1080p ගහන්න අඩුම තරමේ 24 inches monitor එකක් වත් තියෙන්න ඕනේ ඊට වඩා අඩු නම් 1080p quality එක එච්චරම පේන්නේ නෑ. නමුත් අද ලංකාවේ 24 inches monitor කී දෙනෙක් ළග තියෙනවද? ඒ විතරක් නෙවෙයි 1080 Resolution එකකින් Game එකක් ගහන්න හොද Powerful Graphic card එකක් තියෙන්න ඕනේ එහෙම ලංකාවේ තියෙන්නේ කී දෙනෙක් ලගද?
ගොඩක් games වල shadows render කරන්නේ processor power එකෙන් වැඩියෙන්ම එතකොට Shadows Resolution එක වැඩි කරන්න ඕනේ නම් හොද Processor එකක් ඕනේ i3,i5 වගේ නමුත් අද ලංකාවේ එහෙම Processor use කරන්නේ බොහෝම ටික දෙනයි. වැඩියෙන්ම මිනිස්සු ළග දැන් තියෙන්නේ Dual Core/Quad Core. Penitum 3,4 වල games ගහන එවුනුත් අද කාලේ ඉන්නවා.
ගොඩක් හැම එකා ළගම තියෙන්නේ ලාභ Hardware ඒවා ඒවායේ Medium තමයි උපරිම යන්න පුලුවන් ,සමහර එවුන්ට Low දාලත් හරියට ගහ ගන්න බෑ. ඊට වඩා ගියොත් game එක lag වෙනවා. lag වේවි 1080p ගහලා වැඩක් නෑ. ඒක නිසා game එකෙන් 1080p support කරත් තමන්ගේ ළග ඒ Quality එක ගන්න hardware නැත්නම් ඒක හරියට කඩයක වැඩ කරන කොල්ලෙක් වගේ. කඩවල වැඩ කරන එවුන්ට ඕන තරම් කන්න බඩු තියෙනවා නමුත් තමන්ට ප්රයෝජනයට ගන්න පුලුවන් බොහෝම ටිකයි. Youtube එකේ දැන් සමහර Videos 4k Resolution එකෙන් support කරනවා නමුත් කී දෙනෙක්ටද ඒ Option එකෙන් වැඩක් ගන්න පුලුවන්? ලෝකයේ තාම 4k use කරනෙත් බොහෝම ටික දෙනයි මොකද 4k monitors ගොඩක් ගණන්. මේ ළගදි ආපු Assassin's Creed Black Flag එක වුනත් 4k support කරනවා නමුත් කී දෙනෙක්ට ඒකේ ඒ වාසිය ගන්න පුලුවන්ද?
මම නම් කියන්නේ තමන්ට සල්ලි තියෙනවා නම් hardware නිතරම upgrade කරන්න,mod කරන්න ඕනේ නම්, උපරිම quality එකෙන් games ඕනේ නම් එතකොට PC Platform එක හොදයි. තමන්ට වැඩියේ hardware වලට වියදම් කරන්න බැරි නම්, mod කරන්න ඕනේ නැත්නම්, එවලේම game එකක් දාලා ගහන්න ඕනේ නම් ,quality එක ඒ තරම් ලොකුවට ගණන් ගන්නේ නැත්නම් එහෙනම් Console එක තමයි හොද. කොහොමත් PC vs Console අතර game වල quality එකේ වැඩි වෙනසක් නෑ. දුර ඉදලා ගහන කොට ඔය හැම එකකම Quality එක එකයි. ඒ ඒ කෙසෙලට ඒ ඒ බනිස වගේ හැම කෙනාටම PC Platform එක ගැලපෙන්නේ නෑ.