පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනව සිඞ්හලු කිහිප දෙනෙක්ගෙන්ම ඇහුවාම උන් හිනා වුනා![]()
පුළුවන්නම් හිනා වෙන්නැතුව කියා දෙන්න![]()
ඔය මීම්ස් වල එහෙම තියෙන්නෙ බං බෝට්ටුවක් තියෙනව බෝට්ටුව ඉස්සරහ කාන්දමක්. බෝට්ටුවෙ යන එකා බිලී පිත්තකිං තව කාන්දමක් අල්ලං බෝට්ටුව කාන්දම් බලෙන් ඉස්සරහට ඇදං යනව.![]()
ඔව් මේක වෙන්න බෑ එල්ලෙන කාන්දම ඇවිත් බෝට්ටුවෙ කාන්දමේ ඇලෙනව..![]()
ඒත් හයිය ලී කෑල්ලක වගේ කාන්දම හයි කලා නම් ඇයි බෝට්ටුවට ඉස්සරහට යන්න බැරි ?
බෝට්ටුවෙ කාන්දම හයි කල්ල තියෙන කාන්දමෙන් අදිනව ඒකෙන් බෝට්ටුව ඇදෙනව ?![]()
කාන්දම් පොඩි නිසා ලොකු වෙන්න ලොකු වෙන්න බර වැඩිවෙන නිසා යන්න අමාරු වෙයි ඒත් කිසිම රැල්ලක් ගහන්නැති ජලාශෙක බෝට්ටුව පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න ඕනෙ නේද ?![]()
කෝච්චියකට වගේ ඉස්සරහිං හයි කලොත් පොඩ්ඩක් හරි ඉස්සරහට යනව ඉතුරු ටික තෙල් වලිං ගන්නව එතකොට තෙල් එහෙම ඉතුරුයිනෙ![]()
අනික ඇයි බං ඔය ජල විදුලි බලාගාර වතුර නෑ කියල නවත්තන්නෙ ?![]()
වතුර අරං කරන්ට් එක නිපදවල ඒ කරන්ට් එකෙන් වතුර ඔක්කොම ඕන්නෑ පොඩ්ඩක් ආපහු ජලාශෙ උඩට පොම්ප කරානම් හරිනෙ ?
එතකොට සාමාන්‍යයෙන් නිපදවන කාලෙට වඩා වැඩි කාලයක් ජලවිදුලිය ලබාගත්තෑකිනෙ ජලාශෙ හිස්වෙන්න කල් යන නිසා ?![]()
![]()
01 ... කාන්දම් කේස් එක....

මචන් බෝට්ටුවයි , කාන්දම් කෑලි දෙකයි හයි වෙන්නේ එකම තලයකනේ උඹේ උදාහරණෙ හැටියට... එතකොට කාන්දම් කෑලි දෙකෙන් එකිනෙක ඇති වෙන ආකර්ශනය ක්‍රියාත්මක වෙන්නේ එකම තලේට .... ඉතින් බෝට්ටුව ඇදෙනවා වෙනුවට කාන්දම් කෑලි දෙක ලං වෙන්න හදනවා විතරයි..

හැබැයි උඹ එක කාන්දමක් වෙනත් තලේකට ගෙනිච්චොත් ( ඒ කිව්වේ බෝට්ටුවෙන් ඉවත් කලොත් ) බෝට්ටුව ඒ කාන්දම් කෑල්ල සවි උන තලේට ඇදෙනවා.... හැබැයි මචන් කාන්දම් කෑල්ල ස්ථාවරව තියෙන්නේ නම් ශක්තිමත් තැනක හයි වෙන්න ඕනේ.. නැත්නම් බෝට්ටුව වෙනුවට කාන්දම ඇදිලා එනවනේ බෝට්ටුව දිහාට..

ඊ ලඟට තමයි වැදගත්ම පාර්ට් එක.. උඹට ඕනෙම ටික... දිගින් දිගටම බෝට්ටුව ඉස්සරහට ඇදි ඇදී එන්න නම් , බෝට්ටුව ලන් වෙන්න වෙන්න වෙනත් තලයක පිහිට වූ කාන්දමත් තව ඉස්සරහට ගෙනියන්න ඕනේ ( බෝට්ටුවේ තියෙන කාන්දමෙන් ඇති කරන ආකර්ෂණ ශක්තියත් ඉක්මවමින් )... නැත්නම් වෙන්නේ ටොකොස් ගාලා බෝට්ටුව ගිහින් කාන්දමේ ඇලෙන එක..

ඉතින් මචන් කොච්චර නිසොල්මන් ජලයක උනත් එකම තලයක පිහිටි කාන්දම් දෙකක ආකර්ෂණ බලයෙන් උඹ ඉහත අදහස් කරපු දේ වෙන්නේ නැහැ.. කාන්දම් දෙක තල දෙකක තියන්නම ඕනේ.. තල දෙක ලං වෙන්න වෙන්න එක් තලයක් ඉදිරියට ගෙනියන්න ඕනේ .. ඒ දේට අමතර ශක්තියක් දෙන්නම ඕනේ...

( මේ කේස් එක උගන්නවා බන් ඒකලිත බල පද්ධති හරි මොකක් හරි තැනකදී.. කොහොම හරි පටන් ගන්නේ පෘතුවිය එසේ නැහැ කියලා.. ඒත් අන්තිමට ගාණ හදලා ඉවර වෙද්දී තේරෙනවා ප්රුතුවියත් එසේමයි කියලා.. මට මතක නැහැ මොන සෙමෙස්ටර් එකේද කියලා )
02 .. ජල විදුලිය
මචන් 100 W හදන්න ගැලුම් 30 ක ජලය ප්‍රමාණයක් අඩි 40 ක් උඩ සිට වැටෙන්න ඕනේ...මෙගා වොට් එකක් හදන්න නම් ගැලුම් 3200 ක් විතර ඕනේ ශක්ති හානිය එක්ක.. ප්‍රයෝගික වැලිව් ඔය කිව්වේ..

දැන් හිතපන් ගැලුම් 3200 ක් අඩි 40 ක් උඩට පොම්ප කරන්න මෙගා වොට් එහෙකින් බැහැ... ඒ වැඩේට ඕනේ වෙනවා මෙගා වොට් 1. 4 විතර ... එතනම වැඩේ පාඩුයිනේ මචන්...

උඹ කියන විදිහට 35 % වගේ ප්‍රමාණයක් නැවත පොම්ප කරා කියමු... ඒත් මචන් ගණන් හදලා බැලුවම අතින් පාඩුයි මචන්... අපිට අලුතෙන් තව කිලෝ වොට් 300 ක් විතර වැය කරන්න වෙනවා ...

__________________________
හැබැයි උඹ කියන දේ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා... ඒකට කියන්නේ රැම් පොම්ප කියලා. ඒ දේ මගින් උනත් චක්‍රීය ජල විදුළිය නම් හැදීම පාඩුයි.. නමුත් 100 % කිසිම ශක්ති ප්‍රභවයක් නැතුව අඩි 100 ක් උනත් උසට වතුර පොම්ප කරන්න පුළුවන්.... ( මූල ධර්මය හිටං පෘතුවි ගුරුත්වය ...)

Last edited:




