අද බැලුවා.
"Stock-දුෂ්ඨයා" චරිත එපා වෙලා තියෙන්නේ. අවුරුදු මිලියන ගානක් හිටපු එකෙකුට අතට අහුවෙන හැම ලෝකෙකම තමන්ගේ කෑල්ලක් ඔබල ඒක ලොකු කරල ඒ ලෝක ටික නැති කරල ලැබෙන්නෙ අහවල් කෙංගෙඩියක්ද? දැන් ඕක කලා කියමු, ඊට පස්සෙ මොකක්ද කරන්නේ? හරිම බොළඳයි.
මේ හැම සුපර්හීරෝ විකාරයක්ම එකම මූලික සංකල්ප සෙට් එකකින් තමයි රන් වෙන්නේ. දුෂ්ඨයෙක් ඉන්න ඕන හින්ද දුෂ්ඨයෙක් ඕපපාතිකව හරි පහළ වෙනවා. ඌට දුෂ්ඨකම් කරන්න හේතු නැත්තම් හේතු මවල ගන්නවා. වීරයට හිතන්න කල්පනා කරන්න දෙයක් නෑ. No dilemmas at all. දුෂ්ඨයට අනිවාර්යයෙන්ම එරෙහි වෙන්න වෙනවා. අන්තිමට වීරයගේ ජීවිතය අර්ථවත් වෙන්නේ දුෂ්ඨයා නිසා (This is the plot of the movie "Unbreakable" where the bad guy becomes the bad guy just so that he can find a hero to stop him). මේවා බලලම එපා වෙනවා.
ඒ අතින් මට සෑහෙන respect එකක් තියනවා Captain America: Civil War movie එක ගැන. ඒකේ දුෂ්ඨයා සාමාන්‍ය මනුස්සයෙක්. ඌව බිහි කරන්නේ වීරයෝ මයි.