.::KAVIYEN KAVIYA 2::.

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කරන්න ඇති වල් වැඩ ඔක්කොම.............කරලා
    සුදනා වෙන්න ‍ය‍යි පන්සිල් සිහි...............කරලා
    කි‍ය‍යි බොන බවට ඇල් වතුරත්...............නිවලා
    කි‍යපන් ඕක චීනෙකු හට...................අඬගහලා

    "පෙර අඟනක් එක් එළු දෙනකගේ හිස..............සිඳා
    හිසකෙස් ලෝම ගන්නේ හිස් කැපුම්..............ලදා"
    සුභාෂිතයේ ඇති මේ පද කියව...................සොඳා
    පව් වැඩ නොකර මම මෙන් උන්නොතින්....හොඳා
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පව් වැඩ නොකර මම මෙන් උන්නොතින්....හොඳා
    tuzki64.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෙල්ලෙක් මෙහි ඇවිල්ල ඇති බව............දැකලා
    ස‍යූ අක්ක ඇත මුක්කුවකුත්....................ගහලා
    අහුවුනොතින් ‍යලි ඔ‍ය වගෙ වැඩ..............කරලා
    දෙන්නෙමි උඩින් ‍යනලෙස මින්..............විසිවීලා
     
    Feb 17, 2013
    214
    25
    0
    වනගත වෙලයි රකුසා ඉස්සර............උන්නේ
    නිවන් යන්ඩ තව පොඩ්ඩයි මට..........තිබුනේ
    නෙලුම් ගෑණි මෙහෙ ඇවිදින් කරපු.....හෙනේ
    ලැබගත් දැහැන් ඔක්කොම ටික බිද..වැටුනේ


    දකින දකින විටදී සිල් බිදවයි නම් ..............ගැනු
    මින්පසු එපා පොඩි කරලන්නට ...............සුදුලුනු
    කොකෙකු ලෙසින් බැලු ලෙද පා වල් ............මුණු
    ඔබ හට ඔබින්නේ කුණු ඇලවල් ................කානු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    "පෙර අඟනක් එක් එළු දෙනකගේ හිස..............සිඳා
    හිසකෙස් ලෝම ගන්නේ හිස් කැපුම්..............ලදා"
    සුභාෂිතයේ ඇති මේ පද කියව...................සොඳා
    පව් වැඩ නොකර මම මෙන් උන්නොතින්....හොඳා
    උඹ එලුවෙක්ගේ බෙල්ලම...............සින්දාට
    මම ඔ‍ය වගෙ වැඩ කර නෑ කිසිම............විට
    මස් මාංශ කිසිවත් කන්නැති................කලට
    මම තිරිසන් සතුන් මරන්නේ...............කුමට
     
    Feb 17, 2013
    214
    25
    0
    කෙල්ලෙක් මෙහි ඇවිල්ල ඇති බව............දැකලා
    ස‍යූ අක්ක ඇත මුක්කුවකුත්....................ගහලා
    අහුවුනොතින් ‍යලි ඔ‍ය වගෙ වැඩ..............කරලා
    දෙන්නෙමි උඩින් ‍යනලෙස මින්..............විසිවීලා

    කෙල්ලෙක් අපු විට ඇයි ඔබ බිය .....වන්නේ
    වැරදි ක්‍රමයකිනි ඔබ ඔය .........සලකන්නේ
    කෙල්ලන්ගේ බලය විහිදෙයි ......බලපන්නේ
    දිනක වැදලා පස්සෙන් එන්නයි .....වෙන්නේ
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නෙලුම් කුමාරි;14506825 said:
    දකින දකින විටදී සිල් බිදවයි නම් ..............ගැනු
    මින්පසු එපා පොඩි කරලන්නට ...............සුදුලුනු
    කොකෙකු ලෙසින් බැලු ලෙද පා වල් ............මුණු
    ඔබ හට ඔබින්නේ කුණු ඇලවල් ................කානු


    සැබවින් කාණුවේ උන් කොල්ලෙක්.....මෙලෙසා
    අද රජ මැදුරු රන් කහවනු ඇත..............ගවසා
    දෙන්නම් ඔබට රන් යහනාවක්.............සකසා
    එනවද මගේ මදුරට මම වෙමි..............රකුසා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෙලුම් කුමාරි;14506875 said:
    කෙල්ලෙක් අපු විට ඇයි ඔබ බිය .....වන්නේ
    වැරදි ක්‍රමයකිනි ඔබ ඔය .........සලකන්නේ
    කෙල්ලන්ගේ බලය විහිදෙයි ......බලපන්නේ
    දිනක වැදලා පස්සෙන් එන්නයි .....වෙන්නේ
    මම නම් නැතේ කෙල්ලන් හට.............බි‍යවීලා
    උන්ට බ‍යේ මොකටද.....................ජීවත්වීලා
    මොකා වුනත් ආවොත් ගේමක්..............කි‍යලා
    දෙනවා return එක මම නෑ...........පසුබැහැලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    සැබවින් කාණුවේ උන් කොල්ලෙක්.....මෙලෙසා
    අද රජ මැදුරු රන් කහවනු ඇත..............ගවසා
    දෙන්නම් ඔබට රන් යහනාවක්.............සකසා
    එනවද මගේ මදුරට මම වෙමි..............රකුසා
    බොරුවට ටෝක් දුන්නට මෙහි ලොකු........කරලා
    රකුසා ඇත නෙලුම් දැලේ...................පැටලීලා
    අ‍යි‍යෝ සල්ලි කි‍යවෙ‍යි මට දුක..............හිතිලා
    එහෙනම් රකුසො හිටපන් වහලෙක්.............වීලා
     
    Feb 17, 2013
    214
    25
    0
    සැබවින් කාණුවේ උන් කොල්ලෙක්.....මෙලෙසා
    අද රජ මැදුරු රන් කහවනු ඇත..............ගවසා
    දෙන්නම් ඔබට රන් යහනාවක්.............සකසා
    එනවද මගේ මදුරට මම වෙමි..............රකුසා

    Girls club එකේ මම දැමු ...............සුදුසු කම
    එහෙනම් ඔබට බාරයි ඇප්ලයි ................කිරීම
    ගත්තොත් මෙමා කර කරේට.............නිසැකවම
    ඉන්නට වෙනවා ලියවිල්ලේ ඇති........... ලෙසම
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෙලුම් කුමාරි;14506929 said:
    Girls club එකේ මම දැමු ...............සුදුසු කම
    එහෙනම් ඔබට බාරයි ඇප්ලයි ................කිරීම
    ගත්තොත් මෙමා කර කරේට.............නිසැකවම
    ඉන්නට වෙනවා ලියවිල්ලේ ඇති........... ලෙසම
    රකුසෝ උඹ කාගන්න‍යි.............සැරසෙන්නේ
    මෙ‍යා ලණුව උඹේ බෙල්ලෙ..........පටලන්නේ
    බැඳගත් බෙරේ එහෙනම් උඹ..........ගහපන්නේ
    අපි නම් නෑ මෙතනදි උඹ.............බේරන්නේ
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම marry කරන boyට නොතිබිය යුතු ගුණාංග .....
    1.අපෝ අර හිපපොටේමස් වගේ ඇගකටනම් මම කැමතිම නැහැ
    2.දුම් පානය තහනම්
    3.කන මොදය වගේ බොනවානම් වැඩක් නැහැ
    4.ලස්සනට අදින්න ඕනි
    5.යාලුවෝ ඉදිරියේදී මට respect නොකරනවානම් (තේරෙනවනේ ඒ කියන්නේ වදින්න නෙමේ bit එකට ගන්න බැහැ කියලා )
    6.මාත් එක්ක ඉන්න වෙලාවට වත් කොට ඇදුම් අදින කෙල්ලෝ දිහා බලනවානම් එක හරි නැහැ නේද ?
    7.ගෙදර වැඩ සහයෝගයෙන් කරන්න බැරි නම් මම කැමති නැහැ
    8.ඇදුම් පිළිවෙලකට තියා ගන්න බැරිනම් ගෙදර බඩු එහෙමෙහෙ දානවනම් බැනුම් අහන්න වෙනවා
    9.සෙනසුරාදා,ඉරිදා නිවාඩු තියෙන job එකක් නැතිනම් පොඩ්ඩක්වත් කැමති නැහැ
    10.බිල්ලා වගේ හැම තිස්සෙම පස්සෙන් එනවට මම නම් පොඩ්ඩක් වත් කැමති නැහැ (බැන්ද කියන්නේ හිරේ යනවා වෙන්න බැහැනේ )


    මගේ බොඩිය ආර්නොල්ඩ් සුබසිංහ.......වගේ
    සිගරට් එකක් බොන එක කොච්චරද.....අගේ
    බෙබා වගෙ නැතත් කණ සාක්කුවේ.....මගේ
    අදුමත් හොඳයි ජුතක බමුණාගේ........වගේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොඩි නිදිමතක් එ‍යි දැන් මට සෙට්............වීලා
    මම දැන් ‍යනව පැ‍යක් නිදන්නට.............කි‍යලා
    එහෙනම් රකුසො අපි ‍යනවා...............චුතවීලා
    උඹහට නෙලුම්ගෙම පිහිට‍යි...............පවසාලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පැ‍යකට පසුව ආවේ ‍යලි ඇහැ.........ඇරලා
    මෙතන කුමක් වී දැ‍යි බැලුමට.........කි‍යලා
    හිතපු දේම ඒ විදි‍යට සිදු.................වීලා
    දි‍ය රකුසා නෙලුම් එක්ක ගොස්......පැනලා

    :lol:
    :lol::lol:
     
    Feb 17, 2013
    214
    25
    0
    පැ‍යකට පසුව ආවේ ‍යලි ඇහැ.........ඇරලා
    මෙතන කුමක් වී දැ‍යි බැලුමට.........කි‍යලා
    හිතපු දේම ඒ විදි‍යට සිදු.................වීලා
    දි‍ය රකුසා නෙලුම් එක්ක ගොස්......පැනලා

    :lol:
    :lol::lol:

    දවල් නිදන රැ .............ඇහැරෙන
    වටේ දුවන හොදට .............නාන
    නොයිද හොදට බොරුම.... ගොතන
    කෙනා කව්ද මෙතන ..........සිටින
     
    Feb 17, 2013
    214
    25
    0
    කවි කාරයින් සැමගෙන් මට වෙන්න .........කමා
    දැන් සැර සෙන්නේ නිවහන වෙත යන්න .....මෙමා
    bus එක මිස් උනොත් මා හට වේවි .... ......පමා
    ඔන්න මම ගියා සැමටම දීලා .................පෙමා :love::love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෙලුම් කුමාරි;14507269 said:
    දවල් නිදන රැ .............ඇහැරෙන
    වටේ දුවන හොදට .............නාන
    නොයිද හොදට බොරුම.... ගොතන
    කෙනා කව්ද මෙතන ..........සිටින
    දවල් නිදා රෑ ඇහැරන්...................සිටි‍යාට
    බොරු ගොතලා නම් නැත මම කිසිම........විට
    දැලේ දමන් කෙලෙව්වාට...............රකුසාට
    මාව ගාවගන්න එපා......................ඕවාට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෙලුම් කුමාරි;14507280 said:
    කවි කාරයින් සැමගෙන් මට වෙන්න .........කමා
    දැන් සැර සෙන්නේ නිවහන වෙත යන්න .....මෙමා
    bus එක මිස් උනොත් මා හට වේවි .... ......පමා
    ඔන්න මම ගියා සැමටම දීලා .................පෙමා :love::love:
    අනේ ලොකු දෙ‍යක් එහෙනම් දැන්...........මෙතනින්
    චුත වෙන්නකො මින් එලවන්නට.............කලි‍යෙන්
    ඔබේ බරට බස් එක නොම...............කැඩුනෝතින්
    ලෝක වාර්තාවක් එ‍ය ගොඩ...................කලකින්
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    උදේ ඉදන් කොම්පීතරෙ එක්ක රැදී..
    ඉදලා මගෙ හිසේරදේ වෙලා වැඩී..
    අමාරුවෙන් හෝ ගලපා මම කියමී..
    අද දවසට අවසන් සිව්පදය සකී..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උදේ ඉදන් කොම්පීතරෙ එක්ක රැදී..
    ඉදලා මගෙ හිසේරදේ වෙලා වැඩී..
    අමාරුවෙන් හෝ ගලපා මම කියමී..
    අද දවසට අවසන් සිව්පදය සකී..
    එල එල මචන් ගලපල හරි..............අමාරුවෙන්
    ලි‍යපු කවි‍ය වටිනව මෙහි.............දශ ලක්ෂෙන්
    ‍යලිත් දිනක සෙට් වී අපි මේ...............විලසින්
    කවි ලි‍යමුකො fun ගන්නට සුපිරි..........ලෙසින්