.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලෝක විනාස‍ය ගැන කට්ටි‍ය හිතලා
    ආවෙ නෑනෙ කවි ලි‍යන්න සෙට් වීලා
    ඒ පච‍යත් ඊ‍යෙ ගි‍යේ ඉවර වෙලා
    ඒ හින්දද කට්ටි‍ය ඇත ඇවිදිල්ලා

    සැසා පුරුදු ලෙස බ‍යිලාවක් ගහලා
    පුවක් ගහක් වැනි කෙල්ලට ලව් කරලා
    මූ හැදෙන්නෙ නැත කිසිවිට අම්බ වලා
    ඉරපන් පුවක් කඳ එහෙනම් උඩ නැගලා
    :lol::lol::lol:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ...බලපන් සහො අපෙ සැසාගෙ ගතියෙ හැටී...
    ..චම්පා පස්සෙ greedy වගෙ යන්නෙ වැටී..
    ..කොහොම උනත් මුට චම්පා රටක් වටී..
    ...careful පුතේ චම්පා බොට කවයි රොටී...

    :P:P
    :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ...බලපන් සහො අපෙ සැසාගෙ ගතියෙ හැටී...
    ..චම්පා පස්සෙ greedy වගෙ යන්නෙ වැටී..
    ..කොහොම උනත් මුට චම්පා රටක් වටී..
    ...careful පුතේ චම්පා බොට කවයි රොටී...

    :P:P
    :lol:
    රොටි නැත්තම් වහ කැව්වත් ඕකාට
    කෙල්ලෙක් දෙනවනම් කනවනෙ එක කටට
    ඇඹල‍ය වගේ ඉන්නා ඔ‍ය පිස්සාට
    කිව්වට ඒ ගැනත් ගානක් නැත ඌට
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රොටි නැත්තම් වහ කැව්වත් ඕකාට
    කෙල්ලෙක් දෙනවනම් කනවනෙ එක කටට
    ඇඹල‍ය වගේ ඉන්නා ඔ‍ය පිස්සාට
    කිව්වට ඒ ගැනත් ගානක් නැත ඌට
    සාරි පෙට්ටි සමගින් කුඩ දෙමි කියලා.....
    මහරගමට දවස් ගනං බඩු ඇදලා....
    ඉදලා හි‍ටලා වැසි වැටුනම හොටු පෙරලා....
    ඔන්න ඉතිං ඒ හපයත් විසි කරලා .. :shocked:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සාරි පෙට්ටි සමගින් කුඩ දෙමි කියලා.....
    මහරගමට දවස් ගනං බඩු ඇදලා....
    ඉදලා හි‍ටලා වැසි වැටුනම හොටු පෙරලා....
    ඔන්න ඉතිං ඒ හපයත් විසි කරලා .. :shocked:
    මහරගමින් වෙන අතකට මාරු වෙලා
    තව කෙල්ලෙක් හට මූ ගිනි ගෙඩි දීලා
    බොරුවට ඒකිටත් ටොම් පච‍යක් කෙලලා
    ටික කලකින් ‍ය‍යි රජ පොල්ලක් ති‍යලා
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    ලීවත් කවක් පිළිතුරු එන බවක් නැත
    මට මිස චම්ප වෙනකෙකු හට දෙන්නෙ නැත
    මම නම් මිටිය ඇය උස වෙයි කමක් නැත
    උස පොල් කදන් බිමදාගෙන ඉරනු ඇත ;);)







    බැහැ බිම තියන් පොල් කදවල් ඉරන්නට
    කොට ලී ගනින් අට්ටාලය ගසන්නට
    තනිවම නොහැක ඔය බරවැඩ කරන්නට
    එන්නම් මමත් ඔය පොල් කද ඉරන්නට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බැහැ බිම තියන් පොල් කදවල් ඉරන්නට
    කොට ලී ගනින් අට්ටාලය ගසන්නට
    තනිවම නොහැක ඔය බරවැඩ කරන්නට
    එන්නම් මමත් ඔය පොල් කද ඉරන්නට

    පිස්සු හැදෙයි මට උඹගේ කවිය දැක
    චම්පා මගෙයි මම සිටිනෙමි ඇයව රැක
    සදුන් කදකි ඈ ලැබදෙයි පහස් නෙක
    බොට දෙමි වේලි කද ගියදා ගැසී වක
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සාරි පෙට්ටි සමගින් කුඩ දෙමි කියලා.....
    මහරගමට දවස් ගනං බඩු ඇදලා....
    ඉදලා හි‍ටලා වැසි වැටුනම හොටු පෙරලා....
    ඔන්න ඉතිං ඒ හපයත් විසි කරලා .. :shocked:

    නොහිම් සෙනෙහෙ කලතා හදවිල් සයුරේ
    විදිම් පිපී හිනහෙන සියපෙති තඹරේ
    පියුම් නේක දිලුනත් තරු ලෙද අඹරේ
    උතුම් ඇයයි මට මගෙ පණ සරි මිතුරේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නොහිම් සෙනෙහෙ කලතා හදවිල් සයුරේ
    විදිම් පිපී හිනහෙන සියපෙති තඹරේ
    පියුම් නේක දිලුනත් තරු ලෙද අඹරේ
    උතුම් ඇයයි මට මගෙ පණ සරි මිතුරේ
    දැන් බොරුවට මෙතන වර්ණනාවකුත් දමලා
    ඇ‍යටත් හොඳ ගුලි‍යක් ඇත අඹරාලා
    ටික දිනකින් ඒ කෙල්ලට පොලු ති‍යලා
    වෙන එකි‍යක් අල්ලගනි‍යි දැල දමලා
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0

    පිස්සු හැදෙයි මට උඹගේ කවිය දැක
    චම්පා මගෙයි මම සිටිනෙමි ඇයව රැක
    සදුන් කදකි ඈ ලැබදෙයි පහස් නෙක
    බොට දෙමි වේලි කද ගියදා ගැසී වක



    චම්පා ඇදයි ඒ බව නොපෙනෙයි උබට
    ඌගේ පැටිය මැණිකකි උන හපුලුවට
    ඉල්ලුව විගස හව්ලේ වැඩ කරන්නට
    පොල් කද සදුන් වූ හැටි පැය දොළහකට
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    සිනහව සතුට සැම අතකම පැතිරේවා
    සිතනා පැතුම් ඒ ලෙසටම ඉටුවේවා
    පෙර මග බලන් සිටි 13 එලබේවා
    ඔබ සැම දෙනට සුභ නව වසරක් වේවා​
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    !.ලැබු මේ වසර සිත සතුටින් ගතවෙන්න.!
    !.ලෙඩ දුක් සියළු කරදර හැම දුරුවෙන්න.!
    !.සියයට දෙසියයක් ආයුෂ වැඩිවෙන්න.!
    !.පතනෙමි මිතුර කිරි පැණියෙන් ඉතිරෙන්න.!

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    2012 ගතකරමින් මහරගම
    සිටියෙමි මාස 12 ගොහින් නොදැනීම
    2013 නම් ඩිෆ් ගහලාම
    උසගොස් චම්ප හා පැන යමි රහසේම
    උස‍යන්නට බොරුවට උඹ නැහුනාට
    වැඩක් වෙන්නෙ නැත එ‍ය නම් කිසිදාට
    චම්පට උඹේ පුහුබව තේරුනු දාට
    අල්ලපු නිවස වෙත ‍ය‍යි සැප ලැබගන්ට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවි මඩුවේ කවුරුන් හෝ සිටිත්ද
    කව් ලියන්න ඈයෝ මෙහි එනවාද
    මාත් ආව කවියක් කොටලා යන්ට
    ඔන්න කෙටුව මං යනවා දැන් යන්න
    සැමදා කවි මඩුවේ පද ගලපාලා
    සිටි තනුජක ඇත දස දහසක් ගහලා
    ඔබ හට මම හදවතින්ම සුභ පතලා
    කි‍යමි තවත් ඉදිරි‍යටම ‍යමු කි‍යලා

    Congratulations for 10,000 posts....:cool::cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: thanujaka

    thanujaka

    Well-known member
  • සැමදා කවි මඩුවේ පද ගලපාලා
    සිටි තනුජක ඇත දස දහසක් ගහලා
    ඔබ හට මම හදවතින්ම සුභ පතලා
    කි‍යමි තවත් ඉදිරි‍යටම ‍යමු කි‍යලා

    Congratulations for 10,000 posts....:cool::cool::cool::cool:

    thank u very much machan..............!!!!:cool:
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කම්මැලිකම ඇත අද නම් රජ වීලා
    කිසිම දෙ‍යක් කරන්න නැත හිත හැදිලා
    ‍යට ගි‍ය කවි මඩුව සිහි‍යට ඇවිදිල්ලා
    ආවේ ටිකක් බලලා ‍යන්නට කි‍යලා


    කට්ටි‍ය සෙට්වෙලා හිටි ඉස්සර කාලේ
    මේ කවි මඩුව නැගල ගි‍යානේ රාලේ
    දවසින් දවස ගෙවිලා ‍යනවිට කාලේ
    කට්ටි‍ය මේක හැරදා ගොස් ඇත රාලේ


    තිබුනත් කවි මඩුව දැන් නම් පාලුවෙලා
    ඉස්සර ලි‍යපු කවි තවමත් ඇත රැකිලා
    ඒ කවිවල ඇති දේවල් කි‍යවාලා
    මමත් ‍යනව නැවතත් මෙ‍ය ‍යට කරලා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කම්මැලිකම ඇත අද නම් රජ වීලා
    කිසිම දෙ‍යක් කරන්න නැත හිත හැදිලා
    ‍යට ගි‍ය කවි මඩුව සිහි‍යට ඇවිදිල්ලා
    ආවේ ටිකක් බලලා ‍යන්නට කි‍යලා


    කට්ටි‍ය සෙට්වෙලා හිටි ඉස්සර කාලේ
    මේ කවි මඩුව නැගල ගි‍යානේ රාලේ
    දවසින් දවස ගෙවිලා ‍යනවිට කාලේ
    කට්ටි‍ය මේක හැරදා ගොස් ඇත රාලේ


    තිබුනත් කවි මඩුව දැන් නම් පාලුවෙලා
    ඉස්සර ලි‍යපු කවි තවමත් ඇත රැකිලා
    ඒ කවිවල ඇති දේවල් කි‍යවාලා
    මමත් ‍යනව නැවතත් මෙ‍ය ‍යට කරලා

    මල්ලියේ මමත් හිටියේ කම්මැලි වීලා
    බැලුවා User CP එක ක්ලික් කරලා
    දැක්කා ත්‍රෙඩ් එක තියෙනවා එහි රැදිලා
    නිකමට වගේ බැලුවා මම ක්ලික් කරලා

    පහු ගිය ටිකේ නිදහස හිත නැහැ රැදිලා
    මැරුවා රිසානා උන් ඇගේ ගෙල සිඳලා
    ඒ ගැන දුකක් ඇත මගේ පපුවේ රැදිලා
    රජාට ගිහින් එන්නට හිතෙනවා කෙලලා

    ඇත්තට දුකයි මල්ලියේ ඇය ගැන අහලා
    ගෙතුවා පද ටිකක් මම ඒ දුක දැනිලා
    දැමුවා නූල මා "කවි කොලයක්" කියලා
    මල්ලි තවම නැහැ නොවැ ඒ ටික බලලා

    උනුසුම යන්ට කලියෙන් හිස සිඳ ඇගේ
    ගැටුනා තවත් නූලක් දෙනයන මාගේ
    කැම්පස් එක ඇතුලේ ගුටි කෙලියක් වාගේ
    නොහැගෙයි වරද මා හට කව්රුද කාගේ

    පලකට නොමැත මා තව එහි තතු බලලා
    දැම්මා කමෙන්ට් එක හැගෙනා දේ ලියලා
    කවි රස බෙදා ගැනුමට එන විට දුවලා
    මල්ලී ඔයත් යන්නට ගොස් ඇත පැනලා
     
    Last edited: