illustrator

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    අන්න ටොප්ජෝබ් එකේ ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් ඉල්ලාල තියෙනවා..
    සැලරි 50 -75 ඇප්ලයි කරපල්ලකෝ.. :oo:
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    Astute Graphics Plugins Bundle v1.1.4 + Pro Texture Packs for Texturino (Win)

    me tool ela crack karapou ekak nadda bn

    Astute Graphics Plugins Bundle v1.1.4 + Pro Texture Packs for Texturino (Win)


    Astute Graphics Plugins Bundle v1.1.4 for Windows
    + Pro Texture Packs for Texturino

    Compatibility:
    Windows 10/8/7/Vista
    Adobe Illustrator: CC 2015, CC 2015.3
    Quote:
    Download:
    Link(s):
    http://www.kprotector.com/p31/57897fcc29631

    Plugins Bundle v1.1.4 for Adobe Illustrator: CS5 x86 only
    Link(s):
    http://www.kprotector.com/p31/578fe99fc4ae3
    Plugins Bundle v1.1.4 for Adobe Illustrator: CS6 x64 only
    Link(s):
    http://www.kprotector.com/p31/578a62eba3cfd
    Quote:
    Updated: 2016
    Version: 1.1.4
    Size: 460 MB
    Languages: English
    Seller: Astute Graphics Ltd.
    Link(s):
    http://astutegraphics.com/
    Description:
    Want to be more precise, more efficient, and more creative with Illustrator? Learn how the Astute Graphics plugins can
    revolutionize the way you draw and edit artwork in Adobe Illustrator. Astute Graphics covers drawing and editing with
    VectorScribe and InkScribe, aligning and arranging objects with ColliderScribe, creating beautiful symmetry with MirrorMe,
    adjusting color with Phantasm, and the tools in DynamicSketch and WidthScribe that make drawing with a tablet even
    more natural and intuitive.

    Texturino Customer Texture Packs

    Get more from Texturino with Pro Texture Packs
    NEW - Texturino Texture Pro Pack: Textiles
    Texturino Texture Pro Pack: Grunge
    Texturino Texture Pro Pack: Wall
    Texturino Texture Pro Pack: Wood
    Texturino Texture Pro Pack: Shadows and Highlights
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ආර්ට්වර්ක් එකක් කරලා කට් මාර්ක් ලස්සනට දාන හැටි කියලා දෙන්නම් දැන්
    හැමෝම කට්මාර්ක් දාන්න දන්නවා filter මෙනු එකෙන්
    ඒත් එහෙම දාන cutmark වලින් පොසිටිව් වල ඉඩ ගොඩක් ගන්නවා
    ඒ නිසා ඒවා පොඩි කරන්න වෙනවා
    ගොඩක් උන් කරන්නේ ඉතින් direct selection එකෙන් පොඩි කරනවා
    එහෙම කලාම එක එක cutmark එක එක සයිස්
    බලන කෙනාටත් අවුල් ආර්ට් වර්ක් එක oepn කලාම
    අනික හදිස්සියේ වත් ඒකෙන්ම front back print ගන්න ඕන උනොත්
    Page එකට center කරන්න බෑ කට් මාර්ක් එක එක සයිස් නිසා
    :angry::angry::angry::angry::angry:


    මේකේ විදියට කට්මාර්ක් දාගත්තා කියමුකෝ
    Screen_Shot_2016_11_08_at_11_25_11_PM.png


    ඔක්කොම කරන්න කලින් scale and Stroke එක අයින් කරලා ඉන්න ඕන
    Screen_Shot_2016_11_08_at_11_26_41_PM.png

    Screen_Shot_2016_11_08_at_11_27_03_PM.png

    මේකට විතරක් නෙමෙයි අපිට outline පොඩි නොකර ආර්ට් වර්ක් එක පොඩි කරන්න ඕනෙනම් Scale stroke & effects අයින් කරන්න ඕන
    ගොඩක් උන් logo හදනවා outline දාලා ඒවා storek outline කරන්නේ නෑ
    ඉතින් වෙන කාට හරි logo එක ලොකු බැනර් එකකට ගහන්න දුන්නම
    ඌත් ඔහේ ලොකු කරලා දානවා
    Scale stroke & effects දාලා තිබ්බොත් ලොකු වෙනවා නැත්තම් ඉතින් කුරැමිණි අඩු වගේ outline එක
    ඒ නිසා මේක tick / untick කරන්න වෙලාවල් තියෙනවා
    logo හදනවා නම් අනිවාර්යෙන්ම outline stroke කරන්නම ඕන
    outlinestroke.gif


    හරි දැන් ආයිත් කට්මාර්ක පැත්තට එමු
    මුලින්ම වම් පැත්තේ මුදුනේ කට්මාර්ක් දෙක හදලා ඉමු
    Screen_Shot_2016_11_08_at_11_25_47_PM.png

    Transform එක අරගන්න
    කට්මාර්ක් දෙක select කරලා
    Transform එකේ කට් මාර්ක් දෙක එකතුවෙන තැන dot එක click කරන්න

    දැන් Ruler එක mm වලට දාගෙන
    උඩ 5mm කියලා ටයිප් කරන්න
    දෙකම එකපාර පොඩි වෙන්න දංවැල වගේ එක ඔබන්න
    Screen_Shot_2016_11_08_at_11_27_20_PM.png


    මම එක එක කට්මාර්ක වලට selcet කරලා තියෙන ඩොට් එක බලන්න transofrm palate එකේ
    Screen_Shot_2016_11_08_at_11_26_01_PM.png


    Screen_Shot_2016_11_08_at_11_26_14_PM.png


    Screen_Shot_2016_11_08_at_11_28_22_PM.png


    අන්තිමට යවන්න ඕන bleed කරලා එහෙම printerට යවනකොට
    එත් ඉතින් මේවා නොකර යැව්වත් කමක් නෑ
    මොකද දාන ups ගාන අපි දන්නේ නෑනේ
    ඒත් ඉතින් positive out කරන මනුස්සයට ලේසි වෙන්න Images දාර වල තියෙනකොට
    Bleed වලට ඉඩ තියලා clipping මාස්ක් කරන්න ඕන
    නැත්තම් photoshop වලින් හදන්න වෙනවා නැත්තම් නිකන් ඇදලා දානවා උන්
    උන්ගේ වැරැද්දකුත් නෑ ඉතින්
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :D හරි හරි තැන්ක්ස්.

    ඒත් හැබැයි graident එකකට නම් කට් මාර්ක් දලා expand apperance කරන්න එපා
    ගොඩක් වෙලාවට EPS ගහන්න හදනකොට gradient එක expand වෙලා එක පට්ට සයිස් file එකක් වෙනවා
    කට් මාර්ක් එන්න ඕන සයිස් එකට කොටුවක් ඇදලා ඒකට කට් මාර්ක් දාන්න
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    ඒත් හැබැයි graident එකකට නම් කට් මාර්ක් දලා expand apperance කරන්න එපා
    ගොඩක් වෙලාවට EPS ගහන්න හදනකොට gradient එක expand වෙලා එක පට්ට සයිස් file එකක් වෙනවා
    කට් මාර්ක් එන්න ඕන සයිස් එකට කොටුවක් ඇදලා ඒකට කට් මාර්ක් දාන්න
    එල. සිරාවටම මම ඔහොම කට් මාර්ක් දානවා කියල දන්නෙත් අද බන්. :nerd::baffled:
    මම හිතන් හිටියේ art board සයිස් එක හදලා බ්ලිඩ් තියලා pdf export කරනකොට trim mark දාන ටික විතරයි.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එල. සිරාවටම මම ඔහොම කට් මාර්ක් දානවා කියල දන්නෙත් අද බන්. :nerd::baffled:
    මම හිතන් හිටියේ art board සයිස් එක හදලා බ්ලිඩ් තියලා pdf export කරනකොට trim mark දාන ටික විතරයි.

    :shocked::shocked::shocked::shocked:
    ආහ් තව එකක්
    කට් මාර්ක් කලු පාට වගේ පෙනුනට කලු නෙමෙයි
    කට් මාර්ක් එන්නේ registration colours වලින්
    ඒ කියන්නේ CMYK ඔක්කොම 100 වුනාම එන පාට
    අපේ අයියලා 4 colour යන job එකටත් කට් මාර්ක් Black 100 කරලා දානවා
    Positive ගත්තට පස්සේ CMY positive වල කට් මාර්ක් නෑ
    :sorry::sorry::sorry:
    ඉතින් registration මාර්ක් එහෙම දාලා නොතිබ්බොත් අබ සරණයි
    Registration marks තිබ්බත් කට් මාර්ක් ඕන register කරගන්න හරියටම
    තව එකක් One colour job වලට නම් කට් මාර්ක් දාන්න ඕන one colour වලින්
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    :shocked::shocked::shocked::shocked:
    ආහ් තව එකක්
    කට් මාර්ක් කලු පාට වගේ පෙනුනට කලු නෙමෙයි
    කට් මාර්ක් එන්නේ registration colours වලින්
    ඒ කියන්නේ CMYK ඔක්කොම 100 වුනාම එන පාට
    අපේ අයියලා 4 colour යන job එකටත් කට් මාර්ක් Black 100 කරලා දානවා
    Positive ගත්තට පස්සේ CMY positive වල කට් මාර්ක් නෑ
    :sorry::sorry::sorry:
    ඉතින් registration මාර්ක් එහෙම දාලා නොතිබ්බොත් අබ සරණයි
    Registration marks තිබ්බත් කට් මාර්ක් ඕන register කරගන්න හරියටම
    තව එකක් One colour job වලට නම් කට් මාර්ක් දාන්න ඕන one colour වලින්
    :yes: පැහැදිලියි.
    ඒ කියන්නේ කට් මාර්ක් ඩිෆෝල්ට් එන ස්ට්‍රෝක් කලර් එක වෙනස්කරන්නේ නැහැ.

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    :yes: පැහැදිලියි.
    ඒ කියන්නේ කට් මාර්ක් ඩිෆෝල්ට් එන ස්ට්‍රෝක් කලර් එක වෙනස්කරන්නේ නැහැ.


    1 colour ජොබ් වලට වෙනස් වෙනවා මචන් පාට
    හිතපන්කෝ black and white ජොබ් එකක් කියලා
    එතකොට කට් මාර්ක් දාන්නේ කලු පාටින්
    මොකද මේකේ කලු විතරනේ පාටකට තියෙන්නේ
    CMYK හතරෙන්ම කට් මාර්ක් දැම්මොත්
    පොසිටිව් අවුට් කරන එකා මීටරෙන් දැම්මේ නැත්තම්
    නිකන් බොරුවට කට්මාර්ක් විතරක් තියෙන වැඩිපුර පොසිටිව් 3ක් අවුට් වෙනවා
    :yes::yes::yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    1 colour ජොබ් වලට වෙනස් වෙනවා මචන් පාට
    හිතපන්කෝ black and white ජොබ් එකක් කියලා
    එතකොට කට් මාර්ක් දාන්නේ කලු පාටින්
    මොකද මේකේ කලු විතරනේ පාටකට තියෙන්නේ
    CMYK හතරෙන්ම කට් මාර්ක් දැම්මොත්
    පොසිටිව් අවුට් කරන එකා මීටරෙන් දැම්මේ නැත්තම්
    නිකන් බොරුවට කට්මාර්ක් විතරක් තියෙන වැඩිපුර පොසිටිව් 3ක් අවුට් වෙනවා
    :yes::yes::yes:
    :love::love::love: ඔන්න ඕවගේ ඒවා කියලා දීපන් නිවාඩු වෙලාවට.. මාර වටිනවා. :)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    :love::love::love: ඔන්න ඕවගේ ඒවා කියලා දීපන් නිවාඩු වෙලාවට.. මාර වටිනවා. :)

    artwork එකෙ තියෙන්නේ CMYK ඇතුලුව මම දාපු නිකන් colours වගයක්


    O8rrlQz.jpg


    බලපන් පොසිටිව් out කලාම colours එන විදිය

    taUJTTB.jpg


    පේනවනේ කට් මාර්ක් හැම පාටටම තියෙනවා registration colours දැම්මම
    ඔක්කොම කලුයි


    Ce09b7T.jpg


    හොයාගන්න බෑ මොකක්ද කලු කියලා මොකක්ද නිල් කියලා

    BQ96CD4.jpg


    bQ57pH0.jpg


    ඒ නිසා තමයි seperation කරනකොට
    ආර්ට්වර්ක් එක යට CMYK කියලා ගහලා එන්නේ ඒ ඒ පාටින්


    stock-vector-cmyk-press-marks-color-bar-428654275.jpg


    නැත්තම් හොයාගන්න බෑනේ
    පත්තරේ දාරවල පොස්ටර්වල මේ කලර් බාර්ස් තියෙනවා ඉතුරුවෙලා
     
    Last edited: