Small sized off-grid solar system

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,691
    3,065
    113
    ටිකක් දුර පලාතක වත්තක පොඩි මඩුවක් තියනවා. වත්තක තියන නිසා මඩුව කිව්වට පොඩි ගෙයක ප්‍රමාණයෙන් කාමරයක්, කුස්සි කෑල්ලයි, ටොයිලට් එකයි තියනවා. වත්තේ වැඩකරන අය දවල්ට කන්න බොන්න එන්නේ මෙතනට. සමහර දවසට වත්ත බලාගන්න බුවා රෑට නිදාගන්නෙත් මෙතන. මෙතන පාවිච්චි වෙනව නම් වෙන්නේ ලයිට් බල්බ් 2ක්, ෆෑන් එකක් වතුර මෝටරයක්.

    මෙතනට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් කරන්ට් එක ගන්න පට්ට අමාරුයි. අනික දැනටත් ටික කාලෙක ඉඳන් සතියට දවස් 2ක් විතර කරන්ට් එක කපනවා.මම හිතුවේ ඕෆ් ග්‍රිඩ් කිලෝවොට් 2ක විතර සෝලා සිස්ටම් එකක් ගහගන්නවද කියලා. මෙහෙම කරන්න පුලුවන්ද කියන්න මම දන්නෙ නෑ. මෙහෙම ප්‍රොජෙක්ට් එකක් කරපු කවුරු හරි ඉන්නවද? කරා නම් කීයක් විතර ගියාද? කොහොමද කලේ??
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,691
    3,065
    113
    ඔව් පුලුවන් . ඉර වැටෙනවන්ම් ෆ්‍රී එනජි.
    මම හැමතැනම හෙව්වා මගෙ requirement එකට හදාගන්න තැනක්. සෙට් වුනෙ නෑ. ඔක්කොම තියෙන්නෙ ලොකු සෝලා සිස්ටම් ග්‍රිඩ් එකට කනෙක්ට් කරන.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,108
    1,662
    113
    ඩොටේ ¯\(°_o)/¯
    2kw madi weine. වතුර මෝටරta normally around 2kw yanawa. inveter eka 3kw gahanna wei. panel 6k dala.
    ඔව්. වතුර මෝටරයක් තියෙනව නම් ලොකු Surge power එකක් ඕනේ. ඕකට ඔරොත්තු දෙන්න ඕනේ නම් 3000W වගේ pure sine wave ඉන්වර්ට එකක් ඕනේ වෙයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,221
    17,681
    113
    Maintenance අඩු reliable system එකක් දාගන්න. නැත්තම් ලෝක ලෙඩක් වෙයි. 1.2 - 1.5M වගේ ගානක් යයි. ඒ ගාන වැඩි නම් Solar idea එක ඔලුවෙන් අයින් කරල generator එකක් බලන්න. ඔයිට අඩුවට කරල මාර කරදරයක් වෙයි maintenance සෙට් වෙද්දි. Company ලොකු ගනන් කියන්නෙ පොඩි system install කරල ඕවගේ O&M කරන්න තරම් cost එකක් තියන්න බැරි නිසා
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,636
    6,391
    113
    ඔව්. වතුර මෝටරයක් තියෙනව නම් ලොකු Surge power එකක් ඕනේ. ඕකට ඔරොත්තු දෙන්න ඕනේ නම් 3000W වගේ pure sine wave ඉන්වර්ට එකක් ඕනේ වෙයි.
    2kw motor ekak duwanna nam at least 5kw wath invertor ekak one. ekath motor duwanna puluwan kiyala catalog eke thiyana ekak. off grid cost eka atlest 5lkh withara yawi. battery size 2.5kw lipo
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,480
    4,956
    113
    Grid එක නැහැනේ
    ඒක නිසා Grid switching වගේ තියන Hybrid inverter ඕන නැහැනේ

    ඕක විදි දෙකකට කරන්න පුලුවන්

    Hybrid inverter එකක් ගන්න පුලුවන්. 3000VA වගේ. ලොකුවට අප්ග්‍රේඩ් කරන්නෙ නැත්තං 24v යන්න පුලුවන් නැත්තං 48v යන්නත් පුලුවන්
    මේ දෙක අතර ගානෙ වෙනසක් තියනවා
    Inverter Growatt තියනවා, Epever වගේ තියනවා. මේකෙ ලේසිය තියෙන්නෙ ඉන්වර්ටරේට පැනල් ටික කනෙක්ට් කරා, ඉන්වර්ටරේට බැටරිය කනෙක්ට් කරා සිස්ටම් එක වැඩ
    මොනවත් වෙන වෙන කෑලි නැහැ

    කෑලි වෙනම අරන් හදන්න පුලුවන්
    වෙනම Curutu, Suoer වගේ නම් වලින් එනවා චයිනීස් pure sinewawe inverter, මේවා 4000W වගේ එකක් ගන්න පුලුවන්. මේකට බැටරිය ගැහුවම AC පවර් එක එනවා
    මෝටර් දුවන්න පුලුවන්
    හැබැයි බැටරිය චාජ් කරන්න පැනල් ටිකට වෙනම චාජින් කන්ට්‍රෝලර් එකක් දාන්න වෙනවා. Epever වගේ නම් වලින් එන ඒව තියනවා තව තව චයිනීස් හොඳ ඒවා තියනවා

    බැටරියට LFP යන්න පුලුවන්. සෙල් වෙනමඅරන් බැටරිය හදන්න පුලුවන් එහෙම නැත්තං ඔය FB එකේ ඉන්නවා සෙල් අරන් බැටරි හදන එවුන් එහෙම එකෙක්ට කියලා හදාගන්නත් පුලුවන්
    ගානෙ ලොකු වෙනසක් නැති වෙයි
    සමහරවෙලාවට අඩුවට ලීෆ් බැටරි පැක් විකුනන්න තියනවා. ඒකක් කොට ගානකට හම්බුනොත් ඒකක් ගන්න. මොකද ඒකෙන් ඔයාගෙ වැඩේ ලාබෙට කරගන්න පුලුවන් වෙයි.

    ගනං නං දන්නෙ නැහැ කාලෙ අනුව ගනං අඩු වැඩි වෙනවා

    තව ඔප්ශන් එකක් තියනවා
    Solar pump එකක් අරගෙන ලයිට් වලට වෙනම පොඩි සිස්ටම් එකක් හදන එක. ලයිට් විතරක් නං DC System එකක් උනත් අවුලක් නැහැනේ
    Solar pump සිස්ටම් තියනවා පැනල් සහ අවශය අනෙක් සේරම ටික එකට එන ඒවා
    එතකොට දවල්ට ටැංකියකට වතුර ගහගන්න තියෙන්නෙ රෑ යූසේජ් එකට. ඉඩමට වගේ වතුර ගහනවා නං දවල්ට ඕන හැටියෙ ගහගන්න පුලුවන්නේ අවුව තියෙද්දි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,556
    48,786
    113
    සේදවත්ත
    මම හැමතැනම හෙව්වා මගෙ requirement එකට හදාගන්න තැනක්. සෙට් වුනෙ නෑ. ඔක්කොම තියෙන්නෙ ලොකු සෝලා සිස්ටම් ග්‍රිඩ් එකට කනෙක්ට් කරන.
    ඒක වෙන්න බෑ කිලොවොට් 5,10,20 ගහන අය ඉන්නවා . මේකේ ත්‍රෙඩ් ඇති තනියම බඩු අරන් සෙටප් කරගත්ත අයගේ ඒවත්.

    කොම්පැනි තියනවා ටිකක් ඉන්ටනෙට් එකේ හොයලා බලන්න එයාලගේ සවිස් එක ගැන කමෙන්ට්ස් බලන්න. දැනට ගෙවල් වල ගහල තියන අයගෙන රෙකමදෝරු අරන් එයාලට කොල් කරලා අහන්න ඕෆ් ග්‍රිඩ් කරනවද කියලා . නැතිවෙන්න බෑ සුර්‍ය් සංග්‍රාමය පටන් අරන් නිසා හෝම් සෙටප් කරන අය ඉන්නවා
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,108
    1,662
    113
    ඩොටේ ¯\(°_o)/¯
    2kw motor ekak duwanna nam at least 5kw wath invertor ekak one. ekath motor duwanna puluwan kiyala catalog eke thiyana ekak. off grid cost eka atlest 5lkh withara yawi. battery size 2.5kw lipo
    මන් පොඩි මෝටරයක් කියල හිතුවේ. 2kW වගේ ලොකු වතුර මොටරයකට ඔයා කිව්වා වගේ 5kw එකකටවත් යන්න වෙනවා, 48V වගේ ? 3kW එකක් දාල තිබුනොත් ඕක on වෙන කොටම ට්‍රිප් වෙයි. මෙයාගේ energy requirement එක ගණන් හදල බලන්න වෙනව හරිම එක හොයා ගන්න.
     
    • Like
    Reactions: Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,691
    3,065
    113
    මන් පොඩි මෝටරයක් කියල හිතුවේ. 2kW වගේ ලොකු වතුර මොටරයකට ඔයා කිව්වා වගේ 5kw එකකටවත් යන්න වෙනවා, 48V වගේ ? 3kW එකක් දාල තිබුනොත් ඕක on වෙන කොටම ට්‍රිප් වෙයි. මෙයාගේ energy requirement එක ගණන් හදල බලන්න වෙනව හරිම එක හොයා ගන්න.
    නෑ බං. මෝටරේ පොඩියි. මම හිතුවේ සෝලා එක කිලෝවොට් 2ක් විතර වුනොත් ඇති කියලා.

    Maintenance අඩු reliable system එකක් දාගන්න. නැත්තම් ලෝක ලෙඩක් වෙයි. 1.2 - 1.5M වගේ ගානක් යයි. ඒ ගාන වැඩි නම් Solar idea එක ඔලුවෙන් අයින් කරල generator එකක් බලන්න. ඔයිට අඩුවට කරල මාර කරදරයක් වෙයි maintenance සෙට් වෙද්දි. Company ලොකු ගනන් කියන්නෙ පොඩි system install කරල ඕවගේ O&M කරන්න තරම් cost එකක් තියන්න බැරි නිසා
    1.2M වගේ යනව නම් හැබැයි ජෙනරේටරේ ලාභයි. දැනටත් වතුර අදින්නේ පරණ robin මෝටරේකින්. ඒකම තියෙද්දි ජෙනියක් තිබ්බත් ලාභ වෙයි එහෙනම්.
    ------ Post added on Jun 7, 2026 at 11:42 AM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,480
    4,956
    113
    මන් පොඩි මෝටරයක් කියල හිතුවේ. 2kW වගේ ලොකු වතුර මොටරයකට ඔයා කිව්වා වගේ 5kw එකකටවත් යන්න වෙනවා, 48V වගේ ? 3kW එකක් දාල තිබුනොත් ඕක on වෙන කොටම ට්‍රිප් වෙයි. මෙයාගේ energy requirement එක ගණන් හදල බලන්න වෙනව හරිම එක හොයා ගන්න.

    ගොඩක් ඉන්වර්ටර් වල continous පවර් එක ගහලා තිබුනට තත්පර කීපෙකට peak power එක ඊට වඩා යන්න පුලුවන් (1.5 times වගේ තත්පරේකට දෙකකට යන්න පුලුවන් මෝටරේ ස්ටාට් වෙන්න ඒ වෙලාව ඇති)

    අනික මුගේ මෝටරේ පොඩි කියන්නෙ 1/2 HP වගේ නං 400W වගේ continous power එක, ඔන් කරද්දි inrush එක 3 ගුනයක් ගියත් 1400W යන්නෙ බන්, 1500-2000W ගන්න පුලුවන් inverter එකක් ඇති (ස්ටාටින් වොට් ගාන මෝටරේ අනුව වෙනස් වෙන්න පුලුවන් සාමාන්‍යෙන් 2 times ඉඳන් 3 times වගේ උපරිම යන්න පුලුවන්)

    3/4 HP නොත් continous පවර් එක 550W, starting 1650W Inverter 2000W එක ඇති

    1 HP උනොත් continous පවර් එක 745w, starting 2235w, Inverter 2500-3000W එක ඇති
     
    • Like
    Reactions: Thiefx

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,636
    6,391
    113
    ගොඩක් ඉන්වර්ටර් වල continous පවර් එක ගහලා තිබුනට තත්පර කීපෙකට peak power එක ඊට වඩා යන්න පුලුවන් (1.5 times වගේ තත්පරේකට දෙකකට යන්න පුලුවන් මෝටරේ ස්ටාට් වෙන්න ඒ වෙලාව ඇති)

    අනික මුගේ මෝටරේ පොඩි කියන්නෙ 1/2 HP වගේ නං 400W වගේ continous power එක, ඔන් කරද්දි inrush එක 3 ගුනයක් ගියත් 1400W යන්නෙ බන්, 1500-2000W ගන්න පුලුවන් inverter එකක් ඇති (ස්ටාටින් වොට් ගාන මෝටරේ අනුව වෙනස් වෙන්න පුලුවන් සාමාන්‍යෙන් 2 times ඉඳන් 3 times වගේ උපරිම යන්න පුලුවන්)

    3/4 HP නොත් continous පවර් එක 550W, starting 1650W Inverter 2000W එක ඇති

    1 HP උනොත් continous පවර් එක 745w, starting 2235w, Inverter 2500-3000W එක ඇති
    solar gahanawanam kawadawath dan apita thiyana requirenment ekata gahanna epa. solar gahapu gaman requirenment wadi wenawa. oka mata una. man 5kw gahuwa. ethakota mata one wela thibbe 4kw walatath adu ganak. passe invertoer eka leda denna gaththa. ita passe 10.2kw invertor gahanna una.

    dan kisima awulk na. 1 kw nam one 3kw wth gahanna. 3kw nam one 8kw wath gahanna.

    oyata danata one water pump eka witharak unata solar gahapu haman hot plate ekak genewi, fan add wewi, bulb continue on eke thiyeyi. nodaneema power eka madi wenawa.

    ape gedara masekata uni 1000+ use karanawa. free energy ne ekayi