සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඕක මේකේ ඉන්න උන්ගෙන් අහල වැඩක් නෑ බන්.. හැමෝම කියන්නේ මම දන්න එක හරි, අනිත් උන් සේරම වැරදි කියලා

    මං නම් කියන්නේ අහලා බලපන්..
    තව දෘෂ්ටියක බැදෙන්න නෙවේ. තියෙන දෘෂ්ටි ටික ගලවගන්න හිතාගෙන අහපන්..

    :love:

    මහනුවර වජිරබුද්ධි හාමුදුරුවෝ ලෝකෝත්තර අර්ථ ගලපන්න දන්නේ නෑ
    සංඛාර කියන්නේ "කාය, වචී, චිත්ත" කියලා ගන්නේ
    පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර, ආනඤ්ජාභිසංඛාර තමයි සංඛාර කිව්වම ගන්න ඕනේ

    "අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා" කියන්නේ කැලේ රිංගලා ගස් යට ඉන්න කියන එකක් කියලයි කියන්නේ
    රාග, ද්වේෂ, මෝහයන්ගෙන් තොරව හදාගන්න ඕන හිතේ ස්වභාවයන් 3ක් කියලා ලෝකෝත්තර අර්ථය තේරුම් අරන් නෑ

    පාලු ගුබ්බෑයමක් ගැන නෙවෙයි නිවුණු සිතේ ස්වභාවයක් ගැනයි සුඤ්ඤාගාර කියන්නේ

    "සුඤඤාගාරං පවිටඨසස – සනතචිතතසස භිකඛුනො
    අමානුසී රතී හොති – සමමා ධමමං විපසසතො

    ශුන්‍යාගාරයකට වන්, නිවුණු සිත් ඇති, රූපාරූපධර්ම මොනවට අනිත්‍යාදී වශයෙන් වෙසෙසින් බලන මහණහට අමානුෂක වූ (අෂ්ටසමාපත්ති සංඛ්‍යාත වූ) දිව්‍ය රතිය වේ

    (ධම්මපදය -25- භික්ඛු වග්ගය)

    https://www.thripitakaya.org/tipitakaya/Index/649?s=21224

    අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා දෙකත් ඔය වගේම තමා
     
    • Love
    Reactions: indika_sam

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Uba meka serious ahanne kiyala hitala uttarayak dennam... (type karanna kammali...;))

    Kenek innawa biwwahama life time eka diga wenawa kiyana waradi view (dushtiya) eka matha... dan wena kenek awilla kiyanawa uba inna dushtiya waradi..biwwahama life time eke aduwenawa kiyala.... (meka bana aseema wage)... dan aruta terenawa uu hitya dusthiya waradi kiyala..ee ekkama uge waradi dushtiya (biwwahama life time eka wadi wenawa) kiyana eka nathi wenawa (meka sowan step eka wage)..habai uge dishtiya kaduna kiyala uu bona eka eka paratama nawattanne naa.... habai uu ara terum gatta dee menehi (baawana) kaloth nitarama uta bona eken ain wennawa... (nirwanaya)..

    meka example ekak witarai...vachana wala patalenna epa...adahasa ganna..
    ඉතින් බන් ඔය ටිකමනෙ මම කිව්වෙ. ඊට පස්සෙත් ආයෙමත් ඒකම අහනවා. යම් දෘෂ්ටියකින් මිදීමයි, ඒ දෘෂ්ටිය නිසා ඇති කරගෙන තියෙන විඥාන වල අනුසය බිඳිමයි දෙකක්නෙ. අසුමහා ශ්‍රාවක උත්තමයන්ට නං ඔය දෙකම එක සැරේ උනා කියනවා. ඒකනේ බන ටික අහනකොටම අරිහත් ඵල ලබල තියෙන්නෙ. ඉතින් එහෙම නැති අපි ඒකට දීල තියෙන ව්‍යායාමය කරන්න ඕන. ඇයි නැති උනේ නැත්තෙ, එහෙම නොවෙන්නෙ කොහොමද කියල අහන එක මහ ගොන් කතාවක්නෙ
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උබ හිතන විදිහට විදර්ශනා භාවනාවේදි මොකද්ද කරන්නේ?

    මේ වීඩියෝ දෙක අහන්න

    විදර්ශනාව කරන්න පුළුවන් සෝවාන් කෙනාගෙන් එහාට විතරයි....
    සෝවාන් කෙනා ලෝකෝත්තර ධ්‍යානයේ ඉඳන් අරමුණු විදර්ශනා කරලයි ඉතුරු මාර්ගඵල ලබන්නේ.

    ලෞකික ධ්‍යාන වල ඉඳන් විදර්ශනා කරන්න බෑ...
    ධ්‍යාන පාදකකොට විදර්ශනාව කියන්නේ ලෞකික ධ්‍යානයක ඉඳන් විදර්ශනා කරන එක නෙවෙයි. සෝවාන් නොවී විදර්ශනා කරන්න බෑ.

    ලෞකික ධ්‍යාන ලාභියා ඒ ධ්‍යානයයි විදර්ශනා කරන්න ඕනේ.
    අපිට කාම අරමුණ, ව්‍යාපාද, හිංසා විතර්කයයි අරමුණුයි විදර්ශනාවට ගන්න තියෙන්නේ
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේ නූල කියෙව්වම මට හිතුනේ එළකිරි සාමාජිකයෝ බහුතරයක් බුදු හාමුදුරුවන්ටත් වඩා බුදු දහම දන්නා හැඩයි.

    වටිනා ලිපියක් ගොබ්බ ප්‍රශ්න ගොඩක් නිසා අවුල් වෙලා වගේ දැනෙනවා. පරම සත්‍යය කවුරු කොහොම දෙසුවත් එකමයි.

    මාර්ග 4 හා පල 4 සමහරු පටලවාගෙන.

    ස්වයංභූඥානය තේරුම් ගන්න බැරි පිරිසකුත් ඉන්නවා.

    හොඳම දේ : කාලාම සුත්‍රය අමතක කර දෘෂ්ටි නිර්මාණය කරගෙන, ඒ වෙනුවෙන් කඩේ යනවා.

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ................
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,488
    6,342

    Eka eka swamin wahansela kiyana katha ekinekata wenas. api kohomada hariyatama thoraganne
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    Eka eka swamin wahansela kiyana katha ekinekata wenas. api kohomada hariyatama thoraganne
    බොහොම සරලයි මිතුරේ,

    යම් දහම් කරුණක් පිළිබඳව කිසිම තාර්කික සිතුවිල්ලක් පහල නොවේද එයයි බුදු හාමුදුරුවෝ වදාළ පිවිතුරු දහම.

    එසේම කාලාම සුත්‍රයත් නිතර සිහි තබා ගන්න.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    පටලවාගෙන ඉන්නෙ නිවන් මග. මම මචන් දේවල් අහල හිත නිවාගන්න ඕන හරය අවබෝද කරගෙන ඒක කරල රාග, ද්වේශ, මෝහ නිවාගන්න ප්‍රයෝගිකව උත්සහ ගන්නව මිසක් කෙස් පැලෙන තර්ක වාද කර කර, ත්‍රිපිටකය හෝ වෙන අහුවෙන අහුවෙන පොත් පත් කියව කියව ඒවා මතක තියාගෙන මොලේ කර කරගෙන කටින් බතල හිටව හිටව ඉන්නෙ නෑ. මම මොන thread එකේ හරි ධර්මය ගැන මොන විදිහෙ විග්‍රහයක් කරත් ඒ හැම දෙයක්ම මාර්ගය වඩන ගමන් ප්‍රයෝගිකව මගෙ අවබෝදයෙන් මම අත් විඳින දේවල් තමයි දාල තියෙන්නෙ. ඒවා අනිත් අයට ඒ විදිහටම ගෝචර වෙනවද කියල මම දන්නෙ නැහැ. එක්කෙනෙකුට හරි වැදගත් වෙයි කියන යහපත් අදහසින් පොස්ට් කරනව විතරයි. උඹේ ප්‍රශ්න වැලිඩ් වෙන්න පුළුවන් නමුත් ඒවා මට ගෝචර වෙන දේවල් නෙමෙයි. ඒක උඹේ ප්‍රශ්නයක්නෙ. මට මගේ මාර්ගය වඩනකොට ඕව ප්‍රශ්න විදිහට ඇවිල්ල නැහැ. හැබැයි උඹට වගේම මටත් වෙන වෙන ප්‍රශ්න ආව සහ එනව. ඒ ආවම කරන්නෙ පුළුවන් තරම් ත්‍රිපිටක මුලාශ්‍ර වලින් සහ ධර්ම දේශනා අහල ඒවායින් කරුණු ගලපල අවබෝද කරගෙන මාර්ගය නිවැරදි කර ගන්න එක. මොන මුලශ්‍රයෙන් ගත්තත් criteria එක තියාගන්න ඕන ඒ දෙයින් ප්‍රයෝගිකව රාග, ද්වේශ, මෝහ වලින් මිදෙන්න පුලුවන්ද කියන එක. ඔය වෙලා තියෙන්නෙ, කාලාන්තරයක් ඔලුවට දාගෙන තියෙන අපබ්බ්‍රන්ස නිසා වෙච්ච පැටලිලි. මගේ range එක ඇතුලේ මට පුළුවන් ටික මම පැහැදිලි කරල දුන්න. ඒ ටිකත් ඇති හිත නිවාගන්න ප්‍රඥාවයි පිනයි තියෙනවනන්. ප්‍රතිපල තියෙනවා. උඹලට ඕනේ දෙයක් කරල හිත නිවෙනවද කියල ප්‍රයෝගිකව අත්විඳලා බලන්න නෙමෙයිනෙ. මොකක් හරි තමන් ඉන්න දෘෂ්ටිවාදයක් ඉස්සරහට දාල එකෙනුත් ආශ්වාද විඳින්නයි ඇවිලෙන්නයිනෙ. මම ඒවාට දර දිය අදින්න ලැස්ති නෑ. ප්‍රශ්නෙට පුළුවන් කෙනෙක් උත්තර දෙයි. ඒකයි refer කලේ
    LOL ඔච්චර කලබල වෙන්න ඕනි නෑ මචන් :lol:
    මම "සක්කාය දිට්ඨිය" කියන්නේ මොකද්ද කියලා ඇහුවේ, "භාවනාවෙන් සෝවාන් වෙන්න බෑ" කියලා කියන නිසා.
    සක්කාය දිට්ඨිය මොකද්ද ඇහුවාම, ආසය- අනුසය ගැනයි, විඤ්ඤාණය ගැනයි ඇදගෙන හත්පොලේ ගාගන්න ඕනි නෑනේ. සක්කාය දිට්ඨිය කියන්නේ "මමත්ව‍යේ දැඩි බව බිද දැමීම" කියලා සරලව කියන්න පුළුවන් කම තියෙද්දි.
    භාවනාවෙන් සෝවාන් භාවයට පත් වෙන්න බෑ කියලා කොහෙවත් නෑනේ බන්. කවුරුහරි කෙනෙක් කියන පලියට ඒකම එකම සත්‍ය කියලා අල්ලන් දගලන එක හරි නෑනේ. අනෙක් උන්ටත් දෙන්නේ වරදි දැක්මක්නේ.
    රේණුකාය චන්දවිමල හාමුදුරුවන්ගේ "විදර්ශනා භාවනා ක්‍රමය", "විසුද්ධි මග්ගය" වගේ ග්‍රන්ථත් ප‍රිශීලනය කරලා බලහන්.

    බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නා හිමියන් විසින් "විදර්ශනා භාවනා ක්‍රමය" පොතට ලියූ ප්‍රස්ථාවනාවේ සදහන් කොටසක් මෙසේය,

    "සියල්ල තතු වූ පරිදි දත් සර්වඥ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ සර්වප්‍රකාර පරිපූර්ණ ධර්මය අනුව සිතා බලන්නහුට, බාහිර සමයාගත ඒ සියලු භාවනා ක්‍රම ම ශමථ පක්‍ෂයෙන් වුව ද, අසම්පූර්ණ බව දැක්ක හැකිය. විදර්ශනා භාවනාවෙක් බාහිරකයන ට කොයින් ද? ලොව සියලු සංස්කාර, අනිත්‍ය දුක්ඛ වශයෙනුත්, සියලු ධර්ම අනාත්ම වශයෙනුත්, ඉගැන්වෙන බෞද්ධ විදර්ශනා භාවනා ක්‍රමය එකී සියලු ම ක්‍රම පරදවා ශ්‍රේෂ්ඨ ස්ථානය ගනී. එයට නොහසු වන කිසි ද දහමෙක්, කිසි ද භවයෙක නැත. පරසමයවාදීන් නොයෙක් සැටියෙන් වණන ඔවුන්ගේ පරිකල්පිත ආත්මය ද, ශිව විෂ්ණු ජෙහෝවා ආදී පදාර්ථ ද, ත්‍රිලක්ෂණ භාවනාවට හසුව නිශ්ශෝභව වැටී යයි. ඒ ආත්ම නොව අනාත්ම ම වෙයි. "

    ---බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නා හිමියෝ---

    උඹට ඉතින් මේවා වැඩක් නැහැනේ. හැබැයි නුවණින් විමසා බලන උනුත් ඉන්නවනේ ඒකයි දැම්මේ.
     
    හොඳයි හොඳයි නුවනැති මිත්‍රය. බොහොම ස්තුතියි දැනුවත් කලාට. ඔය නුවන පාවිච්චි කරල හැකි ඉක්මනින් නිවන්මගට යොමු වෙන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව.

    P.S. BTW, භාවනාව මොකද්ද, කරන්නෙ කොහොමද කියන දේත් දාපන් තරහ නැතිව. සීරියස් අහන්නෙ
     
    Last edited:
    • Love
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ලංකාවේ සෝවාන් උන අය නැද්ද දැන් ??
    ඉන්නවා. හොයාගන්න එකයි අමාරු සහෝ.

    ඒකෙත් දෙගොල්ලක් ඉන්නවා. ජාති සෝතාපන්න හා මේ ජාතියේ සෝතාපන්න වුන උත්තමයෝ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ලංකාවේ සෝවාන් උන අය නැද්ද දැන් ??
    ඉන්නවා.. භාවනා කරන කෙනෙක් නම් ගැටළු තියෙනවා නම් ඉස්සරහට යන්න සැබෑ මග ඵල ලාභීන් ගාවට යොමු කරන්න පුළුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,792
    167,445
    113
    එකමත් එක රටක
    ඉන්නවා. හොයාගන්න එකයි අමාරු සහෝ.

    ඒකෙත් දෙගොල්ලක් ඉන්නවා. ජාති සෝතාපන්න හා මේ ජාතියේ සෝතාපන්න වුන උත්තමයෝ

    ඒ සෝවාන් උන අය මේ කියන විදියට තව කෙනෙක්ගේ බණ අහල සෝවාන් උන අයද ?? එහෙනම් ඒ කාගෙන් බණ අහලද ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    LOL ඔච්චර කලබල වෙන්න ඕනි නෑ මචන් :lol:
    මම "සක්කාය දිට්ඨිය" කියන්නේ මොකද්ද කියලා ඇහුවේ, "භාවනාවෙන් සෝවාන් වෙන්න බෑ" කියලා කියන නිසා.
    සක්කාය දිට්ඨිය මොකද්ද ඇහුවාම, ආසය- අනුසය ගැනයි, විඤ්ඤාණය ගැනයි ඇදගෙන හත්පොලේ ගාගන්න ඕනි නෑනේ. සක්කාය දිට්ඨිය කියන්නේ "මමත්ව‍යේ දැඩි බව බිද දැමීම" කියලා සරලව කියන්න පුළුවන් කම තියෙද්දි.
    භාවනාවෙන් සෝවාන් භාවයට පත් වෙන්න බෑ කියලා කොහෙවත් නෑනේ බන්. කවුරුහරි කෙනෙක් කියන පලියට ඒකම එකම සත්‍ය කියලා අල්ලන් දගලන එක හරි නෑනේ. අනෙක් උන්ටත් දෙන්නේ වරදි දැක්මක්නේ.
    රේණුකාය චන්දවිමල හාමුදුරුවන්ගේ "විදර්ශනා භාවනා ක්‍රමය", "විසුද්ධි මග්ගය" වගේ ග්‍රන්ථත් ප‍රිශීලනය කරලා බලහන්.

    බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නා හිමියන් විසින් "විදර්ශනා භාවනා ක්‍රමය" පොතට ලියූ ප්‍රස්ථාවනාවේ සදහන් කොටසක් මෙසේය,

    "සියල්ල තතු වූ පරිදි දත් සර්වඥ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ සර්වප්‍රකාර පරිපූර්ණ ධර්මය අනුව සිතා බලන්නහුට, බාහිර සමයාගත ඒ සියලු භාවනා ක්‍රම ම ශමථ පක්‍ෂයෙන් වුව ද, අසම්පූර්ණ බව දැක්ක හැකිය. විදර්ශනා භාවනාවෙක් බාහිරකයන ට කොයින් ද? ලොව සියලු සංස්කාර, අනිත්‍ය දුක්ඛ වශයෙනුත්, සියලු ධර්ම අනාත්ම වශයෙනුත්, ඉගැන්වෙන බෞද්ධ විදර්ශනා භාවනා ක්‍රමය එකී සියලු ම ක්‍රම පරදවා ශ්‍රේෂ්ඨ ස්ථානය ගනී. එයට නොහසු වන කිසි ද දහමෙක්, කිසි ද භවයෙක නැත. පරසමයවාදීන් නොයෙක් සැටියෙන් වණන ඔවුන්ගේ පරිකල්පිත ආත්මය ද, ශිව විෂ්ණු ජෙහෝවා ආදී පදාර්ථ ද, ත්‍රිලක්ෂණ භාවනාවට හසුව නිශ්ශෝභව වැටී යයි. ඒ ආත්ම නොව අනාත්ම ම වෙයි. "

    ---බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නා හිමියෝ---

    උඹට ඉතින් මේවා වැඩක් නැහැනේ. හැබැයි නුවණින් විමසා බලන උනුත් ඉන්නවනේ ඒකයි දැම්මේ.
    මුන්ට තියෙන්නේ එකම ප්‍රශ්ණයයි.
    කවුරු හරි බේගලයක් කිව්වම විශේෂයෙන් මුන් සරණ ගියපු වලස්මුල්ල අභය ක්‍රිස්තියානි පාදිලි තුමා කියන බේගලයක් ඒ වගේම ධර්ම විකෘථිකයෙක් කියනවා නම් නිවන් යන්න ෂෝට් කට් එකක් කියනවා නම් ඒක ගැන thread 100ක් දායි..
    සැබෑ ධර්ම මාර්ගය, සැබෑ බුදු බණ ගැන කිසිම දැනුමක් නෑ. මුන් වළඳ ගත්ත රිමික්ස් බණ කරේ තියන් පොර ටෝක් දෙනවා...මහා මුලාවකට අහුවෙලා කියලා තේරුම් ගන්න තරම් නුවනක් නෑ.😁😁😁
    සම්ප්‍රදායට පහර දීලා ලේසි පාරවල් කියලා ත්‍රිපිටකයෙහි ඉරි ඇඳල වැරදි තේරුමක් දෙනවා... ධර්මය නොදත් අඳ බාලයෝ ඉතින් එහෙයි ස්වාමීනි කියලා පිළිගන්නවා..😄😄😄
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඒ සෝවාන් උන අය මේ කියන විදියට තව කෙනෙක්ගේ බණ අහල සෝවාන් උන අයද ?? එහෙනම් ඒ කාගෙන් බණ අහලද ?
    ඔය ප්‍රශ්න වලට පැහැදිලි උත්තර බලාපොරොත්තු වෙන්න එපා මල්ලි. භාවනා භාවනා ගෑවට බලපන්කො ඒකටවත් හරි හමන් උත්තරයක් එයිද කියල. උපරිම උනොත් කව්රුහරි ස්වාමින් වහන්සේ නමකගෙ පොතක් හරි දේශනයක් හරි quote කරයි. ඔච්චර තමයි නිවන් මග. ප්‍රයෝගිකව කරල අත්දැකීමක් නෑ.

    ආ තව දෙයක් පොඩ්ඩක් අහල දැනගන්න බලපන් අර කිව්ව හරියට සෝවාන් උන ස්වාමින් වහන්සේලා කව්ද කොහෙද ඉන්නෙ කියල. අඩුම ගානෙ දේශනාවක් හරි අහන්න පුළුවන් විදිහක්. දැනගත්තොත් හැමෝටම යහපතක්නෙ.
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    යම් දහම් කරුණක් පිළිබඳව කිසිම තාර්කික සිතුවිල්ලක් පහල නොවේද එයයි බුදු හාමුදුරුවෝ වදාළ පිවිතුරු දහම.
    Me kotasa thawa tikak withara pahadili karala kiyanda puluwanda.
     
    • Like
    Reactions: The Kingslayer

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    හරියට සෝවාන් උන ස්වාමින් වහන්සේලා ඉන්නව කියල දාල තිබුන නිසා මේ දේ ගැනත් කියන්න අදහස් කලේ. අමතක නොකර අහන්න ඕන වැදගත්ම දේ, ඒ ස්වාමින් වහන්සේලා යම් කිසි මාර්ග පලයක් ලබල බව දැන ගත්තෙ කොහොමද කියන එක. මොකද හේතුව, එහෙම අය ඉන්නව කියල දැන් කියන ඔය ජෝකර්ලම තමයි දැනට ටික කාලෙකට කිය කිය ගියෙ මාර්ග ඵල ලැබුවෙක් ඒක කියන්නෙ නෑ කියල. හැබැයි ධර්මයෙ එහෙම කතාවක් කියල නැහැ. එතකොට මේ පුද්ගලයන්ට අනුව හිතුවොත් මතු වෙන ප්‍රශ්නේ තමයි එහෙම මාර්ග ඵල ලැබුවෙක් තමන්ගෙ මාර්ග ඵලය කියන්නෙ නැත්තන් එහෙම ඉන්නව කියන කෙනා කොහොමද ඒක දැනගත්තෙ කියල. පරස්පරයි නේද?

    අනික සම්ප්‍රදායට පහර දෙන කතාවකුත් දැක්ක. බුදුන් දවසත් එහෙම නේද උනේ. බුද්ද දේශනාව සමාජගත වෙනකොට එතෙක් සමාජයේ ආදිපත්‍ය තියාගෙන හිටපු සාම්ප්‍රදායික බමුණු දහමට පහර වැදුන නේද? එතකොට බුද්ද දේශනාව සම්ප්‍රදාය තුල පැවතුන දෙයක්ද එයින් එපිට තිබුන දෙයක්ද, දැන් මේ කියන සම්ප්‍රදාය තුල පවතින්නේ බුදු දහමද අර ඉස්සර තිබුන වගේ බමුණු දහමද කියල තීරණය කර ගන්න එක මේක බලන ඔබ තුමාලගෙ බුද්දියට බාරයි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,350
    2,214
    113
    LOL ඔච්චර කලබල වෙන්න ඕනි නෑ මචන් :lol:
    මම "සක්කාය දිට්ඨිය" කියන්නේ මොකද්ද කියලා ඇහුවේ, "භාවනාවෙන් සෝවාන් වෙන්න බෑ" කියලා කියන නිසා.
    සක්කාය දිට්ඨිය මොකද්ද ඇහුවාම, ආසය- අනුසය ගැනයි, විඤ්ඤාණය ගැනයි ඇදගෙන හත්පොලේ ගාගන්න ඕනි නෑනේ. සක්කාය දිට්ඨිය කියන්නේ "මමත්ව‍යේ දැඩි බව බිද දැමීම" කියලා සරලව කියන්න පුළුවන් කම තියෙද්දි.
    භාවනාවෙන් සෝවාන් භාවයට පත් වෙන්න බෑ කියලා කොහෙවත් නෑනේ බන්. කවුරුහරි කෙනෙක් කියන පලියට ඒකම එකම සත්‍ය කියලා අල්ලන් දගලන එක හරි නෑනේ. අනෙක් උන්ටත් දෙන්නේ වරදි දැක්මක්නේ.
    රේණුකාය චන්දවිමල හාමුදුරුවන්ගේ "විදර්ශනා භාවනා ක්‍රමය", "විසුද්ධි මග්ගය" වගේ ග්‍රන්ථත් ප‍රිශීලනය කරලා බලහන්.

    බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නා හිමියන් විසින් "විදර්ශනා භාවනා ක්‍රමය" පොතට ලියූ ප්‍රස්ථාවනාවේ සදහන් කොටසක් මෙසේය,

    "සියල්ල තතු වූ පරිදි දත් සර්වඥ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ සර්වප්‍රකාර පරිපූර්ණ ධර්මය අනුව සිතා බලන්නහුට, බාහිර සමයාගත ඒ සියලු භාවනා ක්‍රම ම ශමථ පක්‍ෂයෙන් වුව ද, අසම්පූර්ණ බව දැක්ක හැකිය. විදර්ශනා භාවනාවෙක් බාහිරකයන ට කොයින් ද? ලොව සියලු සංස්කාර, අනිත්‍ය දුක්ඛ වශයෙනුත්, සියලු ධර්ම අනාත්ම වශයෙනුත්, ඉගැන්වෙන බෞද්ධ විදර්ශනා භාවනා ක්‍රමය එකී සියලු ම ක්‍රම පරදවා ශ්‍රේෂ්ඨ ස්ථානය ගනී. එයට නොහසු වන කිසි ද දහමෙක්, කිසි ද භවයෙක නැත. පරසමයවාදීන් නොයෙක් සැටියෙන් වණන ඔවුන්ගේ පරිකල්පිත ආත්මය ද, ශිව විෂ්ණු ජෙහෝවා ආදී පදාර්ථ ද, ත්‍රිලක්ෂණ භාවනාවට හසුව නිශ්ශෝභව වැටී යයි. ඒ ආත්ම නොව අනාත්ම ම වෙයි. "

    ---බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නා හිමියෝ---

    උඹට ඉතින් මේවා වැඩක් නැහැනේ. හැබැයි නුවණින් විමසා බලන උනුත් ඉන්නවනේ ඒකයි දැම්මේ.

    Muchan..methana godak nogalapeem tiyenawa...

    "සක්කාය දිට්ඨිය කියන්නේ "මමත්ව‍යේ දැඩි බව බිද දැමීම" koheda mehema ekak kiyala tiyenne... kochara dadhi bawak da mee katha karanne...dadhi bawa keeyakin adu unoth da sakkaya dittiya duwenne... poddak kalpana karala balapan...

    bawanawen sowan wenna baa kiyala..kohewath kiyala naa.... dan bari hama ekakma kiyanna oni da.... karuwu hari kiyanna oni da dan nida ganna eken sowan wenna baa kiyala?..

    ලොව සියලු සංස්කාර, අනිත්‍ය දුක්ඛ වශයෙනුත්, සියලු ධර්ම අනාත්ම වශයෙනුත්, ඉගැන්වෙන බෞද්ධ විදර්ශනා භාවනා ක්‍රමය එකී සියලු ම ක්‍රම පරදවා ශ්‍රේෂ්ඨ ස්ථානය ගනී. එයට නොහසු වන කිසි ද දහමෙක්, කිසි ද භවයෙක නැත.

    meke dan bawana kaanna kalinda kiyala denne anicca dukka anatma..bawana karata passeda?

    Sowan wenawa kiyana eke teruma mokakda kiyala poddak hoyala balapan muchan...ethakota terei eka kohomda wenne kiyala

    good luck!
     
    • Like
    Reactions: shadow134

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    හොඳයි හොඳයි නුවනැති මිත්‍රය. බොහොම ස්තුතියි දැනුවත් කලාට. ඔය නුවන පාවිච්චි කරල හැකි ඉක්මනින් නිවන්මගට යොමු වෙන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව.

    P.S. BTW, භාවනාව මොකද්ද, කරන්නෙ කොහොමද කියන දේත් දාපන් තරහ නැතිව. සීරියස් අහන්නෙ

    භාවනාව කියන කාරණාව දීර්ඝ වශයෙන් විස්තර කළ යුක්තකි. භාවනාව කුමක් දැයි යන්නට පමණක් කෙටියෙන්,සංක්ෂිප්තයෙන් ප්‍රත්‍යකෂ ඥානයෙන් නොව, අනුමාන ඥානයෙන් මම දන්නා තරමින් පිළිතුරක් කොටන්නම්.
    ---------------------------------

    භාවනාව දේශයෙන් දේශයට, සංස්කෘතියෙන් සංස්කෘතියට, දර්ශනයෙන් දර්ශනයට වෙනස් ස්වරූප උසුලන්නකි. මෙහිලා වැදගත් වන්නේ බෞද්ධ දර්ශනය හා සම්බන්ධ වූ භාවනාවයි. බෞද්ධ භාවනාව වූ කලී බෞද්ධ දර්ශණයටම අනන්‍යය වූවකි. එය වෙනත් දර්ශණයකින් උගත හැකි නොවේ. එබදු වූ බෞද්ධ භාවනාව කොටස් දෙකකි.

    • සමථ භාවනා
    • විදර්ශනා භාවනා
    -----------------------------------
    සමථ භාවනාව නම් සිත එක අරමුණක පිහිටුවා ගැනීමයි. එක අරමුණකට පැමිණි සිත සමාධිගත වේ. සමාහිත වේ. ඒ නිසාම "චිත්තං සමේතීති සමථො" යැයි කියති. සමථ භාවනාව වඩන කල්හි ධ්‍යාන සිත් උපදිති.(ධ්‍යාන පිළිබදව මෙහිලා විස්තර කිරීම අනවශ්‍ය යැයි සිතමි.)

    සමථ භාවනාවෙන් වෙන අනෙක් වැදගත්ම කාරණාව "පංචනීවරණ" යටපත් කිරීමයි. පංචනීවරණ යනු "කුසලය මෙන්ම නිවන් මග ද ආවරණය කරන ක්ලේශයන්ය." (ඇලීම,තරහව,අලසකම වගේ දෑය.) සමථ භාවනාව වැඩීමෙන් මේ ක්ලේශයෝ තාවකාලික්ව යටපත් වී යති. එසේ තාවකාලිකව කෙලෙස් යටපත් කිරීම "විෂ්කම්භන ප්‍රහාණ" නමි. මෙය තාවකාලිකය. මේ ක්ලේශයෝ සමාධියෙන් (ධ්‍යානයෙන්) පිරිහුණු විටෙක නැවත මතු වෙති. ධර්ම අවබෝධයට සමාධිමත් සිතක් අත්‍යාවශ්‍යය වේ. නොයෙකුත් සිතුවිලි වලින් පිරුණු සිතකට යමක් වටහාගත නොහැකි බව අමුතුවෙන් කිව නොහේ. ඒ සදහා සමාධි භාවනාවෙන් ලැබෙන පිටුවහල සුළුපටු නොවේ.

    බුදුරජාණන් වහන්සේ සමාධි භාවනාව වඩන ලෙස දේසනා කළ සේක්ද?
    පැහැදිලිවම.

    "සමාධිං භික්ඛවෙ භාවෙය්‍යාථ, සමාහිතො භික්ඛවෙ භික්ඛු යථා භූතංපජානාති."
    (මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, සමාධිගත මහණ යථාභූතව - ඇති සැටි දනී.) [සං.නි. සමාධිභාවනා සූත්‍රය]

    බහුල කරණ ලද, සමාධි භාවනාවක්, ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස පවතියිද, එබඳු සමාධි භාවනාවක් ඇත.)[අං.නි. සමාධිභාවනා සූත්‍රය]

    (සමසත්ළිස් කර්මස්ථාන, රාග,දෝස ආදි චරිත ස්වභාව අනුව කර්මස්ථාන තෝරා ගන්නා ආකාරය ද සේනාසන තෝරාගන්නා ආකාරයද විස්තර නොකරමි.)
    ------------------------------------

    සමාධි භාවනාව තුළින් නිර්වාණය සාක්ෂාත් කරගත හැකි නොවේ. ඒ සදහා විදර්ශනා භාවනාව වැඩිය යුතුය. සමාධියෙන් කරණු ලබන්නේ "විදර්ශනාව වැඩීමට සුදුසු මානසිකතත්වයක් ලබා දීමයි. (සීල-සමාධි-ප්‍රඥා)
    නිර්වාණය අවබෝධයට විදර්ශනා භාවනාවම උපයෝගි වේ.

    විදර්ශනාව තරම්ක් සංකීරණය. දීර්ඝ වශයෙන්ම විවරණය කළ යුත්තකි.
    -------------------------------

    (වි+දස්සනා) විදස්සනා යනු විශේෂ වූ දැකීමකි. ඒ විශේෂ වූ දැකීම ඇති කර ගැනීමට අනුගමනය කරනු ලබන වැඩපිළි වෙල විදර්ශනා භාවනාව නමි.

    ඔබ මිනිසෙකු දුටු විට "පුද්ගලයෙකු ලෙස ඔහුව දකි" ඒ සාමාන්‍යය දැකීමයි. නමුත් විදර්ශනාවෙන් එය දකී නම්, පුද්ගලයෙකු නොමැත. ස්කන්ධ පහක එකතුවක් පමණක් තිබේ. මේ ආදී වශයෙන් විශේෂ කොට දකිති. මෙනෙහි කරති. එතැනිණ් නවතින්නේ නොවේ. ඒ පංචස්කන්ධය අනිත්‍ය ලෙස දකියි. දුක්ඛ ලෙස දකී. අනාත්ම ලෙස දකී.

    ඔය කරුණ පිළිබද විසුද්ධි මග්ගයේ රසවත් කථාවක් සදහන් වේ. (පිළිතුර දිගු වුවත් එය වැදගත් යැයි හැගෙන බැවින් කොටමි.)

    එක්තරා කාන්තාවක් සැමියා සමග රණ්ඩු වී දෙමාපියන්ගේ නිවෙස් බලා යයි. එසේ යන ඇය ශාන්තව වඩින භික්ෂුවක් දකී. ඒ භික්ෂුව පිළිබද සිතක් පහළ වන ඕ තොමෝ ඒ භික්ෂුවට ඇසෙන සේ සිනාසීය. ඒ භික්ෂුව ද ඇය දෙස බලන්නේ ඇයගේ දත් දෙස බලා (අස්ථික කර්මස්ථාන කොට) විදසුන් වඩා එහිම රහත් විය.

    පසුව ටික වේලාවකින් ඇයගේ සැමියා ඇය සොයා ආවේය. එහිදි රහත් වූ ථෙර නම දැක මෙතැනින් කාන්තාවක් ගියේ දැයි ඇසීය. එවිට රහතන් වහන්සේ මෙසේ කීහ, "ස්ත්‍රියක් ද පුරුෂයෙක් ද නොදනිමි. ඇටසැකිල්ලක් නම් මේ මාර්ගයෙහි ගමන් කරණු දුටුවේය."

    විදර්ශනාව එවැනිය.
    ----------------------------------------

    "අස්මිමානය බිහිවීමට හේතුවූ පංච උපාදානස්කන්ධකය පිළිබදව අනිච්ච, දුක්ඛ, අනාත්ම වශයෙන් දකිමින්, මම ය, මාගේය ආදී දෘෂ්ටීන් නොගෙන යථා ස්වරූපයෙන් දැකීම වශයෙන් වැඩීම විදර්ශනා භාවනවයි."

    (අනිච්චාදිවසේන විවිධෙහි ආකාරේහි පස්සතීති විපස්සනා)

    ඒ අනුව විදර්ශනාව යනු පංචස්කන්ධය පිළිබද ව අනිච්ච, දුක්ඛ, අනාතම ලෙස ඇති සැටියෙන් දැකීමයි. (මේ කාරණාව හොදින් වටහා ගැනීමට නම් පංචස්කන්ධය යනු කුමක් ද? අනිච්ච, දුක්ඛ, අනාතම යනු කුමක්ද? ඇති සැටියෙන් දැකීම කුමක් දැයි දැන සිටිය යුතුය. මෙහිලා එය විස්තර කිරීම උගහටය.)

    සීලයෙහි පිහිටි පුද්ගලයා සෝතාපන්නභාවයටත්, සෝවාන් පුද්ගලයා සකෘදාගාමිත්වයටත්, සකෘදාගාමි පුද්ගලයා අනාගාමී භාවයටත්, අනාගාමී පුද්ගලයා රහත් භාවයටත් පැමිණීම පිණිස විදසුන් වඩයි. රහතන් වහන්සේලාද දිට්ඨධම්ම සුඛවිහාරය පිණිස විදසුන් වඩයි.
    -----------------------------

    මහණෙනි, ශ්‍රාවකයනට හිත කැමැති අනුකම්පා ඇති ශාස්තෘවරයකු විසින් අනුකම්පාවෙන් යමක් කළයුතු ද, එය මා විසින් තොපට කරනලදි. මහණෙනි, මේ වෘක්‍ෂමූලයෝ ය, මේ ශුන්‍යාගාරයෝ ය. මහණෙනි, ධ්‍යාන කරවු. පමා නොවවු. පසුව විපිළිසර නොවවු. මේ තොපට අපගේ අනුශාසනා යි.

    "යං භික‍්ඛවෙ සත්‍ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම‍්පං උපාදාය, කතං වො තං මයා. එතානි භික‍්ඛවෙ රුක‍්ඛමූලානි, එතානි සුඤ‍්ඤාගාරානි. ඣායථ භික‍්ඛවෙ, මා පමාදත්‍ථ, මා පච‍්ඡා විප‍්පටිසාරිනො අහුවත්‍ථ. අයං වො අම‍්හාකං අනුසාසනීති." [ම.නි ද්වේධා විතක්ක සූත්‍රය]
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    සක්කාය දිට්ඨිය කියන්නේ "මමත්ව‍යේ දැඩි බව බිද දැමීම" කියලා සරලව කියන්න පුළුවන් කම තියෙද්දි.
    භාවනාවෙන් සෝවාන් භාවයට පත් වෙන්න බෑ කියලා කොහෙවත් නෑනේ බන්.

    සක්කායදිට්ඨිය කියන්නේ මමත්වයේ දැඩි බව කියලා කියන්නේ "රාජගිරියේ අරියඥාන හාමුදුරුවො" යි.
    මමත් අවුරුදු ගානක් උන්වහන්සේගේ ධර්මදේශනා ඇහුවා

    ත්‍රිපිටකයේ පැහැදිළිවම තියනවා
    * "සක්කාය" කියන්නේ මොකක්ද,
    * "සක්කාය දිට්ඨිය" කියන්නේ මොකක්ද,
    * "සක්කායදිට්ඨිය නැති කරන්නේ කොහොමද" කියලා.

    සක්කායයි, සක්කායදිට්ඨියයි කියන්නේ මොකක්ද කියලා කලින් පිටුවේ දැම්ම නිසා සක්කායදිට්ඨිය නැතිකරගන්න විදිහ මේ විදිහටයි ත්‍රිපිටකයේ තියෙන්නේ.

    "මහණ, ඇස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. රූ දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්ෂුර්විඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වෙදනායෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ"

    (සංයුත්‌ත නිකාය, සළායතන වර්ගය, සළායතන සංයුක්තය, සක්කායදිට්ඨිප්පහාන සූත්‍රය)

    https://www.thripitakaya.org/tipitakaya/Index/127?s=1678

    ඇසට ඔය වගේම තමයි කනට, නාසයට, දිවටත්.....

    එතකොට ඔය කිව්වේ මොකක්ද?
    ඇසේ පහස කියන්නේ ආශ්වාදය. එතකොට ඔය කියන්නේ පංච උපාධානස්ක්නධය ගැනයි.

    ඇස, කන, දිව....ඔය වගේ අපේ ආයතන 6 ට එන අරමුණු "ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා'ති" කියලා ගත්තම තමයි පංච උපාධානස්කන්ධයක් හැදෙන්නේ.
    එහෙම ගන්න එක පෘතජනයාගේ උපන් ගෙයි දෝසයක්

    ඔය උපාධානස්කන්ධය නැතිකරගන්න එකයි මුළු බුද්ධ දේශනාව පුරාවටම හැම සූත්‍රයකම තියෙන්නේ

    * බුද්ධ දේශනාවේ භාවනාව කියන්නේ ඕකටයි.
    * ඔය ටික නොකරන කිසිම දෙයක් භාවනාවක් නෙවෙයි
    * විදර්ශනාව කියන්නෙත් ඕකටමයි.

    සක්කායදිට්ඨිය කියන්නේ ඔය ආයතන වලට එන අරමුණු අල්ලගන්න නිසා එන දෘෂ්ඨියක්.

    එතකොට ඒ දෘෂ්ඨිය කැඩෙන්නේ ඔය ආයතන ටිකට එන අරමුණු "නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා'ති" කළොත් විතරයි

    • Like
    Reactions: mr90486