මයුරා ජිල් යුරෝ ලංකා ඉන්ටනැශනල් + වෙලෝනා
මේවා එකක්වත් අද නෑ
ඊට වඩා ලොකු ඒවා තියෙනවා
කොහොමත් රටක් ගාමන්ට් ඉංඩස්ට්‍රි එකෙන් දුවන්න පුළුවන් කාලයක් තියෙනවා
'කාලයක් යනකොට පඩි වැඩි වෙනවා - පිරිවෑය ඉහල යනවා
එතකොට තරග කරන්න බෑ
ඒ කාලෙ වෙනකොට වෙන පැති වලට හැරිලා ඉන්න ඕන
ඕක නිසා තමා 2015 ආණ්ඩුව පෑහැදිලිව කිව්වෙ අපි දෑන් භාණ්ඩ නිශ්පාදනය කරල රට යවන්න පුළුවන් තැනක නෙමේ ඉන්නෙ කියල
අපිට අඩු පඩි රටවල් එක්ක රේස් යන්න බෑ
ඒ නිසා තමා ඒ ආණ්ඩුව හෝමාගම සිට මාලඹෙ දක්වා දිවෙන ටෙක් සිටි එකක් ගෙනාවෙ
ඒකට සමගාමීව ලයිට් රේල් ගෙනාවෙ
ඒකට තමා 2002 කේ පුබුදමු ශ්‍රි ලංකා එකේ ආර්ථික කලාප 4 ක් යෝජනා කලේ
ඉංදියාවෙන් ලංකාව පාලමක් සහ සාක් පාරක් දාන්න හැදුවෙ
ඒවට තමා ඉංදියාව එක්ක වෙළද ගිවිසුම් වලට යන්න හැදුවෙ
2002 සැලැස්ම පටන් ගන්න ආධාර පවා අනුමත වෙලා තියෙද්දි චන්ද්‍රිකාට බල කරල ආණ්ඩුව විසුරවාපු කයියො දෑන් අහනවා කෝ අපනයන කියල
වෙලද ගිවිසුම් වලට පොත් ලියපු පෙලපාලි ගිය ලයිට් රේල් අහෝසි කරලා කාබනික වගාව කරන්න උපදෙස් දීපු කොන්දොස්තරලා කියනවා අපි රට යනවා කියලා...
-----------------------------------------------------------------------------------------------------------------------------------
කොහොමත් අපේ රටේ වැටුප් ,සාපේක්ෂව ඉහල නිසා garment industry එක පවත්වාගෙන යාමේ අපහසුතාවයක් නිර්මානය වෙමින් පවතිනවා.නමුත් අපි තාමත් යම් දුරකට servive වෙලා ඉන්නේ අපේ Quality එක නිසා.plants ගලවගෙන යනවා චීප් ලේබර් තියන රටවල් වලට.හැබැයි ස්කිල් ලේබර් මෙහෙන් ගෙනියනවා.මොනවා උනත් එදා ඉඳලා International trading agreement වලට අපේ රටේ වාමාංශිකයෝ කොක්ක අදිනවා.ඒක එදා සමසමාජ ,කොමිනිස්.පසුකාලීනව ජෙප්පෝ .උන්ගේ යල්පැන ගිය සමාජවාදයට විරුද්ධ නම් ඒ කරන සියල්ල වැරදියි .සිංගප්පූරුව ,මැලේසියාව ,හොංකොං ,තායිවානය ,දකුනු කොරියාව පමනක් නෙමෙයි වියට්නාමය ,බන්ගලාදේශය මෙච්චර දියුනුවේ මාවතට පැමින සිටිද්දී අපිට බැරි ඇයි කියලා ප්‍රශ්න කරන,එසේම අපේ පාලකයන්ට දොස් පවරන ඊනියා විවේචකයන් නොදන්නා කාරනාව තමයි ,එම රටවල් එසේ දියුණු වීමට හේතුව වන්නේ ඔවුන් බය සැක නැතුව ,ඊනියා සමාජවාදය පසෙකලා විශ්ව ආර්ථිකය සමග බද්ද වීම කියලා.ඒ සඳහා අත්සන් කල වෙලඳ ගිවිසුම් නිසා කියලා.එයට අනුරූපීව සකස්කල කම්කරු අනපනත්,බදු අනපනත්,මූල්‍ය අනපනත් නිසා කියලා.අපේ රටේ එවැනි ප්‍රතිසංස්කරණ සිදුකිරීමට සූදානම් වන විටම බිල්ලට මවා පෙන්වමින් ජනතාව පාරට බස්සවා එම වැඩපිලිවෙලවල් කාබාසිනියා කිරීම සහ එම ආන්ඩු පවා ඊලඟ මැතිවරනයේදී ගෙදර යැවීමට කටයුතු කලා.ලිංමැඩි මානසිකත්වයක ඉන්න ගතානුගතික මාක්ස්වාදී මූලධර්මවාදීන් ගෙන් ජනමනස මුදාගන්නා තුරු අපිට සිංගප්පූරුව මැලේසියාව වගේ වෙන්න බැරි බව ජනතාව තේරුම් ගත යුතුයි .නැත්තම් කයියන්ගේ රසකතා අසමින් මෝඩ ආතල් මගින් මනසට අල්ලස් දීම දිගටම කරගෙන ගියොත් හැමදාම අපි මෙතනම තමයි .
copied