Tour De Mannar with EK traveler team

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ත්‍රෙඩ් එකේ නමයි දාපු එකාවයි දැක්ක ගමන් කලබල වෙන්න එපා වැරදි ත්‍රෙඩ් එකකට ආව කියල :P:P
    මේක තමයි අපේ ට්‍රැවලර් ටීම් එකේ අලුත්ම සංචාරය.ටීම් එකට එකතු වුණු අලුත්ම සාමාජිකයා වශයෙන් ඕගොල්ලොත් එක්ක සංචාර සටහන බෙදා ගන්න ලැබීම ඇත්තටම සතුටක්.:D:D:D


    නදිය අපිව ඇහැරවන කොට පාන්දර 1.30 :oo::oo:
    ඔය වෙලාවට මොන ට්‍රිප් ද කියල අනිත් පැත්ත හැරිල නිදා ගන්න තමයි හිතෙන්නෙ:dull::dull:
    ඒත් අපි නම් නැගිට්ටා ‍සංචාරකයො වුනාම එහෙමයිලු;)
    අපි කිව්වෙ මායි චාමිකයි.

    මේ හරියටම අගෝස්තු 31.අපි තුන්දෙනා මුලින්ම ගියෙ පටාව ගන්න. එතනින් පෙරාලගෙ ගෙදර පෙරේරා යුවල චමිත් යුවල වගේම නදියගෙ ආදරවන්තියත් එතනින් ගමනට එකතු වුනා.
    අපි කෝට්ටෙන් යද්දි හරියටම පාන්දර4යි.
    ඊට පස්සෙ ජාඇලින් දිලුමයි බණ්ඩයි එකතු වුනා.කටුනායකින් කඩියව ගත්තා.
    දැන් කට්ටියම හරි යන්නයි තියෙන්නෙ.:):):)


    අශ්වය කෝවිලට පඬුරකුත් දාල ඔන්න අපි ගමනේ.අපි මේ යන්නෙ පුත්තලම් පාරෙ :D:D
    කොළඹ ඉඳන් මන්නාරම යන කෙනෙකුට ලඟම පාර තමයි හලාවත පුත්තලම හරහා ගිහින් විල්පත්තු කැලේ මැදින් සිලාවතුර හරහා මන්නාරමට යන එක.ඒ මාර්ගය ලඟවුනාට දුෂ්කරයි.තාම පාර හරියටම හදල නෑ :no::no:
    ඉතිං අපි මන්නාරම් යන්න තෝර ගත්තෙ පුත්තලමෙන් දකුණු පැත්තට අනුරාධපුර පාරෙන් යන්න.

    පුත්තලම පහු වුනාම තනි කෙලින් පාර.ඒත් නදිය ගියෙ හරිම හෙමින් :angry::angry:

    dsc02387zp.jpg



    උදේට කන්න ඕනෙ හින්ද අපි තබ්බෝව වැව ගාව කෑමට නැවැත්තුවා :):)
    එකෙකුට වත් කෑම ගැන වගක් නෑ :dull::dull:

    dsc02169p.jpg



    තබ්බෝව වැව :):)

    dscf0043ej.jpg



    වැව නම් හොඳටම හිඳිලා :dull::dull:
    ඒත් අහස :love::love:


    dscf0042t.jpg



    දේශීය විදේශීය රැප් හිපොප් හැමෙකක්ම.
    බණ්ඩා කොළපරේෂන් චාමික ඩීජේ ප්‍රසන්ට් :yes::yes:


    dscf0063dm.jpg



    දැන් අපි යන්නෙ තන්තිරිමලය පුණ්‍ය භූමිය වෙත.පුත්තලම් අනුරාධපුර පාරෙ ගිහින් වම් පැත්තට හැරුනම තන්තිමලේ යන්න පුලුවන් :yes::yes:

    බස් එකක් බස් එකක් ගහපං ගහපං :angry::angry:
    එක බස් එකට කැමරා පහයි :rofl::rofl:


    dscf0066uz.jpg



    ඔන්න අපි තන්තිරිමලේට ආව :yes::yes:

    dscf0072om.jpg



    dscf0074pf.jpg



    dscf0084s.jpg

     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    තන්තිරිමලේ පුණ්‍ය භූමිය කියන්නෙ ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වණ ස්ථානයක්.දේවානම්පියතිස්ස රජ සමයෙදි සංඝමිත්තා මෙහෙණින් වහන්සෙ විසින් ශීමහා බෝධිය ලංකාවට ගෙනාපු බව අපි හැමෝම දන්නවනෙ.එහෙම දඹකොළ පටුනෙන් ලංකාවට ගෙනාආපු ශ්‍රීමහා බෝධිය එතැන ඉඳන් අනුරාධපුරයට ගෙන එන අතරමග මේ තන්තිරිමලයෙදිත් දින ගණනක් පුද පූජා පැවැත්වු බවට ඉතිහාසයේ සඳහන් වෙනවා.:):):):)
    ඒ වගේම මෙතන තියෙන්න අෂ්ඨ ඵල රුක බෝධියක්. ඒ කියන්නෙ ශ්‍රීමහා බෝධියෙන් පැණ නැගුනු මුල්ම අංකුර අටෙන් එකක්. ඒ හින්ද බෞද්ධ සැදැහැවතුන් ඉතා භක්තියෙන් තන්තිරිමලේ වන්දනා කරනව.:):):)


    dsc02212o.jpg



    dsc02211cs.jpg



    dscf0153o.jpg



    කොහොම වුනත් තන්තිරිමලේදී අපේ තුන් දෙනෙක් අතුරුදන් වුන :shocked::shocked:

    ටික වෙලාවකින් අපේ කැමරාවලට උන්ව හසුවුනා :rofl::rofl:


    dscf0116d.jpg



    අතුරුදන් වූ කැමරා දුටු ලස්සන :cool::cool:

    img2872qp.jpg



    සිත් පහන් කරන තන්තිරිමලෙන් අපි සමු ගත්තා :):)

    dscf0160c.jpg



    තන්තිමලෙන් මන්නාරම් මැදවච්චි පාරට ලඟ පාරක් තියෙන බව දැනගෙන හිටියට ඒ පාර මොන තත්වයෙ තියෙනවද කියල අපේ හිතේ තිබ්බ සැකය දුරු කරමින් අපට යන්න තිබුනෙ ඉතාම හොඳ තත්වයේ මාර්ගයක :):)

    ඔන්න අපි මැදවච්චි මන්නාරම් පාරෙ :eek::eek:

    dsc02254i.jpg



    මැදවච්චි මන්මාරම් පාර :cool::cool:

    dsc02253h.jpg



    එතන ඉඳන් කෝච්චි පාර යන්නෙත් අපිට සමාන්තරව:cool::cool:
    කෝච්චි පාර දැක්ක විතරයි මුං පැනල දිව්වෙ :angry::angry:


    dsc02266l.jpg



    කෝච්චි පාර හදනව හෝ ගාල :D:D

    dscf0166k.jpg



    අපී හෙමීට ඉදිරයට :rofl::rofl:


    dscf0181z.jpg



    A14 :P

    dscf0189q.jpg



    මන්නාරම් පැත්තට යන කෙනෙකුට මෙන්න මේ දේවල් තමයි බලන්න තියෙන්නෙ :):)

    dsc02271op.jpg



    අපි දැන් යන්නෙ කුන්චුකුලම් එල්ලෙන පාලම බලන්න.
    මේකට යන්නෙ මන්නාරම් පාරෙන් වම් පැත්තට හැරෙන්න ඔනෙ :yes::yes:



    dsc02273uz.jpg



    dsc02274br.jpg



    dscf0182xr.jpg



    අපි පාලම උඩ :rofl::rofl:

    dscf0203m.jpg



    කාගෙද සෙරෙප්පුත් ගඟට වැටුනලු :lol::lol:

    dscf0205c.jpg



    dscf0212n.jpg



    ආයෙත් අපි මන්නාරම් පාරෙ.
    රේල් පාරේ අතීත මතක :(:(


    dscf0177tw.jpg



    මඩු හන්දිය:):)

    dscf0221f.jpg



    මඩු හන්දියෙන් දකුණට හැරුනම මඩු දේවස්ථානයට යන්න පුලුවන්

    dsc02288a.jpg




    අපේ ඊළඟ නැවතුම මඩු දේවස්ථානය.:):)

    dscf0222sr.jpg



    dscf0225f.jpg



    කිතුණු භක්තිකයින්ගේ හදවත් බඳු මඩු දේව ප්‍රතිමාව :):)



    dscf0226wz.jpg

     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මඩු දේවස්ථානය නැරඹල ආපහු මන්නාරම් පාරට ආවහම අපට මුණගැහුනෙ තවත් සුවිශේෂී ස්ථානයක්:(:(
    මඩු රෝඩ් දුම්රිය ස්ථානය.දුම්රිය ලෝලියකුට මේ දර්ශණ දකිද්දි හිතට දැනෙනෙ දේවල් විස්තර කරන්න පුලුවන්ද.....දුක, සංවේගය , ආවේගය, කලකිරීම තව.......:angry::angry::angry::angry:


    dscf0249o.jpg



    මන්නාරම් කෝච්චි පාර පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුලත් ත්‍රෙඩ් එකක් ඉදිරියේදී අපේ කෝච්චි පෙරේරා ඔයගොල්ලන්ට අරන් එයි.ඒ හින්ද මම ඒ ගැන වැඩිය කතා කරන්න යන්නෙ නෑ ;)

    ආයෙත් අපි මන්නාරම් පාරෙ ඉස්සරහට ගිහින් වම් පැත්තට හැරුණා.අරිප්පු පාරට අපි හදන්නෙ ඩොරික් බංගලාව බලාගෙනම මන්නාරම් යන්න.:yes::yes:

    පාරනම් ගන්නම දෙයක් නෑ.නදියට නිකන් කහනව වගේ :lol::lol:


    dsc02368pf.jpg



    dsc02315m.jpg



    dsc02312n.jpg


    දැන් නම් ලඟයි :cool::cool:
    ඈතින් පේන්නෙ ඉස්සර ලයිට් හවුස් එකක් :dull::dull:


    dsc02326z.jpg



    ඔන්න තියෙනවා ඩොරික් බංගලාව :baffled::baffled:



    dsc02327hd.jpg



    dsc02331rj.jpg



    dsc02333g.jpg


    විස්තරේ කියවලම ඉන්නකෝ ;)

    dscf0334lm.jpg



    මෙතන ඉස්සර නම් බොහොම ලස්සනට සෞභාග්‍යවත් විදිහට තියෙන්න ඇති.අද මෙහෙම වුනාට :dull::dull:
    ඒත් මම අහල තියෙන විදිහට අපේ රටේ මුතුපර කැනීමේ ව්‍යාපාරය විනාශ කරල තියෙන්නෙ ඉංග්‍රීසීන්.ඉතිං මේ බංගලාවත් ඒකට අනියම් අන්දමින් දායක වෙන්න ඇති :angry::angry:
    ඒ වගේම මේ බංගලාව තව වැඩි කාලයක් මෙතන තියෙන්නෙ නෑ.දැනටමත් මේකෙන් භාගයක්ම මුහුදෙ :no::no:


    the team travelers :D:D

    dsc02347g.jpg



    :rofl::rofl:

    dsc02350e.jpg



    මතක අතර සැඟවෙන ඩොරික් බංගලාව :dull::dull:



    dscf0336b.jpg



    ජාතියේ ගමන් සඟයා ශ්‍රී ලංගම :):)

    dsc02360tr.jpg



    අපි දැන් එන්නෙ තල් අඩි පැත්තට.ඉස්සරහින් පේන්නෙ තවත් සුවිශේෂී ස්ථානයක් :eek::eek:

    dsc02363ln.jpg



    පාලමක්.:rofl::rofl:
    ඕක ඉදිකරල තියෙන්නෙ මල්වතු ඔය හරහා :yes::yes:
    මල්වතු ඔය මුහුදට වැටෙන්නෙ මෙතනට පොඩි දුරක් එහායින්.දන්නවනෙ විජය රජ්ජුරුවො රට ඇතුලට ගියෙ මල්වතු ඔය දිගේ.........ඒ කාලෙ මෙතන කොහොම වෙන්න ඇද්ද....:):)


    dsc02364v.jpg



    ඔන්න ඉතිං මන්නාරමට එන්න කලින්ම බූරුවෙක් වත් ගත්තා :lol::lol:

    dsc02371l.jpg



    ආයෙමත් මැදවච්චි මන්නාරම් පාරෙ :sorry::sorry:



    dsc02373iy.jpg



    දැන් ලඟයි මේ තල්ලඩි හන්දිය ලඟ :dull::dull:

    dsc02375z.jpg



    මෙන්න තල්අඩි හන්දිය.ඔතනින් දකුණට හැරුනම සංගුපිඩ්ඩි පාලම උඩින් යාපනයටම යන්න පුලුවන් :shocked::shocked:

    dsc02376ro.jpg




    අපි කෙලින්ම ඉදිරියට ස්ප්‍රයිට් නොබිව්වත් පාර ක්ලියර් :lol::lol:



    dsc02389do.jpg



    මූ බිව්වෙ ඔරේන්ජ්ක්‍රෂ් :rofl::rofl:

    dsc02387zp.jpg



    ඈතින් තියෙන්නෙ තල් අඩි පාලම :cool::cool:

    dsc02389do.jpg


    පේනවද ඈත.:(:(:(

    img3053hw.jpg



    dscf0270u.jpg



    ඔන්න අපි මන්නාරම් හන්දියට ආව.:):)
    නදියගෙ සුපිරි හැකියාව හින්ද අපිට එදාම මන්නාරම ස්ටේසම බලන්න යන්න වෙලාව ඉතුරු වෙලා තිබුනා.:yes::yes::yes:
    අපි දැන් යන්නෙ මන්නාරම් හන්දියෙන් වම් පැත්තට ;)


    dsc02394ek.jpg



    මන්නාරම් ටවුන් එකේ ඉඳන් ස්ටේෂන් එකට සෑහෙන්න දුරයි.:dull::dull:
    අන්තිමට අපි මන්නාරම් දුම්රිය ස්ථානය හොයා ගත්තා.:):)


    dsc04311.jpg



    ඇස් වලින් හැංගුවත් හිතට කඳුලු ගලන්නෙ නැද්ද මේව දැක්කම :(:(

    dsc04321h.jpg



    අපේ කෝච්චි නියමුවා.මූට මේ වෙලාවෙ හිතුණු දේවල් කොහොම වෙන්න ඇතිද කියල මට නම් තාම හිතා ගන්න බෑ.

    dsc04317sw.jpg



    train lovers :love::love::love:

    dsc04334o.jpg



    මේ තියෙන්නෙ ඉස්සර කෝච්චි පාර. අලුතෙන් පාර හදන හින්ද දැන් ඒක ආයෙම සුද්ද කරල තියෙන්නෙ.:):)
    ඒක දිගේ අපි මේ යන්නෙ කඩා වැටුණු කෝච්චි පාලම හොයා ගෙන.:):)
    කවුදෝ කිව්වා මේකත් රේල් හයික් එකක් තමයි කියලා :lol::lol:
    කොහොම වුනත් අපි හැමෝම කතා වුනු එක දෙයක් තිබුණා.කවද හරි මෙතනින් අපි කෝච්චියෙ යන කොට අපිට මොනව හිතේවිද කියලා :cool::cool:


    dsc04340y.jpg



    මේව ඉස්සර මේ පාරෙම යන්න ඇති :):)

    dsc04347p.jpg



    ඔන්න අපි මන්නාරම පරණ දුම්රිය පාලම ලඟ.:):)
    මැද්දෙ තියෙන කොටස තමයි පුපුරවල තියෙන්නෙ:angry::angry:
    දැන් මෙහා කොටස හොඳටම අබලන් හින්ද මැද්දට යන්න තිබ්බ ආසාව අත් හරින්න වුනා :dull::dull:


    dsc04362d.jpg



    dsc04357zx.jpg



    img3109v.jpg



    ඉර බහින වෙලාවක මෙතන ඉන්න අපි එකට හීන මැව්වෙ මාස ගාණක ඉඳන්. අපේ හිත් වල වෙන වෙනම ඒ හීනෙ තිබුණෙ ගොඩාක් කාලෙක ඉඳන් :):)
    සිහින සැබෑ වුනාම දැනෙනෙ සතුට :cool::cool:


    dsc04371yy.jpg



    dsc04353ps.jpg



    අපේ ජීවිත වලට අමතක නොවන මතක ගොඩක් එකතු කරලා එදා දවසට අපේ රටට තිළිණ කරන අන්තිම රැස් දහරත් බස්නාහිර වෙරළට තෑගි කරල ඉර බැහැල යන්නයි හදන්නෙ.:):)

    img3125k.jpg



    img3132f.jpg



    අපේ සංචාරයේ පලවෙනි දවස නිමා වුනේ ඒ විදිහට.:cool::cool:
    අපේ නවාතැන තිබුනෙ මන්නාරම නගරයට කිට්ටුවම තලෙයි මන්නාරම පාර.

    එදා පෝය දවසක් වුණු හින්දා සමහරු හිටියෙ විකාරෙන් වගේලු:rofl::rofl:
    එකෙක් රෑ 12 වෙනකම් අතුරුදහන් වුනාලු :baffled::baffled:
    අපි නම් දන්නෙ නෑ ඔන්න අපි නිදා ගත්තා.;)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මෙන්න අපේ පලවෙනි දවසෙ ගමන් මාර්ගය.ඕක අනුරාධපුරය හරහා වැටිල තිබුනට අපි ගියෙ නම් අනුරාධපුරය හරහා නෙමෙයි.පුත්තලම් අනුරාධපුර පාරෙ ඔයාමඩුවෙන් හැරිල තමයි අපි තන්තිරිමලේ ගිය.:yes::yes:
    ඒත් ගූගල් අයියට අපි ගිය පාර හොයා ගන්න බැරිලු :lol::lol:


    day12.jpg


    http://goo.gl/maps/HlydO

    ඔන්න දෙවෙනි දවස උදා වුනා.ගෙදර වගේ නිදා ගන්න බැරි වුනත් අපි 7 විතර වෙනකම් නිදා ගත්තා.;)
    මෙන්න අපේ නවාතැන.
    four teess rest inn


    img3139io.jpg



    වේගවත් ගමනකට නදියා සූදානම් :):)

    img3148y.jpg



    අපි යන්නෙ තලෙයි මන්නාරම බලා.තලෙයි මන්නාරාම් දුම්රිය ස්ථානය තියෙන්නෙ නාවික හමුදා කඳවුරක් තුල ඒ හින්ද ඒ දුම්රිය ස්ථානය බලන්න නම් කලින් අවසර ගන්න ඕනෙ.ඒ වගේම තලෙයිමන්නාර පැරණි දුම්රිය පාලම (Thalaimannar Pier ) වෙත පිවිසුම තියෙන්නෙත් කඳවුර තුලින්මයි.:):)
    ඒත් ලයිට් හවුස් එක සහ ආදම්ගේ පාලම නැරඹීමේ ප්‍රවේශයට පිවිසෙන්න නම් කඳවුර තුලට පිවිසීම අවශ්‍ය වෙන්න නෑ :yes::yes:


    පෙරේරා විතරක් නෙමෙයි අපි හැමෝම කෝච්චි පිස්සො හින්ද අපි මුලින්ම ගියෙ තලෙයි මන්නාරම ජැටිය දුම්රිය ස්ථානය බලන්න.

    img3165r.jpg



    img3178u.jpg



    dscf0279wm.jpg



    මේ ස්ටේෂන් එක මාරම දිගයි :P:P

    dscf0285n.jpg




    dscf0288f.jpg



    නටඹුන් සොයා :rofl::rofl:

    dscf0295k.jpg




    මේක තමයි තලෙයි මන්නාරම් මාර්ගයේ අන්තිම නැවතුම ඒත් කෝච්චිය මෙතනින් නැවතිලා නෑ.මෙතනින් එහාට මුහුද මැද්දට පාලමක් තියෙනවා.කෝච්චිය ඒකෙ දිගෙත් යනවා.:yes::yes:
    අහල තියෙනවද ඉස්සර කොළඹින් මදුරාසියට ටිකට් අරන් කෝච්චියෙ යන්න පුලුවන් කියලා :eek::eek:
    ඒ ගමනා ගමන කටයුතු සිදුවෙලා තියෙන්නෙ මෙතනින්.


    මෙන්න ඒ පාලම දැන් :(:(

    dscf0315y.jpg



    dscf0304ye.jpg



    මේක දැන් තියෙන අබලන් තත්වය හින්ද මැද්දට ඇවිදන් යන්න අවසර හම්බ වුනේ නෑ :no::no:

    dscf0297w.jpg



    dsc04379s.jpg



    M2 එකක් මුහුද මැද :):)

    dsc04381b.jpg



    එතන ඉඳන් වම් පැත්ත බැලුවම මෙහෙමයි :cool::cool:



    dsc04382nl.jpg



    එතන ඉඳන් දකුණු පැත්ත බැලුවම තියෙන්නෙ තලෙයි මනනාරම ප්‍රදීපාගාරය.ලයිට් හවුස් කියන්නෙ :rofl::rofl:

    dscf0321eg.jpg



    dscf0294n.jpg



    අපි ගියා ලයිට් හවුස් එක ලඟට :cool::cool:

    dscf0585l.jpg



    dscf0361hu.jpg



    dscf0325ux.jpg



    මෙන්න ඇතුලෙ හැටි :dull::dull:

    dscf0331of.jpg



    dscf0356s.jpg



    dscf0357n.jpg

     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    එලකිරියි අපියි :D:D

    dscf0354v.jpg



    dscf0631pq.jpg



    ඔන්න ඊලඟට තමයි අපේ සංචාරයේ සුන්දරම අවස්තාව උදා වුනේ :cool::cool:
    බලන්නකෝ අපි යන්නෙ කොහෙද කියලා.:):)


    67178505056396189554881.jpg





    කොහොම වුනත් මේ ගමන යන්න අපිට පැය දෙකක් විතර බලං ඉන්න වුනා බෝට්ටුවක් එනකම් :dull::dull:
    ඔය අතර ඉතිං එක එක දේවල් වුනා :P:P
    මේ පින්තූරය ට්‍රැවලර් ත්‍රෙඩ් පටන් ගත්තු කාලෙ ඉඳන්ම එන එකක්නෙ :love::love:



    img3274zq.jpg



    කට්ටිය සූදානම් :cool::cool:

    img3325xy.jpg



    ඔන්න අපි බෝට්ටුවට නැග්ගා එහෙනම් :cool::cool:



    dsc02489uh.jpg



    dsc02491u.jpg



    dsc04410f.jpg



    අපි මේ යන්නෙ රාමේස්වරම් නම් නෙමෙයි :rofl::rofl:
    අපි යන්නෙ ආදම්ගෙ පාලම බලන්න.මේ බෝට්ටු සේවය ක්‍රියාත්මක කරන්නෙ නාවික හමුදාව මගින් :):)


    නැංගුරම් ගැලෙව්වා.නාවික හමුදාවේ ගෞරවනීය සේවය.:):)



    dsc02493m.jpg



    කැමති දෙන්නෙක් උඩට එන්න කිව්වම මුං ගියා නෙමේ පැන්නා :angry::angry::angry:

    dsc02496h.jpg



    ගමන පටන් ගත්තා.මෙතන ඉඳන් නම් පින්තූර ගන්න වුනේ නෑ :no::no:
    ඒ කියන්නෙ එතන ඉඳන් තිබුණෙ තනිකරම නෑමක් :lol::lol:
    ඒකත් ඉතිං අමුතුම ගතියක් තිබ්බා :cool::cool::cool:
    මතක ඇතුව මුහුද වතුර ඇලජික් වගේ අය ඉන්නවනම් ආදම්ගෙ පාලම බලන්න යන්න එපා :rofl::rofl:


    ඔන්න බෝට්ටුවෙන් බැස්සා.ඉතුරු ටික පයින් තමයි :sorry::sorry:

    dsc02505sz.jpg



    අපි ආපු බෝට්ටුව

    dsc04427v.jpg



    ආදම්ගෙ පාලම ඒ කියන්නෙ ලංකාවෙ මන්නාරම් අර්ධ්වීපයෙ ඉඳන් ඉන්දියාව දක්වා දිවෙන වැලිපර ප්‍රදේශය.:yes::yes:
    අපි ඉන්නෙ මේ වැලිපර වලින් දෙවෙනි වැලිපරයෙ.:cool::cool:එතන තියෙන ලස්සණ නම් කියලවත් පින්තූර වලින්වත් විස්තර කරන්න බෑ.
    ගිහිල්ලම බලන්න ඕනෙ.මම නම් ජීවිතයටම ගිය ලස්සනම තැන් වලින් එකක් තමයි ඒ :cool::cool:


    dsc04445df.jpg


    dsc04440p.jpg


    මේක වටේම ඇතිවෙනකම් මුහුදෙ ඇවිදින්න පුලුවන් :cool::cool:

    dsc04441ia.jpg




    වැලිපර බලන්න යන හැමෝටම නාවික හමුදාවෙන් තෑග්ගක් දෙනවා.:P:P
    චොකලට් බෑග් එකක්.;)


    dsc02484zv.jpg



    ඒත් ගොඩ දෙනෙක් මේව කාල ඒ වැලිපර වලම දාල ඇවිල්ල

    ඒ වගේ තැනකට යන ඕගොල්ලො නම් කවදාවත් එහෙම කරන්න එපා :):)

    ඔන්න අපි වැලිපර වල සුන්දරත්වය ඇති වෙන්න විඳල ආපහු යන්න බෝට්ටුවට නැග්ග.ඒත් බෝට්ටුව යට වැදිල හින්ද අපිට ආයෙ ඒක තල්ලු කරන්න වුනා.:sorry::sorry:


     
    Last edited:
    • Like
    Reactions: RePost බුවා

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    බෝට්ටුව තල්ලු කරාට යන වේගෙන් බෝට්ටු වල දකින්න පුලුවන්යැ:baffled::baffled:
    කට්ටියව දාල බෝට්ටුව ගියා.:dull::dull:


    dsc04453m.jpg



    dsc04452h.jpg



    ඊලගට පොඩි බෝට්ටුවක් ඇවිත් තමයි අපේ කට්ටියව අරන් ආවෙ.:sorry::sorry:

    ඒක සෑහෙන්න ත්‍රා‍සජනක මෙහෙයුමක්:rofl::rofl:
    කොහොම හරි අපි බෝට්ටුත් තල්ලු කරා එහෙනං :lol::lol:


    dscf0716di.jpg




    නැවතත් අපි ගොඩබිම බලා.:cool::cool:

    dsc02500c.jpg



    දැන් ආයෙත් පේන්නෙ මන්නාරම් අර්ධද්වීපය.අර ඈතින් පේන කුළුණක් වගේ එක.:eek::eek:
    අපේ ඊලඟ නවාතැන එතැන ;)


    dsc04463v.jpg




    ගියා පාරන්ම ආපහු එන කොට නම් යනකොට වගේ නාන්න ඕනෙ නෑ :lol::lol:

    dsc04468j.jpg



    අතිශය සුන්දර ඒ ගමන ඉවර වුනේ ඒ විදිහට :cool::cool:

    dsc02495ok.jpg




    අපි ආයෙ එළියට යන්න ඕනෙ නාවික කඳවුර හරහා :):)
    මේ තියෙන්නෙ කඳවුර ඇතුලෙ තිබුණු කෝච්චි මතක :(:(


    dscf0547e.jpg



    dscf0546os.jpg



    dsc04479k.jpg



    අපි කඳවුරට ඇතුල් වුනු මොහොතේ ඉඳන් නැවත පිටවන තුරුම අපට හැම දෙයකටම උදවු කල සොයුරා :):)
    ඔබට බොහොම ස්තුතියි.


    dscf0739y.jpg



    අපි නැවතත් ගමනේ.තවමත් තලෙයි මන්නාරමේ වැඩි කොටසක් පවතින්නෙ නාවික හමුදාව යටතෙ.ඒ හින්ද අපේ ඊලඟ නැරඹුම් ඉලක්කය පිහිටල තිබුනෙත් නාවික හමුදා කඳවුරක් තුල.

    img3432de.jpg



    මතකනෙ අපි මුහුදෙන් එනකොට මේක දැක්කා:yes::yes:
    මේකත් ඉස්සර භාවිතා කරපු ලයිට් හවුස් එකක්.කඳවුර ඇතුලෙ තමා පිහිටල තියෙන්නෙ :):)


    img3401c.jpg



    img3405d.jpg



    දැන් නම් බොහොම අබලන්.ලඟට ගියාම කඩා වැටෙයිද කියල බයත් හිතෙනවා :sorry::sorry:

    img3410k.jpg



    එම කඳවුර භාරව හිටියෙ ඉතාම කරුණාවන්ත නිලධාරී තුමෙක් :):)

    dscf0761w.jpg



    කඳවුර තුල පිහිට රේඩාර් පද්ධතිය පිළිබඳව පැහැදිලි කරල දෙන්න තරමටම එතුමා අපිට කාරුණික උනා.:):)

    dscf0774z.jpg



    කඳවුරෙන් එළියට ඇවිත් අපි සූදානම් උනෙ ආදම්ගෙ සොහොන හොයා ගෙන යන්න.

    dscf0790l.jpg



    ඒ සඳහා අපට නාවික සොයුරන් දෙදෙනෙකුගේ සහය හම්බ වුනා.:):)

    dscf0791rt.jpg



    ආදම්ගෙ සොහොන සොයා :yes::yes:

    img3417s.jpg



    img3419o.jpg



    යන්න තිබුණු පාර නම් හරිම ලස්සනයි.:):)
    ඒත් දෙපැත්තෙම කටු පඳුරු :rofl:


    img3423xn.jpg

     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    අපි ආදම්ගේ සොහොන හොයා ගත්තා.:):)

    dsc02586x.jpg



    මෙතන මුස්ලිම් භැතිමතුන් වන්දනා කරන ස්‍ථානයක්. ඔවුන්ගේ විශ්වාසයේ හැටියට මෙතන වලදමා තියෙන්නෙ අඩි 40 ක් උස මිනිසුන් දෙදෙනෙක්. එයින් එක් අයෙක් ආදම්. ඔහු මන්නාරම් වැලිපර හරහා ඉන්දියාවෙ සිට ලංකාවට පයින් ආ බවත් එයින් පසුව එය ආදම්ගෙ පාලම නම් වු බවත් තමයි විශ්වාසය.:)

    dsc02591zp.jpg



    img3427wi.jpg




    ආදම්ගෙ සොහොන නැරඹීමෙන් පස්සෙ කඳවුරේ නිලධාරී මහතාගෙ උදවුවත් ඇතිව අපි තව දෙයක් සොයා ගත්තා.:P:P:P
    මන්නාරම් ගිහින් තල් නිෂ්පාදන රස බැලුවෙ නැත්නම් වැඩක් නෑලු :rofl::rofl:
    තල් හකුරු තල් පැණි වගේ දේවල් :dull::dull:


    අපි ඊලඟට සොයා ගියෙ තවත් අපූරු වැදගත් ස්ථානයක්. රේල් ෆෑනින්ග් ගැන උනන්දුවක් දක්වන ගොඩක් දෙනෙක් නම් දන්නව.රේල් ට්‍රෑංගල් ගැන. අර පේරාදණියෙ තියෙන්නෙ. අන්න ඒ වගේ එකක් තලෙයිමන්නාරමෙත් තිබිල තියෙනවා. අපි ඒකත් හොයා ගත්තා.:yes::yes::yes:

    dscf0366l.jpg



    මේ තියෙන්න එතන. ඔය ඈතින් පේන ස්කෝලෙ ඇතුලෙ තමයි ට්‍රෑංගල් එකේ කෙලවර.කෝච්චිය ස්කෝලෙ ඇතුලට ගිහින් තමයි හරවගෙන් ඇවිත් තියෙන්නෙ.:yes::yes:
    අපටත් ඒ වගේ ස්කෝලෙකට යන්න තිබ්බ නම්:cool::cool:
    හැබැයි මේව වෙල තියෙන්නෙ 1991 විතර කලින් :(:(


    පේනවද කෙලවර.:):)

    dscf0368jr.jpg



    වර්තමානයෙත් මෙහි සඳහන් වෙන්නෙ මෙහෙමයි :)

    img3458en.jpg



    පොලිසිය :rofl::rofl:

    dscf0834t.jpg



    රසකතා ගුණ කතා හැම එකක්ම:P:P

    dsc02602r.jpg



    දෙවෙනි දවසත් ඉවර වෙන්න ලඟයි :(:(


    dscf0463bh.jpg




    වෙලාව පහු වෙන්න කලින් සොයා ගත යුතු වැදගත්ම ස්තානය හොයා ගත්ත අමාරුව දන්නෙ ඒක හොයා ගත්තු උන්ම තමයි :P:P
    මන්නාරම ගැන කියන කොට විශේෂයෙන්ම කියන්න ඕනෙ මුහුදු ආහාර ගැන.සීෆුඩ් කියන්නෙ :rofl::rofl:
    ලංකාවෙ හොඳම මුහුදු ආහාර තියෙන්නෙ මන්නාරමේ කියලත් මතයක් තියෙනවා:yes::yes:
    අපි නම් තුන් වේලටම කෑවෙ ඒව.ඉස්සො දැල්ලො තව තව ජාති ගොඩයි.රස නම් නියමයි :P:P
    දෙවෙනි දවසෙ රෑ නම් අපි සිංදු කිව්වා.රොමෑන්ටික් කතා කිව්වා.:rofl::rofl:

    සමහරුන්ට නිදා ගන්නෙ දෙන්නෙ නැතුව ඇහැරගෙන ඇවිත් ආයෙත් කතා කිව්වා :lol::lol

    ඊට පස්සෙ නිදා ගත්තා :rofl::rofl:


    මෙන්න අපේ දෙවෙනි දවසෙ ගොඩබිම් ගමන් මාර්ගය :cool::cool:

    day2yj.jpg



    http://goo.gl/maps/mn9Gn

    අපි නවාතැන අයිනෙන්මයි කෝච්චි පාර තියෙන්නෙ.දැන් ඒකෙ හෝ ගාල වැඩ පටන් අරගෙන. එතැන ස්ටේසමකුත් තියෙනවා :):)
    තුන්වෙනි දවසෙ උදේම අපි ගියෙ එතැනට.


    img3493h.jpg



    img3488d.jpg



    කෝච්චි පාර හදල ඉවර වුනාම අපිට එකෙංම ගිහින් එතැන බහින්න පුලුවන්. අතීතයෙ සුන්දර මතකත් එක්කම:love::love:
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මන්නාරම් ඇවිත් කරවල නොගෙන මොකටද කියවනෙ.
    තුන්වෙනි දවසෙ උදේම අපි ගියා කරවල ගන්න :lol::lol:


    img3568b.jpg



    img3570c.jpg



    කරවලත් ගත්තා.දැන් ගෙදර යන දවස.:sorry::sorry:

    උදේම ගියෙ බයෝබැබ් ගහ බලන්න :):)


    img3591be.jpg



    බැබ් බැබ් බැබ් බැබ් බයෝ බැබ් :rofl::rofl:

    img3592k.jpg



    මන්නාරමෙන් සමු ගන්න කලියෙන් යාලුවෙක් :rofl::rofl:



    img3580r.jpg



    මේ තියෙන්නෙ මන්නාරම් කොටුව.:):)

    img3596c.jpg



    img3603xn.jpg



    දවස් දෙකක් ආස්වාස ප්‍රාස්වාස කල ඒ අපූරු සුලඟට සතුටෙන් නොවුනත් සමුදෙන්න අපට සිද්ධ වුනා.
    සංචාරකයෙක් ජීවිතයේ එක් වරක් හෝ පා තැබිය යුතුම තැනක් වන මන්නාරම අර්ධද්වීපයෙන් සුන්දර මතක හිත ඇතුලෙ පැලපදියම් කර ගනිමින් අපි තල්ලඩි පාලම උඩින් මැදවච්චිය පැත්තට සේන්දු වුනා. :):)


    කොළඹ ඉඳන් යනවනම් :):)

    img3635p.jpg



    දැන් අපි ඉන්නෙ යෝධ වැව ලඟ :):)
    යෝධ වැව වචනයෙ හැටියටම යෝධ වැවක් :yes::yes:
    ඒත් දැන් නම් හිඳිල.:(:(
    මේ වැව් අමූණු ආයෙම සක්‍රිය වෙලා අපේ කෘෂිකර්මාන්තය ආයෙම නගා සිටවෙනවනම් :D:D


    img3620y.jpg



    img3629tq.jpg




    ආයෙමත් මඩු රෝඩ් :rofl::rofl:

    img3631i.jpg



    අර්ධ ශුෂ්ක දේෂගුණයෙ ඉඳන් වියළි කලාපයට ආවමත් ඇඟට දැනෙන්නෙ අමුතුම සිසිලක්.මන්නාරමේ ඉඳන් මැදවච්චි පැත්තට එන ඕනෙම කෙනෙකුට ඒ සිසිල අත් විඳින්න පුලුවන් :cool::cool:

    මැදවච්චිය.මෙතන ඉඳන් අපි A9 :P:P

    img3652zt.jpg



    මෙච්චර වෙලා ඉස්සර කෝච්චි පාරවල සෙල්ලම දාපු අපි වර්තමානයෙත් භාවිත කරන රේල්පාරකට සමීප වුනා.
    මැදවච්චිය දුම්රිය ස්ථානය.:):)
    මන්නාරම් යන්නෙ කෝච්චිය හැරෙන්නෙත් මෙතනින් :yes::yes:


    img3649wn.jpg



    අපේ ඊලග අරමුණ අවුකන යන එක වුනත් එදා දවසෙ දිවා ආහාරය රූ ලගෙ ගෙදරින් අපට සූදානම් කරල තිබුණා.
    රූ කියන්නෙ අපේ නදියගෙ ආදරවන්තිය :love::love:
    රූ ලගෙ ගෙවල් තිබුණු මිහින්තලය කිට්ටුව.


    මිහින්තලය රෑ ලගෙ ගෙදරට පේන හැටි.

    img2873c.jpg


    කෑවට පස්සෙ ඇගේ අමාරුව යන්න අපි ඔන්න ඔය වැව් පිටියෙ බෝල් ගැහුවා :rofl::rofl:

    dscf0468v.jpg



    දැන් නම් සංචාරයෙ අවසන් හරිය. අපි අවුකන යනවා.:):)

    අවුකනට යනකොට හොඳටම රෑ වෙලා.

    img3673cf.jpg



    මේ තරම් සියුමැලිද කලූ ගල් සිතන්නට වත් බැරි නිසා.
    මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා......:):):)

    ඇත්තටම ඒ මිනිස්සුන්ව හොයා ගෙන යන්න හිතෙන්නෙ මේ වගේ වෙලාවක අවුකන පිළිම වහන්සෙ දිහා බලං ඉන්න කොට :):)


    img3695j.jpg



    දැන් ඉතිං ගෙදර යන්න තමා තියෙන්නෙ.සංචාරයෙ හොඳම සිදුවීම වුනේ.බණ්ඩව බස් එකට දාන්න ප්‍රයිවට් බස් එකක් එක්ක කිලෝමීටර 10ක රේස් එකක් ගියා :lol::lol:
    ඔය වෙලාවට බස් යන්නෙ ජෙට් වගේනෙ.අපිටත් හිටියෙ ජෙට් ඩ්‍රයිවර් කෙනෙක් හින්ද අවුලක් උනේ නෑ ;);)


    අවසන් දවසේ අපේ ගමන් මාර්ගය

    day3x.jpg



    http://goo.gl/maps/q3bMk



    මෙන්න මේ සුන්දර සංචාරයට එකතු වුනූ අපේ කට්ටිය.:):)

    මිස්ට ඇන්ඩ් මිසිස් පෙරේරා.

    dscf0335ia.jpg



    නදියයි එක්ක රූ:love:

    dscf0298x.jpg



    චමිත් යුවළ

    img3296yj.jpg



    කඩියා.

    img3301n.jpg



    දිලුමා

    img3300uz.jpg



    ජෑස් බණ්ඩා

    img3280ea.jpg



    චාමික SP

    img3312f.jpg



    පටා

    img3279s.jpg



    මේ මම :rofl::rofl:

    img3313o.jpg



    ඒ සුන්දර සංචාරය නිමා වුනේ ඒ විදිහට.පෞද්ගලිකව මට නම් මේ සංචාරය අති විශේෂයි.එලකිරි ට්‍රැවලර් ටීම් එක පටන් ගත්තු දවසෙ ඉඳලම ත්‍රෙඩ් වල අඬ අඬ ඉඳල අන්තිමට ඒ සිහිනය සැබෑ වුනේ මේ සංචාරයෙන් :love::love:

    අපි මේ ‍සංචාරය පුරාවටම කතා වුණු අනිත් දේ අපේ හමුවීම.කවදාවත් දැකල නැති අපි දැන් හරියට අවුරුදු ගාණක් එකට ඉන්න යාලුවො වගේ.ඊටත් එහා අපි සහෝදරයො වගේ.
    එතනට එන්න අපිට පාර කිව්ව එලකිරිය ගැන අපි හැමෝගෙම සිත්වල තියෙන්නෙ අත්හල නොහැකි ආදරයක් ගෞරවයක්.:):)


    ජීටී ඇතුලු එලකිරි සාමාජික සාමජිකාවො හැම දෙනාටම අපි හදවතින්ම හැමදාවත් ස්තුතිවන්ත වෙනවා.:yes::yes:

    ඒ වගේම මේක තමයි මම ලංකාවෙ ඉඳන් දාපු පලවෙනිම ත්‍රෙඩ් එක.:cool::cool:
    ඒක මේ වගේ සුපිරි එකකින් අරඹන්න මට අවස්ථාව දුන්නු අපේ ට්‍රැවලර් ටීම් එකේ සොහොයුරන් හැම දෙනාටමත් ස්තුති වන්ත වෙමින් මේ සංචාර සටහන මෙතනින් නිම කරනව.:):):)

    picture.php


    ________________________________







    picture.php








    We Highly Appreciate Your Ideas..

    send your Suggestions and ideas :-

    [email protected]

    picture.php



     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    විනාඩි 20 ක් විතර දගලලා දගලලා thread එක load කරගත්තා........ඔන්න එහෙනං මගේ ගුණ කථනය මේ trip එක ගැන.........මගේ වෙලාවේ හොදකට මේ trip එක යන්න මම ගෙදර ඉදලම ආවා......නැත්නං මේකත් කොහේ හරි ඉදල පරක්කු වෙලා එන්න වෙන්නේ.......මාසයක් විතර මේ trip එක plan කරන්නම ඇති........මගේ ජීවිතේ ගිය තවත් හොදම trip අතරින් එකක් බවට මේ trip එක පත් උනා........ජීවිතේට ගිහිල්ල නැති තැන් ගොඩකට යන්නත් පුළුවන් උනා.......මුළු trip එකේම ගහපු photos එකතු කලාම photo 3491 ක් තිබ්බා.......size එක 12.4 GB ............සුමියා thread එකට photo කොහොම තේරුවද කියල හිතාගන්න බෑ.....:oo::oo:


    img3274zq.jpg



    මේ photo එක ගැන විශේෂ සදහනක් කිරීමට අවශ්‍යයි..........හැම trip එකකම මේ වගේ photo එකක් තිබ්බට ඒ ඒ අවස්ථා වල dial උන නම්බර් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න..........:nerd::nerd::dull:


    දෙවෙනි දවසේ රෑ ගැනත් විශේෂ සදහනක් කරන්න ඕනේ............එදා රෑ තමයි රෑ.......මතක විදිහට රෑ 12 ට විතර ඇති මමයි පෙරේරායි සුමියයි චමිකයි ඇහැරලා හිටියේ........කට්ටියම නිදාගන්න යන්න හදනකොට සුමියා මට කතා කරලා ඇහුව උබට නිදිමතද කියල........මම කිව්වා නිදිමත නෑ කියපන්කො කියල......මචන් අපි ටිකක් කතා කරමුද ඇහුවා.......මමත් හා කියල ඉදගත්තා........ඒ වෙලාවේ පෙරේරාත් නිදාගන්න බෑ කියල ආයේ ආවා.....ඒක තමයි වෙලාව.......... ආදරය, විරහව, කඳුල, සුසුම :love::(:frown::nerd: මේ ඔක්කොම කැටි උණු පැය 2ක්.......හෙට කඩමු කියල හිතාගෙන හිටපු බෝතලේකුත් කැඩුවා දුකටම........ තව රසවත් සිද්දි ගොඩක් තියෙනවා.......ඒ ටිකත් thread එකේ දිගටම කියන්නම්කො..........
     
    Last edited:

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,890
    1,390
    113
    Live in EARTH
    Nice one guys and Galz :P. and cpmax best wish for your 1st travel :D

    hodata photos aragena hoda wistharayak aragena awilla tiyanawa hamadama wage. team ekak widihta kattiyage ekamuthu kama gana sathutui.digatama travel karanna labewa and safe travel guys. Specially nadeera safe drive is best:frown: anyway keep it up boys and girlz.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    විනාඩි 20 ක් විතර දගලලා දගලලා thread එක load කරගත්තා........ඔන්න එහෙනං මගේ ගුණ කථනය මේ trip එක ගැන.........මගේ වෙලාවේ හොදකට මේ trip එක යන්න මම ගෙදර ඉදලම ආවා......නැත්නං මේකත් කොහේ හරි ඉදල පරක්කු වෙලා එන්න වෙන්නේ.......මාසයක් විතර මේ trip එක plan කරන්නම ඇති........මගේ ජීවිතේ ගිය තවත් හොදම trip අතරින් එකක් බවට මේ trip එක පත් උනා........ජීවිතේට ගිහිල්ල නැති තැන් ගොඩකට යන්නත් පුළුවන් උනා.......මුළු trip එකේම ගහපු photos එකතු කලාම photo 3491 ක් තිබ්බා.......size එක 12.4 GB ............සුමියා thread එකට photo කොහොම තේරුවද කියල හිතාගන්න බෑ.....:oo::oo:


    img3274zq.jpg



    මේ photo එක ගැන විශේෂ සදහනක් කිරීමට අවශ්‍යයි..........හැම trip එකකම මේ වගේ photo එකක් තිබ්බට ඒ ඒ අවස්ථා වල dial උන නම්බර් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න..........:nerd::nerd::dull:


    දෙවෙනි දවසේ රෑ ගැනත් විශේෂ සදහනක් කරන්න ඕනේ............එදා රෑ තමයි රෑ.......මතක විදිහට රෑ 12 ට විතර ඇති මමයි පෙරේරායි සුමියයි චමිකයි ඇහැරලා හිටියේ........කට්ටියම නිදාගන්න යන්න හදනකොට සුමියා මට කතා කරලා ඇහුව උබට නිදිමතද කියල........මම කිව්වා නිදිමත නෑ කියපන්කො කියල......මචන් අපි ටිකක් කතා කරමුද ඇහුවා.......මමත් හා කියල ඉදගත්තා........ඒ වෙලාවේ පෙරේරාත් නිදාගන්න බෑ කියල ආයේ ආවා.....ඒක තමයි වෙලාව.......... ආදරය, විරහව, කඳුල, සුසුම :love::(:frown::nerd: මේ ඔක්කොම කැටි උණු පැය 2ක්.......හෙට කඩමු කියල හිතාගෙන හිටපු බෝතලේකුත් කැඩුවා දුකටම........ තව රසවත් සිද්දි ගොඩක් තියෙනවා.......ඒ ටිකත් thread එකේ දිගටම කියන්නම්කො..........


    photos තේරුව එක තමයි එපාම වුණු වැඩේ.එකක්වත් අහක දාන්න ලෝබයි.:):)
    ඒක නම් ඇත්ත.ඊලඟ ටුවර් යනකොට මේ නම්බර් එක වෙන එකක් වෙන්නත් පුලුවන් :P:P

    එදා රෑ තමයි රෑ.චාමිකයා නම් හිටියෙ මේජර් ලත් එක්ක :rofl::rofl:
    මේ ටුවර් එක ගැන කියන්න කොච්චර දේවල් තව තියෙනවද :yes::yes::yes:
    දිලුමෝ මතකද මන්නාරම් පොට් එක හොයා ගන්න වෙච්ච අමාරුව :lol::lol:
     
    • Like
    Reactions: c2r