.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලැබුනා rest එකක් ගොඩ දිනකට පසුව
    හිතුනා බලන්නට දමලා මෙහි ඔලුව
    තිබුනා පාලුවට ගොස් මේ කවි මඩුව
    දුටුවා කවි ටිකක් මෙහි කලකට පසුව
    එලකිරි‍යට තරු එලි‍යක් වැටුනු කල
    එ‍යටම රොක්වුනා මෙහි සිටි මිතුරු කැල
    තරු උණුසුම අවසන් වී ගි‍යපු කල
    ‍යලි සෙට් වුනා උඩට ගන්න මේ නූල
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දුටු විට හැංගෙනා
    රෙක්සය නැමති පිංගොනා
    කැන්දාගෙන එනා
    එකෙක් වෙත්නම් රෙප් පහක් දෙනා
    මගේ data limit පැනලා ඇති බවට
    කිව්වට වඩක් නැත කොච්චරවත් මූට
    සිංහල නොතේරෙන උඹ වනි ගොන්නුන්ට
    මොනව කි‍යන්නද තේරෙන්නෑ මෙමට


    කිව්වට දෙනව ‍ය‍යි කි‍යලා points පහක්
    මම දන්නව උඹේ
    power එක නව‍යක්
    කොහොම වුනත් අවුලක් නෑ ඕනෙ පු*ක්
    12 වෙනිද වෙනකම් දාපන් සද්දක්

    දැනුත් ආවෙ ‍යාලුවෙක්ගෙ ඩොන්ගල‍යෙන්
    ඌට ඉල්ලනව ආපසු ගත් සැටි‍යෙන්
    එහෙනම් මම ‍යනව ‍යලිත් හැලිල මෙහෙන්
    සැසෝ ඇවිත් ආපහු මෙහෙ run කරපන්

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම නැති විටදි කවි ලි‍යන්න කිව්වාම
    සැසා ඇවිල්ලම නෑ මේ පැත්තටම
    බොරුවට ටෝක් දෙන මූ වගෙ උන් ගැනම
    පවු කි‍යලා හිතෙ‍යි මට නම් හැමදාම
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ආපු ගමන් කවියක් ලියන්නට සිතුනා
    කවියෙන් කවිය ත්‍රෙඩ් එක මම දැක්කා
    සැසයි,රෙක්සයි හැමෝමයි දැක්කා
    ඔන්න මමත් එලකිරියට ආයිත් ආවා
     
    • Like
    Reactions: Rex921

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    ආපු ගමන් කවියක් ලියන්නට සිතුනා
    කවියෙන් කවිය ත්‍රෙඩ් එක මම දැක්කා
    සැසයි,රෙක්සයි හැමෝමයි දැක්කා
    ඔන්න මමත් එලකිරියට ආයිත් ආවා

    Hallo මචන් කොහොමද සැප සනීප
    බොහෝ කලක් ගත වුන උඹ මෙහි නොදැක
    තොලොන්චි උනෙ කොහෙදැයි මම අහන්නවට
    කියාපන් බලමු හංඟන් ඉන්නැතුව...:yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    Hallo මචන් කොහොමද සැප සනීප
    බොහෝ කලක් ගත වුන උඹ මෙහි නොදැක
    තොලොන්චි උනෙ කොහෙදැයි මම අහන්නවට
    කියාපන් බලමු හංඟන් ඉන්නැතුව...:yes:


    වරදක් නෑ මචං ඉන්නවා හොදට
    උබට කොහොමදැයි කියපන්කෝ දැන්ම
    බොහෝ කලක් එන්නට බැරි උනේ මට
    රස්සාවකට ගියානේ ගෙදරින් පිට වෙලා මම
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    never be the same again

    රසික ල, ඩොලී, අරවින්ද ල කවි කෙරුව
    ඉස්සර වගේ නැත එලකිරි කවි පිටුව
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම නැති විටදි කවි ලි‍යන්න කිව්වාම
    සැසා ඇවිල්ලම නෑ මේ පැත්තටම
    බොරුවට ටෝක් දෙන මූ වගෙ උන් ගැනම
    පවු කි‍යලා හිතෙ‍යි මට නම් හැමදාම

    සැසා කවදාද කිවු වැඩ ලෙසම කලේ
    ඌ වැඩ කරන්නේ ස්කර්විට තමා බොලේ
    එදා රේඩියෝ එක අතරේ උනු විලසේ
    ස්කර්විය තමා දැන් ඌ රන් කෙරෙතේ....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආපු ගමන් කවියක් ලියන්නට සිතුනා
    කවියෙන් කවිය ත්‍රෙඩ් එක මම දැක්කා
    සැසයි,රෙක්සයි හැමෝමයි දැක්කා
    ඔන්න මමත් එලකිරියට ආයිත් ආවා
    උදේ උඹත් එක්ක චැටක් දැම්මාට
    වැඩි‍ය කතාකරන්න බැරිවි‍ය අපට
    කොහොමද මචන් ‍යලි පිලිගන්නව මෙහෙට
    දිගටම වරෙන් දැන් මෙහි කවි ලි‍යන්නට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රසික ල, ඩොලී, අරවින්ද ල කවි කෙරුව
    ඉස්සර වගේ නැත එලකිරි කවි පිටුව
    ඉස්සර හිටපු ඒ විශිෂ්ට කවි කරුවන්
    එලකිරි‍යට ආපහු එන්නේ නැත්තන්
    නොමැති වුනත් අපහට කවි හැකි‍යාවන්
    හැකිලෙස ලි‍යන්නේ කවිපද මේ විලසින්
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    රසික ල, ඩොලී, අරවින්ද ල කවි කෙරුව
    ඉස්සර වගේ නැත එලකිරි කවි පිටුව

    කවද උනත් ඉන්නා අය එළකිරියේ
    පුලු පුලුවන් හැටියට කවි කරන්නේ
    අතීතයට එන්න කියනු හැකි කෙසේ
    ලතැවි ලතැවි හිටහන් නුඹ ස්තුමි මලේ :yes:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!

    වරදක් නෑ මචං ඉන්නවා හොදට
    උබට කොහොමදැයි කියපන්කෝ දැන්ම
    බොහෝ කලක් එන්නට බැරි උනේ මට
    රස්සාවකට ගියානේ ගෙදරින් පිට වෙලා මම

    මමත් ඔහේ ඉන්නව බන් සනීපෙන්
    ආවෙ නැතත් නුඹ ගැන මට සතුටු සිතේ
    නුඹට..
    ඉස්පාසුවක් ලැබුනා වගෙ පේන්නේ
    fun එක ගන්න set වෙමු අපි වෙනද වගේ :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවද උනත් ඉන්නා අය එළකිරියේ
    පුලු පුලුවන් හැටියට කවි කරන්නේ
    අතීතයට එන්න කියනු හැකි කෙසේ
    ලතැවි ලතැවි හිටහන් නුඹ ස්තුමි මලේ :yes:
    මමත් කි‍යන්නේ ඒකම තම‍යි මචන්
    ‍යලි ගෙනෙන්න නොහැකිම වූ අතීත‍යන්
    ගැන සිතමින් බොරුවට මෙහි දුක් විඳිමින්
    නොසිට කවි පෙලක් ලි‍යනෙමු හැකි විලසින්

    ඩොලී නංගිලා කවි ලිවු කවි මඩුව
    මීට වඩා සරු බව දන්නව සැවොම
    හැකි ලෙස පුරවන්න ඒ අ‍ය නැති අඩුව
    මේ ලෙස කවි ලි‍යමු මෙහි අපි දෙනම

     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    මමත් ඔහේ ඉන්නව බන් සනීපෙන්
    ආවෙ නැතත් නුඹ ගැන මට සතුටු සිතේ
    නුඹට..
    ඉස්පාසුවක් ලැබුනා වගෙ පේන්නේ
    fun එක ගන්න set වෙමු අපි වෙනද වගේ :cool:
    :lol::lol::lol:
    ඔහොමද යකෝ කවියක් ගැට ගහන්නේ
    මොනවද තමුසේ මේ ලියලා තියෙන්නේ
    මුල මැද දෙපද එක තාලෙට කියන්නේ
    බැරි වැඩ නොකර මම නම් පසු බහින්නේ

    :P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol:
    ඔහොමද යකෝ කවියක් ගැට ගහන්නේ
    මොනවද තමුසේ මේ ලියලා තියෙන්නේ
    මුල මැද දෙපද එක තාලෙට කියන්නේ
    බැරි වැඩ නොකර මම නම් පසු බහින්නේ

    :P:P:P
    පොඩ්ඩක් ඌට වැරදීලා තිබුනාට
    ලොකුවට එ‍ය ගන්න එපා උඹෙ හිතට
    කොහොම වුනත් ඌ කවි‍යක් ලිවු එකට
    ගරු කරනවම‍යි මම නම් හැමදාට:):):)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    :lol::lol::lol:
    ඔහොමද යකෝ කවියක් ගැට ගහන්නේ
    මොනවද තමුසේ මේ ලියලා තියෙන්නේ
    මුල මැද දෙපද එක තාලෙට කියන්නේ
    බැරි වැඩ නොකර මම නම් පසු බහින්නේ

    :P:P:P



    පුලුවන් හැටියෙ මුල මැද අග ගලපන්නම්
    මම ගැන නම් මං ආඩම්ඹර වෙනව බං
    හිනා වෙයන් නුඹට ඕනි ඒකනම්
    මොට්ට කතා කියන්නැතුව තෝ පලයන් :yes::lol::rofl: