ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,057
    3,507
    113
    Inside Your Laptop ;)
    හැමෝටම ස්තූතියි :love::love::love::yes::yes::yes:
    ගුඩ් නිවිස් ! පාර්ට්ස් මැනුවල් එකයි වර්ක්ශොප් මැනුවල් එකයි මග එනව :rofl::rofl::P:P
    යූසර් මැනුවල් එකනම් ලග තියෙනව.මට මේකට දාන්න කූලන්ට් එකක් කියපිය :oo::oo: ඔක්කොම ෆ්ලශ් කරල ආයෙ පුරවන්න 1ලීටර් ඇතිවෙයිද ? :eek::eek: ඊයෙ අයිඩ්ල් තිබ්බ :yes: මැනුවල් දෙක ආවහම දෙනව දොබෙන් යන්න :yes::yes::yes:කලින් පැද්දෙ ගොම බකට් එකක්ද කියල හිතෙනව දැන්. :(:( මේකනම් ක්‍රිස්පි චිකන් බකට එකක් වගේ :):)

    :lol::rolleyes: චානක සින්ඩ්‍රෝම්.... :baffled::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Original Post
    http://www.elakiri.com/forum/showpost.php?p=19754625&postcount=6503


    Attention.jpg


    මේ සිද්ධිය වෙලා සති කීපයක් වෙනවා. මට මේ සිද්දිය අපේ මලයා ( ඒ කියන්නේ මයේ මස්සිනා. ඔව්.. කිඹුලා මාමිගේ කොත්තු පාර්ට්නර් සහ අංක එකේ කිඹුල් කොත්තු ලෝලියා) මට කියනකොටම හිතුනා මේක ත්‍රෙඩ් එකේ කොටන්න ඕනේ කියලා. මේ ත්‍රෙඩ් එක චැට් ත්‍රෙඩ් එකක් බවට පත් වෙලා තිබුනත් කතා කීපයක් හරි එහෙන් මෙහෙන් පෝස්ට් වෙනවා නම් හොඳා. මේ ත්‍රෙඩ් එක එලකිරි මෑත ඉතිහාසයේ බිහිවෙච්චි අතිශය සාර්ථකම ත්‍රෙඩ් එක කීවොත් නිවැරදියි..

    අපේ මල්ලිගේ ඔෆිස් එක කොළඹ නවම් මාවතේ තිබුනත් ඔහුගේ ආයතන ප්‍රධානියා ඉන්නේ ඉන්නේ ගම්පහ. මේක වෙලා තිබුනේ අපේ මල්ලිගේ ආයතන ප්‍රධානියාගේ උපන්දින සාදය දවසේ. ඔෆිස් එකේ හැමෝම එක්ක බොහෝම සමගියෙන් වැඩකටයුතු කරන ආයතන ප්‍රධානීයාගේ උපන්දින සාදය සංවිධානය වෙලා තිබුනේ ගම්පහ. ඔහුගේම නිවසේ. "ලෝස් බෝස්" නැතුව වියදම් කරන චරිතයක් වෙච්චි කාරුණික ආයතන ප්‍රධානිතැනගේ උපන්දින සාදය ඉතාමත්ම ඉහලින් සංවිධානය වෙලා තිබුනේ විවිධාකාරයේ කෑම සහ නොයෙක් රටවල බීම සහිතවයි. ආයතන ප්‍රධානීතැන ගම්පහ වාසය කලාට ඔහුගේ බොහෝ සේවකයන් කොලඹ අවට පදිංචිකරුවන්. සිකුරාදා දවසක පැවැත්වෙච්චි මේ සාදයට කාර්යාලයේ බොහෝ දෙනා සහභාගී වෙලා තිබුනේ කුලීරථ මාර්ගයෙන්. තවත් සමහරක් බොන ඈයෝ නොබොන ඈයොන්ගේ වාහන වල.

    අපි හැමෝම අතර ඉන්නවා වගේ "කොච්චර බීවත් මම කෙලින්. මම එලවන් යනවා මගේ වාහනේ පොලිසීයට නෝන්ඩි නොවෙන්න" කියන ඩයල් එකකුත් මේ කන්තෝරුවේ හිටියා. ඒ හාදයා ලංකාවේ කොයි කොනෙ පාර්ටියකට ආවත් එන්නේ ඔහුගේම වාහනේ තමන්ම පදවගෙනලු.
    එදා කොහොම හරි රට බීම සහ බීර කලවමේ හොඳම පරිමානයෙන් අනුමත වෙලා හිටිය මේ හාදයාට ආයතන ප්‍රධානියාගේ නිවසින් පල නොකිය පලා බෙදන වෙලාව වෙනකන්ම නැංගුරම දාගෙන ඉඳලා ඉඳලා පාන්දර දෙකට ආසන්න වෙලාවක දී තමයි කොළඹ එන්න පිටත් වෙලා තියෙන්නේ. මූන මිරිකුවම ඇල්කොහොල් බේරෙන සයිස් එකට අනුමත වෙලා හිටිය කියලා තමයි කියන්නේ. ඒ වෙලාවට නුවර පාර හිස්. ඔන්න දැන් අපේ කථානායකයා ලෑල්ලට පාගලා නුවර පාරේ එනවලු විදුලි ආලෝක සලකුණු පවා නොතකමින්.

    මේ කථාව කියවන අය නුවර පාරෙන් බේස්ලයින් පාරේ රාත්‍රී කාලයේ වාහන ධාවනය කරලා තියෙනවා නම් නිරීක්ෂනය කරලා ඇති නව කැළණි පාලම පහුවෙනවත් එක්කම තියෙන පොඩි වංගුවත් එක්ක තියෙන කලර් ලයිට්ස් ගාව බේල්සයින් මාර්ගයේ ගොඩක් දවසට පොලීස් වාහනයකුත් එක්ක පොලිස් යතුරු පැදි කීපයක් නවත්තලා තියෙනවා. එතනින් එන වාහන සෑහෙන ප්‍රමානයක් පරීක්ෂාවට ලක් වෙනවා රාත්‍රී කාලයේ. අපේ හාදයත් සුපුරුදු වේගයෙන් තමන්ගේ මෝටර් රථය ධාවනය කරගෙන එනවලු බේස්ලයින් එකේ. පාර මැද්දට පැනපු රථවාහන පොලිස් නිල්ධාරියෙක් අපේ හාදයාගේ වාහනේ නවතන ලෙස සංඥ කරලා තියෙනවා. ඒත් පොලිස් අන නොතකා අපේ හාදයා තමන්ගේ මොටර් රථය (ඇන්ජින් ධාරිතාව 1300CC) උපරිම වේගයෙන් හෙවත් ලෑල්ලට පාගලා පාරට පැනපු පොලිස් නිලධාරියා නොදැක්කා සේ ධාවනය කරලා තියෙන්නේ නැවැත්තුවොත් ලයිසන් එකට සෑහෙන කාලෙකට බඩු පැකට් වෙනවා කියලා දන්න නිසා. ඔය පාරේ ගිහින් තියෙන අය දන්නවා ඇති. ඔය මම කීව කලර් ලයිට් එකින් පස්සේ කෙලින් පාර. ඊට පස්සේ ඔරුගොඩවත්ත මංසන්ධියේ කලර් ලයිට් එක. ඊට පස්සේ ආයේ කෙලින් පාර. මාලිගාවත්ත මංසන්ධියේ කලර් ලයිට් එක. දෙමටගොඩ ගුවන් පාලම. වාහන නැති රාත්‍රී කාලයේ විදලා යන්න පුළුවන් කිසි ගේමක් නැතුව. ඒ විශ්වාසෙන් තමා අපේ හාදයා වාහනේ ලෑල්ලට පාගලා තියෙන්නේ. පාරට පැනපු පොලිස් නිලධාරියා හනි හනිකට දිව ගිහිල්ලා තමන්ගේ යතුරු පැදියට ගොඩ වෙනවා රියර් විව් මිරර් එකෙන් ලාවට දැක්කත් 600cc යතුරු පැදියේ ත්වරණ හැකියාව අවතක්සේරු කරපු අපේ හාදයා ලෑල්ලට පාගන්න තීරණය කරලා ඉවරයි. ඒත් දෙමටගොඩ ගුවන් පාලමේ පල්ලම බහිනකොට දකුණු පැත්තෙන් වේගයෙන් ඉදිරියට ආපු යතුරු පැදියේ උන්නේ පාරට පැනපු පොලිස් නිලධාරියා සහ ඔහුගේ සහයකයා. දැං ඉතින් තේරුමක් නෑ. අල වෙච්චි වැඩේ දෙල් කරගන්න ඕනි නෑ නේ කියලා හිතලා අපේ හාදයා වාහනේ අයිනට කරලා නවත්තලා. වාහනයට ඉදිරියෙන් යතුරුපැදිය නවත්වපු අපේ පොලිස් නිලධාරිතුමා හිනා වෙවී කාර් එක ගාවට ඇවිත් මෙහෙම ඇහුවලු.

    පොලිස් නිලධාරීතුමා :මහත්තයගේ ඔය උපරිමද?
    අපේ හාදයා : සොරි ඔෆිසර්. මට තේරුනේ නෑ.
    පොලිස් නිලධාරීතුමා :මහත්තයගේ ඔය වේගේ මහත්තයාගේ උපරිමද කියලා ඇහුවේ.
    අපේ හාදයා : (කුජීත වෙලා:oo:, චොර වෙලා:baffled: ඔලුව වනලා :yes: කියපි)
    පොලිස් නිලධාරීතුමා : මගේ තව ගියර් දෙකකුත් කඩන්න ඉතුරුයි මහත්තයෝ....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,057
    3,507
    113
    Inside Your Laptop ;)
    මං සෑහෙන කාලෙක ඉදං සමීක්ෂණයක් කරලා බැලුවා...
    ජපං බයික් එකක් ගත්ත ගමං හැමෝම කලිං පාවිච්චි කරපු ඉන්දියන් එකට පළු යන්න බනිනවා.. ඒකට ගොම බකට් එකක් කියනවා බ්ලා බ්ලා බ්ලා...
    ඒ උනත් පිංවත්නි කල්පනා කරගන්ට ඕනේ ඒ ගොම බකට් එකේ නේද මෙච්චර කල් පාං ගේන්ට හරි ගියේ කියලා..:sorry:
    ජපං හොද ඇති තමා. ඒ උනාට ඉන්දියන් ජපං කියලා අපි බයික් එකෙන් කරගන්න වැඩේ කර ගන්නේ නැතුව ඉන්නේ නෑ නේ :)

    :rofl::P:lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::rolleyes: චානක සින්ඩ්‍රෝම්.... :baffled::dull:
    හොද වැඩේ තොට තමිල්නාඩුවෙ ටකරන් පෙට්ටි වලට පෙට්‍රොල් පුරෝ පුරෝ පදිනවට™ :angry::angry: ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දැම්මද ලක්ශ දෙකක™? බයික් එක්ස්පර්ට් කෙනෙක් කිව්ව සුදු ඉරිවල ලිස්සන්නැත්නම් ගොඩක් හොදයි බයික් එක කියල™!!!
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,057
    3,507
    113
    Inside Your Laptop ;)
    pulsar ma 180k? :dull::dull::dull:

    :baffled: ඔව් දැන් අපේ බේබි ක්‍රීම් කියන විදිහට දැන් 40000Km පැනලා නිසා ලක්ෂ දෙකක් පොතේ දාලා තියන් ඉන්න ඕනා කාලේ නෙව......!! :dull:

    ජපන් අරන් තෙල් ගහන්න .... නඩත්තු කරන්න සල්ලි නැති නිසා 180ක් ගන්න හිතුවේ පල්සර්ම..... :D :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: ඔව් දැන් අපේ බේබි ක්‍රීම් කියන විදිහට දැන් 40000Km පැනලා නිසා ලක්ෂ දෙකක් පොතේ දාලා තියන් ඉන්න ඕනා කාලේ නෙව......!! :dull:

    ජපන් අරන් තෙල් ගහන්න .... නඩත්තු කරන්න සල්ලි නැති නිසා 180ක් ගන්න හිතුවේ පල්සර්ම..... :D :P

    ඇයි මහත්තයෝ උට බේබි ක්‍රීම් කියන්නේ?