වැඩ පොඩ්ඩක් වැඩිනිසා පරක්කු වෙනවට සමාවෙන්න ඕනා ඔකොමල්ල.
දන්නවනෙ ඇගලුම් ශේත්‍රය ගැන ඉතින්....
හරි..මුල ඉදන් කරමු..
මොකටද අපි මේ Illustrator පාවිච්චි කරන්නේ...?
උදාහරන...
- Business card
- Invitation
- website icon, banner
- Logo,
- Etc.
ආදී එකී මෙකී නොකී සියලුදේවල් නිර්මාණය සදහා අපි පාවිච්චිකරනව AI..
ඉතින් සොෆ්ට්වෙයා එක දිහා බලනකොට ඉලස්ට්‍රේටර් වල සංස්කරණ ගොඩක් අද වෙනකම් ඇවිත් තියෙනවා..
History
- Versions 1–1.6 (Illustrator 88)
- Versions 2–6.
- Versions 7–10.
- Versions CS–CS6.
- Version CC.
මම දැනට පාවිච්චි කරන්නෙ CC 2015 එක. ඔයාලටත් පුලුවන් ඒ සංස්කරණයම පරිගණකයට ඇතුලත් කරගෙන මාත් එක්ක කරගෙන යන්න.
ඉලස්ට්‍රේටර් download කරන්නමම ලින්ක් දෙන්න ඕනා නෑ. ගූගල් දෙයියන්ගෙන් ඉල්ලන්න ඔබට සම්බවේවි.

අලුත් සන්ස්කරන පාවිච්චිකරන එකේ ලොකු වාසි ගොඩක් තියෙනවා.
උදාහරන ලේස පරන සංස්කරණවල තියෙන rectangle tool එකට වඩා ගොඩක් වෙනස් කම් CC 2015 එකේ තියෙනාවා. ගොඩක් ලේසි කරල..
ඉලස්ට්‍රේටර් කියන්න්නෙ වෙක්ටර් ග්‍රැෆික්ස් සොෆ්ට්වෙයාර් එකක්..
ඒ කියන්නෙ රාස්ටර් සහ වෙක්ටර් කියල ග්‍රැෆික්ස් වර්ග 2කක් තියෙනවා..
- රාස්ටර් ග්‍රැෆික්ස් කියන්නෙ පික්සල් මත පදනම්වූ ග්‍රැෆික්ස් වලට..
- වෙක්ටර් ග්‍රැෆික්ස් කියන්නෙ පික්සල් මත පදනම් නොවී පරිගනකය තුලින අපින නිර්මානය කර දෙන ග්‍රැෆික්ස් වර්ගයකට..
මීට වඩා හොද නිර්වචනයක් තියෙනවනම් ලබාදෙන්න කියල ආරාධනා කරනව.
ඒවගේම මම හදිස්සියෙන් රෙකෝඩ් කරා වීඩියෝ එකකුත්, ඒක බලන්න.

මම හැම tut එකකටම වීඩියෝ එකක් දාන්නම්..

කටහඩනම් අවුල් ඇති ලැප් එකේ මයික් එකෙන්නෙ ගත්තෙ.


මෙන්න බාගන්නවනම්... only 68MB
https://drive.google.com/open?id=0B_20r322H5OJR1RVd2NIRE9DTWs
online balanavanam
https://vimeo.com/187313718 - Password for video - elakiri.com
ඒ වගේම හෙට දානව
- How to make new document

- how to edit artboard in illustrator

- how to import Corel-Draw file in illustrator

- Illustrator tools
- Selection tool
- direct selection tool
- Pen tool
- Type Tool
- Shape tools
මේ විදියට කරමු...

