මීට පෙර අපි ඉල්ස්ට්රේටර් ඉන්ටර්ෆේස් එක ගැන කතා කලා..
මේ පාඩම අලුත් ඩොකියුමන්ට් එකක් හදාගන්න විදිය ගැන.
https://s26.postimg.org/qnzp4wiyx/01.png
ෆයිල් මෙනුවෙන් නිවු (new) උප මෙනුව හරහා අපිට ආරම්බ කරන්න පුලුවන් අලුත් ඩොකියුමන්ට් එකක්.
ඒවගේම new from template කියන මෙනු එක හරහාද අපිට අලුත් ඩොකියුමන්ට් එකක් පටන් ගන්න පුලුවන්.
මෙම ලැබෙන මෙනුවෙ Name කියන තැන අපිට අවශය නම ටයිප් කරන්න පුලුවන්.
https://postimg.org/image/y58wk48hx/
Profile එක මත ක්ලික් කිරීම මගින් අපිට තෝරා ගැනීම් විශාල ප්රමානයක් දකින්න පුලුවන්.
Print – මගින් ප්රින්ට් කිරීමට එනම් සම්මත කොල ප්රමානයන් Eg- A4, A3, Legal, B4
Web – මගින් වෙබ් අඩවි සදහා නිර්මාණයට අවශය කරන ප්රමානයන්
Devices – Eg- ipad Air, iphone 5s, Galaaxy S5
එක තේරීම මගින් එක් එක් ක්රියාවන් සදහා වඩාත්ම ගැලපෙන මිනුම් වර්ගය අපට software එක මගින් තෝරා දෙනු ලැබුනත් අපේ අවශයතාවය මත ඒවා වෙනස් කර ගන්න පුලුවන්.
අපි තෝරාගත් profile මත එයට ගැලපෙන ස්ම්මතයේ පවතින ප්රමානයන් පෙන්වනු ලබනව.
ඒ උනත අපි එයට හාත්පසින් වෙනස් පරමානයන් (Size) අවශය අවස්තාවක අපිට දිග සහ පළල (Width and height) වෙනස් කිරීම මගින් සහ යුනිට් (unite) වර්ගය වෙනස් කිරීම මගින් නිර්මානය කරගන්න පුලුවන්.
ඒවගේම Bleeding මෙනුව මගින් අපිට අපි නිර්මානය කරගන්නා ප්රමානයට වඩා යම් ප්රමානයක් පිටතට යොදා නිර්මානය කරගෙන යන්න පුලුවන්.
මෙතනදී වෙන්නෙ උදාහරන ලෙස අපි විසිටින් කාර්ඩ් එකක් නිර්මානය කරනවා කියාසිතන්න.
ප්රින්ට් (Print) කරල අවසානවු පසු අවශය ප්රමානයට කපා ගන්න එක තමා ගොඩක් වෙලාවට වෙන්නේ.


ඉතින් මේ කපන වෙලාවට කටර් එක හරි ඒ මොකක් හරි කපන උප කරනය සදහා කැපුම් වාසි අවශ්ය වෙනව.


ඒ කියන්නෙ හරි ගානටම අපි මුද්රනය කරල තිබුනොත් ය්ම් විටක මුද්රනය නොවූ කොටසක් පෙනන්න තියෙන් ඉඩකඩ වැඩියි. මම නම් වැඩකරන්නෙ ගාමන්ට් එකක ඉතින් මට ඔයවගේ අවශයතාවයක් එනව අඩුයි.




ඔයාල කරන වැඩය මත මෙම අවශයතාවය ඇති හෝ නැති වෙන්න පුලුවන්


Advanced මනුව මත ක්ලික් කිරීමෙන් අපිට කලර් මූඩ් එක වෙනස් කරගන්න පුලුවන්. CMYK or RGB ලෙස. නමුත්
අපි වෙක්ටර් නිර්මාණ කරන විට CMYK කලර් මූඩ් එක තමා බාවිතා කරන්නේ.
Number of art board මෙනුවතුල ඇති සංඛයා වෙනස් කිරීම මගින් අපිට ආර්ට් බෝර්ඩ් ප්රමානය වැඩි අඩු කරගන්න පුලුවන්.
වැඩි හෝ අඩුවූවා කියල අවුලක් වෙන්නෙ නෑ අපිට පස්සෙත් හදා ගන්න පුලුවන්.
මම ඊලග පාඩම සමගම මෙම පාඩමට අදාල වීඩියෝවත් ලබා දෙන්නම්.
රුදෙන්න නූලත් සමග මීලගට අපි වැඩක් කරන්න පටන් ගමු...
