මන් ඉතින් ඔයා තරම් ඕවා ගැන දන්නේ නෑනේ
ඒ කියන්නේ පොස් වීම තමයි හේතුව![]()
අවභාවිතා වෙනවා කියන්නත් බෑ... මිනිස්සු තමන් ඉන්න කෝෂය කඩාගෙන එළියට යන කොට ඉන්න තැනට සාපෙක්ෂව වචන භාවිතාව වෙනස් වෙනවා.
පොස් විම තමා...
බුදියනවා කියපු එකා නිදියනවා කියනවා..
නිදියනවා කියපු එකා ස්ලීපින්ග් කියනවා..
ස්ලීපින්ග් කියපු එකා ගායින්ග් ටුහ් බීඩ් කියනවා...
ඒකත් මදිනම් එංගලන්තෙ අමුතු ඉංග්‍රරිසි වචන ලිට්රිචර් වචන වලින් කතා කරනවා..
පහත් කරන්න පුලුවන් වචනෙ අල්ලගෙන අනියම් සම්බන්ධෙ විස්තර කරනවා iතින් නිදියනවා කියන අය
DODO inna parisaraye hatiyatane ehema kiyanne.
kurunegala niuwara paththe mnissun ekka kata karala baluwama terei budiyanawa kiyanna samanyen wywaharayata ganna wachanayak kiyala. nidagannawata kiyana
ඔව් පරිසරය අනුව වෙනස් වෙනවා
ඒත් ගොඩක් අය දැන් බුදියනවා කියන වචනේ ලිංගික එක්වීමට යොදාගන්නවා කියලා හිතෙන්නේ නැද්ද?
වචනේ අවභාවිතා කරලා වෙන්න පුළුවන්
අම්මපා මේ ලමයින්ගෙ දැනුම නම් අන්තිමයි..කොමන් සෙන්ස් කියලා දෙයක්.ඇත්තෙම නැ..හැමදෙම ඇගිල්ලෙන් ඇනලා කියලා දෙන්න ඔනි..........
ඔව් අනෙ..ඔව්..එ වචනය අවබාවිතා කරලා කියන එක තමා මාත් මෙච්චර වෙලා කිවිවෙ..
සිංහල භාෂාව එන සමහර වචන ප්‍රාදේශීය වශයෙන් වෙනස් වෙනස් තේරුම් දෙනවා...
මෙතන කියල තියෙනවා වගේ වචනය වැරදි විදිහට අවභාවිතා කරලා තියෙනවා වගේ දෙයක්.
අපි ජීවත් වෙන පරිසරයේ බුදියනවා කියන්නේ මම මුලින් කියපු දේ හඟවන්න....
දැන් '' පෝරුව '' කියන්නේ මොකක්ද ?
මගුල් පෝරුවටනේ.....
ඒත් බටහිර වෙරල බඩ ධීවරයෝ පෝරුව කියන වචනය පාවිච්චි කරන්නේ පහත තියෙනවා වගේ අවස්ථා වලදී....
'' එයා මට කෝල් එකක් දීලා කිව්වා දැන් ගෙදර එනවා කියල. ඒ පාර මම විගහට බතකුයි, මාලුවකුයි ලිපේ තිබ්බා '' මේ සාමාන්‍යයෙන් අපි ව්‍යවහාර කරන විදිහ.
ධීවරයෝ ඕක කියන්නේ මෙහෙම
'' එයා මට කෝල් එකක් දීලා කිව්වා දැන් ගෙදර එනවා කියල. ඒ පෝරුව මම විගහට බතකුයි, හොද්දකුයි ලිපේ තිබ්බා ''
ප්‍රදේශයෙන් ප්‍රදේශයට භාෂාව පොඩි පොඩි වෙනස්කම් තියෙනවා........





මෙහෙම එකක් අහලම නෑනේ.


