ඒ කියන්නේ උඹ මේ වෙනකොට දවස් 9000ක් ජීවත්වෙලා තියෙනවා..
ඒ දවස් 9000න් උඹට දවස් කීයක් මතකද?
20ක්, 50ක් උපරිම 100ක්..
එතකොට ඉතුරු දවස් 8900ට මොකද උනේ?
ඇත්තටම මිනිහෙකුගේ ජීවිත කාලේ කියන්නේ ඌ ජීවත් වෙච්ච දවස් ගාන නෙමෙයි, ඒ කාලෙන් ඌ මතක හිටින්න ජීවත් වෙච්ච දවස් ගාන..
උඹ රජයේ රස්සාවට ගිහිල්ලා උඹ ගෙවන්නේ ඒකාකාරි ජීවිතයක්..
25න් පටං ගන්න උඹ 55 වෙනකං කරපු දෙයක් නැති මිනිහෙක්..
උඹ මගේ වයසට එද්දි මගේ ජීවිත කාලේ උඹේ ජීවිත කාලේ වගේ 4 ගුණයක් විතර වැඩි..
මම ගැරිජ් එකක කොල්ලෙක් විදිහට වැඩ කරපු තැන ඉදල අද මෙතෙන්ට වෙනකං ආපු ගමනේ ගොඩක් තැන් තිබුනා.. ඒ හැමදෙයක්ම මගේ ජීවිත කාලේ දික් කරනවා..
කවදාහරි නාකිවෙලා උඹ හාන්සි පුටුවකට වැටිලා උඹේ ජීවිතේ ගැන සිහිකරනකොට උඹට ආඩම්බර වෙන්න පුළුවන් ජීවිත කතාවක් උඹ හදාගනිං..
ජීවිතේ මතක හිටින්න ජීවත් වෙයං..
මම ආපු ගමන උඹ දවසක ආවොත් මම කතා කරන දේ උඹට හොදටම තේරෙයි..