කවිකම් කරන්නට තව කවියෝ නැද්ද
මේ කවි මඩුවෙ මන් විතරද දැන් තනිව
වෙනසක් ඕනේ කියලා තව හිතෙන අය
ඇවිත් කවක් කොටල ගියොත් හොදයි නෙව
අහම්බෙන් වගේ දැක්කේ දැන් මේක
එලකිරි වැඩක් බව කිව්වා බොක්කෙන්ම
කවිය තිබේ නම් වෙන දේවල් මොටද
කියමු කියමු එලිවෙනකම් අපි මෙතන

කවිකම් කරන්නට තව කවියෝ නැද්ද
මේ කවි මඩුවෙ මන් විතරද දැන් තනිව
වෙනසක් ඕනේ කියලා තව හිතෙන අය
ඇවිත් කවක් කොටල ගියොත් හොදයි නෙව


අහම්බෙන් වගේ දැක්කේ දැන් මේක
එලකිරි වැඩක් බව කිව්වා බොක්කෙන්ම
කවිය තිබේ නම් වෙන දේවල් මොටද
කියමු කියමු එලිවෙනකම් අපි මෙතන![]()
කෝරලේමහත්තයා;12877274 said:තියෙන නමුත් වැඩ කටයුතු බරගානක් ..
කෙටුවෙ නූල යන්නට උඩ තව පාරක්..
ඇදැන් යන්න තනුජ මල්ලි හැටපාරක්..
එන්නම් රෑ වෙලා කීමට කවි පාරක්...![]()
වැඩ කටයුතු දස දහසක් ඇතත් මට..
ආව බලන්නට අපගේ කවි මඩුව..
වැඩේ දිගට නැගලා යන බව පේන..
පුළුවන් වෙලාවට ඇවිදින් බලමි මම..
එහෙම තමයි කාලෙ සෙමින් ගත වෙනවාඉස්සර කීව කවි අපි මෙහි හැටට........හැටේ
කෙල්ලන් කොල්ලො ආවා දිව හතර.....වටේ
කාලය සමග පවුල් බරත් මගේ...........පිටේ
දැන් නැත නිදහසක් වැඩ එක දිගට......වැටේ
පදෙන් පදේ හෙමි හෙමිහිට..........අමුණන්නඑහෙම තමයි කාලෙ සෙමින් ගත වෙනවා
පවුලක බර දිනක අපට පැටවෙනවා
නුඹේ දහක් වැඩ අස්සේ මා මිතුරා
හැකිලෙස නුඹ ලියන් කවක් සිත් සනහා



කෝරලේමහත්තයා;12878017 said:නාලයි..කාල ආවේ මේ පැටලෙන්න..
කෝකෝ චන්ඩි බෑ දැන් ඔං ඇබරෙන්න..
ලාවට ටිකක් ගත්තේ කට ගැස්සෙන්න..
මැණිකෙ උනත් ලොකු නෑ දැන් මට ඔන්න..![]()

මෙන්න වැන්ද කටවහන්න තනුජ මලේ...කාල බීල යහමට ලෝදියත් වනාලා
කවියක් කියන්නට ආවයි කෝරලේ තුමා
චන්ඩිය වගේ මෙතන කියෙව්වාට මේ බුවා
මැණිකෙ දැක්කොතින් දුවන්නෙ හුරේ දමාලා

ඔන්න මමත් අවා කවි ලියන්නට
කවි ලියලවත් මූඩ් ෆික්ස් කරගන්නට
කට්ටිය අවිල්ලද දැනටම ත්‍රෙඩ් එකට
ලියමු අදත් කවියෙන් කවිය අපි හොඳට![]()