හිනා වෙන්නැතුව උත්තර දෙන්න

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනව සිඞ්හලු කිහිප දෙනෙක්ගෙන්ම ඇහුවාම උන් හිනා වුනා :sorry: :sorry:
    පුළුවන්නම් හිනා වෙන්නැතුව කියා දෙන්න :( :(
    ඔය මීම්ස් වල එහෙම තියෙන්නෙ බං බෝට්ටුවක් තියෙනව බෝට්ටුව ඉස්සරහ කාන්දමක්. බෝට්ටුවෙ යන එකා බිලී පිත්තකිං තව කාන්දමක් අල්ලං බෝට්ටුව කාන්දම් බලෙන් ඉස්සරහට ඇදං යනව. :oo: :oo:
    ඔව් මේක වෙන්න බෑ එල්ලෙන කාන්දම ඇවිත් බෝට්ටුවෙ කාන්දමේ ඇලෙනව.. :no: :no:
    ඒත් හයිය ලී කෑල්ලක වගේ කාන්දම හයි කලා නම් ඇයි බෝට්ටුවට ඉස්සරහට යන්න බැරි ? :eek:
    බෝට්ටුවෙ කාන්දම හයි කල්ල තියෙන කාන්දමෙන් අදිනව ඒකෙන් බෝට්ටුව ඇදෙනව ? :eek: :eek:
    කාන්දම් පොඩි නිසා ලොකු වෙන්න ලොකු වෙන්න බර වැඩිවෙන නිසා යන්න අමාරු වෙයි ඒත් කිසිම රැල්ලක් ගහන්නැති ජලාශෙක බෝට්ටුව පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න ඕනෙ නේද ? :eek: :eek:
    කෝච්චියකට වගේ ඉස්සරහිං හයි කලොත් පොඩ්ඩක් හරි ඉස්සරහට යනව ඉතුරු ටික තෙල් වලිං ගන්නව එතකොට තෙල් එහෙම ඉතුරුයිනෙ :eek: :eek:

    අනික ඇයි බං ඔය ජල විදුලි බලාගාර වතුර නෑ කියල නවත්තන්නෙ ? :oo: :oo:
    වතුර අරං කරන්ට් එක නිපදවල ඒ කරන්ට් එකෙන් වතුර ඔක්කොම ඕන්නෑ පොඩ්ඩක් ආපහු ජලාශෙ උඩට පොම්ප කරානම් හරිනෙ ? :eek:
    එතකොට සාමාන්‍යයෙන් නිපදවන කාලෙට වඩා වැඩි කාලයක් ජලවිදුලිය ලබාගත්තෑකිනෙ ජලාශෙ හිස්වෙන්න කල් යන නිසා ? :eek: :eek:

    01 ... කාන්දම් කේස් එක....:baffled:

    මචන් බෝට්ටුවයි , කාන්දම් කෑලි දෙකයි හයි වෙන්නේ එකම තලයකනේ උඹේ උදාහරණෙ හැටියට... එතකොට කාන්දම් කෑලි දෙකෙන් එකිනෙක ඇති වෙන ආකර්ශනය ක්‍රියාත්මක වෙන්නේ එකම තලේට .... ඉතින් බෝට්ටුව ඇදෙනවා වෙනුවට කාන්දම් කෑලි දෙක ලං වෙන්න හදනවා විතරයි..:baffled:

    හැබැයි උඹ එක කාන්දමක් වෙනත් තලේකට ගෙනිච්චොත් ( ඒ කිව්වේ බෝට්ටුවෙන් ඉවත් කලොත් ) බෝට්ටුව ඒ කාන්දම් කෑල්ල සවි උන තලේට ඇදෙනවා.... හැබැයි මචන් කාන්දම් කෑල්ල ස්ථාවරව තියෙන්නේ නම් ශක්තිමත් තැනක හයි වෙන්න ඕනේ.. නැත්නම් බෝට්ටුව වෙනුවට කාන්දම ඇදිලා එනවනේ බෝට්ටුව දිහාට..:)

    ඊ ලඟට තමයි වැදගත්ම පාර්ට් එක.. උඹට ඕනෙම ටික... දිගින් දිගටම බෝට්ටුව ඉස්සරහට ඇදි ඇදී එන්න නම් , බෝට්ටුව ලන් වෙන්න වෙන්න වෙනත් තලයක පිහිට වූ කාන්දමත් තව ඉස්සරහට ගෙනියන්න ඕනේ ( බෝට්ටුවේ තියෙන කාන්දමෙන් ඇති කරන ආකර්ෂණ ශක්තියත් ඉක්මවමින් )... නැත්නම් වෙන්නේ ටොකොස් ගාලා බෝට්ටුව ගිහින් කාන්දමේ ඇලෙන එක..:growl:

    ඉතින් මචන් කොච්චර නිසොල්මන් ජලයක උනත් එකම තලයක පිහිටි කාන්දම් දෙකක ආකර්ෂණ බලයෙන් උඹ ඉහත අදහස් කරපු දේ වෙන්නේ නැහැ.. කාන්දම් දෙක තල දෙකක තියන්නම ඕනේ.. තල දෙක ලං වෙන්න වෙන්න එක් තලයක් ඉදිරියට ගෙනියන්න ඕනේ .. ඒ දේට අමතර ශක්තියක් දෙන්නම ඕනේ...:(

    ( මේ කේස් එක උගන්නවා බන් ඒකලිත බල පද්ධති හරි මොකක් හරි තැනකදී.. කොහොම හරි පටන් ගන්නේ පෘතුවිය එසේ නැහැ කියලා.. ඒත් අන්තිමට ගාණ හදලා ඉවර වෙද්දී තේරෙනවා ප්රුතුවියත් එසේමයි කියලා.. මට මතක නැහැ මොන සෙමෙස්ටර් එකේද කියලා )

    02 .. ජල විදුලිය

    මචන් 100 W හදන්න ගැලුම් 30 ක ජලය ප්‍රමාණයක් අඩි 40 ක් උඩ සිට වැටෙන්න ඕනේ...මෙගා වොට් එකක් හදන්න නම් ගැලුම් 3200 ක් විතර ඕනේ ශක්ති හානිය එක්ක.. ප්‍රයෝගික වැලිව් ඔය කිව්වේ..:sorry:

    දැන් හිතපන් ගැලුම් 3200 ක් අඩි 40 ක් උඩට පොම්ප කරන්න මෙගා වොට් එහෙකින් බැහැ... ඒ වැඩේට ඕනේ වෙනවා මෙගා වොට් 1. 4 විතර ... එතනම වැඩේ පාඩුයිනේ මචන්...:nerd:

    උඹ කියන විදිහට 35 % වගේ ප්‍රමාණයක් නැවත පොම්ප කරා කියමු... ඒත් මචන් ගණන් හදලා බැලුවම අතින් පාඩුයි මචන්... අපිට අලුතෙන් තව කිලෝ වොට් 300 ක් විතර වැය කරන්න වෙනවා ... :(

    __________________________

    හැබැයි උඹ කියන දේ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා... ඒකට කියන්නේ රැම් පොම්ප කියලා. ඒ දේ මගින් උනත් චක්‍රීය ජල විදුළිය නම් හැදීම පාඩුයි.. නමුත් 100 % කිසිම ශක්ති ප්‍රභවයක් නැතුව අඩි 100 ක් උනත් උසට වතුර පොම්ප කරන්න පුළුවන්.... ( මූල ධර්මය හිටං පෘතුවි ගුරුත්වය ...) :dull:
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere

    .

    mekatat uttarayak diyanko ban

    hybrid wahanawala hybrid battery eka charge wenawane wahane yaddi
    eh kiyanne EV mode ekakdi wage
    (petrol engine eken power ganne natuwa)

    ehema issarahata yaddi ban wahane wheels walin dynamo ekakon wage power ekak ganna bari ai aye waahanetama?

    regen brake waladi ehema ekak wenawa
    eth ai nikan yaddith ehema karanna bari?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Pissuda bola. Magnet ekakin thawa magnet ekak adinnanan reference plane dekak thiyenna oni. Ekama plane ekak uda thiyeddi plane eke movement ekak athi wenne na. Ekko magnet deka ekata alei naththan mokuth nowee thiyei. Ehema infinite shakthiyak kohewath na :P
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    N♥K_forever;18885859 said:
    mekatat uttarayak diyanko ban

    hybrid wahanawala hybrid battery eka charge wenawane wahane yaddi
    eh kiyanne EV mode ekakdi wage
    (petrol engine eken power ganne natuwa)

    ehema issarahata yaddi ban wahane wheels walin dynamo ekakon wage power ekak ganna bari ai aye waahanetama?

    regen brake waladi ehema ekak wenawa
    eth ai nikan yaddith ehema karanna bari?

    මචන් මෙහෙම හිතපන් මගේ ළඟ තියෙනවා මෙගා වොට් 1ක .. ඩයිනමොවක්.. සිංගල් පේස් කියලා හිතමු දැනට.. ( සැබෑ ලෝකේ 1 MW සිංගල් පේස් ඩයිනමෝ නැහැ .. හදන්න බැරි නැහැ , වැඩේ පාඩුයි ඕවර්රෝල් ... )

    දැන් ඔය ඩයිනමොවේ වයර් දෙක නිකන්ම නිකම් කිසිම ලෝඩ් එකක් නැතුව තියෙනවා කියමු... අන්න එතකොට මට මගේ තනි අතින් ඩයිනමොවේ ආමේචර් එක කරකවන්න පුළුවන්.. හරිම නිදහසේ කැරෙකනවා ...

    මම ඩයිනමොවට 100 W බල්බ් එකක් සෙට් කරා කියමු... දැන් ඩයිනමෝව ටිකක් හිරට කැරකෙන බව තේරෙනවා...

    මම ඩයිනමොවට 200 W බල්බ් එකක් සෙට් කරා කියමු... දැන් ඩයිනමෝව තවත් ටිකක් හිරට කැරකෙන බව තේරෙනවා...

    මම ඩයිනමොවට 300 W බල්බ් එකක් සෙට් කරා කියමු... දැන් ඩයිනමෝව තවත් තවත් ටිකක් හිරට කැරකෙන බව තේරෙනවා...

    මම ඩයිනමොවට 800 w බල්බ් හයි කරා කියමු... දැන් මට ඩයිනමෝව කරකවන්න බැහැ... අශ්වයෙක් ගේන්න වෙනවා මේක කරකන්න... එච්චරට ආර්මෙචර් එක තදයි දැන්..

    ලෝඩ් එක වැඩි වෙන්න වෙන්න ඩයිනමෝව බදනවා...

    ______________________________

    හයිබ්‍රිඩ් එකේ වෙන්නෙත් මේ ටිකමයි... පැයට කිලෝමීටර් 40 න් චලනය වන කිලෝ 1000 ක වස්තුවක ගැබ් වූ චාලක ශක්තිය කොමපනද ...? ආන්න එකෙන් 30 - 65 % වගේ ප්‍රමාණයක් බැටරියට චාර්ජ් වෙනවා ෆුල් බ්‍රේක් වීමකදී ...... ( වාහනේ බර සහ වේගය අනුව... තේරෙනවනේ උඹට .. හැම දේම එකින් එක කියන්න උවමනා නැහැ නෙව සිංහලු )

    උඹ 250 w ලෝඩ් එකක් කපල් කරා කියන්නේ වාහනේ මෝටරෙන් ඒ බලයට සාපේක්ෂව බලයක් උරා ගන්නවා... බ්‍රේක් උනා කියලා අපිට තේරෙන්නේ ඒ දේ...

    ඒ නිසා බ්‍රේක් වීමකදී විතරයි නිකන්ම නිකම් බ්‍රෙක් ඩ්‍රම් අස්සේ විනාස වෙන්න ගිය චාලක ශක්තිය නැවත විද්‍යුත් ශක්තිය බවට පත් කරන්න පුළුවන් ... නිකරුණේ රෝද වලට ඩයිනමොවක් හයි කරන් ගියා කියමු... ඒකෙන් නිපදවෙන විදුලියට අවශ්‍ය ශක්තිය ගන්නෙත් පෙට්‍රල් පිච්චිලා එන එන්ජිමේ ශක්තිය මචන්... :dull:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මචන් මෙහෙම හිතපන් මගේ ළඟ තියෙනවා මෙගා වොට් 1ක .. ඩයිනමොවක්.. සිංගල් පේස් කියලා හිතමු දැනට.. ( සැබෑ ලෝකේ 1 MW සිංගල් පේස් ඩයිනමෝ නැහැ .. හදන්න බැරි නැහැ , වැඩේ පාඩුයි ඕවර්රෝල් ... )

    .
    .
    .
    .

    ඒ නිසා බ්‍රේක් වීමකදී විතරයි නිකන්ම නිකම් බ්‍රෙක් ඩ්‍රම් අස්සේ විනාස වෙන්න ගිය චාලක ශක්තිය නැවත විද්‍යුත් ශක්තිය බවට පත් කරන්න පුළුවන් ... නිකරුණේ රෝද වලට ඩයිනමොවක් හයි කරන් ගියා කියමු... ඒකෙන් නිපදවෙන විදුලියට අවශ්‍ය ශක්තිය ගන්නෙත් පෙට්‍රල් පිච්චිලා එන එන්ජිමේ ශක්තිය මචන්... :dull:
    :shocked: :eek:
    ammo ban mechhara siddiyak nam danagena hitiye na ..anikanmama commerce kale..
    adai danagathheth load eka wadiweddi dynamo eka thada wenawa kiyalath ..:baffled:

    thanku machan wisthareta
    rep+
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    01 ... කාන්දම් කේස් එක....:baffled:

    මචන් බෝට්ටුවයි , කාන්දම් කෑලි දෙකයි හයි වෙන්නේ එකම තලයකනේ උඹේ උදාහරණෙ හැටියට... එතකොට කාන්දම් කෑලි දෙකෙන් එකිනෙක ඇති වෙන ආකර්ශනය ක්‍රියාත්මක වෙන්නේ එකම තලේට .... ඉතින් බෝට්ටුව ඇදෙනවා වෙනුවට කාන්දම් කෑලි දෙක ලං වෙන්න හදනවා විතරයි..:baffled:

    හැබැයි උඹ එක කාන්දමක් වෙනත් තලේකට ගෙනිච්චොත් ( ඒ කිව්වේ බෝට්ටුවෙන් ඉවත් කලොත් ) බෝට්ටුව ඒ කාන්දම් කෑල්ල සවි උන තලේට ඇදෙනවා.... හැබැයි මචන් කාන්දම් කෑල්ල ස්ථාවරව තියෙන්නේ නම් ශක්තිමත් තැනක හයි වෙන්න ඕනේ.. නැත්නම් බෝට්ටුව වෙනුවට කාන්දම ඇදිලා එනවනේ බෝට්ටුව දිහාට..:)

    ඊ ලඟට තමයි වැදගත්ම පාර්ට් එක.. උඹට ඕනෙම ටික... දිගින් දිගටම බෝට්ටුව ඉස්සරහට ඇදි ඇදී එන්න නම් , බෝට්ටුව ලන් වෙන්න වෙන්න වෙනත් තලයක පිහිට වූ කාන්දමත් තව ඉස්සරහට ගෙනියන්න ඕනේ ( බෝට්ටුවේ තියෙන කාන්දමෙන් ඇති කරන ආකර්ෂණ ශක්තියත් ඉක්මවමින් )... නැත්නම් වෙන්නේ ටොකොස් ගාලා බෝට්ටුව ගිහින් කාන්දමේ ඇලෙන එක..:growl:

    ඉතින් මචන් කොච්චර නිසොල්මන් ජලයක උනත් එකම තලයක පිහිටි කාන්දම් දෙකක ආකර්ෂණ බලයෙන් උඹ ඉහත අදහස් කරපු දේ වෙන්නේ නැහැ.. කාන්දම් දෙක තල දෙකක තියන්නම ඕනේ.. තල දෙක ලං වෙන්න වෙන්න එක් තලයක් ඉදිරියට ගෙනියන්න ඕනේ .. ඒ දේට අමතර ශක්තියක් දෙන්නම ඕනේ...:(

    ( මේ කේස් එක උගන්නවා බන් ඒකලිත බල පද්ධති හරි මොකක් හරි තැනකදී.. කොහොම හරි පටන් ගන්නේ පෘතුවිය එසේ නැහැ කියලා.. ඒත් අන්තිමට ගාණ හදලා ඉවර වෙද්දී තේරෙනවා ප්රුතුවියත් එසේමයි කියලා.. මට මතක නැහැ මොන සෙමෙස්ටර් එකේද කියලා )

    02 .. ජල විදුලිය

    මචන් 100 W හදන්න ගැලුම් 30 ක ජලය ප්‍රමාණයක් අඩි 40 ක් උඩ සිට වැටෙන්න ඕනේ...මෙගා වොට් එකක් හදන්න නම් ගැලුම් 3200 ක් විතර ඕනේ ශක්ති හානිය එක්ක.. ප්‍රයෝගික වැලිව් ඔය කිව්වේ..:sorry:

    දැන් හිතපන් ගැලුම් 3200 ක් අඩි 40 ක් උඩට පොම්ප කරන්න මෙගා වොට් එහෙකින් බැහැ... ඒ වැඩේට ඕනේ වෙනවා මෙගා වොට් 1. 4 විතර ... එතනම වැඩේ පාඩුයිනේ මචන්...:nerd:

    උඹ කියන විදිහට 35 % වගේ ප්‍රමාණයක් නැවත පොම්ප කරා කියමු... ඒත් මචන් ගණන් හදලා බැලුවම අතින් පාඩුයි මචන්... අපිට අලුතෙන් තව කිලෝ වොට් 300 ක් විතර වැය කරන්න වෙනවා ... :(

    __________________________

    හැබැයි උඹ කියන දේ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා... ඒකට කියන්නේ රැම් පොම්ප කියලා. ඒ දේ මගින් උනත් චක්‍රීය ජල විදුළිය නම් හැදීම පාඩුයි.. නමුත් 100 % කිසිම ශක්ති ප්‍රභවයක් නැතුව අඩි 100 ක් උනත් උසට වතුර පොම්ප කරන්න පුළුවන්.... ( මූල ධර්මය හිටං පෘතුවි ගුරුත්වය ...) :dull:

    ඊ ලඟට තමයි වැදගත්ම පාර්ට් එක.. උඹට ඕනෙම ටික... දිගින් දිගටම බෝට්ටුව ඉස්සරහට ඇදි ඇදී එන්න නම් , බෝට්ටුව ලන් වෙන්න වෙන්න වෙනත් තලයක පිහිට වූ කාන්දමත් තව ඉස්සරහට ගෙනියන්න ඕනේ ( බෝට්ටුවේ තියෙන කාන්දමෙන් ඇති කරන ආකර්ෂණ ශක්තියත් ඉක්මවමින් )... නැත්නම් වෙන්නේ ටොකොස් ගාලා බෝට්ටුව ගිහින් කාන්දමේ ඇලෙන එක..

    අඩෝ මෙන්න මේ කෑල්ල කොහෙද තියෙන්නෙ ? :shocked: :shocked:
    පුළුවන්නම් මේ ටිකට කියවන්න පුළුවන් ලින්ක් එකක් හෝ මේකට ඉන්ග්‍රීසියෙන් කියන නම කියපංකො :shocked: :shocked:
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ඉතින් ඒ පද්ධතිය මතමනෙ බලය යෙදෙන්නෙ. උඹ වාහනයක් සීට් එකක වාඩිවෙලා ඉස්සරහ සීට් එක තල්ලු කරාට වාහනේ යන්නෙ නෑනෙ. ඒ වගේ

    100% ture :yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ඒකෙන් නිපදවෙන විදුලියට අවශ්‍ය ශක්තිය ගන්නෙත් පෙට්‍රල් පිච්චිලා එන එන්ජිමේ ශක්තිය මචන්... :dull:

    petrol ලීටර් 30 ක 100000 J තියෙනවා කියල හිතමු. කාර් එකේ රෝද වලට dynamo හයි කරලා වාහනේට magnet හයි කලොත් රෝද කැරකෙන වාරයක් ගානේ විදුලිය නිපදවෙනවා . ඒ විදුලිය නිසා අපට අඩුමවශයෙන් 50000J වත් ශක්තිය බැටෙරියක ගබඩා කර ගත හැකියි. ඒ බැටරියෙන් වාහනයට දුවන්න හැකියි නේද? ඒ කියන්නේ අපි petrol ගහන වාර ගණන අඩු වෙනවා කියන එක නේද? :dull:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අඩෝ මෙන්න මේ කෑල්ල කොහෙද තියෙන්නෙ ? :shocked: :shocked:
    පුළුවන්නම් මේ ටිකට කියවන්න පුළුවන් ලින්ක් එකක් හෝ මේකට ඉන්ග්‍රීසියෙන් කියන නම කියපංකො :shocked: :shocked:

    ඇයි මොකක්ද ඕකේ අවුල බන් ...?:oo:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,445
    113
    පලවෙනි එක වටහගමු. උබ බෝට්ටුවකට නැගල ඉස්සරහින් කබයක් ගැට ගහල බෝට්ටුවෙ තට්ටුව උඩ ඉදන් පන දාගෙන අර කඹේ ඉස්සරහට ඇද්දට බෝට්ටුව යනවද? අන්න ඒකමයි කාන්දම් වලදිත් වෙන්නෙ.

    දෙවෙනි එක ගමු.
    උබල දන්නවනෙ ශක්ති සංස්ථිති නියමය.ශක්තිය මවන්නවත් විනාශ කරන්නවත් බෑ.කරන්න පුලුවන් ශක්ති පරිවර්තනය කරන එක විතරයි.
    එතකොට බලමු ජලාශෙ මොකද වෙන්නෙ කියල.ජලාශෙ තියෙන වතුර බටයක් දිගෙ යවනවා. බටේ ඇතුලෙ තියෙන ටර්බයින් එකේ ජලය වැදිල කරන්ට් එක හැදෙනවා.
    දැන් බලමු මේකෙ ශක්ති පරිවර්තනය

    විභව ශක්තිය > චාලක ශක්තිය > විද්‍යුත් ශක්තිය

    විභව ශක්තිය කියන්නෙ යම් දෙයක් ඉහලකට එසවීමෙන් හෝ යම් දෙයක් ඇදීමකට ලක් කිරීමෙන් හෝ ගබඩාවන ශක්තිය. ඒ කියන්නෙ ඔයා බෝලයක් උඩට උස්සල බිමට දැම්මම වෙන දේ. ඔය බෝල එසෙවුවම ඔයාට ආහාර මගින් ලැබුනු ශක්තිය බෝලයෙ ගබඩාවෙනවා විභව ශක්තිය විදිහට. ඒක බිමට වැටෙනකොට අර තැම්පත් වෙච්ච විභව ශක්තිය චාලක ශක්තිය බවට පත් වෙනවා.ඔයා යොදවපු ශක්තියම තමයි චාලක ශක්තිය බවට පත් උනේ.

    දැන් බලනව ඇති එතකොට කවුද අර ජලාශෙ වතුර උඩට ගෙනිච්චෙ කියල. ඒ තමයි අපේ සූර්යයා එයා නිපදවන ශක්තිය තාපය විදිහට ඇවිල්ල පහල තියෙන වතුර වතුර වාශ්ප කරල වලාකුලු කරල උඩට ගෙනල්ල වස්සනව.

    දැන් ආයි කතාවට එමුකො. දැන් ඇත්තටම ජලාශෙ ශක්ති පරිවර්තනය මෙහෙමයි උනේ.(සරලව)

    සූර්ය ශක්තිය(තාපය) > විභව ශක්තිය > චාලක ශක්තිය > විද්‍යුත් ශක්තිය

    දැන් එතකොට මේ විද්‍යුත් ශක්තිය කියන්නෙ කාගෙ ශක්තියද? ඔව් සූර්යයගෙ ශක්තිය.

    එතකොට උබ කියන විදිහට පල්ලෙහට වැටුන වතුර ටික ආයි උඩට පොම්ප කරයි කියමු. එතකොට ඒකට ජූල් 1000 ශක්තියක් වැය උනයි කියමු. එතකොට ජලාශෙ ජූල් 1000 ක ශක්තියක් ගබඩා වෙලා තියෙනවා. ඒක ආයිත් ටර්බයින් එකේ වද්දල විද්‍යුතය නිපදෙවුවම අර තැන්පත් වෙච්ච ජූල් 1000 විභව ශක්තිය ජූල් 1000 ක විද්‍යුත් ශක්තියක් බවට පත් වෙනවා. ඉතින් අර අපි ජලය උඩට යවන්න යොදාගත්ත ජූල් 1000 ආයිත් අපිට ලැබිල. ඒ කියන්නෙ අපිට අමතරව ජූල් කීයක් වත් හම්බෙලා නෑ. මම මේ ගත්තෙ කිසිම ශක්ති හානියක් වෙන්නෙ නෑ කියල අරගෙන. ඒත් ප්‍රායෝගිකව මේවයෙදි විශාල ශක්ති හානියක් වෙනවා. ඒක හින්දා යොදන තරම් ශක්තියක් ආපහු ලැබෙන්නෙ නෑ.
    ඒක හින්දයි ශක්තිය යොදවන වැඩේ ඉර මාමට බාර කරල අපි ශක්තිය ගන්න එක විතරක් කරන්නෙ. :D

    තේරුනාද මන්දා. හෙන වෙලාවක් ගියා කොටන්න. අතත් රිදෙනවා සිංහලු.
     
    • Like
    Reactions: other guy

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    petrol ලීටර් 30 ක 100000 J තියෙනවා කියල හිතමු. කාර් එකේ රෝද වලට dynamo හයි කරලා වාහනේට magnet හයි කලොත් රෝද කැරකෙන වාරයක් ගානේ විදුලිය නිපදවෙනවා . ඒ විදුලිය නිසා අපට අඩුමවශයෙන් 50000J වත් ශක්තිය බැටෙරියක ගබඩා කර ගත හැකියි. ඒ බැටරියෙන් වාහනයට දුවන්න හැකියි නේද? ඒ කියන්නේ අපි petrol ගහන වාර ගණන අඩු වෙනවා කියන එක නේද? :dull:

    අහක යන ශක්තිය විදුලිය බවට පත් කරගත්තොත් විතරනේ මචන් ලාභයක් තියෙන්නේ ( එතැනදී පෙට්‍රෝල් ගැහීමේ වාර ගණන අඩු වෙනවමයි ) ... ඒත් බ්‍රේක් කරද්දී විතරයි ශක්තිය නැවත භාවිත කල හැකි විදිහට විදුලිය බවට හරවගන්න පුළුවන්..:eek:

    උඹ කියන විදිහට බ්‍රේක් නොකරන වෙලාවෙත් ඩයිනමෝ සිස්ටම් එකක් එන්ජිමට එන්ගේජ් කරොත් වෙන්නේ ඒ වෙනුවෙන් අමතර පෙට්‍රෝල් පිච්චීම ...:sorry:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    A/L වලට physics කලා නම් ඔහොම ගොන් දේවල් හිතෙන්නෙ නෑ

    මේ දේවල් මේ ලෝකෙට දායාද කරපු ගොඩක් අය A / L තියා කුප්පි ලාම්පුවක් වත් තිබ්බ අය නෙවේ... ගොන්නු තමයි මේ ලෝකෙට අලුත් දෙයක් දුන්නා නම් දීලා තියෙන්නේ... මොකද බුද්ධිමත් උන් කරන්නෙම උඹ දැන් කරපු වැඩේ ...:baffled: