ඇත්තම කිවුවොතින් ඔය ගානට හොද VGA එකක් ගන්න අමාරුයි
Quadro එකක් ගන්නවා නම් Used එකක් තමයි ගන්න වෙන්නේ ඒත් ගොඩක් ලෝ එන්ඩ් වගේ එකක්
ප්‍රොඩක්ශන් මොනවත් කරන්නෙ නැති හින්දා GTX එකක් ගන්න එක හැම අතින්ම ලාබ වෙයි. Used ඒවා නම් පොඩ්ඩක් විතර හොද එකක් ගන්න පුලුවන් වෙයි ඒත් අලුතෙන් ගන්නවා නම් ගන්න වෙන්නේ GT 720/GT 730 වගේ එකක්. ඒකක් ගැහුවා කියලා රෙන්ඩරින් පර්ෆෝමන්ස් නම් වැඩි කරගන්න බැරිවෙයි ඒත් පාවිච්චි කරන සොෆ්ට්වෙයා ඔන්බෝඩ් ග්‍රැෆික් වලට වඩා හොදට වැඩ කරගන්න පුලුවන් වෙයි.
(මම ඉදලා හිටලා බ්ලෙන්ඩර් පොඩි පොඩි වැඩ කරනවා මම සමහර වෙලාවට කම්පියුට් ඩිවයිස් එක විදියට GPU එක දාල රෙන්ඩර් කරනවා ඒ කරලත් ඇනිමේශන් එකක් වගේ රෙන්ඩර් කරනවා නම් සෑහෙන්න වෙලාවක් ගන්නවා. මගේ ලග තියෙන්නෙ GTX 970ක්. ඒක නිසා රෙන්ඩරින් ටයිම් එක අඩු කරගන්න වගේ නම් ඔය ගානට VGA අරන් වැඩක් නැහැ.)