලා ගියාට අවිද්‍යාව සම්පුර්ණයෙන් ප්‍රහීන නැහැ. අපි කලින් අවිද්‍යා මුලිකව හදාගෙන තිබුන විඥාන වල බලවත් කම නිසා තවම කාම අරමුණු වල ඉන්න කැමැත්ත තියෙනවා. නමුත් කලින් තිබුන අවිද්‍යා මට්ටමෙන් නෙමෙයි. අවබෝදය ආවට පස්සෙ තමන්ටම ඔය දේ experience වෙනවා. ත්‍රිපිටකයේ ඔය කාරණාවට reference එකක් තියෙනවා මම හිතන්නෙ විසාකා මහ උපාසිකාව සම්බන්දව. ඒ අවබෝදයත් එක්ක සතර සතිපට්ටානය වඩල තමයි ශෝක, වියෝ දුක, කාම තෘෂ්ණාව, ද්වේශය වගේ දේවල් පහ කරන්නෙ.
    ඒත් ඇත්තටම වියෝ දුකට හේතුව මගේ ය කියා අල්ලා ගැනීම නේද? යමක් මගේ යැයි අල්ලා ගැනීමක් නැත්තම් එය නැති වීමේන් දුකක් ඇති වෙන්නේ නෑ නේද? ඉතින් අපිට "මගේ" යැයි අල්ලා නොගත් දේ වෙනුවෙන් වියෝ දුක හටගනී නම්, අපි මැරෙණ හැම කෙනෙක් වෙනුවෙන්ම හැඩිය යුතුය.කැඩෙන බිදෙන හැම දෙයක් වෙනුවෙන්ම ශෝක විය යුතුය. ඉතින් සක්කාය දිට්ඨිය දුරු කලේ නම්, මම ය මාගේ ය යැයි යමක් නැති බව අවබෝධ කර ගත්තේ නම්, ඇයි වියෝ දුක ඇතිවෙන්නේ?