෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනවින කොඩි වින වගේ ඒවට ලොකු සහනෞඅක් ලැබෙනවා ජල නන්දන පිරිතෙන්. අපි හැමෝම දන්න ජල නම්දන පිරිත ගාථා හතකින් යුක්තයි. නමුත් ජල නම්දන නමින්ම තිබෙන තවත් පිරිතක් තියනවා ඒක ඉතාමත්ම බලසම්පන්නයි ගාථා 10කින් යුක්තයි.. ඕනෙනම් දෙන්නම්..
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නැකැත් රාල;17083093 said:
    අනවින කොඩි වින වගේ ඒවට ලොකු සහනෞඅක් ලැබෙනවා ජල නන්දන පිරිතෙන්. අපි හැමෝම දන්න ජල නම්දන පිරිත ගාථා හතකින් යුක්තයි. නමුත් ජල නම්දන නමින්ම තිබෙන තවත් පිරිතක් තියනවා ඒක ඉතාමත්ම බලසම්පන්නයි ගාථා 10කින් යුක්තයි.. ඕනෙනම් දෙන්නම්..

    කෝ මට PM කරන්න. :cool:
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නැකැත් රාල;17083063 said:
    මමත් අහලා තියන්නේ තෙරුවන් සරන ගිහින් ඉඳලා ප්‍රේත ආත්ම ලබපු අයට පිරිතෙන් තවත් ශක්තියක් ලැබෙනවා කියලා. ප්‍රේතයෙක් වුනත් සංසර පුරුද්ද නිසා.. පිරිත් කියනකොට එතනට දෙවියන් වඩින නිසා අනෙක් පහත් අමනුශ්‍යයන් යනවා වෙන්න බැරිද?

    බොහෝදුරට එහෙම වෙන්න ඇති.. පහත ඡේදයෙන් ඒ ගැන දළ අදහසක් එනවා නේද?

    කරණීය මෙත්ත සූත්‍රය

    අමනුෂ්‍ය බියක්‌ නිසා භාවනාවට බාධා වූ ස්‌වාමීන් වහන්සේලා පිරිසකට බුදු හිමියන් විසින් මෙම සූත්‍රය උගන්වා ඇත. මෙය දෙවියන්ට ප්‍රිය බව කියෑවේ. මේ නිසා සූත්‍රය භාවිතාකරන අය දෙවියන්ගේ ආශීර්වාද ලබයි. මිනිසන්ටද ප්‍රියවේ. මේ අතර මනුෂ්‍ය හා සොර සතුරු බිය අඩුවේ. ආගියතැන සැලකිලි ලැබේ. කරණීය යනු “කරන” යන අර්ථයයි. ඒ අනුව අනුගමනය කළ යුතු හෙවත් ප්‍රගුණ කළ යුතු චරිත ලක්‍ෂණද මෛත්‍රී භාවනාව කරන පිළිවෙලද මෙහි අන්තර්ගතය.

    ආටානාටිය සූත්‍රය

    භික්‍ෂු භික්‍ෂුනී උපාසක උපාසිකා යන සිවුවනත් පිරිසට අමනුෂ්‍යයින්ගෙන් වන උවදුරු වළක්‌වා ගැනීමට සතරවරම් දෙවියන් වෙනුවෙන් වෛශ්‍රවණ දෙවියන් පැවසුව බව මේ පිරිතේ දැක්‌වේ. මෙය භාවිතා කිරීමෙන් අමනුෂ්‍ය උවදුරු ඉවත්වේ. දෙවියන්ගේ ආරක්‍ෂාව ලැබේ. කලක්‌ දිනපතා භාවිතා කළ හොත් අමනුෂ්‍යයෝ කීකරු වන බවද කියනු ලැබේ.

    මොර පිරිත

    බෝසතාණන් වහන්සේ රන මොණර ආත්මයක ඉපදී සිටි කාලයක සතුරන්ට හසුනොවීම පිණිස මේ පිරිත භාවිතා කළ බව සඳහන් වේ. සොර සතුරු උපද්‍රව ඇති අයට ව්‍යාපාර කටයුතු සඳහා මිල මුදල් රැගෙන ඈත පිට පළාත්වල යන අයට මෙන්ම සෑම දෙනාටම සතුරු උපද්‍රව වලින් ආරක්‍ෂා වීමට සුදුසුය. උදේ සවස කිව යුතු කොටස්‌ දෙකකි. ඔබත් මෙම මහානුභාව සම්පන්න ගාථා භාවිතා කරන්න. සර්වාරක්‍ෂාව සැලසෙනු ඇත.

    source
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කෝ මට PM කරන්න. :cool:

    මේක මචන් කොඩිවින කපන්න, වශී කපන්න එහෙම ඇදුරන් භාවිතා කරන එකක්.. පට්ටම බලසම්පන්න පිරිතක්. භූත දෝෂ ප්‍රේත දෝෂ වලටත් එකෙන්ම සුභයි..

    01. චත්තාරෝ වීසති බුද්ධා - අනුභාවො මහබ්බලො
    යක්ඛ දේව බ‍්‍රහ්මානං - වන්දිතෝ පූජිතෝ වරො

    02. එතෙසං අනුභාවෙන - සබ්බ භූතානි මද්දිනො
    චතු වීසති තේජේන - සබ්බ වින විනස්සතු

    03. ගොතමො බුද්ධ තේජෙන - චණ්ඩාල වින විනස්සතු
    සාරි පුත්තානු භාවෙන - සබ්බ වින විනස්සතු

    04. මොග්ගල්ලානස්ස තෙජෙන - චණ්ඩාල සුනියං නහි
    අසීතිං ථෙර තෙජෙන - වින සබ්බෙසු අග්ගිහි

    05.ථෙරො අංගුලි මාලෙන - ජින්දිතො සබ්බ සුනියං
    චතුරාසිති සහස්සෙන - ධම්මක්ඛන්ධෙසු අක්ඛරෙ

    06. සබ්බානි අනුභාවානි - මම හත්ථෙ පතිට්ඨිතා
    එතානි අනුභාවෙන - සබ්බානි වින විනස්තු

    07.අසීති සත සහස්සෙන - ධම්මක්ඛන්ධෙන තෙජසා
    සබ්බ චණ්ඩාල කම්මානි - වින දොසානි විනස්සතු

    08.දෙව බ‍්‍රහ්මාච බුද්ධාච - ධම්මං සංඝංච තෙජසා
    සබ්බානි අරි දෝසානි - වින දෝසානි විනස්සතු

    09.ආනන්දොති මහා ථෙරං - ධම්ම භාණ්ඩක මුත්තමං
    ආනන්දථෙර තේජෙන - නීච කුල බන්ධන ජේදනං

    10.සම්බුද්ධස්ස තේජෙන - වින බන්ධන ඩයිහතු
    තිණ්ණං රතනානු භවෙන - වින මන්ත‍්‍රානි විනස්සතු
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මේ තියෙන්නේ මව්බිමෙන් උපුටාගත් ජල නන්දන පිරිත පිළිබද විස්තරයක්.. නොදන්න කෙනෙක් ඉන්නවනම් කියවලා බලන්න.. අදහසක් ගන්න පුලුවන්..

    ජල නන්දන පිරිත....

    බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළ බොහෝ දේ ගාථා - සූත්‍ර - පිරිත් ආදී වශයෙන් ව්‍යවහාරයේ පවතී. ඒ සියල්ල අති පූජනීයය. ශේ්‍රෂ්ඨය. බුදුන් වහන්සේගේ එම පිරිත් සියල්ල ගොනු කළ ‘මහ පිරිත් පොත” අප හඳුන්වන්නේ නිකම්ම ‘පිරිත් පොත’ කියා නොව ‘පිරිත් පොත් වහන්සේ’ යන ගෞරවනාමයෙනි. එම හැඳින්වීමේදීම එහි ඇති වටිනාකම මෙන්ම ගෞරවනීය බවද නිරූපණය වේ. එසේම බොහෝ විට මෙම පිරිත්වල බලය ශක්තිය අප දැක ඇත්තෙමු. සියලු ශක්තීන් ගොනු කළ පිරිතේ ඇති ගුණය, බලය, සියලු බෞද්ධයන් අත්දැක ඇත.

    මෙම පිරිත් සජ්ජායනා කිරීම බෞද්ධයන් අතර විවිධ අවස්ථාවල විවිධ ක්‍රමවේදයන් අනුව සිදුවේ. ‘වරුතුනේ පිරිත’, ‘තුන්තිස් පැයේ පිරිත’, ‘හැටපැයේ පිරිත’, ‘සති පිරිත’ ආදී ලෙස දැක්වේ. මෙහිදී තුන්තිස් පැය, හැට පැය ආදිය සිංහල ජේ‍යාතිෂයේ එන ක්‍රමවේදයයි. ඒ අනුව පිරිත සහ ජේ‍යාතිෂය අතර බැඳීමද පෙන්වයි. බොහෝ නිවෙස්වල දිනපතා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය (තුන් සූත්‍රය) කියැවීම කෙරේ. එසේම බොහෝ සුබ කටයුතු ආරම්භයේදී මේ තුන්සූත්‍රය සහ ජය පිරිත, සූරිය පිරිත වැනි පිරිත්ද කියන්න හුරුව ඇත. එසේම දෛනිකව රූපවාහිනිය, ගුවන්විදුලිය වැනි ජනමාධ්‍යවලින් තුන් සූත්‍රය සහ වෙනත් පිරිත් ප්‍රචාරය වේ. ඒවා කිරීම සුබදායකයි. දේශන කිරීම මෙන්ම සවන්දීමද සුබය. එහෙත් අවාසනාවට මෙන් ජනමාධ්‍යවලින් ප්‍රචාරය වන පිරිත් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය වන විට ඒවා පණගන්වා අප අපගේ වැඩ කටයුතුවල නිරත වෙමු.

    ජලනන්දන පිරිත
    මෙසේ පිරිත පිළිබඳ කතා කළේ පිරිත් පොතට අයත් නොවන එහෙත් “පිරිතක්’ ලෙස නම් කෙරෙන ජල නන්දන පිරිත ගැන කියන්නය. ජල නන්දන පිරිත පිරිතක් ලෙස කවදා හැඳින්වූයේද එය කෙසේ භාවිතයට පත්වූයේද යන්න නොදනිතත් අෑත අතීතයේ සිටම ජල නන්දන පිරිත භාවිත වූ බව පැහැදිලිය. මේ ලිපියෙන් ‘ජලනන්දන පිරිත’ සහ ‘ජලනන්දන යන්ත්‍රය’ ගැන සාකච්ඡා කරන්නේ එය පිරිත් පොතට අයත් පිරිතක් නොව නිසා නොවේ. ඇතැම් බොහෝ දෙනා නිවෙස්වල තුන් සූත්‍රය (මංගල-රතන-කරණීයමෙත්ත) සමඟ ජලනන්දන පිරිතද කියන්න පුරුදුව සිටිති. එයින් ඔවුහු අපේක්ෂා කරනුයේ තමාට සහ තමාගේ නිවෙසට, භූමියට එල්ලවිය හැකි සහ එල්ලවී ඇති යක්ෂ, ප්‍රේත, භූත, පිසාච, කුම්භාණ්ඩ දෝෂ වළක්වා ගැනීමටයි. එසේත් ‘දැනගෙන ගියොත් කතරගම- නොදැන ගියොත් අතරමඟ’ ලෙස මේ ජලනන්දන පිරිත සහ ජලනන්දන යන්ත්‍රය දැනගෙන කළහොත් ඉතා විශාල බොහෝ ප්‍රයෝජන ලබාගත හැකිවුවත් නොදැන කිරීම නිසා බොහෝ අපල උපද්‍රව ඇතිවිය හැකිය. එය “ඉල්ලාගෙන කෑමක්” විය හැකිය. අප සිතනුයේ ජලනන්දන පිරිතේ කියැවෙන,

    යක්ෂ භූත පිසාචාත්ම - ග්‍රහ දෝෂ විනාසනං
    චතුවී සති බුද්ධෝති - සබ්බ දෝෂ විනාසනං
    යනුවෙන් කීමෙන් යක්ෂ-භූත- පිසාච සහ සියලු දෝෂ නිවාරණය වී භංගවී යන බවයි. එහි සත්‍යයක් ඇත. ජලනන්දන පිරිතෙන් බොහෝ දෝෂ සුන්ව යන බව සත්‍යයකි.
    යහපත විනාශ වේ
    ජල නන්දන පිරිත අනවශ්‍ය ලෙස භාවිත කළහොත් රුපියල් දහස් ගණනක් වැයකොට ඔබ සිදුකරගත් බොහෝ යහපත් යන්ත්‍රවල බලය විනාශ වී යා හැකිය. ජලයේ දියවී යන්නාක් මෙන් සියලු දෝෂ විනාශ කිරීම ජලනන්දන පිරිත සහ යන්ත්‍රය සමත් වේයැයි සිතුවද ජලයේ දිය නොවන ඇතැම් කුණු පැල්ලම් දියකර හරින්නට සබන් හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය යොදා ගන්න සිදුවේ. අවම වශයෙන් භූමිතෙල් සෝදා හරින තීන්ත පැල්ලම් වතුරෙන් සේදෙන්නේ නැත. ඒ ලෙසට සියලු දෝෂ ජලනන්දන පිරිතෙන් ඉවත්වන්නේ නැත. ඒ නිසා ඇතැම් දෝෂ ඉවත් කිරීමට ජලනන්දන පිරිත සමඟ වෙනත් මන්ත්‍ර භාවිත කරන්නට සිදුවේ.

    ක්‍ෂණික ප්‍රතිඵල
    ජලනන්දන පිරිත ඉතාම බලගතු බව නොරහසකි. එය ඇස්පනාපිට ප්‍රතිඵල පෙන්නා දෙන අවස්ථා ඇත. අනෙක් බොහෝ යන්ත්‍ර මන්ත්‍ර තුන්වරුවෙන්, දින තුනෙන්, දින හතෙන්, දින විසිඑකෙන් ආදී ලෙස ප්‍රතිඵල පෙන්වුවත් ජලනන්දන පිරිත ක්‍ෂණිකව එවේලේම ප්‍රතිඵල ලබාදෙන බව අත්දැකීමෙන්ම පැවසිය හැකිය. “ආටානාටිය” කියවන විට යක්ෂයන්ගේ දෝෂ ඇති අයට ඒ ආරූඪ වන්නාක් මෙන් ජලනන්දන පිරිත කියවන මොහොතේම එය ප්‍රතිඵල දැකගත හැක. සාමාන්‍යයෙන් ඕනෑම මන්ත්‍රයක් එකසිය අට වරක් ජපකළ යුතු බව හෝ විසි හත් වාරයක් ජප කළ යුතු බව ඔබ අසා ඇත. එහෙත් මේ ලෙස විසිහත්වාරයක් හෝ එකසිය අට වාරයක් මන්ත්‍ර ජපකරන්නේ ඇයිදැයි ගුප්ත විද්‍යා මහතුන් හැර අන්අය බොහෝ දෙනා නොදනී. යම් මන්ත්‍රයක් විසිහත්වාරයක් ජපකරනුයේ පොදුවේ ඇති නැකැත් (ජන්ම නැකැත්) විසි හතක් ඇති නිසාය. එකසිය අටවාරයක් ජීවම් කරනුයේ නැකැත් විසිහතට අයත් පාද හතරක් යොදාගනිමිනි (27 × 4 = 108). ඒ ලෙස කිරීමේදී ඕනෑම නැකැතක ඕනෑම නැකැත් පාදයක දෝෂ භංගවීමක් අදහස් කෙරේ. දැන් අප කතාකරමින් සිටි පරිදි ජලනන්දන පිරිත් බලය ශක්තිය එවේලේම පෙන්වන්නේ කෙසේද යන ගැටලුව ඔබට ඇතිවී ඇති බව මම දනිමි. ඔබ ඔබගේ පැනයට පිළිතුරු ලැබෙන තුරු මඳක් ඉවසන්න.

    තැඹිලි මතුරා බීම
    ජලනන්දන පිරිතෙන් බොහෝවිට ජීවම් කරනුයේ තැඹිලි ගෙඩිය. මේ තැඹිලි ගෙඩි මතුරා දීමෙන් ශරීරය අභ්‍යන්තරයේ ඇති දෝෂ භාංගවේ. අනවින කොඩිවින නිසා ඇති වූ භූත දෝෂ දූරීභූත වේ. එසේම දෙහි ගෙඩි මතුරා කැපීමටද ජලනන්දන පිරිත යොදාගනී. දෝෂ සඳහා ‘ජලනන්දන යන්ත්‍රය’ තඹ තහඩුවේ ඇඳ ජීවම් කරනුයේ ජලනන්දන පිරිතෙනි. නිවාස ආරක්ෂාව සඳහා වැලි සහ වෙනත් දේ මැතිරවීමට ජලනන්දන පිරිත යොදාගනී. මේ ජලනන්දන පිරිතේ බලය ලබාගන්න එය එකසියඅට සිට එක්දහස් අට වාරයක් දක්වා ඇතැම්විට ඊට වඩා වැඩි වාර ගණනක් ජීවම් කිරීම අවශ්‍යයි. නිවෙස කිලිකුණුවලින් අෑත්කොට නිවැසියන් දිය නා පිරිසුදුව ‘පේවී’ කරන ජලනන්දන පිරිත කීමේදී පනස්හතර වාරයක් පමණ කරන විට තැඹිලි ගෙඩියේ ඇතුළේ ඇති තැඹිලි වතුර උතුරන්නට පටන් ගනී, ඒ නිසා එකසිය අට වාරය ජීවම් කරන විට තැඹිලි ජලය උතුරා යෑමට පටන්ගනී. මෙය ඇස්පනාපිටම ඔප්පු වන කාරණයකි. ඒ නිසා ජලනන්දන පිරිත එවේලේ බලය පෙන්වන බව පැහැදිළිවේ. මෙසේ උතුරා පුපුරායෑම සමඟම දෝෂද භංගවී යන බව පැහැදිලිය. මේ දේ අත්හදා බලන්න නම් නිවෙස මස්, මාංස, සුරා, සූදුවෙන් සහ කිලිවලින් තොරවිය යුතුය. නිවෙසේ කාන්තාවන් පිරිසුදුව ස්නානය කළහැකි දිනයකදී මේ අත්හදා බැලීම කළහැකිය.

    ජලනන්දන පිරිත සහ යන්ත්‍රය බලගතුය. එහෙත් දැළිපිහියෙන් කිරි කෑම නොකළ යුතුය. ජලනන්දන යන්ත්‍රය නිවෙසේ නිතර භාවිත කළහොත් එම නිවෙසේ නිවැසියන්ට හා නිවෙසට ඉඩමට සිදුකර ඇති ආරක්ෂාවන් කැපී යා හැකිය. එසේම ග්‍රහ දෝෂ සඳහා පැලැඳ ඇති යන්ත්‍රවල බලය බිඳී යා හැකිය. ඇතැමුන් ජලනන්දන පිරිත නරක දේ විනාශ වන බව සහ හොඳ දේට බලය වැඩිවන බව පැවැසුවත් එය වැරැදිය. සියලු බල බිඳීයයි.
    ජලනන්දන පිරිත බොහෝ දෙනා භාවිත කරනුයේ අනවින දෝෂ කපා ඉවත් කිරීමටය. එසේම ඔවුන් එය යොදාගන්නේ බොහෝ විට නිවෙස ඇතුළත නොවේ. නිවෙසින් පිටත සාදාගත් වෙනම ස්ථානයකය. ඒ එම ස්ථානයේ පිරිසිදුකම ආරක්ෂා කර ගැනීමටය. එසේම ඒ ප්‍රදේශය කොටුකර (පිරිත් නූල්වලින්) සීමා බන්ධන පනවා ගනී. එවිට ඔබට පෙනෙන දෙයක් නම් ජලනන්දන පිරිත නිවෙසින් පිටත සිදුකරන යම් හේතුවක් ඇති බව සිතාගත හැකිය. එසේම අප දන්නා පරිදි

    ජලනන්දන පිරිත ආරම්භ කරන්නේ
    චතුවී සති බුද්ධෝති - යෝ භවිස්සතු උත්තමං
    පාරමී බල යුත්තේහි - ජලනන්ද උත්තමං
    ගාථාවෙනි. එහෙත් පැරැණි ජලනන්දන පිරිත ඊට වඩා වෙනස්ය. එය ආරම්භය වනුයේ
    සාදු නිබ්බාන ධම්මංහි - මේ යුත්තේන ජීවිතං
    හොන්තු යස්මාහි අග්ගං - ජලනන්දන උත්තමං
    ආදී ලෙසිනි. කාලයක් යෑමේදී පහසුව සඳහා කෙටි කිරීම් යොදාගන්න ඇතැයි සිතමි. එහෙත් සම්පූර්ණ ජලනන්දන පිරිතම කීම බලය සම්පූර්ණ කිරීමකි. එසේම ජලනන්දන පිරිත අවසාන කරනුයේ

    යක්ෂ භූත පිසාචාත්ම - ග්‍රහ දෝෂ විනාසනං
    නමස්සන්තුතේ බුද්ධරාජ - සබ්බ දෝෂ විනාසනං
    ලෙසිනි. එහෙත් පැරැණි නිවැරැදි ජලනන්දන පිරිතේ අවසානය වන්නේ
    සබ්බ ධම්මා ආටානාටියං - ඉමං බුද්ධ ගාථා යං භවිස්සතු
    බන්ධන ඡේදනං කපාල කපාල ඡේදනං පො--
    ලෙසටය. ඒ නිසා ජලනන්දන පිරිත ඉතාම බලවත් පිරිතකි. ජලනන්දන යන්ත්‍රය ඉතාම බලවත් යන්ත්‍රයකි. ජලනන්දන යන්ත්‍රයක් නිවෙසේ වළලා තැබීම, එල්ලා තැබීම සහ නිවැසියන් ගෙල පැලැඳ ගැනීම මඟින් සිදුවිය හැකි අතුරු දෝෂ රාශියක් වළක්වන මහඟු ආරක්ෂාවකි. නිසි පදම දැන කිරීමෙන් නිසි ඵල ප්‍රයෝජන ලබාගත හැකිය.

    විශ්‍රාමලත් විදුහල්පති (විශ්ව කීර්ති ජේ‍යාතිෂ විද්‍යා ප්‍රසාදිනි)
    පේරාදෙණියේ එස්. වීරරත්න
    0727430179
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බොහෝදුරට එහෙම වෙන්න ඇති.. පහත ඡේදයෙන් ඒ ගැන දළ අදහසක් එනවා නේද?

    කරණීය මෙත්ත සූත්‍රය

    අමනුෂ්‍ය බියක්‌ නිසා භාවනාවට බාධා වූ ස්‌වාමීන් වහන්සේලා පිරිසකට බුදු හිමියන් විසින් මෙම සූත්‍රය උගන්වා ඇත. මෙය දෙවියන්ට ප්‍රිය බව කියෑවේ. මේ නිසා සූත්‍රය භාවිතාකරන අය දෙවියන්ගේ ආශීර්වාද ලබයි. මිනිසන්ටද ප්‍රියවේ. මේ අතර මනුෂ්‍ය හා සොර සතුරු බිය අඩුවේ. ආගියතැන සැලකිලි ලැබේ. කරණීය යනු “කරන” යන අර්ථයයි. ඒ අනුව අනුගමනය කළ යුතු හෙවත් ප්‍රගුණ කළ යුතු චරිත ලක්‍ෂණද මෛත්‍රී භාවනාව කරන පිළිවෙලද මෙහි අන්තර්ගතය.

    ආටානාටිය සූත්‍රය

    භික්‍ෂු භික්‍ෂුනී උපාසක උපාසිකා යන සිවුවනත් පිරිසට අමනුෂ්‍යයින්ගෙන් වන උවදුරු වළක්‌වා ගැනීමට සතරවරම් දෙවියන් වෙනුවෙන් වෛශ්‍රවණ දෙවියන් පැවසුව බව මේ පිරිතේ දැක්‌වේ. මෙය භාවිතා කිරීමෙන් අමනුෂ්‍ය උවදුරු ඉවත්වේ. දෙවියන්ගේ ආරක්‍ෂාව ලැබේ. කලක්‌ දිනපතා භාවිතා කළ හොත් අමනුෂ්‍යයෝ කීකරු වන බවද කියනු ලැබේ.

    මොර පිරිත

    බෝසතාණන් වහන්සේ රන මොණර ආත්මයක ඉපදී සිටි කාලයක සතුරන්ට හසුනොවීම පිණිස මේ පිරිත භාවිතා කළ බව සඳහන් වේ. සොර සතුරු උපද්‍රව ඇති අයට ව්‍යාපාර කටයුතු සඳහා මිල මුදල් රැගෙන ඈත පිට පළාත්වල යන අයට මෙන්ම සෑම දෙනාටම සතුරු උපද්‍රව වලින් ආරක්‍ෂා වීමට සුදුසුය. උදේ සවස කිව යුතු කොටස්‌ දෙකකි. ඔබත් මෙම මහානුභාව සම්පන්න ගාථා භාවිතා කරන්න. සර්වාරක්‍ෂාව සැලසෙනු ඇත.

    source

    ඔව් ඒක නම් ඇත්ත..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජලනන්දන පිරිත ඉතාම බලවත් පිරිතකි. ජලනන්දන යන්ත්‍රය ඉතාම බලවත් යන්ත්‍රයකි. ජලනන්දන යන්ත්‍රයක් නිවෙසේ වළලා තැබීම, එල්ලා තැබීම සහ නිවැසියන් ගෙල පැලැඳ ගැනීම මඟින් සිදුවිය හැකි අතුරු දෝෂ රාශියක් වළක්වන මහඟු ආරක්ෂාවකි. නිසි පදම දැන කිරීමෙන් නිසි ඵල ප්‍රයෝජන ලබාගත හැකිය.

    මෙන්න ජල නන්දන යන්ත්‍රය.. ඔය යන්තරේ ඉහලින් ජලනන්දන යන්ත්‍රය කියලා ලියලා තියන එක ලියන්න ඕන නෑ..

    OgLTHa9.jpg
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    රත්නමලි බන්දන ගාථා බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකක් ද ? එකෙන් වෙන දෙ මොනවද ?
    පිරිත් වල එම්පි 3 තියෙනම් ලින්ක් නුත් දාන්න.
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නැකැත් රාල;17083166 said:
    මෙන්න ජල නන්දන යන්ත්‍රය.. ඔය යන්තරේ ඉහලින් ජලනන්දන යන්ත්‍රය කියලා ලියලා තියන එක ලියන්න ඕන නෑ..

    OgLTHa9.jpg

    :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලංකාවේ මිනිස්සු නිධාන ගන්න කියලා දගලනවා නේ..
    මේකේ ඇත්ත නැත්ත මොකක්ද ? ඇත්තටම මෙහෙම ඒවා තියෙනවද ? නිධාන ගන්න මිනි මරන්නෙ ඇයි ?
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ලංකාවේ මිනිස්සු නිධාන ගන්න කියලා දගලනවා නේ..
    මේකේ ඇත්ත නැත්ත මොකක්ද ? ඇත්තටම මෙහෙම ඒවා තියෙනවද ? නිධාන ගන්න මිනි මරන්නෙ ඇයි ?

    නිධාන ගන්න මිනී මරනවද කියලා නම් දන්නේ නෑ.. හැබැයි නිධන් නම් තියෙනවා.. ඒවා ඇතුලේ බඩුත් තියෙනවා.. මගේ ඇස් දෙකට දැකලත් තියෙනවා.. මම හිතන්නේ නිධන් ගැන අපි සේරටම වැඩිය දන්නවා ඇති අපේ K_ZONE සහෝ.. තව කවුරැහරැ එළකිරියෙම නූලක් දාලා තිබුණා නේද නිධන් වස්තු සොයා කියලා.. සමහර නිධන් ගන්න මිනිස් බිලි දෙන්න ඕන කියලා කතාවක් නම් අහලා තියෙනවා.. තුන් කුලුදුල් බිල්ලක්.. ඔයා තුන් කුලුදුල් නේද?:baffled:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රත්නමලි බන්දන ගාථා බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකක් ද ? එකෙන් වෙන දෙ මොනවද ?
    පිරිත් වල එම්පි 3 තියෙනම් ලින්ක් නුත් දාන්න.

    නෑ.. මේක ත්‍රිවිධ රත්නය වන්දනා කිරීම සඳහා ලියපු එකක්.. ප්‍රධානම දේව අක්ෂරය වන "ස" අකුර්න් පටන් අරන් ඉතාමත් විශිෂ්ඨ අක්ෂර සංයෝජනයකින් මේක සකස් කරලා තියන නිසා සියලු දොස් දුරුවෙන සෙත් කවි තුනක් විදිහට මේ ගාථා ත්‍රිත්වය හැඳින් වීම වරදක් නෑ.. ආරක්ෂාව දියුනුව ලබන්න මහෝපකාරිවන ගාථා තුනක්..හැම පදයක්ම දේව අක්ශරයකින් ආරම්භවෙලා දේව අක්ෂරයකින් අව්සන් වෙන විදිහට කරපු අරුම පුදුම නිර්මානයක් තමයි රත්නමාලි ගාථා තුන..
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැකැත් රාල;17083166 said:
    මෙන්න ජල නන්දන යන්ත්‍රය.. ඔය යන්තරේ ඉහලින් ජලනන්දන යන්ත්‍රය කියලා ලියලා තියන එක ලියන්න ඕන නෑ..

    OgLTHa9.jpg

    මෙක මතුරන්නත් ඕනද ? නත්නම් නිකන් ඇදල තිබ්බත් හරිද ?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එල ත්‍රෙඩ් එකක් බං ගොඩ කාලෙකින් :cool:
    මං ඔය අද්භූත හොල්මන් වගේ දේවල් ගැන කතා කරනකොට මේක නොකියම බෑ
    මනෝ විද්‍යාඤයෝ කියල සෙට් එකක් ඉන්නේ
    පොරවල්ලට ඔය වගේ මොකක්හරි සිද්ධියක් කිව්ව ගමන් කියන්නේ මානසික රෝගයක් කියල
    (ඒ කියල අම්ම මුත්තවත් අහල නැති ඉංගිරිස් නමක් කියනවා)
    මං මේක ටීවී එකෙත් දැකලා තියෙනවා
    එහෙම එක පාරම ඒ වගේ අද්භූත දේවල් නෑ කියල කියන්න එයාලට පදනමක් නෑ
    මොකද අද වෙනකොටත් මානසික ශක්තිය කියන එකවත් විද්‍යා‍වෙන් හොයාගෙන නෑ
    ඒක හින්දා කිසිම සාධකයක් හෝ පදනමක් නැතිව මේ දේවල් බැහැර කරන්න බෑ
    ඔය වගේ සීන් එකකට මික්ස් වෙච්ච ඕනිම කෙනෙක්ට මං කියන්නේ......
    කවදාවත් දොස්තරල පස්සේනම් යන්න එපා
    ඒකෙන් තියෙන ලෙඩ වැඩි වෙනවා මිසක් අඩුවක් සහනයක්නම් වෙන්නේ නෑ
    හොදම දේ තමයි මේ ගැන හොදට දන්න ගුරු කෙනෙක් හරි හාමුදුරු කෙනෙක් හරි හොයන් යන එක :yes:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැකැත් රාල;17083201 said:
    නෑ.. මේක ත්‍රිවිධ රත්නය වන්දනා කිරීම සඳහා ලියපු එකක්.. ප්‍රධානම දේව අක්ෂරය වන "ස" අකුර්න් පටන් අරන් ඉතාමත් විශිෂ්ඨ අක්ෂර සංයෝජනයකින් මේක සකස් කරලා තියන නිසා සියලු දොස් දුරුවෙන සෙත් කවි තුනක් විදිහට මේ ගාථා ත්‍රිත්වය හැඳින් වීම වරදක් නෑ.. ආරක්ෂාව දියුනුව ලබන්න මහෝපකාරිවන ගාථා තුනක්..හැම පදයක්ම දේව අක්ශරයකින් ආරම්භවෙලා දේව අක්ෂරයකින් අව්සන් වෙන විදිහට කරපු අරුම පුදුම නිර්මානයක් තමයි රත්නමාලි ගාථා තුන..

    niyamai,, bohoma pin obathumata.:yes::yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ලංකාවේ මිනිස්සු නිධාන ගන්න කියලා දගලනවා නේ..
    මේකේ ඇත්ත නැත්ත මොකක්ද ? ඇත්තටම මෙහෙම ඒවා තියෙනවද ? නිධාන ගන්න මිනි මරන්නෙ ඇයි ?

    මිනීමරන්නේ බහිරව පූජවට.. නිධානයක් ගත්තොත් අනිවා ඒ මන්ස්සයට කෙල වෙනවා නිදානයක් ගත්තොත් ප්ංසල් හදන්න ඕන කියලා කථාවක් මම අහලා තියනවා.. එහෙම නැත්තන් කේස්ලු.. ඒ වෙනුවට සියලුම මුදල් තියාගන්න තමයි බහිරවයට මනුස්ස බිල්ලක් දෙන්නෙ.. අතීතය මතකනම් නිදන් හාරලා ටික කලකට පස්සේ අබ්බගාත වෙලා ඉඳලා දැන් පන්සල් වලට සල්ලි පූජා කරන දේශපාලකයෙක් ඔයාලට මතක්වෙයි....
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    එල ත්‍රෙඩ් එකක් බං ගොඩ කාලෙකින් :cool:
    මං ඔය අද්භූත හොල්මන් වගේ දේවල් ගැන කතා කරනකොට මේක නොකියම බෑ
    මනෝ විද්‍යාඤයෝ කියල සෙට් එකක් ඉන්නේ
    පොරවල්ලට ඔය වගේ මොකක්හරි සිද්ධියක් කිව්ව ගමන් කියන්නේ මානසික රෝගයක් කියල
    (ඒ කියල අම්ම මුත්තවත් අහල නැති ඉංගිරිස් නමක් කියනවා)
    මං මේක ටීවී එකෙත් දැකලා තියෙනවා
    එහෙම එක පාරම ඒ වගේ අද්භූත දේවල් නෑ කියල කියන්න එයාලට පදනමක් නෑ
    මොකද අද වෙනකොටත් මානසික ශක්තිය කියන එකවත් විද්‍යා‍වෙන් හොයාගෙන නෑ
    ඒක හින්දා කිසිම සාධකයක් හෝ පදනමක් නැතිව මේ දේවල් බැහැර කරන්න බෑ
    ඔය වගේ සීන් එකකට මික්ස් වෙච්ච ඕනිම කෙනෙක්ට මං කියන්නේ......
    කවදාවත් දොස්තරල පස්සේනම් යන්න එපා
    ඒකෙන් තියෙන ලෙඩ වැඩි වෙනවා මිසක් අඩුවක් සහනයක්නම් වෙන්නේ නෑ
    හොදම දේ තමයි මේ ගැන හොදට දන්න ගුරු කෙනෙක් හරි හාමුදුරු කෙනෙක් හරි හොයන් යන එක :yes:

    විද්‍යා‍ව තාම ළදරු අවදියෙ තියෙන්නෙ නේද පූවො ?