රත්තරං;16290943 said:මේ කොටස ගැන දෙයක් කියන්න හිතුනා. මෙතන අසරනයි කියන්නේ අනාත නිවාසෙක ඉන්න ගෙයක් දොරක් ආස විදිහට ජීවත් වෙන්න ක්‍රමයක් නැති ලමයෙක් අසරනයි කියනවා වගේ කතාවක් නෙමේ. ඔයා ඔය කිව්ව විදිහට භව්තික හැමදේම තමන් විසින් ලබාගන්නවා කියන එක මම කිව්ව කතාවට වලංගු නෑ. කොහොම කිව්වත් පිරිමියෙකු නැතුව ගැහැනියකට ලබාගත නොහැකි භව්තික හා භව්තික දේ නොවන කුලකය, ගැහැනියකු නැතිව පිරිමියකුට ලබාගත නොහැකි භව්තික හා භව්තික නොවන දේ කුලකය, ට වඩා හුගාක් වැඩී
අන්න එතනදියි ගැහැනිය අසරන චරිතයක් බවට පත්වෙන්නේ
මම ඕක මෙහෙම තවදුරටත් වෙනත් පැත්තකින් පැහැදිලි කරන්නම්, ගැහැනු පිරිමි කියන කොට්ටාශ දෙක අතර මොනම මට්ටමකදිවත් බිදින්න බැරි යම් යම් කරුනු කාරනා තියෙනවා. අර අපි කියන්නේ ගෑනි මිනිහා වෙන්න ගිහාම පවුල් ජීවිත අවුල් වෙනවා කියලා. අන්න ඒක වෙන්නේ අර මම කිව්ව සමහර කරුනු කාරනා බිදීමට අසාර්තක උත්සාහයක නියලුනාම තමා.ඔයාට මම කියන දේ ඔයා විවාහක කාන්තාවක් නම් හොදින් තේරෙයි. කොල්ලෙක් කසාදයකින් බලාපොරොත්තු වෙන දේට වඩා හාත් පසින් වෙනස් දෙයක් ගැහැනියෙක් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ කසාද බැදීමෙන් පිරිමියෙක් සපුරගන්න යන ජීවන ගමනේ කොට්ස ගැහැනියක විසින් සපුරගන්න යන කොටසට වඩා හාත් පසින් වෙනස්. අන්න එතනදී තමා ගැහැනිය කියන සත්වයා සාපේක්ශව අසරන සත්වයෙක් ගනයට වැටෙන්නේ. ඕක මනුස්ස ප්‍රජාව ඇතුලේ විතරක් නෙමේ සත්තු අතරත් පවතිනවා.
මම මෙතනදී ගැහැනු කියන්නේ අසරන කොටසක් කියන දෙයින් මෙහෙම දේකුත් කියනවා කොල්ලන්ට "මචන් ඔව් ගැහැනු කියන්නේ අසරන කොටසක් ඒක නිසයි උබලා ඒ අයව ආරක්ශා කල යුත්තේ"
ගැහැනු කියන්නේ අසරන ජාතියක්. ඒ නිසා බලය තියෙන උන් ඒක පාවිච්චි කරාලා සෙල්ලම් කරන්න යන්න එපා. ඒ වගෙම එකිනේකා අතර ආදරය තියෙනවා හෝ නැතා 99.99999999% ගෑනු කසාද බදින්නේ උන්ගේ ජීවිතය සාර්තක කරගැනීමට මිසක් අපිට ආදරේ හේතු සාදකයක් කරගෙනන්ම් නෙමේ. මොකෝ ආදරය කසාදය කියන්නේ 100ට 100ක් එකම තේරුම නෙමේනේ. කොල්ලනේ කෙල්ලෝ ඔලුවෙන් හිටන් කිව්වත් ඔන්න ඕක මතක තියාගනිල්ලා
මේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා. මොකද අසරණ කමට වෙනස් අර්ථයන් දෙන්න පුළුවන් නිසා. ඔව් මම විවාහකයි, මට පැහැදිලියි ගැහැණිය සහ පිරිමියා කසදයකින් බලාපොරොත්තු වෙන දේ වෙනස් වග. ඒ වෙනස අඳුන ගන්න බැරි ගෑනු තමයි මේ අසරණ තත්වයට වැටෙන්නේ. මට degree දෙක තුනක් තිබිලත් ඕක අවබෝධ කරගන්න බැඳලා ටික කලක් ගියා. මගේ මහත්තයගේ සිතුම් පැතුම් මම අධ්‍යනය කරලා ජිවිතේ balance කරගත්තා. ඒ හන්ද මට ඔය අසරණ කම ගැන අදහසක් නැහැ. ඒක මට කවදාවත් දැනිලත් නැහැ. නමුත් බහුතරයක් ගැහැණුනට මේ දේ වෙනවා එයාලගෙම වරදින්. මෙතනදී අසරණ වෙන්නේ ගැහැණියකගේ සිතුවිලි මම නිවැරදි නම්. ඒකෙන් තමයි කසාදය දික්කසාදය වෙන්නේ. කොයි ගැහැණියත් සුදානම් විය යුතු එක දෙයක් තියනව, ඔයා කියන පිරිමි රැකවලා හදිසියේ අසනීපයක් හෝ මරණයක් සිද්ද උනොත්, ඊළඟට එළබෙන අසරණ කමෙන් මිදින්න අවශ්‍ය ශක්තිය. ඒක තියන ගෑනුත් මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා. ඒ හන්ද පිරිමියෙක් විදියට තමන්ගේ ගෑනිව ඒවාට prepare කරන එකත් සිද්ද විය යුතු දෙයක්.
පිරිමියා ගැහැණියව කැඳවාගෙන එන්නෙත් එයාට තියන ආදරෙටම නෙවෙන්න පුළුවන්. ඔයාගේ අන්තිම අදහස ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම පොදුයි. කසාද බැන්දම ගැහැණියකගේ සහ පිරිමියාගේ ජීවිතේට එකතු වෙන්නේ වගකීම් ගොඩක්. නියම ගැහැණියෙක්ට ඕනේ කසාද ජිවිතේ සාර්ථක කරගන්න මිසක් තමන්ගේ ජිවිතේ සාර්ථක කරගන්න නෙවෙයි. තමන්ගේ ජිවිතේ සාර්ථක කරගන්න අද කාලේ කසාද නොබැන්දට ඕනේ හැටියේ පුළුවන් ගෑනු පිරිමි දෙගොලන්ටම. එහෙනම් කසාද බදින්නේ ඇයි? දෙන්නෙක් එක්ක එකතු වෙලා පොදු සාර්ථක ජිවිතයක් ගෙනියන්න. අලුත් පරම්පරාවක් හදන්න. සම්මත ආකාරයට ආදරය සහ ලිංගිකත්වය එක තැනකින් විද ගන්න. බහුතරයක් කෙල්ලෝ බලන් ඉන්නේ දරුවෙක් හදාගෙන සතුටින් ඉන්න. ඒකෙ අදහස ඒ ගෑනි තමන්ගේ ජිවිතේ ගොඩ නගන්න හදනවා කියන එක නෙවේ, පවුල් ජිවිතේ සාර්ථක කරගන්න හදනවා කියන එකයි. කසාද කැඩිලා යන්නේ, කසාද බැන්දට පස්සෙත්, තම තමන් එයාලගේ පෞද්ගලික ජිවිත සාර්ථක කරගන්න යාමෙන්. තනතුරු මිල මුදල් අසාවන් මෙකී නොකී සියලුම දේ තමන්ගේ පංචස්කන්දය පිනවන්න පමණක්ම යොදා ගැනීමෙන්. ඕක ගෑනි කලත් එකයි. මනුස්සය කලත් එකයි. හරියට කසාදයක් ගෙනියන්න ඕනේ එකම දේ තමයි තමන් කරන කියන සියලුම ක්‍රියාවන් වල ප්‍රතිපල භුක්ති විදින්නේ තමන් විතරක්ම නොවන බව මතක තියා ගන්න එක. මම ගැන නැතුව පවුල ගැන හිතන එක. ඔතන ඉන්න 99.9% ගෑනු නෙවෙයි. දෙගොල්ලම සම සමව ජිවිතේ වරද්ද ගන්නේ මම ගැන විතරක් හිතල.



